Tuesday, January 31, 2012

සෝරෝ [02 කොටස - බ්ලාග්කරණයට ආ හැටි..]

චැට් කරපු මුල් කාලේ මගේ නම විදියට මම දාගත්තේ Zoro නෙවෙයි කියලා මම මුලින් කිවුව නේ.. ඔය ශ්‍රී චැට් එකට ආව මුල්ම කාලේ මගේ ID එක විදියට මම දාගත්තේ Milush කියලා.. ඒ කියන්නේ මගේ නමේ මුල් කෑල්ල.. ඔහොම ටික කාලයක් යද්දී මට හිතුනා මගේ ID එක විදියට මගේ ඇත්ත නම දාගන්නේ නැතුව වෙන මොකක් හරි නමක් දාගන්න ඕන කියලා.. ඇයි ඉතිං එන සමහරුන්ට තිබුනේ අමුතුම අමුතු නම් නිසා.. එහෙම හිතුන නිසා මම ගෙදර ගිහිං රෑ දවල් නොතකා කල්පනා කලා මට දාගන්න නමක්..

සෝරෝ [01 කොටස - ජාලගතවූ හැටි]

2006 මැයි මාසේ එක දවසක මමයි මගේ අතීසාර මිත්‍රයයි වලක් බහින්න හිතාගෙන ටවුන් එක පැත්තට ගියා.. ටවුන් එක හරියට කිටට්ටු වෙද්දී එක පැත්තකින් සිංදුවල සද්දයක් ආව නිසා අපි දෙන්නත් ගියා බලන්න ඒ පැත්තට.. අපි හිතුවේ අර රේඩියෝ චැනල් වලින් කරන රෝඩ් ෂෝ එකක් වෙන්නැති කියලා.. ළඟට තියාම තමා දැක්කේ රැකියා පියස කියන ආයතනයෙන් කරන රැකියා පොළක් කියලා.. අපි දෙන්නත් ඉතිං කොක්ටත් කියලා ඒ පැත්තට ගිහිං පුරවලා දුන්නා ඇප්ලිකේෂන් දෙකක්..

Friday, January 20, 2012

බලපු, නොබලපු සැමට "ස"...

පි සංගීතයට සවන් දෙන්නේ අපේ ගතට සිතට සහනයක් දෙන්න වුනත් අද කාලය වන විට බිහිවෙන ඝෝශාකාරී සංගීතයෙන් අපි ඒ බලාපොරොත්තු වෙන දේ ලබාගන්න පුළුවන් වෙනවාද කියන එක ගැටළුවක් කියල තමා මට නම් හිතෙන්නේ.. ඒ වුනත් ඒ ගීත අතරිනුත් බිහිවෙන ඇතැම් ගීත සාපේක්ෂව වරදක් නැති වුනත් බොහෝමයක් ඒවගේ තියෙන්නේ කිසි ගැලපීමක් නැති වචන ටිකකට සංගීතයක් දාලා.. ඒකත් වෙන කොහේ හරි තියෙන මියුසික් එකක් තමා ගෙඩිය අරං ඇවිත් දාලා තියෙන්නේ.. මේවට කැමති අයත් ඉන්නවා ඇති.. හැබැයි ඒ සුළු පිරිසක් වෙන්නැති කියලා තමා මට හිතෙන්නේ

Monday, January 16, 2012

අලුත් බඩුව..

ති තුනකින් ගෙදර යන්න වුනේ නැති නිසා ගිය සිකුරාදා ගෙදර ගියා.. බස් එකේ මග ඉන්නකොට අම්මා කෝල් කරලා කිවුවේ බස් එකෙන් බහිනකොට බලාගෙන බහින්න කාණු කපලා තියෙන්නේ කියලා.. රෑ 10.00 විතර බස් එක නවත්තද්දී කට්ට කළුවරයි පැත්ත පලාතම වෙනදා පත්තුවෙන කණුවේ ලයිට් එක එදා පත්තු වුනේ නැති නිසා බස් එකෙන් බැස්සේ කාණුවට අඩිය තියයි ද නැද්ද කියලා හිතේ දෙගෙඩියාවෙන්.. හොඳ වෙලාවට බස් එකෙ නැවැත්තුවේ පාර මැදට කරලා.. කොහොම හරි අවුලක් නැතුව ගෙදරට ගිහිං ඇඳට වැටුන ගමන් නින්ද ගියේ බස් එකේ ආව මහන්සිය නිසා වෙන්නැති..