Showing posts with label Victor Rathnayake. Show all posts
Showing posts with label Victor Rathnayake. Show all posts

Friday, May 31, 2013

වැස්සට පෙම් බැඳි ගී...

දේ පාන්දරම වහින්න ගත්තම දවසෙම කිසි වැඩක් කරන්න වෙන්නේ නැති වුනාට කූල් එකේ ඉන්න පුළුවන් නිසා වහින තරමට ඇඟට සනීපයි. ඒක නිසා වැස්ස කොච්චර වැස්සත් එපා වෙන්නේ නෑ. පහුගිය දවස්වල තිබුන ඇඟ කර වෙන රස්නේ නිසා වහින්න පටං ගත්තම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැරි තරම්.


වහින වෙලාවත් හරියට හඳ තියෙන වෙලාව වගේ වැස්ස දිහා බලාගෙන කල්පනා ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන්. ඒක නිසාම වෙන්නැති මම වැස්සටත් ආස කරන්නේ. පොඩි දවස්වල ඉඳන් වහින වෙලාවට එළිය දිහා බලාගෙන ඉන්න මම ආසා කලා. සමහර දවසට හෙම්බිරිස්සාව හදාගෙන බැනුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි. හැබැයි ඒ මොනව වුනත් වැස්ස දිහා බලං ඉන්න එක නම් එපා වෙන්නේ නෑ. ඒ වගේම තමා වැස්ස වෙලාවට තෙමි තෙමි යන එක. ඒකත් ජොලි වැඩක් වුනත් වෙන කරන්නම දෙයක් නැති වෙලාවට ඇරෙන්න තෙමි තෙමි යන්නේ නම් නෑ.

වහින එකත් කලාවක් විදියට දකින පිරිසක් අපි අතරේ ඉන්නවා ඒ තමා කවියො, ගී පද රචකයෝ. ඔවුන් තම නිර්මාණ සඳහා වැස්සේ අලංකාර බව, සෞම්‍ය බව, ආදරණීය බව, එක් කරගෙන තියෙන්නේ එක එක්කෙනා වෙන වෙනස් විදියට. මේ විදියට වැස්ස එක්ක සම්භන්ධ වෙලා බිහි වුන ගීත කීපයක් අහලා බලමු. මේ ගීත කොයි තරම් අපේ ජීවිත වලට සම්භන්ධ ද කියලා හිතලා බලන්න.

මුල්ම ගීතය ගායනා කරන්නේ "ඩබ්. ඩී. අමරදේව" ශූරීන්. මේ ගීතයට සංගීතය එක කරලා තියෙන්නේ "සනත් නන්දසිරි" මහත්තයා. ඒ වගේම මේ ගීතයේ ගී පද රචනාව කරලා තියෙන්නේ ගීතය තමා "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා"



දෙවෙනියට දෙන්නේ මා සදා කැමති ගායකයෙක් වන "වික්ටර් රත්නායකයන්" විසින් සංගීතවත් කර ගායනා කරන, පද රචනය මහාචාර්‍ර සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති, "හිත මිතුරු සුළඟ" කියන සිංදුව.



තුන්වෙනියට දෙන්නේ අපිට ඉන්න ප්‍රවීන සංගිතඥයෙක් වෙන රෝහන වීරසිංහයන් විසින් සංගීතවත් කරලා ගායනා කරන "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" කියන ගීතය. මේ ‍ගීතයේ ගී පද රචනාව සිදු වෙලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා අතින්.



ඊළඟට දෙන ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් හා වාදකයෙක් වන "සුමිත් ප්‍රියංකර". මොහු මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වේ. මේ ගීතයේ පද රචකයාගේ නම නම් හොයාගන්න බැරි වුනා.



ඊළඟ ගීතය ගායනා කරන්නේ "විශාරද එඩ්වඩ් ජයකොඩි" මහතා. ඒ තමා "මිණි මිණි පොද වැටේවි" කියන ගීතය. මේ ගීතයේ පද රචනාව "රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්" වන අතර සංගීතය "කරුණාරත්න විජේවර්ධනයන්ගෙන්"


අවසාන ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් වන "කසුන් කල්හාර" සහ "ඉන්ද්‍රචාප ලියනගේ" යන දෙදෙනා ගායනා කරන "මල් වරුසාවේ පාවි එන්නම්" කියන ගීතය.


වැස්ස කොයි තරම් ආදරණීය ද කියලා මේ සිංදු ඇහුවම හිතේවි.

Wednesday, March 6, 2013

වික්ටර් රත්නායක ගී එකතුව [01]



රූකඩ මඩු යාග පොලේ

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු....

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු...


Mp3 - Rookada Madu

----

සිහින සතක් දුටුවෙමි මම

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..


Mp3 - Sihina Sathak

----

මංගල මල්දම

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම....

කිරිසාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවැයි කිව්වා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල්සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය
දිව්ය කුමාරිය
මට මොටද ළඳේ නැත්නම්
ඔබ දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු හිනාවයි
දෑස ඉනාවයි
වත සුවඳ කොකුම් බිඟු රොන්
හද ගීත ලතාවයි

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම....

මුකුළු පෙම....
ලලිත පෙම ....
මුකුළු පෙම....
ලලිත පෙම ....

සහාය ගායනය - සිසිර සේනාරත්න
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ


Mp3 - Mangala Maldama

Sunday, February 17, 2013

වික්ටර් රත්නායකයන් ට සුභ උපන්දිනයක් වේවා...!

1942 පෙබරවාරී 18 වෙනිදා කඩුගන්නාවට නුදුරු කුඩා ගමක උපත ලද "වික්ටර් රත්නායකයන්" , 1973  ජූලි 20 වැනි දින කොළඹ ලුම්බිනි රඟහලෙන් ආරම්භ කල "" නම් තම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයෙන් ශ්‍රී ලංකා සංගීත ලෝලීන්ගේ සිත් අමානන්දනයට පත් කලා යැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු බව මා මෙන්ම ඔබ ද පිළිගනු ඇත. 

Friday, January 20, 2012

බලපු, නොබලපු සැමට "ස"...

පි සංගීතයට සවන් දෙන්නේ අපේ ගතට සිතට සහනයක් දෙන්න වුනත් අද කාලය වන විට බිහිවෙන ඝෝශාකාරී සංගීතයෙන් අපි ඒ බලාපොරොත්තු වෙන දේ ලබාගන්න පුළුවන් වෙනවාද කියන එක ගැටළුවක් කියල තමා මට නම් හිතෙන්නේ.. ඒ වුනත් ඒ ගීත අතරිනුත් බිහිවෙන ඇතැම් ගීත සාපේක්ෂව වරදක් නැති වුනත් බොහෝමයක් ඒවගේ තියෙන්නේ කිසි ගැලපීමක් නැති වචන ටිකකට සංගීතයක් දාලා.. ඒකත් වෙන කොහේ හරි තියෙන මියුසික් එකක් තමා ගෙඩිය අරං ඇවිත් දාලා තියෙන්නේ.. මේවට කැමති අයත් ඉන්නවා ඇති.. හැබැයි ඒ සුළු පිරිසක් වෙන්නැති කියලා තමා මට හිතෙන්නේ