Showing posts with label TV Series. Show all posts
Showing posts with label TV Series. Show all posts

Thursday, June 27, 2013

Homeland, The Afghan and Terrorism

ඉරාකයේ සිදු කල මෙහෙයුමකින් අවරුදු අටක් පමණ අතුරුදහන් වෙලා සිටි ඇමරිකානු මැරීන් හමුදා සෙබලෙක්ව මුදා ගැනීමට සමත් වනවා. නමුත්  CIA නිළධාරිණියකට ලැබෙන ඔත්තුවකින් දැනගන්න ලැබෙනවා එක්තරා සිරකරුවෙකුගේ මොළ සේදීමකින් (Brain Wash) අනතුරුව ත්‍රස්ථවාදීන් සඳහා උදව් දීමට ත්‍රස්තවාදී ඒ ජන්තවරයෙක් විදියට ඇමිරිකාවට නැවත පැමිණෙන බව. එනිසා මෙම ඒජන්ත වරියගේ සම්පූර්ණ සැකය යොමු වන්නේ නිකලස් බ්‍රෝඩි ට හෙවත් ළඟදි මුදාගත් මැරීන් සෙබලා වෙත.  මේ නිසා ඇය   හෙවත් කැරී මැතිසන් විසින් තම රහස් කණ්ඩායමක් යොදවා බ්‍රෝඩි ගැන ඇහැ ගහගෙන සිටින්නේ තම සැකය තහවුරු කර ගැනීම සඳහා තොරතුරු ලබාගැනීම සඳහා ය.


මුලු රටම, විරුවෙක් විදියට සිතා සිටින මෙම හිටපු මැරීන් සෙබළාගේ හැසිරීම කෙරෙහි රහසින් CIA නියෝජිත වරිය සැකයෙන් යුතුව බලා සිටියත් ඇයට තම ඉහළ නිළධාරියාගේ මැදිහත්වීම මත නිත්‍යානුකූල අවසරය කෙටි කාලයක් සඳහා ලබා ගැනීමට සමත් වන අතර වැඩි කල් නොගොස්ම ඇය තම සැකකරු කෙරෙහි පෙම් කිරීමට පෙළඹේ.

ඇමරිකාවට ත්‍රස්ථවාදී බලපෑමක් ඇති බව හෙළිවන අතර එය කුමන ආකාරයේ එකක් දැයි නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට නොහැකි වේ. කෙසේ නමුත් මුල් ප්‍රහාරය ඉතාමත් අදක්ෂ අන්දමින් ව්‍යර්ථ වන අතර එහිදී තවත් චරිතයක් කරළියට පැමිණේ.

පළමු කථා මාලාව එතැනින් අවසන් වන අතර දෙවැන්න ආරම්භ වන්නේ ත්‍රස්ථවාදී අරමුණ සොයා යෑම තුලින්. මේ වන විට ත්‍රස්ථවාදී ඔත්තු කරුවා, බ්‍රෝඩි බවට තහවුරු වන අතර ඔහු තම සහාය CIA එක වෙත ලබා දීමට එකඟ වීමත් සමඟ ද්විත්ත්ව ඒජන්ත වරයෙක් බවට  පත් වේ. ඒ නමුත් ත්‍රස්ථවාදී ඉලක්කය කුමක්දැයි යන්න ඔහු පවා නොදන්නා අතර එය සොයා ගැනීමට උදවු වේ.

කෙසේ නමුත් අවසානයේදී මොවුන්ට මෙම ඉලක්කය හඳුනා ගැනීමට හැකි වේද නැද්ද යන්න දැන ගැනීම සඳහා මෙම කතා මාලාව නැරඹීමට සිදු වේ.

මොහොතින් මොහොත කුතුහලයෙන් පිරි මෙම කතා මාලාව මම ප්‍රිය කරනා ඝණයේ එකකි. කොටස් දොලසකින් යුක්ත මාලා තුනක් සහිත මෙය මේ වන විට මාලා දෙකක් නිකුත් වී ඇති අතර මෙය ලියා ඇත්තේ  කණ්ඩායමක් වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.

අවශ්‍ය කෙනෙකුට මෙම Homeland කතා මාලාව සිංහල උපසිරුස සමඟව බාගත කරගන්න පුළුවන් උවමනා නම් බයිස්කෝප් අඩවියට ගියොත්.


කාලෙකට ඉහත දී ඕනයියා දුන්, යුධ බල්ලෝ නම් Frederick Forsyth ගේ The Dogs of War නම් සිංහල පරිවර්ථනය කියැවීමෙන් අනතුරුව මා මෙවැනි කතා වලට ප්‍රිය කිරීමට පෙළඹුනු අතර එනිසාම ඔහුගේ වෙනත් කෘති කිහිපයක්ම ගෙන කියවීමී.

ඒවා නම් 





මේ පොත් අතරින් 2006දී ලියා ඇති සහ 2013දී පරිවර්ථනය කර ඇති  “සිරකරුවා සහ ඔත්තුකරුවා“ හෙවත් The Afghan යන පොතේ ඇති කතාව Homeland කතා මාලාවට යම් සමානකමක් දක්වන අතර එහි ඇත්තේ කතා මාලාවේ අනෙක් පැත්තය. 

අල්කයිඩා සංවිධානය විසින් එල්ල කිරීමට සූදානම් වන ප්‍රහාරයක් පිළබඳව CIA වෙත සැල වීමත් සමගම එය කුමක්දැයි සොයාගැනීම සඳහා ඇමරිකානු හමුදාවෙන් විශ්‍රාම ගිය නිළධාරියෙකු, ඇමරිකානු අත්තඩංගුවේ සිටින ඇ‍ෆ්ගන් ජාතික ත්‍රස්ථවාදියෙකු වෙනුවට නිදහස් වී ගොස් ඔත්තු බැලීම පිළබඳව අතිශය කුතුහලාත්මක කතාවක් මෙම පොත තුල අන්තර්ගත වේ.

කෙසේ නමුත් මේ දෙක සංසංදනය කිරීම කල නොහැකි අතර දෙකම මාගේ සිත අතිශය ලෙස ඇදගැනීමට සමත් විය. 

Friday, May 17, 2013

ආර්යාට පෙම් බඳිමින් යකඩ සිහසුනේ අරගලය බැලීම..

යකඩ සිංහාසනේ රජවෙලා හිටපු රොබට් රජතුමා මළායින් පස්සේ රජ වුන එතුමාගේ පුතා වන ජෙෆ්රිට යකඩ සිංහාසනයේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුව නිසා රජධානි හතේ පාලකවරු මේ පොඩි රජාට විරුද්ධව යුද්දේ ප්‍රකාශ කර යුද්ධ වදින අතර ඒ ඒ පාලකවරුන්ම අනෙක් ‍පාලක වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ ඔවුන්ට වඩා තමන්ට මේ යකඩ පුටුවේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරමින් නිසා, මේ යුද්දේ අච්චාරුවක් බවට පත් වී ඇත.


කෙසේ වුවත් එක කොටසක් ඉවර වන්නේ තවත් නව මානයකට ආරම්භයක් දී බැවින් කුතුහලය උපරිමෙන්ම ඇති රූපවාහිනී කථාමාලාවකි. රූපවාහිනී කථා මාලාවක් වුවත් මෙය ද අන්තර්ජාලය හරහා විකාශනය කථා මාලාවක් නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත හැකි අතරම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසත් අවශ්‍ය නම් බලා ගත හැකිය. මේ වෙනවිට තුන්වන කථා මාලාව විකාශනය වන අතර කථා මාලා හතරක් ඇති බව IMDb වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙහි ඇති නම් ගම් අපිට නුහුරු වුවත් කථාවේ කොටස් අනුව ඒ ඒ නම් ඒ ඒ අවස්ථාවේදී මතකයට එන බැවින් නම් මතකයේ තබා ගැනීමට වෙහෙසක් ගත යුතු නොවේ. මෙහි ඇති චරිත අතුරින්  නෙඩ්, රොබ්, ආර්යා, ඩනේරිස්  නැතහොත් කලේසි, ජෝන් ස්නෝ, ටයිරියොන් ලැනිස්ටර් නැතහොත් කොටා යන චරිතයන්ට මා රුචි අතර ඒ අතරිනුත් ආර්යා ස්ටාර්ක් කෙරෙහි මසිත වැඩි රුචිකත්ත්වයක් දක්වයි. සුරූපී හුරුබුහුටි කෙළි පොඩිත්තක් වුවත් හොඳට හිතලා මතලා වැඩ කරන අතර පිස්සු පොඩි රජා තම පියා ඝාතනය කලායින් පසුව පලා ගොස් සැඟවී සිටිනා විට නොදැනුවත්ත්ව ටයිවින් වෙත ගොස් ඇති අතර ඔහුට ද රහසේ ඔහු යටතේ ජීවත් වෙනු ලැබේ
. 

තවමත් දෙවැනි කථා මාලාවේ හත්වෙනි කොටස දක්වා පමණක් නරඹා ඇති බැවින් ඒ දක්වා තොරතුරු පමණක් දන්නා අතර, අතීත රාජ සභ වල සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණක්. එකල රාජසභාවල හිටි කේලාම් කියන්නන්, ඔත‍්තු කරුවන්, ශේප් එකේ දෙපැත්තම ගොඩදාගන්නන් ආදී නොයෙක් චරිත මඟින් අතීතයේ රාජ සභා පිළිබඳ අර්ථකථනයක් දී ඇති බව මෙම කථා මාලාව නරඹන ‍ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.

අප කුඩා කල රූපවාහිනිය තුලින් දුටු දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, ගමන, වැනි ඉතා අනර්ඝ කථා වෙනුවට වර්ථමානය වන විට ඉන්දියානු සම්ප්‍රදාය මුසු වූ නීරස සහ ඒකාකාරී දීර්ඝ කථා මාලා නිසා අපගේ රසවින්දනය හීනවී යන යුගයක මෙවැනි වින්දනාත්මක කතා මාලවක් දුටු කල්හී ඒවා නොබලා සිටීමට නොහැකි වන තරමටම ඒ කරෙයි සිත ඇදී යෑම අරුමයක් නොවන්නේ නිරන්තරයෙන්ම අපගේ මනස විවිධාකාර රසවින්දනයක් සොයා යන නිසා ය.


---
ප.ලි.
උඩ පොටෝ එකේ ආර්යාට වඩා මේ පොටෝ එකේ ආර්යා ලස්සන ඇති.. :D


















ප.ප.ලි - මෙම කතා මාලාව 18+ බව කරුණාවෙන් සලකන්න...