1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුන අතර 2013 වසරේදී මේ මොහොතේ දී අප සමරන්නේ 65 වන නිදහසේ අභිමානයයි. නමුත් මේ මොහොත වන විට නිදහස සැබෑ වශයෙන් අප හට අත්විඳීමට ලැබෙනවාද නැද්ද යන්න පිළිබඳ ගැටළුවක් ඇති අතර මා උත්සාහා දරන්නේ ඒ පිළිබඳ විග්‍රහයක් කිරීමට නොව.
1948 දී ලද නිදහසෙන් පසුව සෑම වසරකට වරක්ම පෙබරවාරි 04 වන දින ලංකාවේ ජාතික නිදහස් උත්සවය පවත්නව අතර මේ වන විට මේ වසරේදී එය ත්‍රිකුණාමලයේ දී පවත්වා අවසන් වී ඇති අතර මෙතෙක් පෙර වසර වලදී එය කොළඹ දී පවත්වා ඇත.
නිදහස සැමරීමක් වශයෙන් නිදහස් දිනයේදී, නිවෙස් වල, ව්‍යාපාරික ස්ථාන වල, රාජ්‍ය ආයතන වල, බැංකු වල, ආදී එකී මෙකී නොකී සියළුම තැන් වල මෙන්ම විවිධ ජාතික උත්සව අවස්ථාවන්වලදී ද ශ්‍රී ලංකා ජාතික කොඩිය ප්‍රදර්ශනය නමුත් මා දැක ඇති ආකාරයට නම් බොහෝ අය ජාතික කොඩියට නිසි තැන දෙමින් නියමිත ප්‍රමිතියෙන් යුත් කොඩි ප්‍රදර්ශනය නොකරන අතර කොඩිය දැමිය යුතු නිසා කොඩි ප්‍රදර්ශනය කරන අවස්ථා බොහෝ දුරට ඇත. මෙසේ නියමිත ප්‍රමිතියෙන් තොරව කොඩි මුද්‍රණය කිරීමට එරෙහිව රජය විසින් යම ක්‍රියාමාර්ග ගත යුතු අතර, වෙළඳසැල් හිමියන් ද ඒ පිළිබඳව සැලකිල්ලක් යොමු කල යුතුය.
මේ තත්ත්වය අප රටට පමණක් පොදු දෙයක් නොවන බව ගූගල් සෙවුම් යන්ත්‍රය ඇසුරෙන් පරීක්ෂා කලහොත් මට මෙන්ම ඔබට ද පෙනී යනු ඇත. රටක ජාතික කොඩියක් විවිධ ආකර වලින් නොවිය යුතු බව වටහා ගැනීමට අප හට එතරම් දැණුමක් අවශ්‍ය නොවන අතර එය විවිධ අවභාවිතයන්ට යොදාගැනිමට ද අප නොකල යුතු වේ. විවිධ නිර්මාණශිලී කටයුතු සඳහා ජාතික කොඩිය යොදා නොගන්නා මෙන් මා ඉල්ලා සිටින අතර යොදා නොගෙනම බැරි අවස්ථාවක නම් එයට සිදු වන හානිය අවම වන ලෙස භාවිතා කරන මෙන් මා ඉල්ලා සිටීමට කැමැත්තෙමි. හානි නොකර භාවිතා කරන්නැයි කිව නොහැක්කේ එසේ වෙනත් නිර්මාණ වලට ජාතික කොඩිය යොදාගැනීමේදී එයට සුළු හෝ හානියක් සිදු වන නිසා ය.
නියමිත ප්‍රමිතියෙන් යුතු ජාතික කොඩියක් ප්‍රදර්ශනය කිරීමට පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර මීට අමතරව තවත් ඇත්නම් අදහස් දැක්වීමේදී ඒවා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.
- ඉරුණු කොඩි ප්‍රදර්ශනය නොකල යුතු ය.
- දුර්වර්ණ වූ කොඩි ප්‍රදර්ශනය නොකල යුතු ය.
- සිංහයා උඩ යට මාරු වන සේ ප්‍රදර්ශනය නොකල යුතු ය.
- සිංහයා ඉස්සරහා පස්ස මාරු වන සේ ප්‍රදර්ශනය නොකල යුතු ය.
- නියමිත වර්ණයන් ට වඩා වෙනස් වර්ණයන්ගෙන් යුත් කොඩි ප්‍රදර්ශනය නොකල යුතු ය.
- ජාතික කොඩිය ඇඳුමක් ලෙස ඇඟ වටා දවටාගැනීමක් නොකල යුතු ය.
- කොඩිය මුහුණේ අලවා නොගත යුතු ය.
පහතින් දැක්වෙන්නේ මා දන්නා ආකාරයට නියමිත ප්‍රමිතියෙන් යුත් ශ්‍රී ලංකා ජාතික කොඩියයි.
http://srilankabeauty.blogspot.com/
තවද විකෘති කරන ලද කොඩි කිහිපයක් සහ ජාතික කොඩියේ අවභාවිත අවස්ථාවන් කිහිපයක් පහතින් දක්වන්නේ ඒ පිළිබඳව ඔබගේ දැණුවත් වීම සඳහා ය.
http://depositphotos.com/2597936/stock-photo-Sri-Lanka-national-flag.html
http://en.wikipedia.org/wiki/File:Flag-map-of-sri-lanka.png
http://www.nowpublic.com/world/sri-lankas-latest-national-flag
http://www.emirates247.com/a-japanese-held-for-defaming-sri-lanka-flag-2012-12-12-1.487043
http://www.worldflags.me/Flag.asp?Country=Sri-Lanka
http://www.123rf.com/photo_13038829_tourist-peru-made-by-sri-lanka-flag-colored-hands-showing-symbol-of-heart-and-love.html
http://www.shutterstock.com/pic-44847184/stock-photo-flag-of-sri-lanka-national-country-symbol-illustration-information-help.html
http://www.facebook.com
http://chiefsworld.activeboard.com/t41666734/cricket-world-cup-beauties-exclusive-pictures-from-chiefswor/
http://uk.eurosport.yahoo.com/26022011/2/photo/26022011125522.html
මේ ආකාරයට බැලීමේදී අද දින ශ්‍රී ලාංකීය නිදහස් දිනය වෙනුවෙන් ගූගල් ඩූඩ්ල් මගින් ඉදිරිපත් කර ඇති ලෝගෝවද ශ්‍රී ලාංකීය ජාතික කොඩිය විකෘති තිරීමක් යැයි විටෙක මට හැඟේ.
යම් කෙනෙක් නොදැනුවත්ව ඉහත දක්වා ඇති ආකරයට හෝ කිහිපයකට ජාතික කොඩිය යොදාගෙන ඇත්නම් මෙම ලිපිය තුලින් දැනුවත් යම් දැණුවත් වීමක් වනු ඇතැයි සිතමි.
ප.ලි - ඉහත ලිපිය මාගේ දැණුම් මට්ටම තුල සිට ලියන ලද අතර වැරදි වේ නම් ඒවා පෙන්වා දෙන්නේ නම් කෘතඥ වෙමි..
ප.ලි - ඉහත ලිපිය මාගේ දැණුම් මට්ටම තුල සිට ලියන ලද අතර වැරදි වේ නම් ඒවා පෙන්වා දෙන්නේ නම් කෘතඥ වෙමි..
අගේ ඇති පෝස්ටුවක්...ගූගලයා නම් අහිතක් කරන අරමුණින් කළා වෙන්න අමාරුයි.
ReplyDeleteගූගලයාට අප වන් පුංචි රටක් මතක් වීම ගැන තුන් හිතින්ම සතුටු වූ මටද ගූගලයා ගැන අහිතක් නොසිතේ..
Deleteඑහෙත් ලාංකීය පාපතරයින් ඊට වඩා එහා ගිය ජඩ කම් කරන්නේය.
ජාතික කොඩියේ සිංහයාගෙන් නිරූපණය වෙන්නේ "සිංහළ ජාතිය". ජාතික කොඩියට අනුව සිංහයාගේ පාට කහ පාට වෙන්නෝන.
Deleteගූගල් එකෙන් නම් නොදැනුවත් කමට කලා වෙන්නෝන..
මාත් දැක්ක අද දවසෙ කඩුවෙ එල්ලිලා ඉන්න සිංහයො සෙට්එකක්ම.
ReplyDeleteදැං එහෙම දානවා අඩුයි. ඉස්සර නම් ගොඩක් තැන් වල එහෙම තියෙනවා මං දැකලා තියෙනවා.. දැං අඩුයි..
Deleteහැබෑට මට ඕක ගැන හිතුනෙම නැහැනේ.එල මේ පෝස්ට් බුකියේ දාන්නම් කට්ටියටම දකින්න
ReplyDeleteඑළ එළ ටැංකෝ...
Deleteවටිනා ලිපියක්. ජාතික කොඩියේ දැක්වෙන ලාංඡනය වෙන රටවලත් රට සංකේතවත් කරන්න භාවිතකරනවා මම දැකල තියනවා. ඒ නිසා මගේ මතයනම් google doodle එකත් 8 වෙනි පින්තුරේ තියන එකත් ජාතික කොඩියේ අවභාවිතයන් කියන්න අමාරුයි. ජය...!
ReplyDeleteසමහර විට වෙන්න පුළුවන්.. මට හිතුන විදියට මම හිතුවේ ඒවා නිසා ජාතික කොඩියට අගෞරවයක් වෙනවා කියලා.
Deleteමං නම් විශ්වාස කරන්නේ තරඟයකදී ජාතික කොඩිය ඇඟ ලා ගැනීමට, මුහුණේ අලවා ගැනීමට ඉඩ දිය යුතුයි කියලා. මට හිතෙන්නේ එය කොඩියට අගෞරව කිරීමක් නොව, කොඩියට ආදරය කිරීමක් විදියට අප වටහා ගත යුතුයි.
ReplyDeleteගූගල් ඩූඩ්ල් එක ජාතික කොඩියේ විකෘතියක් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයද එහෙම වෙන්න ඕන. ලාංකික (වඩාත් නිවැරදිව සිංහළ) අනන්‍යතාවය ප්‍රදර්ශනට කිරීමට සිංහ රුව භාවිතා කිරීම වැරැද්දක් විදියට දකින්න බැහැ.
කොඩිය පෙරවා ගන්න එක ගැන මම නං විරුද්ධයි.
Deleteශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය වෙනම ලාංඡනයක් එක කොඩියට සම්භන්ධයක් නෑ නේ. එහෙම බැලුවොත් සිංහයා ඉන්න ලාංඡන කොයිතරම් තියේද ලංකාවේ.
හැබැයි ගූගල් ඩූඩ්ල් එකක් මගින් කරන්නේ ජාතික කොඩිය සංකේතවත් කිරීමක්. එතනදී සිංහයා කහ පාට වෙන්න ඕන.
"හැබැයි ගූගල් ඩූඩ්ල් එකක් මගින් කරන්නේ ජාතික කොඩිය සංකේතවත් කිරීමක්"
Deleteමෙහෙම කොහෙවත් සඳහන් වෙලා තියෙනවද ?
doodle එකෙන් ලංකාව නෙමෙයිද සංකේතවත් කරලා තියෙන්නේ ?
සෑහෙන්න වටින විස්තරයක් මචං.. මැච් බලන්න යද්දී තමයි කොඩිය ගැන ගොඩක් අය නොහිතන්නේ..
ReplyDeleteලංකාවේ ඉන්න අපේම උන් තමයි රටේ නම්බුව කන්නේ.
ReplyDeleteHafooi mehetta aapu kal...
ReplyDeleteEla ela. Meka watinawa. Dan thiyana Jaathika kodi, Baudda kodi okkotama thawa amathara wata theerayak ekathu wela thiyanawa sudu paatin. Eken kiyanne rate mala gama patan aran kiyana ekada manda?