Friday, May 17, 2013

ආර්යාට පෙම් බඳිමින් යකඩ සිහසුනේ අරගලය බැලීම..

කඩ සිංහාසනේ රජවෙලා හිටපු රොබට් රජතුමා මළායින් පස්සේ රජ වුන එතුමාගේ පුතා වන ජෙෆ්රිට යකඩ සිංහාසනයේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුව නිසා රජධානි හතේ පාලකවරු මේ පොඩි රජාට විරුද්ධව යුද්දේ ප්‍රකාශ කර යුද්ධ වදින අතර ඒ ඒ පාලකවරුන්ම අනෙක් ‍පාලක වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ ඔවුන්ට වඩා තමන්ට මේ යකඩ පුටුවේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරමින් නිසා, මේ යුද්දේ අච්චාරුවක් බවට පත් වී ඇත.


කෙසේ වුවත් එක කොටසක් ඉවර වන්නේ තවත් නව මානයකට ආරම්භයක් දී බැවින් කුතුහලය උපරිමෙන්ම ඇති රූපවාහිනී කථාමාලාවකි. රූපවාහිනී කථා මාලාවක් වුවත් මෙය ද අන්තර්ජාලය හරහා විකාශනය කථා මාලාවක් නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත හැකි අතරම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසත් අවශ්‍ය නම් බලා ගත හැකිය. මේ වෙනවිට තුන්වන කථා මාලාව විකාශනය වන අතර කථා මාලා හතරක් ඇති බව IMDb වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙහි ඇති නම් ගම් අපිට නුහුරු වුවත් කථාවේ කොටස් අනුව ඒ ඒ නම් ඒ ඒ අවස්ථාවේදී මතකයට එන බැවින් නම් මතකයේ තබා ගැනීමට වෙහෙසක් ගත යුතු නොවේ. මෙහි ඇති චරිත අතුරින්  නෙඩ්, රොබ්, ආර්යා, ඩනේරිස්  නැතහොත් කලේසි, ජෝන් ස්නෝ, ටයිරියොන් ලැනිස්ටර් නැතහොත් කොටා යන චරිතයන්ට මා රුචි අතර ඒ අතරිනුත් ආර්යා ස්ටාර්ක් කෙරෙහි මසිත වැඩි රුචිකත්ත්වයක් දක්වයි. සුරූපී හුරුබුහුටි කෙළි පොඩිත්තක් වුවත් හොඳට හිතලා මතලා වැඩ කරන අතර පිස්සු පොඩි රජා තම පියා ඝාතනය කලායින් පසුව පලා ගොස් සැඟවී සිටිනා විට නොදැනුවත්ත්ව ටයිවින් වෙත ගොස් ඇති අතර ඔහුට ද රහසේ ඔහු යටතේ ජීවත් වෙනු ලැබේ

තවමත් දෙවැනි කථා මාලාවේ හත්වෙනි කොටස දක්වා පමණක් නරඹා ඇති බැවින් ඒ දක්වා තොරතුරු පමණක් දන්නා අතර, අතීත රාජ සභ වල සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණක්. එකල රාජසභාවල හිටි කේලාම් කියන්නන්, ඔත‍්තු කරුවන්, ශේප් එකේ දෙපැත්තම ගොඩදාගන්නන් ආදී නොයෙක් චරිත මඟින් අතීතයේ රාජ සභා පිළිබඳ අර්ථකථනයක් දී ඇති බව මෙම කථා මාලාව නරඹන ‍ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.

අප කුඩා කල රූපවාහිනිය තුලින් දුටු දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, ගමන, වැනි ඉතා අනර්ඝ කථා වෙනුවට වර්ථමානය වන විට ඉන්දියානු සම්ප්‍රදාය මුසු වූ නීරස සහ ඒකාකාරී දීර්ඝ කථා මාලා නිසා අපගේ රසවින්දනය හීනවී යන යුගයක මෙවැනි වින්දනාත්මක කතා මාලවක් දුටු කල්හී ඒවා නොබලා සිටීමට නොහැකි වන තරමටම ඒ කරෙයි සිත ඇදී යෑම අරුමයක් නොවන්නේ නිරන්තරයෙන්ම අපගේ මනස විවිධාකාර රසවින්දනයක් සොයා යන නිසා ය.


---
ප.ලි.
උඩ පොටෝ එකේ ආර්යාට වඩා මේ පොටෝ එකේ ආර්යා ලස්සන ඇති.. :D


















ප.ප.ලි - මෙම කතා මාලාව 18+ බව කරුණාවෙන් සලකන්න...

20 comments:

  1. හම්මෝ ... මං මේ වැම්පයර් පිස්සුව ( Supernatural/ Vampire Diaries ) යන්තම් හොඳ කරගත්තා විතරයි... තව එකක් නම් එපා..... හි හි

    ReplyDelete
    Replies
    1. උයා මේක බලන්න ගත්තොත් නවත්තන්නෑ සුවැර්.... :D

      Delete
  2. මේක පට්ට මචන් ,තව ඉස්සරහට බලන් පලයන් .

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... ඉවර වෙනකං බලලා තමා පස්ස බලන්නේ... :D

      Delete
  3. මමනං මේක බලල නෑ. ඔය බාන එකෙක්ගෙන් පස්සෙ ඉල්ලං බලනවා!

    ReplyDelete
    Replies
    1. ඉල්ලං බලපං මචං මට නම් අල්ලලා ගියා නියමෙට.. උඹටත් අල්ලලා යයි...

      Delete
  4. හයියෝ!!!!!!!!!!!!!! මමත් ආවා.. තකහනියෙ

    ReplyDelete
  5. Ammo.. Me dawas wala tv na. Blog witharayi balanne. TV nam aaya balannema na kiyala hithan inne behethakatawath. Ow affa dan yana telenaatya mona kunuharupada kiyala hithenawa dakiddi..

    ReplyDelete
    Replies
    1. ටීවී බලන්න ඕන නෑ.. ‍ටොරන්ට් එකෙන් බාගෙන බලන්න... :D

      Delete
  6. බලන්න අදහසක් ඇතිවුණා... බලමු හෙට සෙනසුරාදනේ..

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න අයියා...

      Delete
  7. මම ටොරන්ට් හෙව්වා තාම හම්බුනේ නෑ.....හතරක් විතරයි බැලුවේ.....(අඩෝ බාල අපරාධ කරන්න එපා)

    ReplyDelete
    Replies
    1. http://www.mediatvzone.net/search/label/Game%20Of%20Thrones meken direct download karaganna.

      Delete
    2. ඇයි බං මම ඔය දාලා තියෙන්නේ බයිස්කෝප් සයිට් එකේ ලිංක් එකත් එක්කම.. ඒකෙන් ගන්න.. නැත්තං මේ ඇනෝ දුන්න ලිංක් එකෙන් ඩිරෙක්ට් ගනිං..

      Delete
  8. අද වෙනකම් සෑම කොටසක්ම නැරඹුවෙමි!:) ස්පාටකස් මං ආසවෙන් නරඹන තවත් එක සීරීස් එකක්! ඒකත් පට්ට!

    ReplyDelete
    Replies
    1. ස්පාර්ටකටසුත් එළ.. ඒත් බලන්න අමාරුයි.. හිටපු ගමං අම්මා එනවා නේ කාමරේට.... :D

      Delete
  9. මට නම් එක සීරියස් එකක්වත් සම්පූර්ණයෙන් බලන්න හම්බ වෙලා නැහැ!

    ReplyDelete
    Replies
    1. ඒ තරමට කාර්‍යබහුලයි ද උඹ.... :D

      Delete
  10. බිඟු අයියා යකඩ සිංහාසනයක කතාවක් කියලා තිබුණු නිසා මමත් බැලුවා මොකක්ද මේ කතාව කියලා. දැන් හරි. වෙලාවක් හම්බුණු ගමන් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ...

    ReplyDelete