Wednesday, April 27, 2011

අහෝ.... උන්ට දුකකි, අපිට සතුටකි, - ආතල් ඛේදවාචයක්...

න්න අද මම කියන්න යන්නේ පොඩි කථාවක්.. කථාවක් කිවුවට ආතල් සීන් එකක්.. මේ දැන් සුට්ට වෙලාවකට කලිං තමා සීන් එක වුනේ..

අද (27/04/2011) මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෙක් බැන්දා.. ඒ කිවුවේ කසාද බැන්දා.. නැත්තං කොමෙන්ට් වලින් අහනව නේ ගහේද බැන්නේ, ලනුවෙන්ද බැන්දේ, මොන ගහේද බැන්දේ... යනාදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න වැලක්... :D

Sunday, April 24, 2011

මෙතෙක් ආ මග..

හප්පා...... අවුරුදු දවසත් ගෙවිලා ගියා නේ.. කවුරු කවුරුත් අවුරුද්ද කියලා උඩ පැන පැන බලං හිටපු ඒ දවස ගෙවිලා ගියා කිසිම ගතියක් නැතුව.. හරි දැං ඉතිං අවුරුද්ද ඉවරයි නේ.. ඊලඟට බලං ඉන්නේ වෙසක් දවස එනකන්.. වෙසක් කූඩු හදන්න, තොරං ගහන්න වගේ සීන් වලට.. ඉස්සර නම් අපේ ගෙදර වෙසක් කූඩු හදන වැඩේ කලේ මම.. දැං ඉතිං මම ඒකෙන් විශ්‍රාම අරං තියෙන්නේ.. අපේ මල්ලි තමා දැං වැඩේ කරගෙන යන්නේ..

Wednesday, April 13, 2011

තවත් කෑලි ටිකක් ඇවිත්..

ම්මෝ සෑහෙන්න කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වුනා.. එහෙම කිවුවට මොකෝ මතක් වෙනවා හැමදාම.. ඒත් ඉතිං කම්මැළිකම හැම එකටම වඩා ​ලොකුයි නේ.. ඒක නිසා අර මොකාද එකා වගේ බ්ලොග් කියව කියව විතරක් හිටියා.. මේ ඉතිං අවුරුදු මාසේ නේ.. කට්ටිය ඉතිං ජයට අවුරුදු සමරන්න හිතං ඇති නේ.. එළ එළ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කියලා මුලින්ම ප්‍රාර්ථනා කලා ඔන්න එහෙනම්..