Showing posts with label සිංදු. Show all posts
Showing posts with label සිංදු. Show all posts

Friday, April 14, 2017

වාරමක් | Waaramak

ර්තමානය වෙනකොට ගීතය කියන්නෙ වැළපීමක් වෙලා. බැරි වෙලාවත් රේඩියෝව හරි ටීවී එක හරි දැම්මොත් යන්නෙ මළ අඳෝනාවක්. සමහර ගීත අහං ඉන්න බැරි තරම්. දැං දැං ඒ තත්වය එන්න එන්නම වැඩි වෙලා. බස් එකක හරි ත්‍රීවීලර් එකක හරි නැග්ගොත් තත්වය සෑහෙන්න බරපතලයි. 


එක අතකින් බැලුවම හැබැයි ඉතිං ඒ ගීත බිහි වෙන එකේ වැරැද්දක් කියන්නත් බෑ මොකද ඒවටත් කැමති අයත් ඉන්නව කියල පේනවා ෆේස්බුක් එකේ එහෙම ශෙයාර් වෙන ගීත දිහා බැලුවම. බස් වල, ත්‍රීවීලර් වල වුනත් ඒ මිනිස්සු ඒවා දාන්නේ කැමති නිසානෙ. එක එක්කෙනාගේ රසවින්දනයේ තියෙන විවිධත්වය නිසා තමන් කැමති ආකාරයේ ගීත විතරක් බිහිවෙන්න ඕන කියල හිතන එකත් වැරදියි. හැබැයි බස් වල ත්‍රීවීලර් වල අය නම් ගීත ප්‍රචාරය කරද්දී මීට වඩා ටිකක් සැලකිලිමත් වෙනව නම් හොඳයි.

මෙහෙම කඳුළු පෙරාගෙන හඬාවැටෙන ගීත එළියට එන අතරේ සමහර නව පරපුරේ ශිල්පීන් ඉන්නවා අලුත් දෙයක් කරන්න උත්සාහා කරන අය. හැබැයි ඉතින් ඒ නිර්මණ ත් මට සාපේක්ෂයි. කලින් කිවුවා වගේ මට හොඳ වුනාට අනිත් අයට හොඳ ද කියල දන්නෙ නෑ නේ.

අන්න එහෙම මම කැමති නව පරපුරේ සංගීත කණ්ඩායමක් තමයි "අපි මචන්" කියන්නේ. හැබැයි මෙයාලාගේම ගීත තියෙන්නේ දෙකක් විතර වගේ. අනිත් ඒවා කවර් වර්ශන්. කවර් වර්ශන් වුනාට නිර්මාණාත්මක විදියට කරලා තියෙනවා කියලා තමයි මට නම් දැනෙන්නේ. හැබැයි එහෙමයි කියලා හැම එකම 100% හොඳයි කියලා කියනවා නෙවෙය්යි. මීට කලින් මෙයාලගේ ගීත අහලා නැති අය ඉන්නවා නම් මේ කණ්ඩායමේ යූටියුබ් පිටුවට ගියා නම් සෙට් එකම අහන්න පුලුවන්. හැබැයි අහලා නැති අය ඉන්නවා කියලා නම් හිතන්න අමාරුයි මොකද 15000 කට ආසන්න ප්‍රමාණයක් සබ්ස්ක්‍රයිබ් කරලාතියෙනවා. 

මම මෙ හදිස්සියේ පෝස්ට් එක ලියන්න ගත්තෙ සිංහල දමිළ අලුත් අවුරුද්ද එනුවෙන් "අපි මචන්" කණ්ඩායම කරපු අලුත් ගීතය අහම්බෙන් දැකපු නිසා. නම තමයි "වාරමක්" මෙන්න එහෙනම් අහලම බලන්න.

 
ප.ලි - තව පොඩ්ඩෙන් සුබ පතන්නත් අමතක වුනා. ලැබුවා වූ මේ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා...!!
 
 

Tuesday, July 19, 2016

මල් සිනා උදා වුනා ලස්සනයි වගේ

සෙනසුරාදා දවසෙම පන්තියේ ඉඳලා ඇවිත් නාලා කාලා ඉවර කරලා නිදාගන්න ඇඳේ හාන්සි වෙලා ජංගම දුක අතට ගත්තේ රේඩියෝව දාගෙන හෙඩ්ෆෝන් එක ගහගෙන (හොඳ නැති දෙයක් තමා. ඒත් සමහර දවසට මම එහෙම කරනවා :D ) නෝමල් සිංදුවක් අහගෙන පොඩි මනෝ පාරක් දාගෙනම නිදාගන්න හිතාගෙන. 

වෙලාව 8.40 විතර ඇති මතක විදියට. රේඩියෝව ඕන් කරගෙන මට හරියන එකක් සෙට් වෙනකන් චැනල් ටික එහෙට මෙහෙට මාරු කර කර ඉන්නකොට චැනල් එකක සාකච්චාවක් ඇහුන නිසා ඒක අහන්න ගත්තා. කැළුම් ශ්‍රීමාල් මහත්මයයි දිලීප අබේසේකර මහත්මයයි තමයි සාකච්චාව කරගෙන ගියේ. 

බොහොම දුර්ලභ ගනයේ ශිල්පියෙකුගේ ගීතයක් ඊළඟට දෙන්න තමා දෙන්නා කතා කර කර හිටියේ. මට මතක හැටියට ඒ දෙන්නා කිවුවේ නං මේ ශිල්පියා ගායනා කරලා තියෙන්නේ ගීත දෙකක් හෝ තුනක් කියලා. ශිල්පියා තමයි "එස් ආර් ජයරත්න" කියලා මහත්මයෙක්. ගීතය තමයි "මල් හිනා උදා වුනා" කියලා ඉතාමත් සරළ ඉතාමත් ලස්සන ගීතයක්. මේ වගේ වැඩසටහන් වල යන ගීත රෙකෝඩ් කරගන්න සෙට් වෙලා ඉන්න නිසා මම මේ ගීතයත් රෙකෝඩ් කරගත්තා. ගීතය ගැන වැඩි විස්තරයක් නිවේදක දෙපල දන්නෙත් නැති නිසා එයාලා විවෘත ආරාධනාවක් කලා දන්න අය ඉන්නවා නං විස්තර එවන්න කියලා.

පස්සේ ගීතයේ විස්තර දැනගන්න කියලා ලකිඳු කියලා මගේ මිත්‍රයෙකුගෙන් ඇහුවම කිවුවේ තනුව "හේමන්ත කුමාර්" කියන ශිල්පියාගේ හින්දි තනුවක් කියලා. තවත් විශේෂ දෙයක් දැනගත්තා ඒ තමයි ගායකයාගේ නම "එස් ආර් ජයරත්න" නෙවෙයි "එච් ආර් ජයරත්න" කියලා. ගොඩක් තැන්වල නම වරද්දලා ලු තියෙන්නේ. මේක කියවන අය නං ඉස්සරහට ඒ වැරද්ද කරන එකක් නෑ ලකිඳු නිසා.


http://www.mtv.com/news/2724250/crystal-reed-teen-wolf-return/

මල් සිනා උදා වුනා ලස්සනයි වගේ
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

පාවි පාවි රන් වලා වහා ඇදේ
සීත රෑක ආදරේ සොයා සඳේ...
ඒ වගේම චේතනා මා හිතේ තියේ
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

නීල දෑස කීව රහස තේරුණා
ආදරේට ආදරේම යාවුනා
ඒ උතුම් අනාගතේ කාලේ වාසනා
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

හරි එහෙම නම් අහලා බලන්න ගීතය. සමහර විට දැනටමත් දන්න අය ඇති.

ආ අමතක වුනා චැනල් එකේ නම තමා "FM දෙරණ". ප්‍රෝග්‍රෑම් එකේ නම "අනන්ත ගී රස"

තිස්ස අයියත් බොහොම කාලෙකට කලිං මේ ගීතය ජාලගත කරලා තියෙනවා.