ශ්‍රී චැට් එක හරහා අන්තර්ජාලයට සම්භන්ධ වෙලා පස්සේ Zoro කියලා නමකුත් දාගෙන පස්සේ බ්ලොග් එකකුත් අටවගෙන ඊට පස්සේ එතනින් එහාට ඇති වුන යාලුකමේ ප්‍රථිපලයක් විදියට ගූගල් බස් පදින්නත් පටං අරගත්ත නේ..
Showing posts with label සෝරෝ [Zoro]... Show all posts
Showing posts with label සෝරෝ [Zoro]... Show all posts
Sunday, February 12, 2012
Thursday, February 2, 2012
සෝරෝ [03 කොටස - බස් පදින්න පටංගත් හැටි..]
අන්තර්ජාලෙට සම්භන්ධ වෙලා මුලදී වෙන නමකින් ඇවිත් පස්සේ Zoro වෙලා චැට් වල ෆෝරම් වල ඉඳලා අන්තිමට බ්ලොග් උණකුත් හැදුන නේ Cleo අක්ක නිසා.. ඔහොම බ්ලොග් උණ හැදුනට පස්සේ Cleo අක්කගෙන් අහගෙන බ්ලොග් එක හදාගත්තා.. ඕකට නමක් දාන්න ගිහිං තමා ඊළඟ කට්ට කෑවේ.. කල්පනා කරලා කල්පනා කරලා දාගත්තා නමක්..
Tuesday, January 31, 2012
සෝරෝ [02 කොටස - බ්ලාග්කරණයට ආ හැටි..]
චැට් කරපු මුල් කාලේ මගේ නම විදියට මම දාගත්තේ Zoro නෙවෙයි කියලා මම මුලින් කිවුව නේ.. ඔය ශ්‍රී චැට් එකට ආව මුල්ම කාලේ මගේ ID එක විදියට මම දාගත්තේ Milush කියලා.. ඒ කියන්නේ මගේ නමේ මුල් කෑල්ල.. ඔහොම ටික කාලයක් යද්දී මට හිතුනා මගේ ID එක විදියට මගේ ඇත්ත නම දාගන්නේ නැතුව වෙන මොකක් හරි නමක් දාගන්න ඕන කියලා.. ඇයි ඉතිං එන සමහරුන්ට තිබුනේ අමුතුම අමුතු නම් නිසා.. එහෙම හිතුන නිසා මම ගෙදර ගිහිං රෑ දවල් නොතකා කල්පනා කලා මට දාගන්න නමක්..
සෝරෝ [01 කොටස - ජාලගතවූ හැටි]
2006 මැයි මාසේ එක දවසක මමයි මගේ අතීසාර මිත්‍රයයි වලක් බහින්න හිතාගෙන ටවුන් එක පැත්තට ගියා.. ටවුන් එක හරියට කිටට්ටු වෙද්දී එක පැත්තකින් සිංදුවල සද්දයක් ආව නිසා අපි දෙන්නත් ගියා බලන්න ඒ පැත්තට.. අපි හිතුවේ අර රේඩියෝ චැනල් වලින් කරන රෝඩ් ෂෝ එකක් වෙන්නැති කියලා.. ළඟට තියාම තමා දැක්කේ රැකියා පියස කියන ආයතනයෙන් කරන රැකියා පොළක් කියලා.. අපි දෙන්නත් ඉතිං කොක්ටත් කියලා ඒ පැත්තට ගිහිං පුරවලා දුන්නා ඇප්ලිකේෂන් දෙකක්..
Subscribe to:
Posts (Atom)