Showing posts with label හෙළිකොප්ටර් යැවිල්ල. Show all posts
Showing posts with label හෙළිකොප්ටර් යැවිල්ල. Show all posts

Sunday, November 4, 2012

නග්ගගන්න ගිහිං වුන වැඩේ..

ටික ටික වැහි කාලේ ලඟට ආව නිසා මේ දවස් වල හවස් වෙනකොට හුළං බින්දුවක්වත් නැතියෙන්න පටං ගන්න හින්දා මේ දවස් වල සරුංගල් කෙරුවාව කරන්න වෙන්නේ නෑ. ඒත් ඉතිං වෙනද පුරුද්දට හවස  4.00 වෙද්දී ගෙදර ඉන්න බැරිකමෙන් නලියන නිසා ඔන්න ආයෙත් අපිට හිතුනා හෙළිකොප්ටර් කෝස් එක ආයෙම පටං ගත්තොත් හොඳයි කියලා. එහෙම හිතලා අපේ හෙළියේ අලුත්වැඩියා කටයුතු ටිකත් කරගෙන ඔන්න ලැහැස්ති වුනා භාන්ඩේ අරගෙන මිෂන් එකට යන්න. කලින් ගිය තැන ටිකක් දුර නිසා මේ සැරේ අපි හිතුවා අපේ ඉස්කෝලෙට ගිහිං යවනවා කියලා.

Sunday, March 25, 2012

යාන්තං ටිකක් නග්ග ගත්තා..

ඊයෙත් උදෙත් නාලා, කාලා එහෙම වෙනදා වගේම අයියලාගේ ගෙදර යන්න කියලා සෙට් වෙන්න හදනකොටම අයියගෙන් ඇමතුමක් ආවා.. මොකක් ද සීන්නෙක කියලා බලන්න ආන්සර් කලාම අයියා කිවුවේ පට්ට හැපී නිවුස් එකක්..

Monday, January 16, 2012

අලුත් බඩුව..

සති තුනකින් ගෙදර යන්න වුනේ නැති නිසා ගිය සිකුරාදා ගෙදර ගියා.. බස් එකේ මග ඉන්නකොට අම්මා කෝල් කරලා කිවුවේ බස් එකෙන් බහිනකොට බලාගෙන බහින්න කාණු කපලා තියෙන්නේ කියලා.. රෑ 10.00 විතර බස් එක නවත්තද්දී කට්ට කළුවරයි පැත්ත පලාතම වෙනදා පත්තුවෙන කණුවේ ලයිට් එක එදා පත්තු වුනේ නැති නිසා බස් එකෙන් බැස්සේ කාණුවට අඩිය තියයි ද නැද්ද කියලා හිතේ දෙගෙඩියාවෙන්.. හොඳ වෙලාවට බස් එකෙ නැවැත්තුවේ පාර මැදට කරලා.. කොහොම හරි අවුලක් නැතුව ගෙදරට ගිහිං ඇඳට වැටුන ගමන් නින්ද ගියේ බස් එකේ ආව මහන්සිය නිසා වෙන්නැති..

Sunday, August 14, 2011

තටු ඇවිත්..

පුංචි කුරුළු පැටියෙක් පොඩි කාලේ ඉඳන් හදා වඩා ගන්න කුරුළු අම්මලා මොන තරම් වෙහෙසක් මහන්සියක් ගන්නවද.. ඒ වගේම තමා තාත්තලත්.. ඉතිං එහෙම ආදරෙන් බලාගත්ත පුංචි කුරුළු පැටිය‍ට තටු දෙකක් ඇවිත් නම්.. ඒ කුරුළු අම්මටයි තාත්තටයි ඒ තරම් සතුටක් නැතුවැති නේ.. 

Sunday, April 24, 2011

මෙතෙක් ආ මග..

හප්පා...... අවුරුදු දවසත් ගෙවිලා ගියා නේ.. කවුරු කවුරුත් අවුරුද්ද කියලා උඩ පැන පැන බලං හිටපු ඒ දවස ගෙවිලා ගියා කිසිම ගතියක් නැතුව.. හරි දැං ඉතිං අවුරුද්ද ඉවරයි නේ.. ඊලඟට බලං ඉන්නේ වෙසක් දවස එනකන්.. වෙසක් කූඩු හදන්න, තොරං ගහන්න වගේ සීන් වලට.. ඉස්සර නම් අපේ ගෙදර වෙසක් කූඩු හදන වැඩේ කලේ මම.. දැං ඉතිං මම ඒකෙන් විශ්‍රාම අරං තියෙන්නේ.. අපේ මල්ලි තමා දැං වැඩේ කරගෙන යන්නේ..

Wednesday, April 13, 2011

තවත් කෑලි ටිකක් ඇවිත්..

අම්මෝ සෑහෙන්න කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වුනා.. එහෙම කිවුවට මොකෝ මතක් වෙනවා හැමදාම.. ඒත් ඉතිං කම්මැළිකම හැම එකටම වඩා ​ලොකුයි නේ.. ඒක නිසා අර මොකාද එකා වගේ බ්ලොග් කියව කියව විතරක් හිටියා.. මේ ඉතිං අවුරුදු මාසේ නේ.. කට්ටිය ඉතිං ජයට අවුරුදු සමරන්න හිතං ඇති නේ.. එළ එළ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කියලා මුලින්ම ප්‍රාර්ථනා කලා ඔන්න එහෙනම්.. 

Thursday, March 17, 2011

ලොකු පිම්මක්.... [HK 600 GT]

හපොයි දෙවියනේ.. මගේ බ්ලොග් එක අමතකම වෙලා ගිහින් නොවෑ මට.. හප්පා..... දූවිලි හැම තැනම.. ඉන්න පොඩ්ඩක් මම මේ දූවිලි ටික පිහදානකන්.. හෙම්බිරිස්සාව තියෙන අය එහෙම ඉන්නව නම් ලේන්සුවක් ඇරන් නහය වහ ගත්ත නම් හො​දා.. ලේන්සුවක් නැත්තන් අම්මගෙන් ඉල්ලගන්න.. :D

Wednesday, March 2, 2011

නැවතත් හෙලිකොප්ටර් යැවිල්ලට...

හායි මෙයාලා කොහොම ඉතිං.. සැලකිය යුතු කාලෙකින් නේ මේ පැත්තේ ආවේ.. සමා වෙන්න ඉතිං ඒකට.. කොහේ බ්ලොත් ලියන්නද අප්පා මේ වැඩ එක්ක.. (හික් හික්.. අනේ මූට තියෙන වැඩ නේද.. කොයි වෙලේ බැලුවත් බස් එකේමයි..) හරි හරි ඉතිං ඒක තමා මට තියෙන වෑඩේ කියලා කිවුවේ.. 

Thursday, January 27, 2011

බස් මදිවට හෙලිකොප්​ටර්..

දැනට මාසතුන හතරකට කලින් පටන් ගත්ත මගේ බස් කෙරුවාව දැන් නම් නැගලා යනවා එළ කිරි වගේ.. ඒත් සමහර වෙලාවට ඒක කරන්නත් කම්මැළියි.. හැබැයි අපරාදේ කියන්න බෑ කාලේ කන්න නියම බෙහෙත.. එක දවසක් දුකා අයියා බුකියෙදී සැට් වෙලා දුන්නනේ ලැක්චර් එකක් මෙහෙම කාලේ නාස්ති කරන්න එපා කියලා.. ඒත් දෙයියනේ කොහොම මේ බස් කෙරුවාව නවත්තන්න ද.. හික් හික් හික්...