උදේ පාන්දරම වහින්න ගත්තම දවසෙම කිසි වැඩක් කරන්න වෙන්නේ නැති වුනාට කූල් එකේ ඉන්න පුළුවන් නිසා වහින තරමට ඇඟට සනීපයි. ඒක නිසා වැස්ස කොච්චර වැස්සත් එපා වෙන්නේ නෑ. පහුගිය දවස්වල තිබුන ඇඟ කර වෙන රස්නේ නිසා වහින්න පටං ගත්තම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැරි තරම්.
වහින වෙලාවත් හරියට හඳ තියෙන වෙලාව වගේ වැස්ස දිහා බලාගෙන කල්පනා ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන්. ඒක නිසාම වෙන්නැති මම වැස්සටත් ආස කරන්නේ. පොඩි දවස්වල ඉඳන් වහින වෙලාවට එළිය දිහා බලාගෙන ඉන්න මම ආසා කලා. සමහර දවසට හෙම්බිරිස්සාව හදාගෙන බැනුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි. හැබැයි ඒ මොනව වුනත් වැස්ස දිහා බලං ඉන්න එක නම් එපා වෙන්නේ නෑ. ඒ වගේම තමා වැස්ස වෙලාවට තෙමි තෙමි යන එක. ඒකත් ජොලි වැඩක් වුනත් වෙන කරන්නම දෙයක් නැති වෙලාවට ඇරෙන්න තෙමි තෙමි යන්නේ නම් නෑ.
වහින එකත් කලාවක් විදියට දකින පිරිසක් අපි අතරේ ඉන්නවා ඒ තමා කවියො, ගී පද රචකයෝ. ඔවුන් තම නිර්මාණ සඳහා වැස්සේ අලංකාර බව, සෞම්‍ය බව, ආදරණීය බව, එක් කරගෙන තියෙන්නේ එක එක්කෙනා වෙන වෙනස් විදියට. මේ විදියට වැස්ස එක්ක සම්භන්ධ වෙලා බිහි වුන ගීත කීපයක් අහලා බලමු. මේ ගීත කොයි තරම් අපේ ජීවිත වලට සම්භන්ධ ද කියලා හිතලා බලන්න.
මුල්ම ගීතය ගායනා කරන්නේ "ඩබ්. ඩී. අමරදේව" ශූරීන්. මේ ගීතයට සංගීතය එක කරලා තියෙන්නේ "සනත් නන්දසිරි" මහත්තයා. ඒ වගේම මේ ගීතයේ ගී පද රචනාව කරලා තියෙන්නේ ගීතය තමා "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා"
දෙවෙනියට දෙන්නේ මා සදා කැමති ගායකයෙක් වන "වික්ටර් රත්නායකයන්" විසින් සංගීතවත් කර ගායනා කරන, පද රචනය මහාචාර්ර සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති, "හිත මිතුරු සුළඟ" කියන සිංදුව.
තුන්වෙනියට දෙන්නේ අපිට ඉන්න ප්‍රවීන සංගිතඥයෙක් වෙන රෝහන වීරසිංහයන් විසින් සංගීතවත් කරලා ගායනා කරන "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" කියන ගීතය. මේ ගීතයේ ගී පද රචනාව සිදු වෙලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා අතින්.
ඊළඟට දෙන ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් හා වාදකයෙක් වන "සුමිත් ප්‍රියංකර". මොහු මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වේ. මේ ගීතයේ පද රචකයාගේ නම නම් හොයාගන්න බැරි වුනා.
අවසාන ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් වන "කසුන් කල්හාර" සහ "ඉන්ද්‍රචාප ලියනගේ" යන දෙදෙනා ගායනා කරන "මල් වරුසාවේ පාවි එන්නම්" කියන ගීතය.
වැස්ස කොයි තරම් ආදරණීය ද කියලා මේ සිංදු ඇහුවම හිතේවි.
4 weni sinduwe link waradiy
ReplyDeleteහැදුවා...
Deleteඅර මොකද්ද සිංදුවක් කියලා දාලා තියෙන ලින්ක් එක
ReplyDelete:-D
හුටස්.. වෙන මඟුලක් නේ ඇවිත් තියෙන්නේ... හරි ඔන්න හරි එක දැම්මා.... :D
Deleteවැස්ස ගැන සිංදු වලින් මන් නම් කැමතිම
ReplyDeleteඉමාන් පෙරේරා කියන මේ සිංදුවට
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
http://www.sendspace.com/file/ukfygn
ඔය සිංදුව තමා බං අර මම හතරවෙනියට දාලා තියෙන්නේ.. ඕක කියන්නේ ඉමාන් පෙරේරා නෙවෙයි සුමිත් ප්‍රියංකර....
Deleteවැස්ස වෙලාවට හීං අඩියක් ගහනකොට වෙන්න ඇති ඔය වගේ සිතුවිලි පහළවෙන්නෙ.
ReplyDeleteතව සින්දු ගොඩක් තියෙනවනේ.ඔය අතරින් මිණි මිණි පොද වැටේවි සින්දුවට ලස්සන අතීත කතාවකුත් තියෙනවා,රත්න ශ්‍රී සර්ගේ....
ReplyDelete..මං ආසම සින්දුව නම් ඔතන තියෙන ඒවයින් මුතු කුඩ ඉහලන මල් වරුසාවේ සින්දුව!
අද තමයි මේ කියවන්න ආවේ .
ReplyDeleteදිගටම කියවනවා .
" ජයස්සු ජය මංගලම් "