Friday, December 31, 2010

2010 න් 2011​ට

හ්ම්ම්ම්ම්............
ඔන්න ​අලුත් අවුරුද්ද හෙටින් පටන් ගන්නවා නේ... කස්ටිය අලුත් අවුරුද්දට ලෑස්ති වෙනව කියල එහෙන් මෙහෙන් ඔන්න ආරංචි එනවා...

මම නම් ඉතිං කියන්න තරම් විශේෂ ලෑස්තියක් වුනේ නෑ... වෙනදා වගේම හෙට දවසත් එළි වෙන්නේ නැතැයි... :D

හැබැයි ඔන්න මම මගේ ​බ්ලොග් දෙකට නම් අලුතින් ඈඳුම් අන්දලා පොඩ්ඩක් අලුත් කරලා ගත්තා... අලුත් කළා කිවුවට මොකද දෙකටම ගාපු පාට කළු... :D මම කැමතිම පා​ටක් තමා කළු.. ඒක නිසා ඔන්න මම කළු කරා බ්ලොග් දෙකම... මේ තියෙන්නේ එකක්, අනික මෙන්න ...

මගේ කැමති පාටක් වුනා​ට කළු, අපේ තාත්තට නම් පෙන්නන්න බැරි පාටක් තමා කළු කියන්නේ... කළු වලට කොච්චර අකමැතිද කියනව නම් අඩුම තරමේ කළු පාට කලිසමක් වත් නෑ එයාට... ඉස්සර දවසක් මම කළු ටී'ෂර්ට් එකක් අරගෙන ඈහුවෙ නැතෑ බැණුම් අම්බානකට... :D


කොහොම හරි 2010 අවුරුද්දේ වෙච්ච විශේෂ සිද්ධියක් තමා මගේ ඩිප්ලෝමා එක අවසන් වුන එක... අවුරුදු හතරක් කියන්නේසෙල්ලම් කාලයක් ද...:D ඒත් ඉතිං අවසාන විභාගේ ප්‍රතිඵල නම් තාම නෑ ආවේ... ඊළඟට තියෙන්නේ ඉතිං ජොබ් කට්ටක් හොයාගන්න එක තමා... 2011 අවුරුද්දෙදී ඒකට ෆුල් ගේමක් දෙන්න ඕනි... මුළින්ම පොඩියට පටං ගන්න තමා අදහස... එකපාරට ලොකු අතු අල්ලන්න බෑ නේ...


මම මුල්ම සැරේට සි​රීපදේ ගියෙත් ​2010 නේ... ඒකත් ඉතිං අවාරේ...මේ තියෙන්නේ විස්තරේ...

ආහ් තව පොඩ්ඩෙන් තවත් විශේෂ එකක් අමතක වෙනවා...  මේකත් 2010 අවුරුද්දේ වෙච්ච විශේෂ සිද්ධියක්... :D ඒක තමා මම බස් [Buzz] වලට ඈබ්බැහි වීම... ඒ ගැන ඉතිං පොඩි කවියකුත්මේන්න මෙතැන දැමමනේ ඒ කා​ලේ... :D

තව විශේෂ සිද්ධි නම් ගොඩයි... කොහොමින් කොහොම හරි ඔන්න ඔහොම තමා 2010 ගෙවුනේ...


හරි එහෙමනම් අපි අළුත් අවුරුද්දෙදී හමුවෙමූ.....

 සුභ අළුත් අවුරුද්ක් වේවා හැමෝ​ටම..........!! 


Saturday, December 25, 2010

මහා ව්‍යවසනය හා මම..

සෑහෙන්න කාලෙකින් මේ පැත්තට ආවා ඔන්න..
අද (දෙසැම්බර් 25) විශේෂ දවසක් නේද..? ඒ කියන්නේ අද නත්තල් සමරන දවස.. හැබැයි මට නම් නත්තල් නෑ..

ඒ වුනත් නත්තල් සමරන මගේ හිතමිතුරු බ්ලොග් සහෘදයින්ටත් ලෝක වාසී කිතුණු බැතිමතුන්ට සුභම සූභ නත්තලක් වේවා කියලා මුලින්ම ප්‍රාරථනා කරනවා..


අද (දෙසැම්බර් 25) වගේම හෙටත් (දෙසැම්බර් 26) අපේ රට ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කිහිපයකට ඉතාමත් සුවිශේෂි දවසක්.. සුවිශේෂී දවසක් වුන​නාට ඉතිං ශෝකජනක දිනයක්..


කස්ටියට මතක ඇතිනේ මීට අවුරුදු 06 කට කලින් වුන සිද්ධිය.. අම්මෝ මට නම් අමතක වෙන්නේ නෑ ඒ සිද්ධිය..


මේ කරදරේ වුනේ 2004 නේ.. ඒ වෙනකොට මම 2005 අවුරුද්දේ උසස් පෙළ විභාගේ කරන්න පන දාගෙන පාඩම් කරන කාලේ.. මම ඉන්නේ තංගල්ලේ කියලා ගොඩ දෙනෙක් දන්නවා ඇති නේ.. නොදන්න අයත් ඉතිං දැනගන්න එහෙනම් මම තංගල්ලේ කියලා.. :D


එදා උදේත් මම පාඩම් කර කර හිටියේ.. වෙලාව මතක හැටියට 9.25 විතර ඇති.. එකපාර​ටම පාර පැත්තෙන් සද්දයක් ආවා වාහන ​පෝළිමට හෝන් කර කර යනවා.. පෙරහැරක් යනවා ඈති කියලා හිතා ගෙන ඒක බලන්න, පොතත් පැත්තකින් තියලා ගියා පාර පැත්තට..


පෝළිමට වාහන ලයිට් දාගෙන හොන් කර කර යනවා පෙරහැරක් නම් පේන තෙක් මානයක වත් නෑ.. ඔහොම බලන් ඉන්නකොට ත්‍රීවීලර් එකක අයියා කෙනෙක් නවත්තලා කිවුවා ඔන්න මල්ලී  මූද ගොඩගලනවා දුවපං කියලා..


මේක ඇහුව ගමන් මාව අඤ්ඤකොරොස් වෙලා ගියා..













කාවන්තිස්ස රජතුමාගේ කාලේ මෙහෙම එකක් වුනා කියලා පොත් වලින් දැනගෙන තිබුනට හීනෙකින්වත් හිතපු දෙයක්ද මේ..

ඔනි දෙයක් වෙච්චාවේ කියලා ටවුන් එක පැත්තට යන්න ඕනි කියලා හිතාගෙන එළියට බහින්න හදනකොටම කෑ ගහන්න ගත්තේ නැතෑ අම්මා "උඹට පිස්සුද, මිනිස්සු ටවුන් එකෙන් අයින් වෙනවා, උඹ ඒක අස්සට යනවා" කියලා හරි හරි අම්මේ පොඩඩක් බලලා එන්නම් කියලා අමාරුනේ අවසරේ අරන්, තව යාළුවෙක් එක්ක ගියා ටවුන් එක පැත්ත​ට..

හුටා.... ඒ ගියාම නේ දැක්කේ වෙලා තියෙන දේ.. ටවුන් එක පිරිලා වතුර වලින්.. 


 




ඒත් අපි දෙන්නට එච්චරම ගානක් නෑ වෙලා තියෙන දේ ගැන.. ඒ වෙනකොට වතුරපාර බැහැලා ගිහින් මම අඩි 16 ක් විතර උස​ට ආවා කියලා කියන්න වගේ ඔරලෝසු කණුවේ වතුරපාරේ උස සටහන් වෙලා තිබුනා..
කඩ ඈතුලේ තිබුනු බඩු සී සී කඩ විසි වෙලා.. ඒ මදිවට එදා පොල දවසක් පොලට ආපු අත් ට්‍රැක්ටර්, ත්‍රීවීලර්, කැන්ටර් හැමතැනම විසිරිලා.. ඒ වාහන අස්සේ හිටි මිනිස්සු කීපදෙනෙක් එළියට ගන්නත් පොඩි සපෝට් එකක් දුන්නා.. අරන් බලද්දී ඒ ඔක්කෝම අහ මැරිලා..

ඔන්න දැන් ගේ හිතට පොඩ්ඩ පොඩ්ඩ බය එන්න අරගෙන.. මගෙත් එක්ක ගිය අනිත් එකාට එපා කියද්දී ඌ ගියා වතුරට බැහැලා..






 

එනපොට හරියන්නේ නැති නිසා මම ගෙදර එන්න ආවා.. ඈවිත් අම්මගෙන් පොඩ්ඩක වෙන් බැනුමුත් අහන්න සිද්ධවුනා ටවුන් එකේ දැක්ක​ දේවල් කිවුවම.. රැළි දෙකක් ම ඇවිත් ගිහින් තිබුනත් අපේ ගෙදරට හානියක් වුනේ නෑ.... හැබැයි අපේ ගේ පිටිපස්සෙන් කළපුවට ළඟ නිසා වතුර පාර පේනතෙක් මානයට වගේ ඇවිත් තිබුනා.. බැරි වෙලාවත් තුන්වෙනි රැළ්ලත් ආවනම් සමහර විට මෙක කියන්න මම නොඉඳින්න තිබුනා.. :D

එයින් මෙයින් එදා රෑ ගෙර ඉන්නත් බයයි.. වැරදිලාවත් තව රැල්ලක් ආවෙත් එහෙම මොන දෙයියන්ට කියන්නද.. අනිත් එක මහ රෑ නේ.. කෝකටත් සූදානම් සරීරේ හොඳයි කියනවනේ.. ඒක නිසා අපි ගියා පුංචිඅම්මලාගේ ගෙදර..

අපේ හරියේ ගොඩ දෙනෙක් හිටියේ නෑ එදා රෑ.. හැබැයි ඒ අතරින් පන්ඩිත පොරවල් නොහිටියෙමත් නෑ.. එයාලගේ වෙලාවේ හොඳකමට රෑ අවේ නෑ රැල්ලක්.. ආවනම් ඉතිං ඈපත් නෑ.. :D ඇයි ඉතිං මුල්රැළි දෙක ඇවිත් පාර සුද්ද කරලා තිබුන නිසා ​ඊළඟඑන එකට වැඩි අපහසුවත් නැතුව ගොඩක් දුර එන්න පුළුවන් නිසා..

පහුවෙනිදා උදේ පාන්දරම මම තාත්තත් එකක ඈවිත් තත්ත්වේ හොඳ නිසා අම්මයි මල්ලිලා දෙන්නයිත් ගෙන්නවාගත්තා..

ඔන්න ඔහොමයි අවුරුදු 06කට පෙර සිද්ධවුන මහා ව්‍යවසනයට මම මුහුණ දුන්නේ....

Monday, November 8, 2010

දුරකථන භාවිතයේ දී...

මට මේල් එකකින් ආපු තොරතුරක් බෙදාගන්න හිතුවා...




Tuesday, November 2, 2010

සිංහල නිසඳැස් කළාවේ පුරෝගමියා..


නමින් ගුණතිලක බණ්ඩාර සේනනායක වූ ඔහු 1913 ජූලි 14 වන දින කොළඹ, මුල්ලේරියාව ප්‍රදේශයේ උපත ලබා ඇත.. පිරිමි දරුවන් සතර දෙනෙක් යුත් පවුලක් බාලයා වූ ඔහු ග්‍රැන්ඩ්පාස් සාන්ත ජෝෂප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉනනතුරුව ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය..

Monday, October 25, 2010

අපේ රටේ අය ජාතික හැඟීම



ඔන්න ඉතිං ගිය ඉරිදත් [24-10-2010] සුපුරුදු විදියට වෙනදා වගේම පංති යන්න කස්ටිය සෙට් වෙනතැනට ගියා වෙනදා වෙලාවටම.. ඒ කියන්නේඋදේ 7.45 විතර.. මළ මගුලයි මුන් එකෙක් වත් ඇවිත් නැහැනේ.. හිටපං කො දැන් මුන් ටික එනක්න්.. කියලා යාලුවො සැට් එකට හිතින් බැන බැන හිටියා කට්ටිය එක දෙන්න සෙට් වෙනක..

ටික වෙලාවක් ඉන්නකොට් දැක්ක ඔරලෝසු කණුවේ වෙලාව උදේ 8.00 වෙනවා.. ඔන්න ඉත්ං එතකොට්ම මම මගේ පාගල්[බයිසිකලේ] එකේ ස්ටැන්ඩ් එක ගහලා බිමට බැහැලා සීරුවෙන් හිටගෙන ලේස්ති වුනා ගෞරව කරන්න..

ඒ කියන්නේ මෙකයි.. හැමදාම උදේ 8.00 වෙනකොට ජාතික් ගීතය වාදනය ක‍රනව අපේ තංගලේ.. මම හිතන විදියට මුළු ලංකාවෙන්ම ජාතික ගීතය හැමදාම උදේට ගායනා කරන්නේ මෙහේ වෙන්න ඇති..

ඔහොම ජතික ගීය වාදනය් වෙන අතරේ මම ඉතිං නික්න් ඉන්නේ නැහැ.. ඇන්ට්නාව වටේට් ක්‍රකවල බලනවා කවුද ගෞරව කරනේ කව්ද ගෞරව කරන්නෙ නැත්තේ කියලා.. ෂා........ බලන්න ආසයි එතකොට නම්... පයින් යන අය එතනම ගල් ගැහිල වගේ ඉන්නවා.. වාහන ගිය ගිය තැන් වල් නැවතිලා.. බලන්න ලස්සන සීන් එක..

හැබැයි ඒ අතරින් තමන්ගෙ රට, ජාතිය ගැන මෙලව හැඟීම්ක් නැති පිරිසකුත් ඉන්නවා දකිනවා.. ජාතික ගීතය නෙවෙයි මොන කෙහෙල් මලක් වුනත් එයලගෙ වැඩ එයලා.. සමහර වෙලාවට නොදැනුවත් කම නිසා එහෙම යනවද මංදා... ඒත් ඉතිං වට පිට දිහ බැලුවම් තේරෙනවනේ මෙතන මොකක් වෙනවා කියලා.. මටනම් හිතෙන්නේ ඒ නොදැනුවත්ක නෙවෙයි නොසැලකිල්ල කියලා..

ඔන්න ඔය අතරේ මගේ ඇන්ටනාවට අහුවුනා විදෙශික සංචාරකයෙක්.. ලස්සනම වැඩේ කියන්නේ මෙතුමාත් [තම රට ජාතිය ගැන හැඟීම්ක් නැතුව ඔහේ යාන්නන් වාලේ යන අයට් වඩා, විදෙස් රටක සිටියත් ඒ රටේ සම්ප්‍රදාය්ට ගෘ කරන හුට් ගෞරව්යෙන් අමන්ත්‍රණය කිරීම වරදක් නොවේ යැයි හැඟේ..] ගෞරව දක්වනව අපේ ජාතික ගීතයට..

ඔන්න අපේ රටේ අය ජාතික හැඟීමෙන් ඉන්න හැටි..

Thursday, October 21, 2010

ක්ලැරන්ස් විජේවර්ධන නම් වූ ඔහු..



නමින් ක්ලැරන්ස් විජේවර්ධන වූ මෙතුමන් උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..

Monday, October 18, 2010

අතීතය දැන් සිහිනයක් බඳුය...

බත් කැවද..?

නැ, තව වෙලා තියෙනවනේ..

මේ අවසන් වචන ටික මට හීනෙන්මෙන් ඇහෙන්නට වූයේ ඒ වන විට මා අතීතයට පාවී ගිය නිසාවෙනි.. එයට හේතුව වුයේ මීට් අවුරුදු එකහමාරකට පමණ පෙර ඇය මා හා දිවා ආහාර ගත් සැටි සිහිවීමෙනි..

මා, ඇය හඳුනාගෙන දැනට වසර තුනහමාරක් පමණ ගතවී අතර පසුව අප ඉතා හොඳ මිතුරන් වූයෙමු.. කාලයාගේ ඇවැමෙන් ඇගෙන්ලද මේ මිතුරුකම මා සිත තුලප්‍රේමයක් ඇති කිරීමට සමත් විය.. එනමුත් ඇයගේ හිතේ මා ගැන එවන් හැඟීමක් ඇති නොවූයෙන් මා මගේ ප්‍රේමය මා හද තුලම සිර කරගෙන එදා සිට ද දක්වාම ජීවත් වන්නේ ඇයගේ නමින් මා හද තුලඇති වූ ප්‍රේමය මරාදැමිය නොහැකි නිසා හා පෙමක් නිසා මරණයට පත් වීමට තරම් මා බොළඳ නොමැති නිසාවෙනී.. එහෙත් ඇයගේ නමින් මා හද තුල ඉපැදුනු පෙම සදා කල් එහි රැඳෙනු ඇතැයි මට සක් සුදක් සේ පැහැ දී වන්නේ ඇයට තරම් මා වෙන යුවතියකට පෙම් නොකල නිසාවෙනි..

අදටත් ඇය මගේ හොඳ මිතුරියක් වුවත් ඇය හා දොඩමළු වන විට මට හැඟී යන්නේ මට අහිමි වූ පෙම්වතිය මැය නේද යන්නයි.. ටිකකලකට පසුව අද දින ඇය හා මා වචන දෙක තුනක් මිමිණූ අතර මා අතීතයට රැගෙන යන්නට ඒ වදන් පෙළ සමත් විය..


කෑවද..?

තවම නැහැ

කන්නේ නැද්ද..?

කන්නත් ඕන, පොඩි වැඩ ටිකකුත් තියෙනවා.. කමක් නහැ එහෙනම් එහෙනම් කමු..

ඔයා එහෙනම් කැම එක රත් කරලා ලේස්ති වෙන්න.. මම ගෙදර ගිහින් රින්ග් එකක් දාන්නම්..

හ එහෙනම් පරිස්සමෙන් යන්න


ඉන් පසුව මා පා පැදියේ නැගී නිවෙස කරා පැමිණ බත් පත බෙදගෙන ඇයට රින්ග් එකක් දීමෙන් අනතුරුව අහාරය ගන්නේ "මම දැන් කැම කනවා" යන පනිවුඩය දෙමිනි.. අන්තුරුව ඇයද ප්‍රථිචර දක්වින් කියා සිටිනේ ඇයද කෑමට පටං ගන්න බවයී..

කැම කා නැවතත් කඩය වෙත පැමිණෙන්නේ ඇය හා දොඩමළුවීමේ අපමණ වූ ආශාවෙනි..

එහෙත් ඒ අතීතය දැන් සිහිනයක් බඳුය...

Thursday, October 14, 2010

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු ඉහලයාම සහ අපි













සෑහෙන්න කාලෙකින් මේ පැත්තට ආවේ සෑහෙන්න කාලෙක ඉඳන් ලියන්න ඕන කියල හිතාගෙන හිටිය දෙයක් කොහොමහරි අද ලියන්න ඕන කියලා හිතාගෙන...
වැඩි කතාබහක් නැතුවමවැඩේට බහින්නම් ඕං...

කවුරුත් මේ දවස් වල දන්නවා ඇතිනේ ලෝකේ තියෙන කොටස් වෙළඳපොළවල් වලින් හොඳම කොටස් වෙළඳ පොළ වෙලා තියෙන්නේ ලංකාවේ කොටස් වෙළඳ පොළ කියලා..

ඒකියන්නේ පහුගිය දවසක කොළඹ කොටස් වෙළඳපොල සියළු කොටස් මිළ දර්ෂකය ඒකක 7000 දක්වා ඉහළ ගියා..


සියළු කොටස් මිළදර්ෂකය යනුවෙන් අදහස්කරන්නේ කොළඹ කොටස් හුවමාරුව තුල ලියාපදිංචි වී ඇති සමාගම් 266 [මතක හැටියට] මිල මට්ටම් වල එකතුවේ සාමාන්‍යයි.. අද දින මේ වස්ථාව වන විට සියළු කොටස් මිළ දර්ෂකය ඒකක 6623.27 වෙලා තියෙනවා..


ඒවගෙම තමයි මිලංකා මිළ දර්ෂකයත් ඒකක 7000 සීමාව පසුකර යාමට සමත් වෙලා තියෙනවා...


මිලංකා මිල දර්ෂකය කියල හඳුන්වන්නේ කොටස් වෙළඳපොළ තුල ලියාපදිංචි ප්‍රභල සමාගම් 25 ක් මිලමට්ටම් වල එකතුවේ සාමාන්‍ය මත පිළියෙල කරන මිලමට්ටමයී.. අද දින මේ මොහොත වන විට මිලංකා මිළ දර්ෂකය ඒකක 7135.53 පමණ වෙලා තියෙනවා..


ඔන්න ඉතිං මම අද හැදුවේ ඔයාලට මේ කොටස් වෙළඳපොල පිළිබඳ හැඳින්වීමක් කරන්න නෙවෙයි.. ආට හරීඅ පිළි බඳව දැනුවත්වීමක් වෙන්නාවශ්‍යයි නම් Guide to CSE අඩවියට ගිහිං දැනුවත් වෙන්න පුළුවන්.. ඒ වගේම Colombo Stock Exchange කියන කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියෙනුත් අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්..

කවුරුවත් ඉතිත් තරහා ගන්න එපා තම මම කාරනේ කිවුවේ නැති එකට.. මෙන්න මේකයි සීන් එක මම ඔයාලව දැනුවත් කරන්න හැදුවේ මේ විදියට කොටස් වෙළඳපොළ කටයුතු ඉහළ ගිය එක සාමාන්‍ය කොටස් හිමියන්ට බලපානවද නැද්ද ඒ බලපාන්නේ කොහොමද කියන එක.. [සමාගම් දෙක තුනක පොඩි කොටස් අයිතියක් තියෙන නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා]



මුලින්ම කියන්න ඕන මෙහෙම කොටස් වෙළඳපොල තත්ත්වය ඉහලයන්න බලපාන ප්‍රධාන හේතුවක් ගැන..

අම බොහොම සරළ විදියට කියන්නම් තේරුම් ගන්න උත්සාහා කරන්න.. අමාරුවුනොත් කොමෙන්ටුවකින් අහන්න.. [තේරුනා නම් කොමෙන්ටුවක් නොදා යන්නත් එපා..]

කොටස්වෙළඳපොලේආයෝජනය කරනවා කියන්නේ ලොකු ලාභයක් ලබන්න පුළුවන් ක්‍රමයක් නේ.. හැබැයි ඒ වගෙම තමා අවදානමත්.. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Higher the Risk, Higher the Return කියලා.. ඉතිං ඔය Higher the Return කියන තත්ත්වය නිසා ධනවත් පුද්ගලයින් කොටස් වෙළඳපොල තුලතම මුදල් ආයෝජනයට පෙළඹිලා තියෙනවා.. හැබැයි දැන් දැන් සාමාන්‍ය ජනතාවත් කොටස් වෙළඳපොළට ඇදී එන ප්‍රවනතාවය වැඩි වෙලා තියෙනවා..

හැබැයි මේ ධනවත් පුද්ගලයින්ගේ මහා පරිමාණ ආයෝජන නිසා සාමාන්‍ය ජනතාවගේ ආයෝජන වලට බලපැමක් කරන්න වුන්ට පුළුවන් වෙලා තියෙනවා.. ඔන්න ඔය හේතුව නිසා පහුගිය දවස් වල සුරැකුම්පත් හා විනිමය කොමිෂණ් සභාව විසින් නව නීතියක් පැනෙවුවේ.. හැබැයි ආයෙත් ඒක ඉවත් කලා.. පසුව අවශ්‍යතාවක් ඇතිවුනොත් ආයෙමත් පැනවීමේ බලාපොරොත්තුවෙන්..

ඔය මහාපරිමාණ ආයෝජකයින් වෙළඳපොල තත්ත්වය පාලනය කරන්නේමෙහෙමයී..

යම් ආයෝයෙකුට තේරුම් ගියහොත්, ඔහු සතුව විශාල කොටස් සංඛ්‍යාවක් ඇති සමාගමක කොටස් මිල ඉදිරියේදී ඉහල යාමක් සිදුවේ යැයි කියා.. එවිට ඔහු විසින් සිදු කරන්නේ ඔහු සතුව ඇති කොටස් සංඛ්‍යාවෙන් ඉතා සුළු ප්‍රමාණයක් [ඇතැම්විට 4%-5%] ඉතා අඩු මිලකට විකිණීමට කටයුතු යෙදීමයි.. එසේ කොටස් මිල් විශාලලෙස අඩුවී ඇති බව දකින, එම සමාගමේ කොටස් හිමිකම ඇති අනෙකුත් සාමාන්‍ය ආයෝජකයින් සිදුකරනුයේ තමන් සතුව ඇති කොටස් ද ඉහත මිලටම විකිනීමට ඉදිරිපත් කිරීමයී.. ඉන්පසුව ඉහත කී මහාපරිමාණ ආයෝජකය විසින් එම අඩු මිලට ඇති කොටස් සියල්ලම මිලට ගැනීම සිදු කරනු ලබයී..

පසුව තම අභිමතය පරිධි කොටස් මිල ඉහළ දමා නැවතත් විකිණීමට ඉදිරිපත් කරනු ලබයි.. එම සමාගමේ කොටස් මිල නැවතඉහල යාමක්සිදුවී තිබෙනු දකින සාමාන්‍ය ආ​යෝජකයින් විසින් ඉදිරියේදී මෙම සමාගමේ කොටස් මිල තවත් ඉහල යන්නේ යැයි සිතා කොටස් මිලට ගැනීමක් සිදු කරයි.. අවසානයේදී සිදු වන්නේ තමා, ගත් මිලටවත් එම කොටස් විකුණා දැමීමට නොහැකි වීමයී..


උදාහරණයකින් පහදනවා නම්... ගුණපාල කියන මහාපරිමාණ ආයෝජකයා සතුව ABC සමාගමේ එකක් රු 80/= කොටස් වලින් වැඩි ප්‍රමාණයකි තියෙනවා කියලා හිතමුකෝ.. මොහුගේ ගණනය කිරීම් වලට අනුව එම සමාගමේ කොටසක මිල අනාගතයේ රු 150/= දක්වා ඉහල යන බව පෙන්නුම් කලා නම්.. [අෆොයි සමීකරණ නම් අහන්න එපා.. බර ලෝඩ් එකක් තියෙනවා..] මොහු විසින් සිදු කරන්නේ එම සමාගමේ කොටසක මිල රු 50/= දක්වා අඩු කර විකිණීමට ඉදිරිපත් කිරීමයි.. මේ දකින අනෙක් සාමාන්‍ය ආයෝජකයින්ද තමන් සතු කොටසුත් එම රු 50/= මිලටම ඉදිරිපත් කරනු ලැබේ.. -ඉන් පසුව ගුණපාල විසින් නැවත එම රු 50/= ඇති කොටස් සියල්ල මිලට ගෙන ටික කලකින් රු 150/= ට වඩා වැඩි මිලකට වෙළඳප්ලට නිකුත් කරනු ලැබේ..


ඔන්න ඕකතමයි සීන් එක.. කාටත් තේරෙන්න ඇති කියලා හිතනවා..


ඒක නිසා කොටස් වෙළඳපොලත් එක්ක ගණුදෙණු කරනවානම් පරිස්සමෙන් කරනව හොඳයී..

Tuesday, October 5, 2010

ඩයස්පෝරා මේ මාසයේදී...






මේ මාසයේදී, ෆේස්බුක් වැනි තවත් සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවියක් දියත් කිරීමට නියමිතය.. එය නමින් ඩයස්පෝරා (Diaspora) ය.. එහි නිර්මාපකයින් වන්නේ පරිගණක විද්‍යා ආචාර්ය උපාධි අපේක්ෂක් ඇමරිකානු සිසුවෝ හතරදෙනෙකි..

ෆේස්බුක් අනුකරණය කරන තවත් වෙබ් සේවා තිබුනාට ඩයස්පෝරා ගැන බොහෝ දෙනා කතා කරන්නේ ඊට සුවිශේෂීම ගතිගුණ තිබෙන නිසාය.. මෙම වෙබ් සේවය සම්පුර්ණයෙන්ම ඕපන්සෝස් ව්‍යාපෘතියකි.. මුලින්ම කරනු ඇත්තේ වෙබ් සේවයේ ගුණාංග මහ්ජනයාට වෙනස් කළ හැකිවනසේ පරිගණක කේත හෙවත් කෝඩ්ස් (Codes) නිදහස් කිරීමයි.. එවිට් ක්‍රමලේක භාෂාවකින් වැඩ කරනවාක් මෙන් තමන්ට රිසි සෙ ඩයස්පෝරාහි ලක්ෂණ වෙන්ස් කර ගන්නට කාටත් පුළුවන් වේ..

මේ කියන්නේ මිලියන 500 ක්ට වැඩි සෙනඟක් නිතිපතා එන ෆේස්බුක් වෙබ් සෙවයේ නැති ගුණාංගයක් ගැනය.. මේ වසරේ මුල පටන් ෆේස්බුක් වෙබ් අඩවියේ යම් යම් අලුත් කිරීම් කෙරින. ඒ මගින් මහජනයාගේ පෞද්ගලිකත්ත්වය උපරිමවශයෙන් ආරක්ෂා නොකෙරෙන් බවට චෝදනා නැඟින.. විශේෂයෙන්ම ෆේස්බුක් එකවුන්ට් වලදී තම මිතුරන්ට පමණක් බලාකියගන්නට ඉඩ දෙන සමහර තොරතුරු "​ලෝක ප්‍රසිද්ධ" වන බවට චෝදන් නැඟින.. නෙක් අතට යම් එකවුන්ට් එකකින් තොරතුරු ඉවත් කලත් ඒවා සැබැවින්ම ෆේස්බුක් ජාලයෙන් ඉවත් නොවන බව කියති..

ඩයස්පෝරා මඟින් දෙන්නට යන සේවාව මීට විකල්පයකි.. එනම් ඕනැම කෙනෙකුට තමන්ගේ එකවුන්ට් එකෙහි අණසක පැතිරවිය හැකි එකකි.. ඒ, එකවුන්ට් එකෙහි වෙනස්කම් කළ හැකි කේත්ය ප්‍රසිද්ධ නිසාය.. එවිට ඩයස්පෝරා වෙත ලුත් ල්ක්ෂණ එකතු කරන්නේ පොදු මහජනතාව විසිනි.. එන්ම් මෙය මහජනයාගේ ඕනෑ එපාකම් වලට මුල්තැන දෙන උප සේවා එක් කරඉන් මහජනයාවිසින්ම ගුණ් වගා කරණ වෙබ් සේවයක් වනු ඇත.. එවිට ෆේස්බුක් ආකෘතියට සිරවී සිටි සැම ඉන් නිදහස ලබනු ඇත..

ඩයස්පෝරා සෝෂල් නෙට්වර්කිං සේවයෙන් ඉදිරිපත් කරන තවත් විශේෂාංගයක් වන්නේ ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම මිතුරු ජාල වෙබ් සේවයක ඇති තම ගිණුමේ ඇති තොරතුරු ඒ පරිදිම ඩයස්පෝරා වෙත ගෙන් ආ හැකි බවයි.. එවිට යමෙක් ෆේස්බුක් වෙතින් ඩයස්පෝරා වෙත මාරු වන්නේ නම් තම පැරණි තොරතුරු ඇති ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන්ම ඩයස්පෝරා වෙත ඔසව ගෙන ආ හැක..

මෙසේ මහජනයාට ඕනෑ හැටියට හැඩගස්ව ගන්නට ඉඩ දෙන ඩයස්පෝරා වෙබ් සේවය දියත් කෙරෙන්නේද මහජන මුදලිනි.. මේ වෙබ් සේවය දියත් කරන්නට මුදල් නැති නිසා එහි නිර්මාපකයෝ, කින්ස්ටාර් වෙබ් අඩවියෙන්මුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීය.. එතැනදී ඔවුන් ඉදිරිපත් කල අලුත් සැලැස්ම් ක්‍රියවට් නැංවිය හැකියැයි සිතූ ලොව නන් දෙස වෙසෙන 6500 ක් දෙනා පසුගිය් සැප්තැම්බර් මාසය වන විට ඩොලර් 200642ක් පරිත්‍යාග් කොට තිබුනි.. ඩයස්පෝරා දියත් කරන්නට එමෞදල සෑහේ යැයි කියූ එහි නිර්මාපකයෝ මේ මාසයේදී වෙබ් සේවය දියත් කරන බව් ප්‍රකාශකොට සිටී..


උපුටා ගැනීම - විජය පරිගණක මසික සඟරාව (ඔක්තෝබර් කලාපය)

Friday, September 24, 2010

කලකට පසු...


ම්ම්ම්
සැහෙන්න කාලෙකින් මේ පැත්තෙ ආවේ.. හම්මෝ.. මකුළුදැල් කඩලම මහන්සියි.. මේ පැත්තෙ ආපු අයගෙන් මම සමාව ඉල්ලනව ඇඟේ පතේ මකුළුදැල් එහෙම පට්ලැවුන නම්.. පොඩ්ඩ්ක් මකුළු දැල් පිහදාල මට පොඩි උදවුවක් කරන්න...


මේ දවස් වල වහින් හින්දා එපා වෙලා තියෙන්නේ.. වහින්න ගත්තමත් වහිනවනේ එපා වෙන්නම.. ඩ්ඩක්වත් එළිය්පැත්තට් බහින්න බැහැනේ.. හෆොයි මඩ ගොඩවල් මතක් වෙනකොටතැඟ හිරිවැටෙනවා.. ඒ අස්සේ මෙන්න මගේ සැල් පෝං එකට මැසේජ් එකක් ආව.. ඒක කියනව

"පවතින වැහිබර කාළගුණේ තව දින කිහිපයක් ඉදිරියටත් පවතිනව
කියල..

අෆොයි හෙට වැස්සොත්නම් ඉවරයි.. හෙට වැස්සොත් ඉතිං මම අහවල් රාජකාරියට යන්නෙ කොහොමද..? [හවල් රාජකාරිය කියුවේ ඇත අතීතෙ ඉඳන් යන කලාස් එකට..] අලි කුඩෙත් කරතියාගෙන තමා ඉතිං යන්න වෙන්නේ... ඒ කියන්නේ පොත් ටිකයි කැම එකයි මදිවට තව කුඩයකුත් ගෙනියන්න වෙනව නේ... ම්ම්ම්.. පොත් ටික නම් කමක් නැ, කැම එක.. හතරදෙනෙකුට හරියන්න ගෙනියන කැම එක.. මොනව නැති උනත් ඒක නම් ගෙනියන්න ඕන.. නැති වුනොතිං කීදෙනක් නම් බඩගින්නේද..

කලාස් නොගිහිනුත් බහැනේ.. දැනට නම් කමක් නැ.. ඒත් විභාගේ ළං වෙනකොට තමයි පස්ස උඩ දාගෙන නෝට් හොයන්න වෙන්නේ... ඊට මීට වැඩිය හොඳයි කොහොම හරි කලාස් එකට යන එක...


ඔන්න එහෙනම් හෙට වැස්සත් නැතත් මම යනවා කලාස්.. මේ ඉන්නේ අෆේ කලාස් එකේ කෂ්ටිය නෙවෙයි හොඳද.. හික්ස්...

එහෙනම් මේ පැත්තෙ ආවහැමදෙනාටම ශුභ දවසක්... ආයෙත් ඉක්මණින්ම මුණ ගැහෙමූ...

Thursday, June 17, 2010

අද විභහගේ..


අද මට විභහගේ.. විෂයන් දෙකක්ම තියෙනව අද..
පාඩම් කරපු ඒවා මතකත් නැ දැං..
ඒ උනාට අතාරින්නෙ නැ.. ලියනව කොහොම හරි..
ලියල නවතින්නෙත් නැ අනිවා පාස් වෙනවා..

තව එක අවුරුද්දයි තියෙන්නේ..
මේ විභහගේ පාස් උනාම සෙමෙස්ට්‍රි එකයි තියෙන්නේ...
ඊට පස්සේ මගේ නමේ අන්තිමට කැල්ලක් එනව..
එතකොට මමත් පොරක්.. [හික්ස්].. ඇඬෙනවා මතක් වෙනකොටත්..

ඔන්න එහෙනම් මම යනවා.. ආයෙත් තියෙන්නෙ 23, 24

Thursday, June 3, 2010

කෝඩුකාර මගේ සිරිපා ගමන [02]

කතාව කියන්න පරක්කු උනානේ... කොහෙද ඉතිං වෙලාවක් නැතිකොට මොනව කරන්නද...

ඔන්න ඉතින් අපි පස් දෙනා අර පන්සලට පඬුරක් එහෙම දාලා කරුණා කරන්න පටන් ගත්තා... වැස්ස නැවතුනෙත් නැ, අපිත් ඉතින් පොද වැස්සෙ තෙමි තෙමීම කරුණා කලා උඩහට.. සමහර තැන් වල පඩි තියෙනව සමහර තැන් වල නැ... ටිකදුරක් යනකන් ලයිට් දාලා තියේනවා සමහර තැන් වල කට්ට කරුවලයි... කොහොම හරි ඔන්න ඔය භාධක මැද අපි කිට්ටු උනා හැරමිටිපානට..




ඔන්න එතනදි අපිට සෙට් වුනා තව කොල්ලො තුන් දෙනෙක්... අපිටම හරියන පොරවල් තුනක් හික්ස්... මෙතනට එනකන් තේ ටිකක් බොන්න බැරි වුන නිසා හැරමිටිපානෙන් තේ ටිකක් එහෙම බීලා, වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳල, අටදෙනත් එක්කම බුදුසරණයි කියලා ආයෙත් පටන් ගත්තා කරුණා කරන්න..

ඔහොම ටික දුරක් කරුණා කරනකොට අපිට හම්බ උනා වැදගත් කෙනෙක්.. හැබයි ටිකක් දඟයි.. මෙයා දඟ දාන්නේ ටිකක් පහල හරියට ගියාම.. මේ දවස් වල මෙයා නිසා ගොඩාක් කරදර වුනා.. සමහර අයට ඉන්නහිටින්න තැන් පවා නැති වුනා.. ඒ තමයි කළු ගඟ...




හතර වටේටම පට්ට කලුවරයි...




කොහොම කොහොම හරි කතාව පිට කරුණා කරනකොට ටික ටික එළියත් වැටුනා..



දැං ඉතිං එළියත් වැටිලා නිසා කට්ටිය ඉක්මන් කරලා කරුණා කරන්න පටන් ගත්තා.. ඔන්න එතකොට තමයි හොඳම දේ දැක්කේ... ලයිට් කණු වලට කරන්ට් එක දීපු හැටි...


කරුවලේ ආපු වෙලාවෙ වැරදිලාවත් අත වැදුනා නම් ඉතිං... හොඳ වෙලාවට පරිස්සමෙන් ගියේ... කවුරු හරි රත්නපුරේ පාරෙන් රැට කරුණා කරනවනම් පොඩ්ඩක් කල්පනාවෙන් යන්න.. පේනවනේ...

කොහොම හරි අපි උඩ මළුවට කරුණා කරනකොට උදේ 9.30 විතර වෙලා.. සෙනග නම් නැ හිටියේ.. ඔක්කොම ඉන්න ඇති 15 විතර අපි කට්ටිය විනාඩි 10 විතර ශ්‍රීපාදේ ලඟ ඉඳලා එතනින් පහලට බැස්සා... මිදුමයි, පින්නයි නිසා කිසිම දෙයක් පේන්නේ නැ.. පින්න වැඩිකමට වහිනව වගේ හරියට..


උඩමළුවෙත් ටික වෙලාවක් ඉඳලා, මගදි හමුවුන යාලුවො තුන්දෙනාටත් සමුදීලා අපි පස්දෙනා පහලට කරුණා කරන්න පටන් ගත්ත උදේ 10.00 විතර.. තෙරුවන් සරණින් අපි පස්දෙනා 12.00 විතර වෙනකොට නල්ළතන්නියට කිට්ටු වුනා..

නල්ළතන්නියෙදි වාහනේට නැගල ගියා වටවලට ගිහින් මාතර බත් කඩෙන් දවල්ට[හවස 4.30 විතර] කැම කාලා රැ නැවතුනා එහේ..

ඊට පස්සෙ පහුවෙනිදා ගියා නුවර දළඳා වඳින්න...

ඔන්න ඔහොමයි කෝඩු මගේ සිරිපා ගමන නිමාවුනේ...

Sunday, May 30, 2010

කෝඩුකාර මගේ සිරිපා ගමන [01]

ඔන්න ඉතිං මම හා හා පුරා කියලා සිරීපාදෙත් කරුණා කළා.. ගොඩාක් සතුටුයි ඒක ගැන නම්..

අපේ කස්ටිය කරුණා කරන්න හිතාගෙන හිටියේ රත්නපුරේ පාරෙන් ඒ කියන්නේ පලාබද්දල හරහා.. රැ 12.00 විතර වෙනකොට අපි ගියා සිරිපාගමට.. ගිහින් බැහැලා බලනකොට බස් දෙක තුනක් තිබුනා හැබැයි පේන තෙක් මානයක මිනිස් පුලුටක් වත් නැ.. මහ රැ 12.00 කවුද ඉතිං අවදියෙන් ඉන්නේ... නේද හික්ස්.. අපේ නඩයට හිටියෙ 5 දෙනයි.. ඔහොම අපි හැරි හැරි ඉන්නකොට ඇතින් එනව දැක්කා කවුද.. අපි ඉන්නව දැකල තමයි මෙයා ඇවිත් තියෙන්නේ.. අපිහ් ඉතිං පොරට කිට්ටු කරල ඇහුව මෙතනින්ද කරුණාකරන්න පටන් ගන්නේ කියලා.. ඊට පස්සෙ මෙයා අපිට පාර පෙන්නුවා..

ඔන්න ඉතිං අපි සිරිපා කරුණාව පටන් අරගෙන අපි ගියපු වැන් එකේ ඩ්‍රයිවර් අයියට කිවුවා හැටන් වලට එන්න කියලා.. මොකද පි බහින්න ප්ලැන් කරන් හිටියේ හැටන් හරහා නිසා..

මුළින්ම ගියා පටන් ගන්න තැනම තියෙන පන්සලට.. ගිහිං පඬුරක් එහෙම දාල වඳිනකොටම මෙන්න මල් වරුසාවක් පටං ගත්තා..

Wednesday, May 26, 2010

කෝඩුකාරයි මම...


අලුතෙන් පටන් ගත්ත ඔන්න මම බ්ලොග් එකක්.. හැබැයි මුලින් මොනවා ලියන්නද කියලා හිතාගන්න බැ... ම්ම්ම්... ආහ් අමතක වුනා නේ..

හෙට වෙසක් පෝය නේ.. ඔන්න අපි යාලුවො කට්ටියක් එකතු වෙලා සිරීපාදේ කරුණා කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ... අද හවස 5.00 විතර තමයි මෙහෙන් යන්න හිතාගෙන ඉන්නේ.. 5.00 කිවුවට 6.00 විතර වෙයි ගමන පටන් ගන්නකොට...

මම නම් මිට කලින් ගිහින් නැ ඔන්න සිරීපාදේ... ඒ කියන්නේ මම කෝඩුකාරයෙක් හී හී..

මේක කියවන ගොඩාක් අය මම හිතන්නේ මීට කලින් එක සැරයක් හරි කරුණාකරල ඇති නේ.. ඒ අතින් මම දුප්පත්..

ඔන්න එහෙනම් අපි යනවා ගිහින් ඇවිත් විස්තර දාන්නම්...