Thursday, June 27, 2013

Homeland, The Afghan and Terrorism

රාකයේ සිදු කල මෙහෙයුමකින් අවරුදු අටක් පමණ අතුරුදහන් වෙලා සිටි ඇමරිකානු මැරීන් හමුදා සෙබලෙක්ව මුදා ගැනීමට සමත් වනවා. නමුත්  CIA නිළධාරිණියකට ලැබෙන ඔත්තුවකින් දැනගන්න ලැබෙනවා එක්තරා සිරකරුවෙකුගේ මොළ සේදීමකින් (Brain Wash) අනතුරුව ත්‍රස්ථවාදීන් සඳහා උදව් දීමට ත්‍රස්තවාදී ඒ ජන්තවරයෙක් විදියට ඇමිරිකාවට නැවත පැමිණෙන බව. එනිසා මෙම ඒජන්ත වරියගේ සම්පූර්ණ සැකය යොමු වන්නේ නිකලස් බ්‍රෝඩි ට හෙවත් ළඟදි මුදාගත් මැරීන් සෙබලා වෙත.  මේ නිසා ඇය   හෙවත් කැරී මැතිසන් විසින් තම රහස් කණ්ඩායමක් යොදවා බ්‍රෝඩි ගැන ඇහැ ගහගෙන සිටින්නේ තම සැකය තහවුරු කර ගැනීම සඳහා තොරතුරු ලබාගැනීම සඳහා ය.


මුලු රටම, විරුවෙක් විදියට සිතා සිටින මෙම හිටපු මැරීන් සෙබළාගේ හැසිරීම කෙරෙහි රහසින් CIA නියෝජිත වරිය සැකයෙන් යුතුව බලා සිටියත් ඇයට තම ඉහළ නිළධාරියාගේ මැදිහත්වීම මත නිත්‍යානුකූල අවසරය කෙටි කාලයක් සඳහා ලබා ගැනීමට සමත් වන අතර වැඩි කල් නොගොස්ම ඇය තම සැකකරු කෙරෙහි පෙම් කිරීමට පෙළඹේ.

ඇමරිකාවට ත්‍රස්ථවාදී බලපෑමක් ඇති බව හෙළිවන අතර එය කුමන ආකාරයේ එකක් දැයි නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට නොහැකි වේ. කෙසේ නමුත් මුල් ප්‍රහාරය ඉතාමත් අදක්ෂ අන්දමින් ව්‍යර්ථ වන අතර එහිදී තවත් චරිතයක් කරළියට පැමිණේ.

පළමු කථා මාලාව එතැනින් අවසන් වන අතර දෙවැන්න ආරම්භ වන්නේ ත්‍රස්ථවාදී අරමුණ සොයා යෑම තුලින්. මේ වන විට ත්‍රස්ථවාදී ඔත්තු කරුවා, බ්‍රෝඩි බවට තහවුරු වන අතර ඔහු තම සහාය CIA එක වෙත ලබා දීමට එකඟ වීමත් සමඟ ද්විත්ත්ව ඒජන්ත වරයෙක් බවට  පත් වේ. ඒ නමුත් ත්‍රස්ථවාදී ඉලක්කය කුමක්දැයි යන්න ඔහු පවා නොදන්නා අතර එය සොයා ගැනීමට උදවු වේ.

කෙසේ නමුත් අවසානයේදී මොවුන්ට මෙම ඉලක්කය හඳුනා ගැනීමට හැකි වේද නැද්ද යන්න දැන ගැනීම සඳහා මෙම කතා මාලාව නැරඹීමට සිදු වේ.

මොහොතින් මොහොත කුතුහලයෙන් පිරි මෙම කතා මාලාව මම ප්‍රිය කරනා ඝණයේ එකකි. කොටස් දොලසකින් යුක්ත මාලා තුනක් සහිත මෙය මේ වන විට මාලා දෙකක් නිකුත් වී ඇති අතර මෙය ලියා ඇත්තේ  කණ්ඩායමක් වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.

අවශ්‍ය කෙනෙකුට මෙම Homeland කතා මාලාව සිංහල උපසිරුස සමඟව බාගත කරගන්න පුළුවන් උවමනා නම් බයිස්කෝප් අඩවියට ගියොත්.


කාලෙකට ඉහත දී ඕනයියා දුන්, යුධ බල්ලෝ නම් Frederick Forsyth ගේ The Dogs of War නම් සිංහල පරිවර්ථනය කියැවීමෙන් අනතුරුව මා මෙවැනි කතා වලට ප්‍රිය කිරීමට පෙළඹුනු අතර එනිසාම ඔහුගේ වෙනත් කෘති කිහිපයක්ම ගෙන කියවීමී.

ඒවා නම් 





මේ පොත් අතරින් 2006දී ලියා ඇති සහ 2013දී පරිවර්ථනය කර ඇති  “සිරකරුවා සහ ඔත්තුකරුවා“ හෙවත් The Afghan යන පොතේ ඇති කතාව Homeland කතා මාලාවට යම් සමානකමක් දක්වන අතර එහි ඇත්තේ කතා මාලාවේ අනෙක් පැත්තය. 

අල්කයිඩා සංවිධානය විසින් එල්ල කිරීමට සූදානම් වන ප්‍රහාරයක් පිළබඳව CIA වෙත සැල වීමත් සමගම එය කුමක්දැයි සොයාගැනීම සඳහා ඇමරිකානු හමුදාවෙන් විශ්‍රාම ගිය නිළධාරියෙකු, ඇමරිකානු අත්තඩංගුවේ සිටින ඇ‍ෆ්ගන් ජාතික ත්‍රස්ථවාදියෙකු වෙනුවට නිදහස් වී ගොස් ඔත්තු බැලීම පිළබඳව අතිශය කුතුහලාත්මක කතාවක් මෙම පොත තුල අන්තර්ගත වේ.

කෙසේ නමුත් මේ දෙක සංසංදනය කිරීම කල නොහැකි අතර දෙකම මාගේ සිත අතිශය ලෙස ඇදගැනීමට සමත් විය.