Wednesday, October 26, 2011

අවධානමට පෙර සූදානම් වෙමු..

පි මේ ලෝකෙට ඉපදුන මුල් කාලේ ඒ කියන්නේ අපි පුංචි කාලේ අපිට අපේ වැඩ කිසි දෙයක් කරගන්න බැරි කාලේ අපේ වැඩ හැම දෙයක්ම කරලා දෙන්න වෙන කවුරු හරි ඉන්න ඕන.. ගොඩක් වෙලාවට අපේ අම්මා තමයි ඉතිං මේ හැම දේම කරලා දෙන්නේ.. කවන්නේ, පොවන්නේ ඒවා මේවා හැම දේම.. හැබැයි ඉතිං අද සමාජයේ ඉපදෙන බොහෝමයක් පොඩි අයට තමන්ගේ අම්මා ළඟ හැදෙන්න වැඩෙන්න වෙන්නේ නෑ.. මොකද මේ තරඟකාරී සමාජය තුල අම්මයි තාත්තයි දෙන්නම රැකියා වලට ගිහිං එන්නේ රෑ වෙලා නිසා බබා බලාගන්නේ බොහෝදුරට අම්මගේ අම්මා.. ඒ කියන්නේ ආච්චිඅම්මා.. එහෙම නැත්තං කවුරු හරි වෙනම යොදවලා තියනවා බබාව බලා ගන්න..

Monday, October 24, 2011

නර්ස් අක්කා..

පේ ජීවිතේදී අපිට අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.. ඒවයින් සමහර දේ වලින් සතුටක් වගේම සමහර දේවල් වලින් දුකක් ඇතිවෙනවා..

බ්‍රහස්පතින්දා දවල් මට අයියගෙන් කෝල් එකක් ආවා හදිසියේ අසනීප වෙලා හොස්පිට්ල් ඇතුල් කලා කියලා.. මට බ්‍රහස්පතින්දා යන්න බැරි වුනත් සිකුරාදා දවල් ගිහිං අද උදේ (සඳුදා) තමා ආවේ.. මේ දවස් ටිකේම ඉතිං හිටියේ ඉස්පිරිතාලේ.. (සමහරු දන්නවා ඒක  :D )

Tuesday, October 11, 2011

අම්මේ ඔබ...

විශ්ව විද්‍යාලයට යන්න බැරි වුන නිසාත් උසස් පෙලින් පස්සේ පාසල් අධ්‍යාපනය හමාර කලත් ජීවි‍තේ සාර්ථක ලෙස ගෙවාදමන්න පාසල් අධ්‍යාපනය ප්‍රමාණවත් නැති නිසාත් වෘත්තිය අධ්‍යාපනයක් ලබාගන්න ඕන කියලා අදහසක් උසස්පෙළ හමාකර කරපු කාලේ ඉඳලා තිබුනත් ඒ මොන වගේ ආයතනයකින් ආරම්භ කරනවද කියල හිතාගන්න බැරුව ඉන්න කාලේ ඒ කියන්නේ 2007 දී