Showing posts with label Books. Show all posts
Showing posts with label Books. Show all posts

Tuesday, October 2, 2018

මෙකොන සිට අනිත් කොන කියැවීමි

ශක තුනක් විතර ලංකාවේ තිබුන සිවිල් යුද්දේ මේ වෙනකොට ගොඩක් අයට අමතක වුනත් ඒකට සම්බන්ධ වුන අයට නම් කවදාවත් එහෙම වෙන එකක් නෑ. ඒ ඔවුන් කෙලින්ම ඒකට මූණ දුන් නිසා. හැමෝම නැති වුනත් වෛද්‍යවරු කියන්නෙත් එක්තරා විදියකට යුධ සෙබළු වගේ කොටසක්. මොකද ඔවුන් උත්සාහ කරන්නෙත් සේවය ලබාගන්න එන අහිංසක ජනතාවට තමංගේ උපරිමය කරන්න.

මේ අතරින් උතුරු නැගෙනහිර රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් විශේෂයි. යුද්දෙන් පස්සේ ඒ පලාත් වල ජනතාව ජීවත් වෙන්න දරණ උත්සාහය ඔවුන් දකින නිසා. ඒ වගේම ඒ පලාත් වල ජනතාව ජීවත් වෙන්නේ යුධ මානසිකත්වයෙන් නිසා ඒ පලාත් වල සේවය කරන එකත් මම දකින විදියට නම් ලෙහෙසි පහසු කාර්යක් නෙවෙයි. 

https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/10649946_631638066934302_7593727451554103616_n.jpg?_nc_cat=107&oh=4641ab6bff5d50b894419e384914912b&oe=5C2543BB


යුද්දෙන් පස්සේ උතුරු නැගෙනහිර සේවයට ගියපු "වෛද්‍ය බෝධිනී සමරතුංග" එහෙමත් නැත්තං අපි දන්න විදියට "බෝ" එම රෝහලේ සේවය කල කාලය තුල දී මූණ දුන්න අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියපු "අනිත් කොන" කියන්නේ ඇත්තටම අනිත් කොනේ ඉන්න අපේම ජනතාව ගැන අපේ හිත් වල තියෙන කහට නැති කරලා ඔවුන් ගැන සහෝදරාත්මකව බලන්න අපිව යොමු කරන පොතක් කිවුවොත් වැරදි නැහැ.

ඉතාමත් හෘදයාංගම විදියට ලියලා තියෙන මේ පොතට "බෝ" ගේ කවි හිත යට සැඟවිලා තියෙන රචකයා එලියට ගන්න පුළුවන් වෙලා තියෙනවා. පොත අරගන අවුරුදු දෙකක් විතර වුනත් කියෙවුවේ නැතුව තියාගෙන හිටියේ යුද්ධය ගැන ලියපු පොත් කියවන්න මම ටිකක් කම්මැලි නිසා. ඒ වුනත් කියවන්න පටන් ගත්තයින් පස්සේ දවස් දෙකෙන් කියවලා ඉවර කරන්න පුළුවන් වුනේ ලියලා තියෙන භාෂා විලාසය නිසා. සරලව ලියලා තියෙන පොත කියෙවුවොත් "කවියට පෙම් බැඳි" බෝගේ කවියට පෙම් බැඳි තරමටම ඔබත් ඒ ලියැවීමේ රටාවටත් පෙම් බඳිවී.

යුද්ධයෙන් හෙම්බත් වුන උතුරු නැගෙනහිර ජනතාව තමන්ගේ ජීවිතේ ගොඩ නගාගන්න දරන උත්සාහය අතරතුරදී ලෙඩක් දුකක් හැදුනම ඇතිවෙන්නේ මොන වගේ පීඩනයක් ද කියලා කතුවරියට දැනුන විදියට ලියලා තියෙන නිසා පාඨකයා ද ඒ ආකාරයටම සංවේදී වන නිසා සාර්ථක පොතක් කියලා කියන්න පුළුවන්.

වෛද්‍යවරයෙක් වුන ගමන්ම අනිත් කොන රාජකාරී සඳහා ගොස් එකොන සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දාන්න වෙහෙසෙන මේ වගේ වෛද්‍යවරු අද වෙනකොට සීමිත වුනත් තමන්ට ලැබුන මුල්ම පත්වීම අභියෝගයක් විදියට භාරගෙන එම අභියෝගය ද ජයගෙන එකොන ජනතාවගේ ද සිත් දිනාගැනීමට පමණක් නොව පාඨකයාගේ හිත් පවා දිනා ගැනීමට මෙතුමිය සමත් වෙලා තියෙනවා.

ශාරීරීකව කිසිම රෝගයක් නොමැති වුනත් යුදධය නිසා ඇතිවෙන ඇතැම් මානසික රෝගාබාධයන් පවා හඳුනාගෙන ඉතාමත් සාර්ථක ලෙස ඒ සඳහා ප්‍රථිකාර කිරීම තුලින් රෝගීන් නිරෝගීන් කිරීම සඳහා මෙතුමිය ගන්නා ලද උත්සාහය ඉතාමත් ඉහලයි. වෛද්‍ය දැණුමින් පමණක් නොව ධනාත්මක ආකල්ප වලින්  ද පොහොසත් මෙතුමිය අප හැම දෙනාටම ආදර්ශයක්.

Saturday, May 2, 2015

බුද්ධ පුත්‍ර ප්‍රේමය

හුගිය දවසක දවල් වරුවේ ආපු හිරු එෆ්.එම් නිවුස් ඇල(ර්)ට් එකක තිබුනේ "අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ උද්ගෝෂණයකට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල වී ඇත" කියලා. මේක දැකපු ගමන් මට මතක් වුනේ මම මේ දවස් වල කියවන පොත.


නමින් "බුද්ධ පුත්‍ර ප්‍රේමය" කියලා දාල තියෙන මේ පොත ලියලා තියෙන්නේ "ශාරිකා කරුණාතිලක". විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ පොතේ වටිනාකම රු.400.00 කි.

"බුද්ධ පුත්‍ර ප්‍රේමය" කියලා නම තියෙන නිසාත්, පොතේ පිට කවරයේ තියෙන්නේ තරුණ භික්ෂුවකගේ රූපයක් නිසාත් පොත අතට ගන්න ඕනැම කෙනෙක් තමන්ගේ හිතේ ඇති වෙන දේ මතු වෙන්නේ පොතේ කොයි හරියෙන් ද කියන කුතුහලය පොත කියවන් යන්න යන්න වැඩි වෙන නිසා මේ පොත එක හුස්මටම කියවගෙන යන්න පුලුවන් පොතක්.

1988 - 1989 කාල් වකවානුවේදී ඇති වුන ශිෂ්‍ය ව්‍යාපාරයේ එවකට පිරිවෙන් අධ්‍යාපනය ලැබූ තරුණ සාමනේරයන් වහන්සේලාගේ පැතිකඩින් බලන මේ පොතේ ඇතැම් දේවල් වර්තමානයේත් සිදු වනවා දකින්න පුලුවන්. 

කතාව ගැන වැඩි විස්තර නොකියන තරමට හොඳයි කියලා හිතුනත් කතුවරියගේ පෙරවදනෙන් උපුටාගත් කොටසක් දැම්මට කමක් නෑ කියලා හිතුනා.
"බුද්ධ පුත්‍ර ප්‍රේමය" තරුණ ව්‍යාපාරයට සහභාගී වීමට පෙළඹුනු කුඩා සාමනේර කෙනෙකුගේ කතාවයි. මාපිය සෙනෙහස අහිමිව ගිය කුඩා දරුවෙකු භික්ෂුඅක් වන සිය මයිලනුවන් විසින් ගම්බද පින්බිමක ඇති දැඩි කල අයුරුත් අධ්‍යාපනය සඳහා නගරයේ පිරිවෙනට ඇතුලු වූ පසු සාමනේරයන් තරුණ ව්‍යාපාරයට ඇදී ගිය අයුරුත් මෙම "බුද්ධ පුත්‍ර ප්‍රේමය" නවකතාවෙන් කියවේ.
සරළ බස් වහරක් තියෙන මේ පොත ඕනැම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පොතක් විදියට නිර්දේශ කරන්න පුලුවන්.

Thursday, June 27, 2013

Homeland, The Afghan and Terrorism

රාකයේ සිදු කල මෙහෙයුමකින් අවරුදු අටක් පමණ අතුරුදහන් වෙලා සිටි ඇමරිකානු මැරීන් හමුදා සෙබලෙක්ව මුදා ගැනීමට සමත් වනවා. නමුත්  CIA නිළධාරිණියකට ලැබෙන ඔත්තුවකින් දැනගන්න ලැබෙනවා එක්තරා සිරකරුවෙකුගේ මොළ සේදීමකින් (Brain Wash) අනතුරුව ත්‍රස්ථවාදීන් සඳහා උදව් දීමට ත්‍රස්තවාදී ඒ ජන්තවරයෙක් විදියට ඇමිරිකාවට නැවත පැමිණෙන බව. එනිසා මෙම ඒජන්ත වරියගේ සම්පූර්ණ සැකය යොමු වන්නේ නිකලස් බ්‍රෝඩි ට හෙවත් ළඟදි මුදාගත් මැරීන් සෙබලා වෙත.  මේ නිසා ඇය   හෙවත් කැරී මැතිසන් විසින් තම රහස් කණ්ඩායමක් යොදවා බ්‍රෝඩි ගැන ඇහැ ගහගෙන සිටින්නේ තම සැකය තහවුරු කර ගැනීම සඳහා තොරතුරු ලබාගැනීම සඳහා ය.


මුලු රටම, විරුවෙක් විදියට සිතා සිටින මෙම හිටපු මැරීන් සෙබළාගේ හැසිරීම කෙරෙහි රහසින් CIA නියෝජිත වරිය සැකයෙන් යුතුව බලා සිටියත් ඇයට තම ඉහළ නිළධාරියාගේ මැදිහත්වීම මත නිත්‍යානුකූල අවසරය කෙටි කාලයක් සඳහා ලබා ගැනීමට සමත් වන අතර වැඩි කල් නොගොස්ම ඇය තම සැකකරු කෙරෙහි පෙම් කිරීමට පෙළඹේ.

ඇමරිකාවට ත්‍රස්ථවාදී බලපෑමක් ඇති බව හෙළිවන අතර එය කුමන ආකාරයේ එකක් දැයි නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට නොහැකි වේ. කෙසේ නමුත් මුල් ප්‍රහාරය ඉතාමත් අදක්ෂ අන්දමින් ව්‍යර්ථ වන අතර එහිදී තවත් චරිතයක් කරළියට පැමිණේ.

පළමු කථා මාලාව එතැනින් අවසන් වන අතර දෙවැන්න ආරම්භ වන්නේ ත්‍රස්ථවාදී අරමුණ සොයා යෑම තුලින්. මේ වන විට ත්‍රස්ථවාදී ඔත්තු කරුවා, බ්‍රෝඩි බවට තහවුරු වන අතර ඔහු තම සහාය CIA එක වෙත ලබා දීමට එකඟ වීමත් සමඟ ද්විත්ත්ව ඒජන්ත වරයෙක් බවට  පත් වේ. ඒ නමුත් ත්‍රස්ථවාදී ඉලක්කය කුමක්දැයි යන්න ඔහු පවා නොදන්නා අතර එය සොයා ගැනීමට උදවු වේ.

කෙසේ නමුත් අවසානයේදී මොවුන්ට මෙම ඉලක්කය හඳුනා ගැනීමට හැකි වේද නැද්ද යන්න දැන ගැනීම සඳහා මෙම කතා මාලාව නැරඹීමට සිදු වේ.

මොහොතින් මොහොත කුතුහලයෙන් පිරි මෙම කතා මාලාව මම ප්‍රිය කරනා ඝණයේ එකකි. කොටස් දොලසකින් යුක්ත මාලා තුනක් සහිත මෙය මේ වන විට මාලා දෙකක් නිකුත් වී ඇති අතර මෙය ලියා ඇත්තේ  කණ්ඩායමක් වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.

අවශ්‍ය කෙනෙකුට මෙම Homeland කතා මාලාව සිංහල උපසිරුස සමඟව බාගත කරගන්න පුළුවන් උවමනා නම් බයිස්කෝප් අඩවියට ගියොත්.


කාලෙකට ඉහත දී ඕනයියා දුන්, යුධ බල්ලෝ නම් Frederick Forsyth ගේ The Dogs of War නම් සිංහල පරිවර්ථනය කියැවීමෙන් අනතුරුව මා මෙවැනි කතා වලට ප්‍රිය කිරීමට පෙළඹුනු අතර එනිසාම ඔහුගේ වෙනත් කෘති කිහිපයක්ම ගෙන කියවීමී.

ඒවා නම් 





මේ පොත් අතරින් 2006දී ලියා ඇති සහ 2013දී පරිවර්ථනය කර ඇති  “සිරකරුවා සහ ඔත්තුකරුවා“ හෙවත් The Afghan යන පොතේ ඇති කතාව Homeland කතා මාලාවට යම් සමානකමක් දක්වන අතර එහි ඇත්තේ කතා මාලාවේ අනෙක් පැත්තය. 

අල්කයිඩා සංවිධානය විසින් එල්ල කිරීමට සූදානම් වන ප්‍රහාරයක් පිළබඳව CIA වෙත සැල වීමත් සමගම එය කුමක්දැයි සොයාගැනීම සඳහා ඇමරිකානු හමුදාවෙන් විශ්‍රාම ගිය නිළධාරියෙකු, ඇමරිකානු අත්තඩංගුවේ සිටින ඇ‍ෆ්ගන් ජාතික ත්‍රස්ථවාදියෙකු වෙනුවට නිදහස් වී ගොස් ඔත්තු බැලීම පිළබඳව අතිශය කුතුහලාත්මක කතාවක් මෙම පොත තුල අන්තර්ගත වේ.

කෙසේ නමුත් මේ දෙක සංසංදනය කිරීම කල නොහැකි අතර දෙකම මාගේ සිත අතිශය ලෙස ඇදගැනීමට සමත් විය.