Tuesday, November 2, 2010

සිංහල නිසඳැස් කළාවේ පුරෝගමියා..


නමින් ගුණතිලක බණ්ඩාර සේනනායක වූ ඔහු 1913 ජූලි 14 වන දින කොළඹ, මුල්ලේරියාව ප්‍රදේශයේ උපත ලබා ඇත.. පිරිමි දරුවන් සතර දෙනෙක් යුත් පවුලක් බාලයා වූ ඔහු ග්‍රැන්ඩ්පාස් සාන්ත ජෝෂප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉනනතුරුව ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය..



යන්තම් වයස අවුරුදු 14 වන විට තම පවුලේ තිබූ දුර්වල ආර්ථිකය හමුවේ අධ්‍යාපනය හමාර කිරීමට සිදු වූවත් මෙතුමා තම කියැවීමේ පුරුද්ද අතහැරියේ නැත.. ඒ සඳහා ඔහු තම වයස අවුරුදු 18 වනවිටම කොළඹ මහජන පුස්ථකාලය තෝරාගන්නා ලදී.. මෙම කොළඹ මහජන පුස්ථකාලයට ඔහු තමන්ගේ විශ්වවිද්‍යාලය යැයි ප්‍රකාශ කර ඇත..

"දිනමිණ" පුවත්පත හරහා ලේඛන කලාවට පැමිණි මෙතුමා පසු කාලයේදී "දිනමිණ" හා "සිංහල බෞද්ධයා" පුවත් පත් වලට තම දායකත්ත්වය සපයා ඇත.. පසුකාලයේදී තම පුවත්පත් රැකියාවෙන් ඉල්ල අස් වන මෙතුමා, තමන් විසින් ලියන ලද පොත් අලෙවි කිරීම තම ජීවිකව ලෙස කරගෙන ගොස් ඇත..

මොහු විසින්, කෙටිකථා නවකථා සහ ළමා පොත පත්ද මෙන්ම පරිවර්ථන කෘති ද බිහි කර ඇත.. මෙතුමන්ගේ පලමු කෘතිය වූයේ "දුප්පතුන් නැති ලෝකය" නම් වූ කෙටිකතා සංග්‍රහයයි.. සිංහල් නිසඳැස් කලාවේ පුරෝගාමියා වූ මෙතුමා 1946 දී නිකුත්කල "පළිගැනීම" නම් නිසඳැස් සංග්‍රහයෙන් එහි සමාරම්භය තබා ඇත.. පාඨකයා මෙම නිසඳැස් කළාවට වැඩි අවධානයක් යොමු කරවීමට මෙතුමා විසින් පරිවර්තනය කල "ඕමාර් ඛයියාම්ගේ රුබයියාට්” (1954) නම් කාව්‍යයයෙන් සමත් වීඇත..

සුරංගනා කථා වලට ඇලුම් කරන කුඩා දරුවන් වෙනුවෙන් සුරංගනා කථා පොත් කිහිපයක් ද මෙතුමා රචනා කර ඇති අතර ඒ අතුරෙන් හීනය, අඹයේ කතාව, මල් කුමාරි යන සුරංගනා කථා ප්‍රධාන තැනක් ගනී..

ශාස්ත්‍රීය ග්‍රන්ත කිහිපයක්ද මෙතුමා රචනා කර ඇති අතර හු විසින් රචනා කර ඇති "රණරාල" නම් කෘතිය් තරුණ ප්‍රජාවට ගැලපෙන ලෙස රචනා කරඇත..

මුල් කාලයේදී මෙතුමන් නිසිඇගයීමකට ලක් නොවූවත් 1983 වර්ෂයෙදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් "සාහිත්‍ය සූරී සම්මාන උපාධිය" පිරිනමා ඇත..

තම ජීවිතයේ සැඳා සමයේදී අන්ධ භාවයට පත් වන මෙතුමන් තම ඥාතී දූ දරුවන්ගේ ආධාරයෙන් ලේඛන කලාව දිගටම කරගෙන ගොස් ඇත.. තම න්ධ කාලයේදී ලියූ කෘති අතරින් "විනිවිඳිමි අඳුර" කෘතිය විශේෂ තැනක් ගනී..

සිංහල නිසඳැස් කලාවට සුවිශේෂී වු මෙහෙවරක් කළ මේ මහා විද්වතානන් 1985 මාර්තු 16 දින ප අතරින් සදහටම සමුගෙන ගියේ ඔහු හඳුන්වා දුන් නිසඳැස් කලාව අප වෙත් ඉතිරි කරමිනි..

1 comment:

  1. ස්තුතියි වටිනා කරුණ අපිත් එක්කබෙදා ගත්තාට

    ReplyDelete