Showing posts with label වල්පල් [Rubbish]... Show all posts
Showing posts with label වල්පල් [Rubbish]... Show all posts

Friday, August 29, 2014

ගහේ කටු

ස්සර කාලේ බොහෝ අය රැකියාව විදියට කලේ තම පියාගෙන් උරුම වෙච්ච දේ. ඒ හේතුව නිසාම තමයි ඒ කාලේ කුල ගෝත්‍ර බිහි වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් අපිට උරුම වුන මේ ක්‍රමය අඩු වැඩි වශයෙන් අදත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ ක්ෂේත්‍ර වල දකින්න අහන්න ලැබෙනවා.

රාජ්‍යත්ත්වයට පත්වීමේ ඉඳලා කසල ශෝධක කෙනෙක් දක්වා ඔවුන් බිහි වෙන්නේ තමන්ගේ වැඩැහිටි පරම්පරාව එම ක්ෂේත්‍රයේ නියැළිලා සිටිය නිසා. වර්තමානය වන විට ලංකාවේ රජ කෙනෙකු මූලික වුන පාලන ක්‍රමයක් නොතිබුනත් බොහෝ විට දේශපාලනය කියන විශයට එකතු වන නවකයන් වුනත් ඔවුන් පිවිසෙන්නේ තම පියා හෝ මව හෝ එම කාර්යයෙහි නියැලිලා සිටින නිසා. එහෙම නැතුව අලුතෙන්ම පිවිසෙන අය ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.

යම කෙනෙකු ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකයෙක් වශයෙන් රාජකාරී කරන ලද අවස්ථාවක ඔහුගේ ඉවත්වීමෙන් පසුව තම පුතා හට එම රැකියාව උරුම වීමේ නෛතික තත්ත්වයක් ඉස්සර තිබුන වගේ මට මතකයි. සමහර විට වර්තමානය වන විට ඒවා වෙනස් වෙලා තියෙන්න පුළුවන්.

බටහිර වෛද්‍ය වෘත්තිය සලකා බැලීමේදී ඔවුන් බිහි වන්නේ මේ ක්‍රමයට නොවුනත් පැරණි සිංහල වෛද්‍ය වරු ගැන සලකලා බැලුවම අපිට දැකගන්න පුළුවන් එම වෘත්තියේ නියැලිලා ති‍යෙන්නේ එක්තරා පරම්පරා කිහිපයක අය පමණක් බව.

වර්තමානය වන විට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල මේ පිය පුතු සම්භන්ධතාවය බොහෝ ලෙස දක්නට ලැබෙන්නවා. එහි ප්‍රථිපලයක් විදියට ඇතැම් පැරණි ගීත යම් යම් නවතාවයන් සමඟ නැවත නැවත අහන්න ලැබෙන අවස්ථා බොහෝ ඇති අතර එම ගීත වලට අඩු වැඩි වශයෙන් අප බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනු දක්නට ලැබෙනවා.

මිල්ටන් පෙරේරා - ප්‍රියංකර / චලක, මිල්ටන් මල්ලවාරච්චි - රනිල් / තාරක, මායා දමයන්ති - කුෂාණි, ටී.එම් ජයරත්න - ඉසුරු, මර්වින් පෙරේරා - අමල් වගේ එකී මෙකී නොකී බොහෝ අය ඉන්නවා අද වනවිට මේ ක්ෂේත්‍රයට පිවිසුන. මෑත කාලයේ ඉඳලා වගේ වික්ටර් රත්නායකයන්ගේ පුතා වෙන ජයන්ත රත්නායකත් තම පියාගේ ගීත ගායනය කරන අවස්ථා දකින්න ලැබෙනවා.

මේ විදියට සංගීත ක්ෂේත්‍රයට පිවිසලා තියෙන මේ අය බොහෝ විට පිරිමි කෙනෙක් නම් තම පියා ද ගැහැණු කෙනෙක් නම තම මව ද සංගීත ක්ෂේත්‍රෙය් නියැළී සිටි අය. නමුත් මම මේ ළඟදි දවසක දුටු දේ තමා මේ ක්‍රමයේ පොඩි වෙනසක් වෙලා අපේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පියෙක්ගේ ගීත ඔහුගේ දියණිය විසින් ගායනා කරන ලබන අවස්ථාවක්. ඒ තමා සුනිල් එදිරිසිංහ මහතා සහ ඔහුගේ දියණිය සංඛනී එදිරිසිංහ.

මේ පහලින් තියෙන්නේ ඒ විඩියෝ එක. අහලම බලන්නකෝ. ඇහුවම තේරේවි ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මොකද කියලා...


Friday, May 17, 2013

ආර්යාට පෙම් බඳිමින් යකඩ සිහසුනේ අරගලය බැලීම..

කඩ සිංහාසනේ රජවෙලා හිටපු රොබට් රජතුමා මළායින් පස්සේ රජ වුන එතුමාගේ පුතා වන ජෙෆ්රිට යකඩ සිංහාසනයේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුව නිසා රජධානි හතේ පාලකවරු මේ පොඩි රජාට විරුද්ධව යුද්දේ ප්‍රකාශ කර යුද්ධ වදින අතර ඒ ඒ පාලකවරුන්ම අනෙක් ‍පාලක වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ ඔවුන්ට වඩා තමන්ට මේ යකඩ පුටුවේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරමින් නිසා, මේ යුද්දේ අච්චාරුවක් බවට පත් වී ඇත.


කෙසේ වුවත් එක කොටසක් ඉවර වන්නේ තවත් නව මානයකට ආරම්භයක් දී බැවින් කුතුහලය උපරිමෙන්ම ඇති රූපවාහිනී කථාමාලාවකි. රූපවාහිනී කථා මාලාවක් වුවත් මෙය ද අන්තර්ජාලය හරහා විකාශනය කථා මාලාවක් නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත හැකි අතරම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසත් අවශ්‍ය නම් බලා ගත හැකිය. මේ වෙනවිට තුන්වන කථා මාලාව විකාශනය වන අතර කථා මාලා හතරක් ඇති බව IMDb වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙහි ඇති නම් ගම් අපිට නුහුරු වුවත් කථාවේ කොටස් අනුව ඒ ඒ නම් ඒ ඒ අවස්ථාවේදී මතකයට එන බැවින් නම් මතකයේ තබා ගැනීමට වෙහෙසක් ගත යුතු නොවේ. මෙහි ඇති චරිත අතුරින්  නෙඩ්, රොබ්, ආර්යා, ඩනේරිස්  නැතහොත් කලේසි, ජෝන් ස්නෝ, ටයිරියොන් ලැනිස්ටර් නැතහොත් කොටා යන චරිතයන්ට මා රුචි අතර ඒ අතරිනුත් ආර්යා ස්ටාර්ක් කෙරෙහි මසිත වැඩි රුචිකත්ත්වයක් දක්වයි. සුරූපී හුරුබුහුටි කෙළි පොඩිත්තක් වුවත් හොඳට හිතලා මතලා වැඩ කරන අතර පිස්සු පොඩි රජා තම පියා ඝාතනය කලායින් පසුව පලා ගොස් සැඟවී සිටිනා විට නොදැනුවත්ත්ව ටයිවින් වෙත ගොස් ඇති අතර ඔහුට ද රහසේ ඔහු යටතේ ජීවත් වෙනු ලැබේ

තවමත් දෙවැනි කථා මාලාවේ හත්වෙනි කොටස දක්වා පමණක් නරඹා ඇති බැවින් ඒ දක්වා තොරතුරු පමණක් දන්නා අතර, අතීත රාජ සභ වල සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණක්. එකල රාජසභාවල හිටි කේලාම් කියන්නන්, ඔත‍්තු කරුවන්, ශේප් එකේ දෙපැත්තම ගොඩදාගන්නන් ආදී නොයෙක් චරිත මඟින් අතීතයේ රාජ සභා පිළිබඳ අර්ථකථනයක් දී ඇති බව මෙම කථා මාලාව නරඹන ‍ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.

අප කුඩා කල රූපවාහිනිය තුලින් දුටු දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, ගමන, වැනි ඉතා අනර්ඝ කථා වෙනුවට වර්ථමානය වන විට ඉන්දියානු සම්ප්‍රදාය මුසු වූ නීරස සහ ඒකාකාරී දීර්ඝ කථා මාලා නිසා අපගේ රසවින්දනය හීනවී යන යුගයක මෙවැනි වින්දනාත්මක කතා මාලවක් දුටු කල්හී ඒවා නොබලා සිටීමට නොහැකි වන තරමටම ඒ කරෙයි සිත ඇදී යෑම අරුමයක් නොවන්නේ නිරන්තරයෙන්ම අපගේ මනස විවිධාකාර රසවින්දනයක් සොයා යන නිසා ය.


---
ප.ලි.
උඩ පොටෝ එකේ ආර්යාට වඩා මේ පොටෝ එකේ ආර්යා ලස්සන ඇති.. :D


















ප.ප.ලි - මෙම කතා මාලාව 18+ බව කරුණාවෙන් සලකන්න...

Friday, May 10, 2013

කල්පනා ලොව මල්වනේ සිහින රජ දහනේ...


ම ඉස්සර ඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනා ලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ‍ටික කාලයක් යද්දී මම පුරුදු වුනා කළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්න ඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තැනකින්. 

පොඩි කාලේ මම කරපු කියපු දේවල්, ඉස්කෝලෙ යන කාලේ කරපු පිස්සු වැඩ, උ/පෙළට පන්ති යන කාලේ ගත්ත ආතල්, එතනින් එහාට එක එක කෝස් කරද්දී කරපු වැඩ ගැන එහෙම මතක් වෙද්දීත් හිනා යනවා. මොකද ඒ කාලේ කොයි තරම් සැහැල්ලු විදියටද ජීවත් වුනේ කියලා. කිසිම බරක් පතලක් නෑ හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි මොන දේ කරත් මොකක්හරි හේතුවකට ගෙදරින් එළියට යනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. අද කාලේ තරමටම ඒ කාලෙත් සමාජය දූෂණය වෙලා තිබුනේ නැති වුනාට යාලුවො එක්ක එහේ මෙහේ යන්න අවසර දුන්නෙම නැති තරම්. ඒක නිසා එහෙම ගමනක් බිමනක් සෙට් වුනොත් ඉතිං අනිවා දානෙ ගෙදරක් හරි මළගෙයක් හරි තමයි ඉතිං.

එක පාරක් යාළුවෙකුට උගේ කෙල්ල‍ගේ උපන්දිනේට දෙන්න තෑග්ගක් ගන්න මාතර යන්න සෙට් වුනා අපි තුන්දෙනෙක්. ඉතිං අපි තුන්දෙනාම ගෙදට බොරු කියලා තමා ගියේ. මොකද ඇත්ත කියන්නේ කොහොමද.. (අපේ අම්මලාට තාත්තලාට පාරම්රික අදහස් තියෙන අය නිසා අපි ආදරය කියන වචනය ගැන ගෙදරදී කතා කලේ නැති තරම්. දැනට වුනත් ඒක එහෙමයි.) ඒක නිසා මොකක් හරි බොරුවක් ගහලා තමා ගියේ. හොඳම දේ වුනේ ඊට දවස් දෙකකට පස්සේ... ඒ තමා මුලු ලංකාවම අඬවපු සුනාමිය ආවේ අපි තුන්දෙනා ගිය දවසට දවස් දෙකකට පස්සේ. බැරි වෙලාවත් සුනාමිය තව දවස් දෙකක් කලිං ආවා හරි හෝ අපේ ගමන තව දවස් දෙකක් පහුවෙලා ගියා නම්, අපේ අම්මලා තාත්තලා වත් දන්නේ නෑ අපිට මොනවද වුනේ කියලා. එහෙම වුනා නම් සමහර වෙලාවට අනුමාන කරයි සුනාමියට අහු වුනා කියලා. ඒත් කෙහේදි, කොයි වෙලාවෙදි, අහුවුනාද කියලා කවමදාවත් දැන ගන්න වෙන්නේ නෑ. එහෙනං ඉතිං මේ බ්ලොග් එකත් නෑ... :D ඔහොම ගොඩක් සැහැල්ලුවෙන් තමා හිටියේ. පනින් පෙර හිතා‍ බැලුවෙම නෑ ඒ කාලෙ නම්. 

ඔය විදියට ඒවා ගැන කල්පනා කර කර ඉන්නකොට ආයේ එතනින් ලිංක් වෙනවා ඒ කාලේ මම ආදරේ කරපු අය, මට ආදරේ කරපු අය, යාඵ මිත්‍රයෝ ගැන, නෑදෑයෝ ගැන. විතරක් නෙවෙයි සීමාවක් නැතුව එක එක චරිත ගැන. චිත්‍රපටි වල චරිත, කාටුන් වල චරිතත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කළුවරේ හිඳගෙන තනියම මනසින් වීඩියෝ ගේම් පවා ප්ලේ කරනවා. එහෙම නැත්තං ප්ලේ කරපු ඒවගේ වැරදි වුන තැන් ගැන කල්පනා වෙනවා, අපරාදේ මට එහෙම නැතුව මෙහෙම කරන්න තිබුනනේ, එහෙම කලා නම් අවුට් වෙන්නේ නෑ නේද කියලා... :D

ඊට පස්සේ කල්පනා වෙනවා ජීවිතේ තීරණාත්මක අවස්ථා වලදි මම ගත්ත තීරණ. ඒ ගත්ත තීරණ වලින් මම ගොඩ ගියපු තීරණ, මට වැරදුනු තැන් වගේම කිසිම තීරණයක් නොගෙන කාලය විසින් විසඳුමක් දෙනකං බලාගෙන හිටුපු සහ ඉන්න තීරණ වගේ නානාප්‍රකාර දේවල්.

සමහර වෙලාවට හිතට දුකක් ශෝකයක් දැනෙන්න ගන්නවා සමාජය ඉන්න තැනයි මම ඉන්න තැනයි දිහා බැලුවම. එහෙම තැනක් ආවම එතනින් කල්පනාව නැවතලා අනිත් දේවල් ගැන හිතුවට වඩා වැඩි කාලයක් ඒවා ගැන කල්පනා වෙනවා. ඊට පස්සේ ඉබේම පියවි ලෝකෙට එනවා. ඒ ඇවිත් සමහර වෙලාවට ආයෙම කල්පනාවට වැටෙනවා, එහෙම නැත්තං එතනින් මේ ලෝකේ නවතිනවා.

සමහර දවස් වලට කාමරේ ලයිට් එක නිවාගෙන ඇඳට වෙලා ඕවා කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතුව නින්ද යනවා. ආයෙම නැගිටිනනේ පස්සේ දවසේ උදේට තමයි ඉතිං. ඔය විදියට හඳ තියෙන නැති රැයක් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. හැබැයි හිත හරි අවට පරිසරය හරි කලබල දවසක් නම් කල්පනාව අහලකටවත් එන්නේ නෑ....

Sunday, March 17, 2013

ඔබ පෙම් කරනා, ඔබේ කුමාරී..

සාමාන්‍යෙයන් මම රෑට නිදාගන්න යද්දී නෙට් එක දාන්නේ පුරුද්දකට මිසක් මදුරුවෝ ඉන්න නිසාම නෙවෙයි, ඒකට පුරුදු වෙලා නිසා. ඒ නිසාම ගෙදරින් පිට කොහේ ගියත් නෙට් එකක් තිබුනොත් ඒක දාගෙනම තමා නිදා ගන්නේ.

හැබැයි ඉතිං මේ දවස් වල තියෙන අධික රස්නය නිසා නෙට් එක දාගෙන තියා ෆෑන් දාගෙනවත් නිදාගන්න බෑ. ඒ තරමට රස්නෙයි. අනිත් එක ෆෑන් එක දාගෙන නිදාගත්තා කියලා රස්නය අඩුවීමක් වෙන්නේ නෑ. තව වැඩි වෙනවා මිසක්. මොක ද ෆෑන් එක දැම්මම වෙන්නේ ඇතුලේ තියෙන වාතය කරකැවෙන එක විතරක් නිසා. ඇතුලේ තියෙන්නේ රත් වෙලා කර වෙච්ච වාතය නිසා ෆෑන් එක දැම්මා කියලා අලුත් සිසිලසක් එන්නේ නෑ.

පුරුද්දට වෙච්ච දේ ඊයේ රෑ කලේ නැත්තේ රස්නේ නිසා මිසක් අමතක වෙලා නෙවෙයි. මදුරුවෝ හිටියත් මේ ඉවන්න බැරි රස්නේ නිසා නෙට් එක නොදමා ෆෑන් එක විතරක් දාගෙන නිදාගත්තේ හදිසි අවස්ථාවක් ආවොත් නෙට් එක දාගන්නව කියලා හිතාගෙන. එහෙම හිතගෙන නිදාගත්ත නිසාම ද මන්දා වැඩි වෙලා ඉන්න හම්බ වුනේ නෑ නෙට් එක නොදමා.

මදුරුවෙක් දෙන්නෙක් ඇවිත් කැරකෙන්න ගත්තා, ඒ විතරක් නම් මදැයි කන ගාවටම ඇවිත් රහසින් සිංදු කියන කොට තමා ඉවසන්න බැරි. වැඩේ එන්න එන්නම බරපතල තත්ත්වෙට පත්වෙන්න ගත්තත් නෙට් එක දාන්න නැගිටින්න කම්මැළිකමේ එහෙමම හිටියේ “තව එකෙක් ආවොත් නම් අනිවා නෙට් එක දාගන්නවා“ කියලා හිතාගෙන. එහෙම හිතලා අනිත්පැත්ත හැරෙනකොටම එකෙක් කොඳුරන්න ගත්තා කනට ළං වෙලා. බලං ඉඳලා හරියන්නේ නැති නිසා අන්තිමට නිදිමරගාතේ නෙට් එක දාගත්තා.

ඔහොම නිදාගන්න අතරේ මම කල්පනා කලා ඇයි මේ මදුරුවෝ කන ළඟටම කරලා “කූං කූං“ ගාන්නේ කියලා.  එතකොට තමා මට මීටර් වුනේ මොකක්ද සීන් එක කියලා.

“ඉස්සරකාලේ මදුරුවෝත් කරාබු දාලා ඉඳලා තියෙන්නේ. මොනයම් හෝ හේතුවක් නිසා උං දැං කරාබු දාන්නේ නෑ. ඒක නිසා උං අපේ කනට කොඳුරලා කියන්නේ ‘උඹලා දැං ඔය දාගෙන ඉන්න කරාබු ඉස්සර දැම්මේ අපි‘ කියලා. හැබැයි උං හිතං ඉන්නේ මනුස්සයෝ හැමෝම කරාබු දානවා කියලා. උං දන්නේ නැතුවැති කරාබු දාන්නේ කාන්තා පාර්ශවය විතරයි කියලා.“

මදුරුවෝ විතරක් නොවයි අපි වුනත්, කලිං අපිට අයිති වෙලා තිබුන දෙයක් දැං වෙන කාට හරි අයිති නම් අපිත් බෙහෝ දුරට ඒ කෙනාට කිට්ටු කරලා කියනවා ඕක කලිං මට අයිති වෙලා තිබුනේ කියලා. අහලා බලන්න මේ සිංදුවෙනුත් කියන්නේ එහෙම දෙයක් නේද කියලා.

http://wikumopatha.blogspot.com/2010/07/gunadasa-kapuge.html

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරවනා සඳ
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක ම තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ ළඟට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

ගායනය - ගුණදාස කපුගේ
ගී පද - සුනිස් ආර්. ගමගේ
Mp3 - Oba Pem Karana

Saturday, January 12, 2013

කුට්ටම සහ මම...

"කුට්ටම" කිවුවම ඒකේ අපි කවුරුත් දන්න තේරුම වන්නේ "යුගල" යන්නයි. නමුත්, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය 1982 ප්‍රකාශයට පත් කල "ප්‍රායෝගික සිංහල ශබ්දකෝශය - පළමු වැනි කාණ්ඩයේ, 555 පිටුව" දක්වන පරිධි මේ පදයට තවත් තේරුම් කිහිපයක් දක්වා ඇත. ඒවා නම්

Sunday, December 30, 2012

ෆේස් බුක් සහ අපි...

සර 2012 ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන්න තව තියෙන්නේ දවස් දෙක තුනකි. 21 වෙනි සියවසේ දිවි ගෙවන අප සතු විද්‍යා බොහෝ දියුණු වී තිබෙන තරම කෙසේ වේද යත් එතුලින් කල නොහැකි දේ ඇත්තේ අතලොස්සක් පමණක් බව වැටහෙන්නේ දිනෙන් දින දෙසවන් වැකෙන පුවත් නිසාවෙනි. එසේ වුවත්  නවීන තාක්ෂණ ලෝකයේම සිට ඇතැම් අය තවමත් කරන්නේ ගෝත්රික යුග වල සිටි කාලයන්හි දී සිදු කළා වූ දේයට වඩා අන්ත දේ බව මා මෙන්නම ඔබ හොඳකාරවම දන්නා කරුණක් වේ. 

Thursday, December 20, 2012

ඕං මම නම් ලැහැස්තියි...

ද තමයි 2012 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 20 වෙනිදා. ඒ කියන්නේ අපේ පෘතුවි තලයට විශේෂ දවසක් අද. මොකද කියනවා නම් හෙට නේ ඒ කියන්නේ 21 වෙනිදා ලෝක විනාසේ වෙන්නේ. වෙන්න තියෙන දෙයක් වලක්වන්න අපිට බැරි නිසා මේකට‍ ලෑස්ති වෙන එකතමයි හොඳම දේ. මේක කියලා තියෙන්නෙත් ඉතිං එසේ මෙසේ කට්ටියක් නෙවෙයි නේ. මීට සෑහෙන්න කාලෙකට කලින් ජීවත් වුන මායාවරුන් කියලා කට්ටියක් නිසා සීන් එක ටිකක් බරපතලයි.

Tuesday, November 20, 2012

දැං මං නිදහස්...


මීට මාස 04කට කලින් මූණ දීපු මගේ ජීවිතේ වැදගත්ම කඩයිමේ ප්‍රථිපල  ඔන්න අද දැනගනන ලැබුනේ අද. ඒ කියන්නේ විභාගේ ප්‍රථිපල ඇවිත්. හරියකට මාස පහකට පස්සේ. මෙච්චර කාලයක් බලං හිටිය දවස අද උදා වුනේ කිසිම සද්දයක් බද්දයක් නැතුව. අද හෙටම මේ සුභ ආරංචිය ලැබේවි කියලා හිතාගෙන හිටියට අදම ඒක ලැබේවි කියලා ‍නිකමට වත් හිතුනේ නෑ. 

Sunday, November 11, 2012

ලෝකෙන්ම උතුම් රටේ...

ටක් සංවර්ධනය වෙන්නේ ඒ රටේ කා(ර්)පට් පාරවල් වැඩි වුනා කියල වත්, උස ගොඩනැගිලි තිබුනා කියල වත්, ත්‍රස්තවාදීන් පරාජය කලා කියල වත් නෙවෙයි. සංවර්ධනය කියන්නේ ඊට වඩා පුළුල් දෙයක් කියලා අපේ රටේ තියෙන හාල්පාරු ආන්ඩුවේ ඉන්න ඇමතියොන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන්න  නම් මම දන්නේ නෑ.

Friday, June 22, 2012

සතුටින් ගෙවුන දවසක්...!!

ද උදේ, වෙනදට වඩා කලිං ඇහැරුනේ හිතේ ලොකු බරක් තිබුන නිසා. ඒ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බලපාන විභාගයක් අද තිබුන නිසා. මොකක් හරි විශේෂ දෙයක් තියෙන දවසක් නම් කොහොමත් මට ඒ දවසේ දී උදේට කලිං ඇහැරෙනවා. එහෙම නැත්තං ‍රෑ ජාමෙකදි ඇහැරෙනවා. කොහේ හරි යන්න, කවුරු හරි හම්බෙන්න, මොනවා හරි තියෙන, මොනව හරි දෙයක් කරන්න වගේ දවස් වලට ඔය සීන් එක සැරට තියෙනවා.

Tuesday, May 29, 2012

පරිස්සමෙන්....!!

සෑහෙන්න කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනාට හැබැයි මේ දවස් වල මං ඉන්නේ ගෙදර. ලබන මාසේ පොඩි විභාගෙකුත් තියෙන නිසා මේ දවස් වල පොඩ්ඩක් ඒකට ඔට්ටු වෙනවා. පහුගිය ටිකේ බ්ලොග් කියවන්නත් වුනේ නෑ. ‍ඒකට නම් හේතුව හැබැයි කම්මැළිකම. දැං ආයේ ටික ටික පටංගන්නෝන බ්ලොග් කියවන්න. මගේ මේ බ්ලොග් එක උපන්දා සිට එකම විදියේ තීම් තිබුන නිසා මට ඕන වුනා වෙනස් ආකාරයක තීම් එකක් දාගන්න. එහෙම හොය හොය ඉන්නකොට තමා මේක හම්බුනේ. මේක ඕන විදියට වෙනස් කරගන්න හැලුප් කරපු මරේ ට බොහොම ස්තූතියි...!!

Thursday, February 16, 2012

මළ කෙළියයි ජූලි හතර සිහි වුනා..

ද උදේ මූණු පොතේ රවුමක් දාන වෙලාවේ සයිඩ් එකෙන් වැටුනා පරණ ෆොටෝ ටිකක්.. ඒවගේ තිබුනේ මළකෙළියයි ජූලි 04 කියල අමුතුම විදියට මාකටිං පාරක් දාපු පේ බස් රේඩියෝවේ නිල ආරම්භය.. ඒ ෆොටෝ වල තිබුන දේවල් සහ කමෙන්ට් දැක්කම සිරා ආතල් එකක් ගත්ත ඒ කාලෙට ආයෙත්  ගියා.. හප්පා පිස්සු කොර සීන් එකක් ඒක නම්..

Sunday, February 12, 2012

සෝරෝ [04 කොටස - ඔන්ලයින් රේඩියෝව සහ අවසානය..]

ශ්‍රී චැට් එක හරහා අන්තර්ජාලයට සම්භන්ධ වෙලා පස්සේ Zoro කියලා නමකුත් දාගෙන පස්සේ බ්ලොග් එකකුත් අටවගෙන ඊට පස්සේ එතනින් එහාට ඇති වුන යාලුකමේ ප්‍රථිපලයක් විදියට ගූගල් බස් පදින්නත් පටං අරගත්ත නේ..

Thursday, February 2, 2012

සෝරෝ [03 කොටස - බස් පදින්න පටංගත් හැටි..]

න්තර්ජාලෙට සම්භන්ධ වෙලා මුලදී වෙන නමකින් ඇවිත් පස්සේ Zoro වෙලා  චැට් වල ෆෝරම් වල ඉඳලා අන්තිමට බ්ලොග් උණකුත් හැදුන නේ Cleo අක්ක නිසා.. ඔහොම බ්ලොග් උණ හැදුනට පස්සේ Cleo අක්කගෙන් අහගෙන බ්ලොග් එක හදාගත්තා.. ඕකට නමක් දාන්න ගිහිං තමා ඊළඟ කට්ට කෑවේ.. කල්පනා කරලා කල්පනා කරලා දාගත්තා නමක්..

Tuesday, January 31, 2012

සෝරෝ [02 කොටස - බ්ලාග්කරණයට ආ හැටි..]

චැට් කරපු මුල් කාලේ මගේ නම විදියට මම දාගත්තේ Zoro නෙවෙයි කියලා මම මුලින් කිවුව නේ.. ඔය ශ්‍රී චැට් එකට ආව මුල්ම කාලේ මගේ ID එක විදියට මම දාගත්තේ Milush කියලා.. ඒ කියන්නේ මගේ නමේ මුල් කෑල්ල.. ඔහොම ටික කාලයක් යද්දී මට හිතුනා මගේ ID එක විදියට මගේ ඇත්ත නම දාගන්නේ නැතුව වෙන මොකක් හරි නමක් දාගන්න ඕන කියලා.. ඇයි ඉතිං එන සමහරුන්ට තිබුනේ අමුතුම අමුතු නම් නිසා.. එහෙම හිතුන නිසා මම ගෙදර ගිහිං රෑ දවල් නොතකා කල්පනා කලා මට දාගන්න නමක්..

සෝරෝ [01 කොටස - ජාලගතවූ හැටි]

2006 මැයි මාසේ එක දවසක මමයි මගේ අතීසාර මිත්‍රයයි වලක් බහින්න හිතාගෙන ටවුන් එක පැත්තට ගියා.. ටවුන් එක හරියට කිටට්ටු වෙද්දී එක පැත්තකින් සිංදුවල සද්දයක් ආව නිසා අපි දෙන්නත් ගියා බලන්න ඒ පැත්තට.. අපි හිතුවේ අර රේඩියෝ චැනල් වලින් කරන රෝඩ් ෂෝ එකක් වෙන්නැති කියලා.. ළඟට තියාම තමා දැක්කේ රැකියා පියස කියන ආයතනයෙන් කරන රැකියා පොළක් කියලා.. අපි දෙන්නත් ඉතිං කොක්ටත් කියලා ඒ පැත්තට ගිහිං පුරවලා දුන්නා ඇප්ලිකේෂන් දෙකක්..

Monday, January 16, 2012

අලුත් බඩුව..

ති තුනකින් ගෙදර යන්න වුනේ නැති නිසා ගිය සිකුරාදා ගෙදර ගියා.. බස් එකේ මග ඉන්නකොට අම්මා කෝල් කරලා කිවුවේ බස් එකෙන් බහිනකොට බලාගෙන බහින්න කාණු කපලා තියෙන්නේ කියලා.. රෑ 10.00 විතර බස් එක නවත්තද්දී කට්ට කළුවරයි පැත්ත පලාතම වෙනදා පත්තුවෙන කණුවේ ලයිට් එක එදා පත්තු වුනේ නැති නිසා බස් එකෙන් බැස්සේ කාණුවට අඩිය තියයි ද නැද්ද කියලා හිතේ දෙගෙඩියාවෙන්.. හොඳ වෙලාවට බස් එකෙ නැවැත්තුවේ පාර මැදට කරලා.. කොහොම හරි අවුලක් නැතුව ගෙදරට ගිහිං ඇඳට වැටුන ගමන් නින්ද ගියේ බස් එකේ ආව මහන්සිය නිසා වෙන්නැති..

Wednesday, December 28, 2011

එයාර්පෝට් ගර්ල්..

හුගිය දවසක එයාර්පෝට් යන්න සිද්ධවුනා එන ගෙස්ට් කෙනෙක් ගන්න.. ප්ලේන් එක එයාර්පෝර්ට් එකට ගොඩබාන්න නියමිත වෙලාව තිබුනේ උදේ පාන්දර 1.40ට නිසා අපි කොට්ටාවෙන් පාන්දර 12.20ට විතර ගමන පිටත් වුනා.. අපි කිවුවට ගියේ මමයි, වෑන් එකේ ඩ්‍රයිවර් අයියයි..

Thursday, December 1, 2011

මගේ ප්‍රථම හයිවේ අත්දැකීම..

මේ මාසේ 27 වෙනිදා ලංකාවේ ඉතිහාසයට අලුත් දෙයක් එකතු වුනා.. කවුරුත් දන්න විදියට ඒ තමයි ලංකාවේ ප්‍රථම අධීවේගී මාර්ගය ලෙස “දකුණු අධිවේගී මාර්ගය“ විවෘත කලේ.. පාර විවෘත කල දවසේ ඉඳලා ඒකේ යන්න ආසාවක් අපිටත් ඇති වුනේ ලංකාවේ අපිට මේක අලුත් දෙයක් වුන නිසා.. අනිත් විශේෂ කාරනාවක් වුනේ දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වන කොට්ටාව මාකුඹුරේ තමයි අපේ ඔෆිස් එකත් තියෙන්නේ..

Monday, October 24, 2011

නර්ස් අක්කා..

පේ ජීවිතේදී අපිට අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.. ඒවයින් සමහර දේ වලින් සතුටක් වගේම සමහර දේවල් වලින් දුකක් ඇතිවෙනවා..

බ්‍රහස්පතින්දා දවල් මට අයියගෙන් කෝල් එකක් ආවා හදිසියේ අසනීප වෙලා හොස්පිට්ල් ඇතුල් කලා කියලා.. මට බ්‍රහස්පතින්දා යන්න බැරි වුනත් සිකුරාදා දවල් ගිහිං අද උදේ (සඳුදා) තමා ආවේ.. මේ දවස් ටිකේම ඉතිං හිටියේ ඉස්පිරිතාලේ.. (සමහරු දන්නවා ඒක  :D )