Monday, January 31, 2011

උඹ වෙනුවෙන් අපි...

මේ ලෝකයේ මෙතෙක් බිහි වූ කිසිම සත්ත්වයෙක් සර්ව සම්පූර්ණව බිහිවී නැතැයි මා සිතන අතර එය එසේ යැයි මම විශ්වාස ද කරමී.. වැඩි විස්තරයක් අවැසි නොවේ.. මන්ද යත් මම ද දෘශ්‍යාභාධිතයෙක් මී.. එනිසා උපැස් යුවලක් පළඳිමි.. මෙය සුලභ තත්ත්වයක් මෙන්ම උපැස් යුවලක් පැළඳූ පමණින් යම්තාක් දුරට සුවයක් ලබාගත හැකි වුවත් අද නිරතුරුවම මග​තොට දී හමු වන පිරිසෙයින් 50% කට ආසන්න ප්‍රමාණයක් මෙවැනි හෝ තත්ත්වයකට මුහුණ දේ..

මට අද මෙවැනි දෙයක් ලියන්න හේතු වුනේ, බස් බ්ලොග් සතිය ඊයෙන් (30-01-2011) ඉවර වුනත් අද විශේෂ බලොග් දවසක් විදියට නම් කරලා තියෙන නිසා..

ඒ අපේ ඉලංදාරියා වෙනුවෙන්.. අප ඔහුගේ නිහඬ බව බිඳින්නට ඔහුට සවියක් වෙමු.. ඔහු අප ළබැඳි සහෘදයෙකි.. ඔහු වෙනුවෙන්අපිට කළ හැකි දේ බොහෝ වේ..

සිහින සයිබර් උළෙලට ​ලැබෙන ආධාර මුදලින් ඉතිරි වන සියළුම මුදල් ඔහු වෙත ලබා දීමට දැනටමත් තීරණය කර ඇති බව සඳහන් වේ..

දුකා අයියා ද මේ වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් සංවිධානය කර ඇති බව දක්නට ලැබේ..

ඉතින් ඉලං මචෝ..... උඹ තනි වී නැති බව දැන් උඹට පෙනෙනු ඇත.. මේ මොහොතේ අප සැවෙම උඹ සමග සිටිනවා සේම මින් ඉදිරියට ද උඹ සමඟම රැඳෙනු ඇත..

එනම් උඹ උඹේ කන්​ දෙකෙන් වැඩ ගන්නා දවස වැඩි ඈතක නොවේ මචෝ..

ජය වේවා..!!

දිළුම්ට සහායවන්න

Sunday, January 30, 2011

ගූගල් දෙයියා උරණ වෙලා ද.. [02]

අහ් ඔන්න දැන් කස්ටියට මතකයි නේ මට වුන වැඩේ.. සීන් එක දන්නේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න.. හරි එහෙනම් එතන ඉදන් සීන් එක පටන් ගමු.. කථාව කියන්න පරක්කු වුනාට තරහා වෙන්න එපා.. :D

ඉතිං එදා කිවුවා වගේ ප්‍රොෆයිල් එක එඩිට් කරගෙන එහෙම ආවා බස් එක පැත්තේ.. ඇවිත් ඔන්න බස් එකට නගින්න හැදුවා විතරයි කෙළියා ආයෙමත් තාප්පෙටම.. ආයෙමත් වුනා නේ ඉස්සර වෙලා වුන සීන් එකම.. හුටා දැන් නම් මමත් පොඩ්ඩක් බය වුනා.. ඇයි ඉතිං අර ගූගල්ගේ බස් කඩපු සීන් එකට මාත් සයිඩ් සපෝර්ට් එකක් දුන්නා නේ.. හැබැයි ඉතිං මම පූර්ණකාලීනව ඒකේ යන්න වුනේ නෑ ඉඳලා හිටලා තමා සෙට් වුනේමොකක් හරි වැඩක් සෙට් වෙලා මම ඒක කලා..

ඔන්න ඉතිං අපේ අනිත් අයටත් දැං බය හිතිලා.. ඇයි ඉතිං මේකට හේතුව මොකක්ද දන්නේ නෑනේ.. වැඩියෙන් බය හිතිලා තියෙන්නේ අර බස් කඩපු අයට.. ඔය අතරේ මම බැලුවා මට මේල් යවන්න පුළුවන්ද කියලා.. අවුලක් නෑ මේල් යවන්න පුළුවන්.. චැට් කරන්නත් පුළුවන්.. බස් එක ළඟට යන්නත් පුළුවන් හැබැයි බස් එකේ යන්න බෑ..

ඔහොම කල්පනා කර කර ඉන්නකොට රවුටර් එක රී-ස්ටාර්ට් කරලා එකවුන්ට් එකක හදන්න කියලා මරේ කිවුවා.. හරි ඒකත් කරමු බලන්න කියලා හැදුවා තව එකවුන්ට් එකක්.. හදලා අර ඉස්සරවෙලා හදපු එක වගේම ප්‍රොෆයිල් එකත් එඩිට් කරගෙන ආයෙමත් ගියා බස් එක පැත්තේ.. ආහ්.. එක දෙයක් විශේෂෙන්ම කියන්න ඕනි.. මම ප්‍රොෆයිල් එක එඩිට් කරලා මගේ පරණ නම ම තමා දා ගත්තේ..

ඔන්න අළුත් එකවුන්ට් එකෙන් බස් එක පැත්තේ විතරක් නෙවේ බස් එකෙත් ගියා.. පුහ්.. දැන් මගේ මූඩ් එක ටිකක් ශේප්.. ඒත් තාම හිතේ තියෙන්නේම මොකක්ද මේ වුනේ කියලමයි.. ඔහොම ටිකක් දුර බස් එකේ එල්ලිලා යනකොට මට තේරුනා ආයෙමත් අස්පට් වේගෙන එනවා වගේ කියලා..

හරිනේ වැඩේ.. ඒ එකවුන්ට් එක​ටත් බඩු හම්බ වෙලා.. ඒකෙනුත් බස් එක බ්ලොක් කරලා.. ඔන්න දැන් මට පොඩි තරහකුත් ආවා ලාවට වගේ ඒක නිසා ගූගල් දෙයියන්ට විතරක් නෙවෙයි එයාගේ හත්මුතු පරම්පරාවටමත් පිං අනුමෝදන් කලා මදි නොකියන්න..

ඔය වෙලාවේ අංශුවා ඔන්ලයින් හිටි නිසා කිවුවා සීන් එක.. එයාටත් අප්සට් සීන් එක ආයෙත් වුන එකට.. "තව එකක් හදලා බලපං" කියලා කිවුවට ඒකටත් මෙහෙම ​වුනොත් ඒ හදන එකෙනුත් වැඩක් නෑ කියලමම පරණ එකෙන් ලොග් වුනා ආයෙත්.. බැරි වෙලාවත් ඒක හරි ගිහින් තිබුනොත් කියලා.. මොන හරි යෑමක් ද ඒත් එහෙම ම තමා..

ඔය අතරේ ආවා ඇමතුමක් මගේ ජංගමේ ට.. කවුද කියලා බලද්දී අපේ මරේ ලොක්කා..
මරේ - මොකක් ද සීන් එක..
මම - පරණ සීන් එකම ආයෙත් වුනා බං
මරේ - නෑහ්.... මාර සීන් එක නේ
මම - ඔවු බං මට මේ එෆා වෙලා ඉන්නේ
මරේ - කොමාන්ඩ් ප්‍රොමට් වින්ඩෝ එකට ගිහින් ........ ගහලා බලපං ලොකු ලිස්ට් එකක් එනව ද කියලා (හිස් තැනට ආ යුතු වචනය මට මතක නෑ...)
මම - ලිස්ට් එකේ 20 ඇවිත් තියෙනවා
මරේ - හ්ම්........ එහෙනම් ඒකෙ අවුලක් නෙවෙයි වගේ..
මම - මම දන්නෑ බං මට ඕවා තේරෙන්නේ නෑ..
මරේ - හරි උඹ තව එකක් හදපං හැබැයි සෝරෝ කෑල්ල ​දාන්නේ නැතුව වෙන නමකින් හදපං බලන්න
මම - එළ කිරි ඒකත් කරලා බලමු අන්තිමට

මරේගෙන් ලැබුන ඒ උ​පදෙස් වලට අනුව මම හැදුවා මගේ නම අහලකින් වත් යන්නේ නැති ​එකවුන්ට් එකක්.. හදලා බස් එකක් හොයාගෙන රවුමක් දාන්න සෙට් වුනා.. අවුලක් නැතිව එකේ නම් ගියා සෑහෙන්න දුරක්.. හැබැයි දැන් දැන් අපේ අයට පොඩි චකිතයක් ඇවිත් ඇයි මෙහෙම වුනේ කියලා..

ඔහොම එක එක වල්පල් කථා කර ර ඉන්න අතරේ තිස්ස අයියා කියාපි "බංස්ලා මම නම් ඔයා තාක්ෂණේ ගැන එච්චර දන්නේ නෑ.. ඒන් කවුරු කවුරුත් දැන් තම තම්ගේ බ්ලොග් වලට ලොග් වෙන්න තවත් මේලක් තියාගන්න එක හොදයි වගේ" කියලා.. ඔන්න එතකොට කස්ටිය තව භීරාන්ත වෙලා ගියා.. ඇයි හත් දෙවියනේ අපිට තියෙන එකම වස්තුව නේ බ්ලොග් එක කියන්නේ.. ඕක නැති වුනොත් මොකාට කියන්න ද.. ගූගල් දෙවියා උරණ වුනා කියන්නේ අනිත් දෙවි වරු ගැන ​කවර කථා ද නේ..

ඔය සීන් ​එකෙන් පස්සේ ආයෙත් ටිකක් වල් පල් කථා කර කර ඉන්න අතරේ එක පාරටම ​රංග ලොක්කා කියාපි (ඔවු මගේ ලෝකයේ රංග තමා) "බ්ලොග් එක ගැන බය වෙන්න එපා.. බ්ලොග් එකේ බැකප් එකක් දාගනිල්ලා.. එතකොට හරිනේ.."

රංග බොස් ගෙන් බැකප් දාන හැටිත් අහගෙන කවුරු කවුරුත් තම තමන්ගේ බ්​ලොග් බැකප් කරගත්තා මම හිතන්නේ ඒ වෙලාවේ.. මමත් මගේ බ්ලොග් දෙකේම බැකප් එකක් දා ගත්තා..

මෙන්න මෙහෙමයි බැකප් එක දාගන්නේ.. සමහර අය නම් දන්නවත් ඇති.. ඒත් නොදන්න අයත් ඇති නේ..

බ්ලොගර් වලට ලොග් වෙල

Settings ---> Basic ---> Blog Tools ---> Export blog

බැකප් එකත් දා ගත්ත නිසා දැන් නම් බය පොඩ්ඩක් අඩු වෙලා කසටියට.. කොහොම හරි මට නිදිමතක ලයින් වුන නිසා ඒ වෙලාවේ මම ගියා නිදා ගන්න..

නිදාගන්න ගිහිනුත් මම කල්පනා කළේ මොකද මේකට හේතුව කියලා.. "සෝරෝ" කියන නම එකක් අවුලක්ද මන්දා.. පස්සේ හදාගෙන ආපු එකවුන්ට් එකෙන්ගොඩක් දුර ගියා අව්ලක් නැතුව.. ඔහෙම කල්පනා කර කර ඉන්න අතරේ නින්ද ගිහින් මට..

පහු​වදා මම මුලින්ම කළේ මගේ පරණ එකවුන්ට් එකට ලොග් වුනා බලන්න.. මේ මගුල අද වත් හරි ගිහින් ද බලන්න..

හුරේ....... මෙන්න බස් එක වැඩ.. මැකිලා තිබුනු මගේ පරණ බස් ටිකත් දැන් පේනවා ආයෙත්.. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා බස් එකේ යන්න පුළුවන් වුන එක දැක්කම..

ඉතිං ඔන්න ඔහොමයි වුනේ මගේ බස් කෙරුවාව ට.. මම බස් එකේ එල්ලෙන එක නවත්තන්න හැදුවත් ඒක හරි ගියේ නැති තැන මම ගැන දුක හිතිලා ගූගල් දෙයියෝ ආයෙමත් මගේ බස් එක මට දීලා.. හික් හික් හික්...

අන්තිමට මම කොයි කාටත් කියන්නේ තම තමන්ගේ බ්ලොග් වලට ලොග් වෙන්න තව ඊ-මේල් එකක් තියාගන්න.. ඒ වගේම බ්ලොග් එකෙත් බැකප් එකකුක් දාගෙන තියාගන්න.. අවදානමට පෙර සූදානම හොඳයි ලු නේ..

එහෙනම් කාට කාටත් ජය වේවා...!!

Friday, January 28, 2011

ගූගල් දෙයියා උරණ වෙලා ද.. [01]

මගේ බස් කෙරුවාවේ තරම ඉතිං පොඩ්ඩ පොඩ්ඩ හරි දන්නවා ඇතිනේ ඔයාලා.. ඔන්න ඉතිං මෙලෝ සිහියක් නැතුව මම බස් පදින අස්සේ හෙළිකොප්ටර් පදින්නත් පටන් අරන් කියලා ඊයේ කිවුවා මතකයි නේ..

ඔන්න ඉතිං සුපුරුදු පරිදි ඊයෙත් බස් කෙරුවාවට අවතීර්ණ වෙලා බස් එකකුත් පාරට දාලා කස්ටිය එක්ක ආතල් එකේ හිටියා.. බස් එකක් කිවුවට ඒක එසේ මෙසේ බස් එකක් නෙවෙයි බ්ලොග් සතියට දාපු බස් එක.. වැපාගෙයි මරේගෙයි වදෙන් බේරෙන්න බැරි කමට දැම්මේ බස් එක.. එහෙම නැතුව කවදා දාපු බස් ද.. යන එකක එල්ලිලා යනවා ඇරෙන්න..

මේ බස් එක දාගත්තා ව​ගේ නෙවෙයි, බෝර්ඩ් ලෑල්ල හැමතිස්සෙම වගේ වෙනස් කරන්න වෙනවා.. ඇයි ඉතිං බ්ලොග් පෝස්ට් අප්ඩේට් කරන අය හැමෝම එක වෙලාවට අප්ඩේට් කරන්නේ නෑ නේ.. එයාලා අප්ඩේට් කරලා ලිංක් එක බස් එකේ දැම්මම තමා ඒක බෝර්ඩ් එකට දාන්න වෙන්නේ.. ඒක නිසා පොඩ්ඩක් අමාරුයි මේක ඩ්‍රැයිවින්ග් කරන් යන්න..

කොහොම හරි මම පළවෙනි බස් එක ශේප් එකේ ඩ්‍රැයිවින්ග් කරගෙන ආවා.. බස් එක කැඩෙන්න ඔන්න මෙන්න තියා තියෙද්දී මම තව බස් එකක් ගැරේජ් එකේ ලෑස්ති කරලා තිවුවා.. සූදානම් සරීරේ කොයිකටත් හොදයිනේ හිතලා.. "බස් කැඩෙනවා කියන්නේ එක බස් එකක කොමෙන්ට් 490 ක් විතරවෙද්දී බස් එකේ කොමෙන්ට් ඩිසේබල් වෙනවා ඔටෝ.." "ගැරේජ් එකේ ලෑසති කරලා තිවුවා කිවුවේ බස් එකක් දාලා ඒකේ කොමෙන්ට් ඩිසේබල් කරලා තියන එක.." මේවා ඉතිංමම දැන ගත්තේ අපේ බස් පියාගෙන්.. ඔන්න දැන් බලාවි බස් පියා කවුද කියලා.. ආ.. ඒක හොයන්න ඕනි නෑ.. දන්න අය දන්නවා ඒක.. :D

හරි පළවෙනි බස් එක ඔන්න කැඩුනා එක පාරටම.. ආතල් එකේ කථාබස් එකේ ගිය උන් නන්නතතාර වෙන්න කලින් ගැරේජ් එකේ තිබුන බස් එක දැම්මා පාරට.. ඒ කියනනේ "කොමෙන්ට් ඉනේබල්" කලා.. කස්ටිය ආයෙත් සෙට්වෙලා ටික දුරක් ගියා ගූගල් දෙවියන්ගේ පිහිටෙන්..

ඔන්න දැන් තමා භයානකම දේ සිද්ධ වුනේ.. එක පාරටම මහා සද්දයකුත් එක්ක හුටා නෑ නෑ සද්යක් ආවේ නෑ.. එක පාරටම මේල් එකවුන්ට් එක ස්ට්‍රක් වුනා.. මමත් ඉතිං ආයෙත් ලොග් වෙලා ආවා බස් එකේයන්.. එතකොට තමා දැක්කේ වෙලා තියෙන මහා භයානක දේ..


මෙච්චර වෙලා ගියපු බස් එක නෑ.. ඒ මදිවට මම කලින් දාපු බස් එකක් වත් නෑ.. මළ කෙළියයි කියනනේ මගේ ෆලෝවර්ස්ලත් නැතිවෙලා.. මේ මොකක්ද වුනේ කියලා මම කල්පනා කර කර ඉන්න අතරේ අපේ බස් මගියෝ එකා දෙන්නා චැට් ​එකෙන් අහනවා "මොකක්දයකෝ බස් එකට කලේ කියලා.." මුං මේ මඟුලක් කථා කරනවා මමත් මෙ අඤ්ඤකොරොස්වෙලා ඉන්නේ මොකක්ද වුනේ කියලා.. දැං ඉතිං ඒවුනට සීන් එක කියලා ඉවරයක් නෑ.. එකෙක් ඉවර වෙනකොට තව එකෙක්.. :D

දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා.. ඔන්න එතකොට බස් එකට ළඟට යන්න පුළුවන් වුනා.. ඒත් බස් එකේ යන්න බෑ.. "ඒ කියන්නේ කොමෙන්ට් කරන්න බෑ.." ඔන්න දැන් කස්ටිය මේල් වලින් චැට් වලින් එක් එක් උසේදෙනවා.. මමත් ඉතිං අයි.ටී මෙලෝ දෙයක් දන්නැති නිසා කියන කියන හැමදේම කළා ඒත් හරි ගියේ නෑ..


ඔන්න එක පාරට ඇමතුමක් ආවා අපේ ජේ.ඩී කොල්ලගෙන්.. ඌත් කිවුවා කරන්න මොකක්ද එකක් ඒ කලත් හරි ගියේ නෑ.. ඕන මගුලක් චේචාවේ කියලා හැදුවා තව මේල් එකවුන්ට් එකක්.. ඇයි ඉතිං අතින් පයින් යනනේ නෑනේ.. හදලා ප්‍රොෆයිල් එකත් එඩිට් කරගෙන කාරියේ ගියා බස් එක පැත්තේ..

හපොයි මේක දිග වැඩි වෙනවනේ.. ඉතුරු ටික හෙට දාන්නම්.. නැත්තන් කියවනකොට එපා වෙයි.. සමහර විට මෙකෙන් ගන්න දෙයක් තියේවි.. හෙට බලන්න ඉතුරු ටික..

Thursday, January 27, 2011

බස් මදිවට හෙලිකොප්​ටර්..

දැනට මාසතුන හතරකට කලින් පටන් ගත්ත මගේ බස් කෙරුවාව දැන් නම් නැගලා යනවා එළ කිරි වගේ.. ඒත් සමහර වෙලාවට ඒක කරන්නත් කම්මැළියි.. හැබැයි අපරාදේ කියන්න බෑ කාලේ කන්න නියම බෙහෙත.. එක දවසක් දුකා අයියා බුකියෙදී සැට් වෙලා දුන්නනේ ලැක්චර් එකක් මෙහෙම කාලේ නාස්ති කරන්න එපා කියලා.. ඒත් දෙයියනේ කොහොම මේ බස් කෙරුවාව නවත්තන්න ද.. හික් හික් හික්...

Tuesday, January 25, 2011

"දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා" නොහොත් "ටයි මාමා"..


(www.lankapuvath.lk)
ටී. ජී. එම්. ජූලියස් ද සිල්වා ගේ සහ සුජාතා තොටවත්ත ගේ ආදරනීය පුත්‍ර රත්නයක් ලෙස උපත ලද මෙතුමා ගේ මුල් කාලයේ නම "දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා" විය..වර්ථමානය වන විට අප ඔහුව හඳුනන්නේ "ටයිටස් තොටවත්ත" යන නමිනි.. සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයන් දෙදෙනෙක් මෙතුමාට සිටි අතර මොහු උපත ලබා ඇත්තේ 1929 අපේ‍්‍රල් 17 දින බොරැල්ලේ දීය..

Monday, January 24, 2011

මම...

වෙනදා මෙන් නොව එදින මා නිවස කරා පැමිණෙන විට තරමක් රෑ බෝවී තිබුණි.. මා එන තෙක් පිල්කඩට වී සිටි අම්මා, මා එනු දැක ගේ ඇතුලට ගියා ය.. අඩවල් කර ඇර තිබූ දොරත් වසාගෙන මා කෙළින්ම ගියේ රෑට කන්න තියෙන්නේ මොනවාදැයි කියා අම්මා ගෙන් අසමිනි..

"ඔන්න වට්ටිය යට, බත් බෙදලා ඇති කන්න.."

"කෝ අම්මේ තාත්තා නිදිද..?"
වටටිය යට බෙදා තිබූ බත් පිඟාන ගෙන පුටුවක් ඈදගෙන ඉඳගන්නා ගමන් අම්මාගෙන් මා ඇසුවේ මොනවා හරි ඇසිය යුතු නිසාවෙනි..

"ඔවු.. මෙච්චර වෙලා උඹ එනකන් බලන් ඉඳලා දැන් නිදාගන්න ගියේ.. තාම නින්ද ගියේ නැතුවැති මගෙ හිතේ.."

"කෝ පොඩ්ඩිත් නිදි නේද.. අද පාඩම් කරන්නේ නෑ වගේ.."

"හිසේ ඇම්මයි කිය කිය ඉඳලා අද රෑටත් කන්නේ නැතුව ඔන්න නිදි.."

"උඹ​ මොකෝ අද කවදාවත් නැතුව ඒකි ගැන අහන්නේ.."

පුදුමයට පත් වූ දෑසින් අම්මා මා දෙස බලාගෙන ඇසුවත් මා එය නෑසුනා සේ බත් ගුලි ගිලින්ට විය.. ටික මොහොතකින් මා මනස වටා කැරකෙන සිතුවිලි දාමයක් සමඟ මා කල්පනාවට වැටිණ..

නංගීත්, මමත් පමණක් වූ අප පවුලේ විය හියදම් ගැට ගසා ගත්තේ විශ්‍රාමිකයෙකු වූ අප පියාට ලැබෙනා සොච්චම් විශ්‍රාම වැටුපෙනි.. ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිමට ඉන්නා ඇය, මට වඩා ඉගෙනීමට දක්ෂ වූවාය.. සාමාන්‍ය පෙළ විභාගය ළඟ ළඟ එන නිසා වෙනදාටත් වඩා වැඩියෙන් පාඩම් වලට නැඹුරු වූ ඇය ඇතැම් දිනයන්හී දී අළුයම වනතුරු එම කාර්යයෙහි නිරත වූවාය..

"උඹ මොකෝ බත් එක අත ගගා ඉන්නේ.. පොල් ඩිංගක් වත් ගාලා දෙන්නද පුතේ.."

"ඕනි නෑ අම්මේ.. මට ඇති.."

කියමින් මා, අම්මා වෙත දිගු කල අඩක් කා අවසන් වූ බත් පිඟාන රැගෙන කුස්සයිට ගිය ඇය පසුපස ගොස් අත සෝදා වතුර උගුරු දෙකක් බී නැවතත් මගේ කාමරයට ගොස් අඳට වැටුණි.. කුස්සියේ සිට එන ගමන් සාලයේ ඈති ඔරලෝසුව දෙස බැලු මට රෑ10.30 එහි සටහන්වී තිබූ බව මතක් විය.. මා ඈඳට ඇවිත් දැන් විනාඩි 15 ක් පමණ ඉක්ම ගොස් ඇතත් තවමත් අම්මාගේ සද්දය කුස්සිය දෙසින් ඇසිණ..

හිටිහැටියේ ඇහැරුණු මට දැණුනේ පැයක් පමණ මා හට නින්ද ගොස් ඇති බවයි.. අම්මා ද නින්දට ගොස් ඇති බව වැටහුනේ කුස්සිය දෙසින් කිසිදු සද්යක් නො ආ නිසාවෙනි.. ඇඳෙන් නැගිට ජනේලය ළඟට ගිය මා දුටුවේ සඳේ එළිය ජනේල් වීදුරුව හරාහා ඇවිත් මේසය ආලෝකමත් කර ඇති බවයි..
_____________________________________________________________________________________

දැන් වේලාව උදෑසන 8.15 වී ඇති බව ටවුම මැද වූ ඔරලෝසු කණුවේ ස​ටහන්වී තිබෙනු දුටු ම සිත ඇදී ගියේ කාමරයේ මේසය මත වූ කුඩා කොල කැබැල්ල වෙතටය..

"අම්මේ, මං ගැන හොයන්න එපා නංගිට හොඳට උගන්වන්න.."

පෙරදින රාත්‍රියේ මා එහි ලියූ බව සිහි විය..



ප.ලි - බ්ලොග් සතිය වෙනුවෙන්ලියන ලදී... (මා අත්දැකීම් ලත් ලේකකයෙකු නොවේ.. මේ මගේ මුල්ම කථාවයි..)

Friday, January 14, 2011

ඔන්න ඔහොමයි වුනේ...



බැංකු කිවුවම කවුරුත් දන්නවා ඈතිනේ ඒක සේවා සපයන ආයතනයක් කියලා.. අපේ රටේ වගේම ලෝකයෙත් කියෙනවා පෞද්ගකලි වගේම රාජ්‍ය අංශයේ බැංකු.. අපේ රටේ ඉතිං රාජ්‍ය බාංකු වලට වඩා තියෙන්නේ පෞද්ගලික බැංකුනේ.. හැබැයි ඉතිං පෞද්ගලික බැංකු වලට ඒ හැටි තරඟයක් දෙන්න බැරි වුනත් රාජ්‍ය අංශයේ බැංකු කෙරෙහි තියෙන මහජන ප්‍රසාදය වැ​ඩි වෙන්නේ ඒ බැංකු වලට රා​ජ්‍ය අනුග්‍රහය එහෙම තියෙන නිසා.. මොකද ඉතිං බැරි වෙලා හරි බැංකුව බංකොලොතු වුනොත් මහා භාන්ඩාගාරයෙන් වැඩේ ගොඩ දාලා දෙනව නේ..

අද මට සිද්ද වුන දෙයක් නිසා තමයි මො බැංකු ගැන ලියන්න හිතුනේ..

ඔන්න ඉතිං වෙනද වගේම මම අදත් ගියා බැංකුවට.. මේක ඉතිං ර​ජයේ බැංකුවක්.. බැංතුව ළඟටම යනකොට මට නිකන් අමුත්තක්වගේ දැනුනා.. බැංකුවේ එළියෙන් තියෙන රෝලින්ග් ෂටර් එක (මෙකට සිංහලෙන් කියන හැටි දන්නේ නෑ මම) 3/4 විතර වහලා.. කට්ටිය එළියෙන් ඉන්නවා පෝළිමට.. කෙලින්ම පාර්ක් එකට ගිහින් මගේ පාගල් එක පාර්ක් කරලා මගේ සැල් පෝං එක සාක්කුවෙන් එළිය​ට ඇදලා අරන් බැලුවා වෙලාව.. වෙලාව නම් 10.10 යි වෙලාතියන්නේ මොකක්ද කියලා කම්පනා කර කර මමත් කිට්ටු වුනා පෝළිම පැත්තට.. කිටටුකරලා පෝළිමේ හිටිකොනෙක් කයියට අල්ලගත්තා මොකක්ද අවුල කියලා දැනගන්න..


මම - අයියා මොකද මේ දොර කාලක් ඇරගෙන
බුවා - හරියටම නම් දන්නෑ මල්ලී
මම - ඔයා ඇහුවේ වත් නැද්ද කාගෙන් හරි
බුවා - ඇහුවා එක්කෙනෙක්ගෙන්, එයා නම් කිවුවේ අද බැංකු වැඩ 10.00 වෙනකන් විතරයි කියලා
මම - එහෙම ද, ඒත් දැන් 10.00 පහු වෙලා නේ

මම එහෙම කියනකොටම ඔන්න බැංකුවේ ඉඳලා එළියට බැස්සා නිළධාරී මහත්තයෙක්..


නිලධාරියා - හෙට තෛපොංගල් නිසා අද බැංකු වැඩ කරන්නේ 10.00 වෙනතුරු විතරයි
පොරක් -  දැන් 10.00 පහු වෙලා නේ සෑර්
නිලධාරියා - ඔවු, ඒක නිසා අත්‍යවශ්‍ය ගණුදෙනු තියෙන අය විතරක් ඉන්න
පොරක් - ඉතිං සෑර් අපි දන්නේ නෑ නේ ඒක
නිලධාරියා - දැන්වීම්ක් දාලා තිබුනේ බෝර්ඩ් එකේ
මම - ඒ වුනාට අපි හැමදාම බැංකුවට එන්නේ නැති නිසා දන්නේ නෑ​ නේ
නිලධාරියා - ඒකට කරන්න දෙයක් නෑ
කියලා කියාගෙන අර දොරෙන් රිංගලා පොර ඇතුලට ගියා..

අත්‍යාවශ්‍ය ගණුදෙනු කියලා මෙයා අදහස් කලේ මොන වගේ ඒවද කියන්න නම් මම දන්නේ නෑ.. ඒත් ඉතිං අවශ්‍ය වෙලාවට නැතුව අනවශ්‍ය වෙලාවට බැංකුවට යන්නේ නෑ නේ.. ඒක නිසා මම නම් හිතන්නේ බැංකුවේ හිටි හැම දෙනාටම තම තමන්නේ ගණුදෙනුව අත්‍යාවශ්‍යයි..

ඕන දෙයක් වෙච්චාවේ කියලා මම ගෙදර ආවා...

සමහර විට ඔයාලත් අද මුහුණ දෙන්නැති මේ වගේ ​දේකට..

ඔන්න ඔහොමයි අපේ රටේ සේවා සපයන ආයතන තමන්ගේ සේවාදායකයින්ට සේවය සපයන්නේ..