Thursday, October 14, 2010

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු ඉහලයාම සහ අපි













සෑහෙන්න කාලෙකින් මේ පැත්තට ආවේ සෑහෙන්න කාලෙක ඉඳන් ලියන්න ඕන කියල හිතාගෙන හිටිය දෙයක් කොහොමහරි අද ලියන්න ඕන කියලා හිතාගෙන...
වැඩි කතාබහක් නැතුවමවැඩේට බහින්නම් ඕං...

කවුරුත් මේ දවස් වල දන්නවා ඇතිනේ ලෝකේ තියෙන කොටස් වෙළඳපොළවල් වලින් හොඳම කොටස් වෙළඳ පොළ වෙලා තියෙන්නේ ලංකාවේ කොටස් වෙළඳ පොළ කියලා..

ඒකියන්නේ පහුගිය දවසක කොළඹ කොටස් වෙළඳපොල සියළු කොටස් මිළ දර්ෂකය ඒකක 7000 දක්වා ඉහළ ගියා..


සියළු කොටස් මිළදර්ෂකය යනුවෙන් අදහස්කරන්නේ කොළඹ කොටස් හුවමාරුව තුල ලියාපදිංචි වී ඇති සමාගම් 266 [මතක හැටියට] මිල මට්ටම් වල එකතුවේ සාමාන්‍යයි.. අද දින මේ වස්ථාව වන විට සියළු කොටස් මිළ දර්ෂකය ඒකක 6623.27 වෙලා තියෙනවා..


ඒවගෙම තමයි මිලංකා මිළ දර්ෂකයත් ඒකක 7000 සීමාව පසුකර යාමට සමත් වෙලා තියෙනවා...


මිලංකා මිල දර්ෂකය කියල හඳුන්වන්නේ කොටස් වෙළඳපොළ තුල ලියාපදිංචි ප්‍රභල සමාගම් 25 ක් මිලමට්ටම් වල එකතුවේ සාමාන්‍ය මත පිළියෙල කරන මිලමට්ටමයී.. අද දින මේ මොහොත වන විට මිලංකා මිළ දර්ෂකය ඒකක 7135.53 පමණ වෙලා තියෙනවා..


ඔන්න ඉතිං මම අද හැදුවේ ඔයාලට මේ කොටස් වෙළඳපොල පිළිබඳ හැඳින්වීමක් කරන්න නෙවෙයි.. ආට හරීඅ පිළි බඳව දැනුවත්වීමක් වෙන්නාවශ්‍යයි නම් Guide to CSE අඩවියට ගිහිං දැනුවත් වෙන්න පුළුවන්.. ඒ වගේම Colombo Stock Exchange කියන කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියෙනුත් අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්..

කවුරුවත් ඉතිත් තරහා ගන්න එපා තම මම කාරනේ කිවුවේ නැති එකට.. මෙන්න මේකයි සීන් එක මම ඔයාලව දැනුවත් කරන්න හැදුවේ මේ විදියට කොටස් වෙළඳපොළ කටයුතු ඉහළ ගිය එක සාමාන්‍ය කොටස් හිමියන්ට බලපානවද නැද්ද ඒ බලපාන්නේ කොහොමද කියන එක.. [සමාගම් දෙක තුනක පොඩි කොටස් අයිතියක් තියෙන නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා]



මුලින්ම කියන්න ඕන මෙහෙම කොටස් වෙළඳපොල තත්ත්වය ඉහලයන්න බලපාන ප්‍රධාන හේතුවක් ගැන..

අම බොහොම සරළ විදියට කියන්නම් තේරුම් ගන්න උත්සාහා කරන්න.. අමාරුවුනොත් කොමෙන්ටුවකින් අහන්න.. [තේරුනා නම් කොමෙන්ටුවක් නොදා යන්නත් එපා..]

කොටස්වෙළඳපොලේආයෝජනය කරනවා කියන්නේ ලොකු ලාභයක් ලබන්න පුළුවන් ක්‍රමයක් නේ.. හැබැයි ඒ වගෙම තමා අවදානමත්.. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Higher the Risk, Higher the Return කියලා.. ඉතිං ඔය Higher the Return කියන තත්ත්වය නිසා ධනවත් පුද්ගලයින් කොටස් වෙළඳපොල තුලතම මුදල් ආයෝජනයට පෙළඹිලා තියෙනවා.. හැබැයි දැන් දැන් සාමාන්‍ය ජනතාවත් කොටස් වෙළඳපොළට ඇදී එන ප්‍රවනතාවය වැඩි වෙලා තියෙනවා..

හැබැයි මේ ධනවත් පුද්ගලයින්ගේ මහා පරිමාණ ආයෝජන නිසා සාමාන්‍ය ජනතාවගේ ආයෝජන වලට බලපැමක් කරන්න වුන්ට පුළුවන් වෙලා තියෙනවා.. ඔන්න ඔය හේතුව නිසා පහුගිය දවස් වල සුරැකුම්පත් හා විනිමය කොමිෂණ් සභාව විසින් නව නීතියක් පැනෙවුවේ.. හැබැයි ආයෙත් ඒක ඉවත් කලා.. පසුව අවශ්‍යතාවක් ඇතිවුනොත් ආයෙමත් පැනවීමේ බලාපොරොත්තුවෙන්..

ඔය මහාපරිමාණ ආයෝජකයින් වෙළඳපොල තත්ත්වය පාලනය කරන්නේමෙහෙමයී..

යම් ආයෝයෙකුට තේරුම් ගියහොත්, ඔහු සතුව විශාල කොටස් සංඛ්‍යාවක් ඇති සමාගමක කොටස් මිල ඉදිරියේදී ඉහල යාමක් සිදුවේ යැයි කියා.. එවිට ඔහු විසින් සිදු කරන්නේ ඔහු සතුව ඇති කොටස් සංඛ්‍යාවෙන් ඉතා සුළු ප්‍රමාණයක් [ඇතැම්විට 4%-5%] ඉතා අඩු මිලකට විකිණීමට කටයුතු යෙදීමයි.. එසේ කොටස් මිල් විශාලලෙස අඩුවී ඇති බව දකින, එම සමාගමේ කොටස් හිමිකම ඇති අනෙකුත් සාමාන්‍ය ආයෝජකයින් සිදුකරනුයේ තමන් සතුව ඇති කොටස් ද ඉහත මිලටම විකිනීමට ඉදිරිපත් කිරීමයී.. ඉන්පසුව ඉහත කී මහාපරිමාණ ආයෝජකය විසින් එම අඩු මිලට ඇති කොටස් සියල්ලම මිලට ගැනීම සිදු කරනු ලබයී..

පසුව තම අභිමතය පරිධි කොටස් මිල ඉහළ දමා නැවතත් විකිණීමට ඉදිරිපත් කරනු ලබයි.. එම සමාගමේ කොටස් මිල නැවතඉහල යාමක්සිදුවී තිබෙනු දකින සාමාන්‍ය ආ​යෝජකයින් විසින් ඉදිරියේදී මෙම සමාගමේ කොටස් මිල තවත් ඉහල යන්නේ යැයි සිතා කොටස් මිලට ගැනීමක් සිදු කරයි.. අවසානයේදී සිදු වන්නේ තමා, ගත් මිලටවත් එම කොටස් විකුණා දැමීමට නොහැකි වීමයී..


උදාහරණයකින් පහදනවා නම්... ගුණපාල කියන මහාපරිමාණ ආයෝජකයා සතුව ABC සමාගමේ එකක් රු 80/= කොටස් වලින් වැඩි ප්‍රමාණයකි තියෙනවා කියලා හිතමුකෝ.. මොහුගේ ගණනය කිරීම් වලට අනුව එම සමාගමේ කොටසක මිල අනාගතයේ රු 150/= දක්වා ඉහල යන බව පෙන්නුම් කලා නම්.. [අෆොයි සමීකරණ නම් අහන්න එපා.. බර ලෝඩ් එකක් තියෙනවා..] මොහු විසින් සිදු කරන්නේ එම සමාගමේ කොටසක මිල රු 50/= දක්වා අඩු කර විකිණීමට ඉදිරිපත් කිරීමයි.. මේ දකින අනෙක් සාමාන්‍ය ආයෝජකයින්ද තමන් සතු කොටසුත් එම රු 50/= මිලටම ඉදිරිපත් කරනු ලැබේ.. -ඉන් පසුව ගුණපාල විසින් නැවත එම රු 50/= ඇති කොටස් සියල්ල මිලට ගෙන ටික කලකින් රු 150/= ට වඩා වැඩි මිලකට වෙළඳප්ලට නිකුත් කරනු ලැබේ..


ඔන්න ඕකතමයි සීන් එක.. කාටත් තේරෙන්න ඇති කියලා හිතනවා..


ඒක නිසා කොටස් වෙළඳපොලත් එක්ක ගණුදෙණු කරනවානම් පරිස්සමෙන් කරනව හොඳයී..

4 comments:

  1. හොඳ ලිපියක්.
    ස්තුතියි Guide To CSE අඩවිය ගැන සඳහන් කිරීම වෙනුවෙන්.
    ඔයාගෙ උදාහරණය ඉතාම හොඳින් පැහැදිලි කරනවා, වෙළඳපළ තුළ සිද්ධ වෙන්න පුළුවන් හා, මෑත අතීතයේදීත් සිදු වෙලා තියෙන දෙයක් ගැන.
    (හැබැයි 80 එකක් 50ට තරම් නම් එක පාරම පහළට වට්ටන්න අමාරුයි.)
    සුභ පතනවා ඔබගේ බ්ලොග් අඩවියට.

    ReplyDelete
  2. උදා හරනය නිසා හොදටම තේරැනා

    ReplyDelete
  3. guidetocse.com - ස්තූතියි..!! සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන නේ..

    [80 - 50 දැම්මේ උදාහරණයක් විදියට විතරයි..]


    @ගීත් - මට ඕන වුනෙත් ඒකමයි..!!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මේ වැදගත් ලිපියට
    ඔයාගේඋදාහරණය ත් හරිම නියමයි!
    ස්තුතියි මෙ කරුණු බෙදා හදා ගත්තාට!

    ReplyDelete