Thursday, December 1, 2011

මගේ ප්‍රථම හයිවේ අත්දැකීම..

මේ මාසේ 27 වෙනිදා ලංකාවේ ඉතිහාසයට අලුත් දෙයක් එකතු වුනා.. කවුරුත් දන්න විදියට ඒ තමයි ලංකාවේ ප්‍රථම අධීවේගී මාර්ගය ලෙස “දකුණු අධිවේගී මාර්ගය“ විවෘත කලේ.. පාර විවෘත කල දවසේ ඉඳලා ඒකේ යන්න ආසාවක් අපිටත් ඇති වුනේ ලංකාවේ අපිට මේක අලුත් දෙයක් වුන නිසා.. අනිත් විශේෂ කාරනාවක් වුනේ දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වන කොට්ටාව මාකුඹුරේ තමයි අපේ ඔෆිස් එකත් තියෙන්නේ..

ඉතිං අධීවේගී මාර්ගය විවෘත කලයින් පස්සේ ඉඳලා අපේ හිත් වල පැලපදියම් වෙච්ච මේ අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනේ අද.. ඒකත් වුනේ හදිසියේ.. අපේ කස්ටිය වුනේ අබීතයියා, මම, ඩැනියා සහ කට්ටා.. වාහනේ තමයි ටොයෝටා වියොගෝ කැබ් රථයක්..

ඔන්න ඊට පස්සේ අපි හවස 4.00 විතර ගියා මාකුඹුර අධිවේගී මාර්ගයේ පිවිසුමට..


වාහනේ අරං ගියේ අබීතයියා


මේ තියෙන්නේ පිවිසුම් වටරවුම


ඔන්න ඉස්සරහින් තියෙන්නේ පිවිසුම් දෙරටුව


ඔන්න අපි ටිකටුත් ගත්තා


ඇතුල් වෙනකොටම දැක්කේ ඇඟ සීතල වෙන දර්ශනයක්



මෙන්න පාරේ ලස්සන


පාරට දාලා ටික වෙලාවකින් මෙන්න මීටරේ


මෙන්න අපි හතරදෙනා


තව ටික දුරක් ගියාම ඔන්න වේගේ වැඩි කලා


හුරේ... තව වැඩි කලා


බලන්න ඕන වටපිටාවේ ලස්සන






ඔන්න ඈතින් එනවා ආපදා රථයක්


ටිකට් ගත්තා විතරක් නෙවෙයි පිටවීමේදී සල්ලිත් දුන්නා


ඔන්න ඉතිං අපි හවස 4.42 වෙද්දී ගාල්ලට ළඟා වුනා.. ගාල්ලට ගියාට මොකෝ කරන්න දෙයක් නෑ.. එහේ ඉන්න එවුන්ට කෝල් කර කර බැලුවා මොකෙක් වත් සෙට් කරගන්න පුළුවන් ද කියලා.. ඒත් හරිගියේ නැති නිසා කෝකටත් ටවුන් එක පැත්තට යනවා කියලා හිතං ඒ පැත්තට යන්න පටං අරං ගාලු වරාය ටිකක් පහු කරලා අයිනට කරලා නැවැත්තුවා තවත් එකෙකුට කෝල් එකක් දෙන්න හිතං..

එතකොටම කවුද පොරක් ඇවිත් අබීතයියා ඉන්න පැත්තේ වීදුරුවට තට්ටු කලා.. අම්මා ගහයි ටීන් එකෙන්.. ඔන්න දෙන දෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමාලු.. මේ ඇවිත් ඉන්නේ නාවික හමුදාවේ දෙවන ලුතිනන් කෙනෙක්ලු.. අබීතයියගේ ඉස්කෝලේ කෙනෙක් ලු..

එයා වැඩකරන්නේ නාවික හමුදාවේ “සාගරය“ කියන නැවේ ලු.. ඔන්න අපිට දඹුළු ගිහිං තලගොයෙකුත් මරාගන්න චෑන්ස් එකක් ආවා.. එයාම කතා කලා “සාගරය“ නැව බලන්න යමු කියලා.. ගාලු ඇවිත් කරන්න දෙයක් නැතුව හිටි අපිට මේක නියම අවස්ථාවක් නිසා කස්ටියම කැමති වුනා.. 

ඉතිං ඔන්න පැය 1 1/2 විතර නැව බලලා ආයෙත් එන්න පිටත් වුනා.. ආයෙත් එන්න පටං අරං ටික දුරක් එනකොටම අපිට දකින්න ලැබුනේ හයිවේ එකේ හනිමුන් යන මනාළ යුවලක් සහිත මෝටර් රථයක්..



ගාල්ල පහු වෙලා අම්බලන්ගොඩ හරියට එද්දී පටං ගත්තා මොර සූරන වැස්සක්.. පාර දෙපැත්තේ තියෙන බළල් ඇස් (Cat Eye) නොතිබෙන්න අපිට පාරේ යන්න බෑ.. ඒ තරමට වැස්ස.. සාමාන්‍ය පාරක නම් කොහොමවත් යන්න බැරි තරමට වහින්න ගත්තා.. අලුත්ගම හරිය වෙනකන්ම වැහැපු තම වැස්ස ටිකක් අඩු වුනා.. ඒ වුනත් දිගටම වගේ වැස්ස.. 

ගාල්ලෙන් එද්දී වෙලාව හවස 6.20 විතර ඇති.. හැබැයි වැස්ස නිසා එනකොට නම් ආවේ හෙමින්.. කොට්ටාවට එද්දී හවස 7.15 විතර වුනා..

ඔන්න ඔහොම තමා අපි හයිවේ අත්දැකීම ලැබුවේ... :D

ප.ලි - වාහනේ යන ගමන් ගත් ඡායාරූප නිසා අපැහැදිලිකම් වෙතොත් සමාවන්න..

48 comments:

  1. මමත් 180ට විතර ගිහිල තියනව මගෙ කහ අශ්වයහිටපු කාලෙ. හැබැයි වැඩි දුර යන්න කලින් කැමරාවකුත් වැදුන මතකයි.

    දැන් කහ අශ්වය නෑ, ඒ හින්ද හයියෙන් යන්නත් බෑ

    ReplyDelete
  2. සික් ගියා මදිවට සද්දෙත් දානවා. හිටින්කෝ මගේ කාරෙක තාම ෆැක්ටරියේ ඩිසයින් කරනවා. ආවම යනනම්....:DDD

    ReplyDelete
  3. අඩේ 170 යි... ආසාවෙ බෑ... මාත් යනව කවද හරි ඔය පාරෙ 180 ට ම. ඒකත් කරන්න බැරි වෙන හැඩක් තියන්නෙ.. ඔන්න හෙට(02) ඉඳං හයි ස්පීඩ් අල්ලනවලු. පරිස්සමින් යන්න වෙයි.

    ReplyDelete
  4. මගේ ප්‍රථම අත්දැකීමත් කවදරි ඉටුවේ..

    ReplyDelete
  5. අපේ උන්ට කොච්චර නීති දැම්මත් ඉතින් වැඩක් තියේයෑ.. උපරිම වේගේ 100යි කියනකොට යන්නේ 170ට...
    අවුලකුත් නෑ ඉතින් අර ඇමතියත් කියලා තියෙන්නේ 180ට මිනිහත් ගියා කියලා නේද..:D

    ReplyDelete
  6. සෝරෝ උඹට මතක ඇති අභීත ගොයියා අපේ දිහා ඇවිල්ලා අර අපේ අබලං පාරේ එදා මහ රෑ අලි බලන්න ගිය වෙලේ කාර් එක සීයට අරං ගිය හැටි ..මම නම් හිතුවේ එදා මම සුං කියලා

    අභීත වගේ එකෙකුට මේ වගේ පාරක් මදි බං ! ඌට දෙන්න වටින්නේ ෆෝමියුලා කාර් එකකුයි ඒ වරිගෙම ධාවනපථයකුයි

    මේ පෝස්ට් එකම ඇති උඹලට දඩ කොලයක් වදින්න . ඇයි පාපොච්චාරනයකුත් එක්ක සාක්කිත් තියෙන්නේ

    ReplyDelete
  7. හුටස් මූ ආපදාවක් නැතුව ඇවිත් නේ,,,

    ReplyDelete
  8. මමනම් අධිවේගයේ 200 එහා ගිහින් තියෙනවා.. හැබැයි ලංකාවේ නම් නෙමෙයි.. සෝරෝගේ ඔෆිස් එක කොයි හරියෙද තියෙන්නේ.. අපේ ගෙවල් තියෙන්නේත් ඔය පිවිසුම ලගම තමයි...

    ReplyDelete
  9. අනේ කෑනොගහ ඉන්න සොරෝ......අපි 220 ට ගියෙ ලයිසොන් ගන්නත් කලින්.....(සිරි ලංකාවෙ නම් නෙවේ)

    ReplyDelete
  10. දඩ කොලේ ගන්න හෙට එන්ටෑ .....

    ReplyDelete
  11. හත්තිලව්වෙ ළමයිනේ පාර හදපු ඉන්ජිනෙරුවො 100 ට යන්න විතරයි පුලුවන් කියන්නෙ දඩ ගහන්න නෙමෙයි ඊට හයියෙන් යන්න පාර සුදුසු නැති හින්ද... හලේ... සංදුක්කේ...

    ReplyDelete
  12. තරහකට නෙමෙ මෙ කියන්නෙ. ම්මනම් හිතන්නෙ 100 යට යන්න තියෙනේ lane දෙක් පරෙ 170 යනව කියන්න අමු මොඩ කමක්. මම ඉන්නෙ ලන්කවෙ නෙමෙ. මෙහෙ තියෙනව එක පෙත්ත්ට ලේන් 6ක් තියෙනෙ Freeway. ඒත් කෞරුවත් අඩු ගානෙ 120 ට වත් යන්නෙ නෑ.ඈත්තටම කෞරු කොහොම කිව්වත් ලන්කාවෙ අපිට තාම ලොකු ස්පීඩ් යනකොට වහනෙ පාලනය කරන හැටි පලපුරුද්ද මදි. මාත් ලන්කාවෙ ඉද්දි හිතන් හිටියෙ පාර තියෙනෙවනම් 150 ට යන එක කජ්ජක් නෙමෙ කියල. ඒත් ඉතින් යන්න ගත්තම, වෙනෙ දෙවල් දැක්කම තමා තේරෙන්නෙ ඒකෙ රිස්ක් එක
    ඔයාලගෙම හොන්දටය් කියන්නෙ. ෆ්‍රීවේ එක රේස් ට්‍රෑක් එකක් කර ගෙන් හෙමොම තරන්ගෙට් 170 ට යන්න ට්‍රය් කලොත් වෙන්නෙ අශ්චර්යයේ දොරටුව, අපායට් දොරටුව වෙන එකය්.

    ReplyDelete
  13. එලවන එකා සීට් බෙල්ට් දාල, අනිතු තුන්දෙනාම අමුවෙන්, වාහනේ 180kmph යනව.වැදුනොත් කට්ටියව සවලෙන් එකතු කරන්න වෙන්නෙ.ලංකාවෙ මිනිස්සු නීතියට වැඩකරන අය නෙමෙනෙ කවදාවත්.මට පේන විදියට හයි වේ(ටොල් වේ)එකක් අපේ මිනිස්සුන්ට හදල දීල කියන්නේ වදුරන්ට දැලි පිහි දීල වගේ.

    ReplyDelete
  14. ෂික් තාම එකෙක්වත් මැරුනේ නැති පාරේ උඹලට තිබ්බා නම තියලා එන්න :-D

    ReplyDelete
  15. කවදත් වාගේ සොරෝගේ සටහන අපූරුයි, අපටත් යන්ට ආසාවක් ඇති කලා

    කොමෙන්ට් දාපු අයටත් ස්තූතියක් ලැබෙන්ට ඕනේ, ඔය වාගේ පාරවල් වල වාහන එලවපු අයගේ අදහස් හරි වටිනවා, එව්වායින් මමත් යමක් උගෙන ගතිමි, සැකෙවින් පහල;

    1. අපේ තියන වාහන කලාතුරකින් 100 km/h ඉක්මවන්නේ, ඉතින් එහෙම ඉඳලා හිටලා යනකොට ආපදාවක් වෙන්න තියන ඉඩකඩත් වැඩියි නේද වාහනයට? වේගයෙන් යනකොට එහෙම දෙයක් වුනොත්?

    2. සපා කීවා වාගේ පාරේ ඝර්ෂණය, තාර මිශ්‍රණය ගැලවෙන්න තියන ඉඩකඩත් වැඩි ඇති 100 ට වඩා ගියහම; බ්‍රේක් පාර එක්ක බැදුවේ නැත්නම්?

    3. අධි වේගයෙන් යන කොට අනෙක් අයට සීට් බෙල්ට් - කස්සට නම් පින් මේක මතක් කලාට!

    දැනමුතු කම් දෙන්න ආව නෙමේ මල්ලියේ හොඳේ, කාගේ වුනත් ජීවිත වටිනවා නොවෑ, පොඩි හරි අතුරු ආන්තරාවක් වුනොත් තමුන්ටම නෙව අලාබේ - කවුරු කල්පනා කලත් නොකලත් තමුන්ගේ ජීවිතේ බේරාගැනීම තමුන්ට බාරයි

    ReplyDelete
  16. ඇයි බන් සෝරො අය්යා ඔය 200 ටම තියන එකෙ ඉතිරි ටිකත් ඇද්දනම් හරිනෙ :ඪ්

    ReplyDelete
  17. @හසී - හික් හික්.. :D

    @රුචා - පොඩි වෙලාවක් ගියා 180ට ඒකේ ෆොටෝ එකක් ගන්න බැරි වුනා...

    @ප්‍රියන්තයියා - හික් හික්... ඔයාගේ වාහනේ ආවම අපිටත් කියන්න... :D

    @සිහින - ආසාවට තමා බං අපිත් ගියේ.. අපිට නම් ආරංචි මාසයක් යනකන් චැක් කරන්නේ නෑ කියලා..

    @චන්දික - ඉක්මනටම ඉටු වේවා..!!

    @චමිදේවා - ආසාවට බං ගියේ.. ආයෙ යන්නේ නෑ නේ.. අනික ඇමතිලත් යන එකේ... :D

    @සඳරු - හික් හික්... ඒ ඉතිං අලියා ගියොත් කියල නේ බං... හුටා ඔවුමයි.. දඩ කොලේ ඒවිද මන්දා.. :D

    @ඩිලාන් - යහතිං ආවා යකෝව්.. :D

    @දිනේෂ් - අපි ගිය එකේ 200ට යන්න බෑ බං.. ඔෆිස් එක තියෙන්නේ අලුතෙන් දාපු පීසා හට් එක ඉස්සරහා..

    @වින්චැට් - අපිට අදාල නෑ නේ ලංකාවෙන් පිට ගිය ඒවා..

    @ඔබ නොදුටු ලොව - හේ හේ හේ ඒව කියන්න බෑ.. :D

    @සපතේරු - පාරට දැම්මම තියෙන ආසාවට බං ගියේ.. ඇත්ත ඔයා කියන එක සම්පූර්ණ ඇත්ත වෙන්නෝන..

    @අන්දරේ - ආසාවට ගියාට දැං හිතෙනවා තමයි මෝඩකමක් කියලා.. ලංකාවේ අපිට අලුත් අත්දැකීමක් වුන මේක වෙන රටවල් වලට සාමාන්‍ය දෙයක් නේද.. ආයෙ යනකොට නම් නිමිත වේගසීමාවේ යනවා අනිවාර්යෙන්ම..

    @කස්ස - ඉස්සරහා ශීට් දෙකේ විතරයි බං ෂීට් බෙල්ට් තිබුනේ.. වැදුනොත් ඉතිං එහෙම වෙන්න තිබුනා.. අපේ වාසනාවට එහෙම වුනේ නෑ.. මේ පෝස්ට් එක දාපු එකෙන් මම ගොඩක් දේවල් ඉගනගත්තා..

    @ම - ඒකට තමා යකෝ ගියේ.. උඹලගේ නරක වෙලාව තමා ඉතිං... :D

    @තිස්සයියා -අපිවගේ අයට දැනමුතුකම් දෙන්න තමා ඔයාලා ඉන්නෝන.. එහෙම දුන්නා කියලා අපි අමනාප වෙන් එකක්යෑ..

    අනිත් එක තිස්සයියා කියනවා වගේ මමත් ගොඩක් දේවල් ඉගනගත්තා මේ පෝස්ට් එක දාපු නිසා.. ඒ වගේම මේක බලපු තව එක්කෙනෙක් හරි පොඩි දෙයක් වත් ඉගනගන්න ඇති නේ.. ඒකම මදෑ..

    @තීක්ෂණ - ඒ ගානට මීටරේ කැරකෙන්නෑ බං... :D

    ReplyDelete
  18. හොඳ අත්දැකීමක් ලබලා තියෙන්නෙ !

    ReplyDelete
  19. මමත් මුන්ට කොච්චරවත් කිව්වා හයියෙන් බෑ කියලා... කොහෙද අනේ අයියේ අද විතරක් කිය කිය කෙඳිරි ගෑවනේ.... :P ඉතින් ගියා... අනිත් එක උපරිම අවධානෙන් ගියේ..... ඒත් වැඩේ වැරදියි.. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඒක කරන්න වෙන්නේ නෑ... මොකද හයිස්පීඩ් අල්ලනවා... දඩය ඉතා ඉහල අගයක් ගන්න නිසා කවුරුත් ඒ අවධානම ගන්න එකක් නැතිවෙයි...

    ReplyDelete
  20. සෝරෝ ගෙ නිහතමානිකම මම ඉතාම අගය කරනවා. මම දැන් තමය් දැක්කෙ සීට් බෙල්ට් දාල නෑ කියල. ෆ්‍රීවේ නෙමේ නිකන් පාරෙ යනකොටත් සීට් බෙල්ට් හරි වැදගත්. මම දැනට දන්න දෙන්නෙක් මේ ලෝකෙ තාම බත් කන්නෙ සීට් බෙල්ට් දාල ගිය නිසා.
    ඇත්තම කියනවනම් 110 වලින් එහා යනකොට සීට් බෙල්ට් එකත් මදි. ඒකනෙ දැන් ඔය 8,9 එයාර් බෑග් ස්ටෑන්ඩඩ් ම එන්නෙ. හැබය් ඉතින් 140න් එහා ඔය කෝක තිබුනත් වැඩක් නෑ. කරපු පින් ටික තිබුනහම ඇති.(දිව්ය ලෝකෙට )

    මේ ලින්ක් දෙකත් බලන්නකො

    http://www.ancap.com.au/home
    http://www.howsafeisyourcar.com.au/

    ReplyDelete
  21. දැනමුතුකම් ඉහටත් උඩින් ලැබිලා... ඒවා පිළිඅරගෙන ඉන්න මේ මොහොතේ මමත් දැනමුත්කම් දෙන එක පලක් නෑ...

    මේ කථාව නිසා දැනමුතුකම් හරි විදියට අරගත්තු අය අතරේ උන් ගිහින් කරදරයක් නැතිව ආවානම් අපිටත් බැරි මොකෝ කියන මානසිකත්වයකින් ඉන්න කව්රු හරි ඉන්නත් පුළුවන්.. ඒත් ඉතින් අභීත කියන විදියට අද ඉඳලා දඩ අය කරනවානම් ඒකත් වැලකිලානේ...

    සන්තෝසයි ලබපු අත්දැකීමට... වේගයට නෙමේ හරි..

    මේ සෝරෝ එතන තියෙන්නේ තිළිණ එකනෙ.. අර කලිසම් කමිස මහන්නේ.. ;)

    ReplyDelete
  22. අර මරණයා කිව්ව ටිකම තමා බං කියන්න තියෙන්නේ..චිහ් අපරාදේ උඹලට චෑන්ස් එක මිස් වෙලා...

    ඕකගේ ස්පීඩ් යෑම ගැනනං මටත් පොඩි දැනුමක් තියේ..අර ඉලංගේ මළගෙදර ගිහින් එනකොට කළුපාට කාර් කාරයෙක් වංගු පාරේ අපිත් එක්ක හරි හරියට ආවා..වෙන එකක්වත් එහෙම පේන තෙක් මානෙටවත් ආවේ නැහැ..පස්සේ තමා සුදු හංසි කිව්වේ ඒ ආවේ මොක්කුද කියලා...මාතලේ පාරේ බයික් එක්ක එන්න පුළුවන්නං හයිවේ එකේ යන එක ඒ හැටි දෙයක් නෙවෙයි තමා...

    මටනං ඕකේ වාහනයක් එළවීම නෙවෙයි බයික් එකක්..(මගේ තියෙන එක නෙවෙයි ඉතිං ඒකේ කොහේ යන්නද උපරිම සීයයි..)
    පදින්නනං ආසයි අම්බානකට...ඉස්සර මගේ XLR-125 ට්‍රේල් බයික් එකේ උපරිම 110-120ට තමා ගිහින් තියෙන්නේ..ඒකත් මේ නුවර පාරේ...ඕකේ ඉතිං බයික් පදින්න දෙන එකක්යෑ..මගේ ආසාවට සොරි ඩොට් කොම්...

    වාහනේ යන ගමන් ගත්ත හින්දා ඔය ගානට තිබුන එකත් මදෑ බං පොටෝ ටික...

    ReplyDelete
  23. සෝරෝ මල්ලි දැන් ඔය අශ්වයා අයින් කරලා හයි වේ යන්න පුළුවන් එකක් ගන්නද කල්පනාව?

    ReplyDelete
  24. පෝස්ට් එක දැක්කම ආසයි. කොමෙන්ට්ස් ටික දැක්කම බයයි...මමත් ආසයි බයයි වගේ තමා මේ දවස් වල ඉන්නේ...ඊළග ගාලු ගමන අධිවේගෙන් ද නිකන් වේගෙන් ද කියල තාම හිතනවා...

    ReplyDelete
  25. මහ උජාරුවට දාලා තිබ්බට මට නම් හිනාත් යනවා.... 100 යන්න කියද්දිත් 180 ට විතර යනවා කියන්නෙ....තියෙන නීතියක් බල්ලෙකුට දාන එකනෙ....

    http://maiyyagelokaya.blogspot.com/2011/11/blog-post_29.html

    ReplyDelete
  26. 170ට ගියපු මීටරේ ෆොටෝ එකක් දාන්න ලැජ්ජ හිතුනෙ නැද්ද? :)
    ස්පීඩ් ලිමිට් එකක් දාල තියෙන්නෙ ආසාවට නෙවෙයි. ආරක්ෂාවට.
    ඉස්සරහින් 80ට විතර ගිය වාහනයක් තිබුන නම්, නවත්තගන්න වෙලාත් මදිවුනානම්, ඒ වාහනේ යන අයත් අමාරුවෙ වැටෙනව නේද?
    වේගෙන් යන එක දක්ශකමක් නෙවෙයි. ඇක්සලේටරේ පෑගුවම, ඕනෙ වාහනයක් වේගෙන් යනව. මේ තියෙන්න ලෝකෙ අනිත් රටවල හයිවේවල ස්පීඩ් ලිමිට්.
    http://en.wikipedia.org/wiki/Speed_limits_by_country
    ලෝකෙ අනිත් රටවලත් උපරිම වේගෙ 100 -130 වගේ අගයක්.

    ReplyDelete
  27. @වෙනියයියා - ඔවු ඔවු... මේ තාම ලබනවා ඒ අත්දැකීම.. :D

    @අභිතයියා - ඔයා පවූ.... යන්න බෑම කියද්දී තමා ගියේ... :D

    @අන්දරේ - මචං බෙල්ට් දාලා නෑ නෙවෙයි.. ඉස්සරහා දෙන්නා දාලා ඉන්නේ.. පස්සේ ෂීට් එකේ ගිය දෙන්න තමා බෙල්ට් එක දැම්මේ නැත්තේ.. දැම්මෙ නැත්තේ වෙන හේතුවක් නිසා නෙවෙයි.. ඒ ෂීට් එකේ බෙල්ට් තිබුනේ නැති නිසා.. වැරැද්දක් කලා නම් ඒක පිළිගන්න එක මගේ හැටි.. හැබැයි ඒක වැරැද්දක් කියලා මටත් හැඟෙනව නම් විතරයි.. :D කොහොම වුනත් උපදෙස් වලට නම් ගොඩක් ස්තූතියි..!!

    @තනෝජක්කා - හපොයි ඒක තියෙන්නේ කොහේද පීසා එක තියෙන්නේ කොහේද... :D

    @මාරයියා - කියල වැඩක් නෑ බං මාරයියේ... චෑන්ස් එක මිෂ් වුනා නේ.. මාරයියේ ගනිං බං කාර් කට්ටක්.. දැං ඔය ඇති බයික් පැද්දා... :D

    @නිරෝෂිනී - බැරිද පොඩි සපෝට් එකක් දෙන්න... :D

    @පැතුම්මයියා - ආසාවට තමා බං අයියේ අපිත් ගියේ... දැං තමා බරපතල කම තේරෙන්නේ.. හැබැයි 80 - 100 අතර නම් බය වෙන්න දෙයක් නෑ...

    @දිල් - හරි හරි.. තවත් යන්නෑ... මේ අවසන් වර තමා...

    @නිෂු - දානකොට නම් ලැජ්ජාවක් හිතුනේ නෑ.. ඒත් දැන් නම් ලැජ්ජයි වගේ... කොහොම වුනත් ඔය සැරේ විතරයි ඔහොම යන්නේ...

    ReplyDelete
  28. මම හිතන්නෙ හයිවේ එක ඕපන් කරපු දවසෙ හැමෝම වගේ ඉතා ඉහල වේග වල ධාවනය කලේ පලමු අත්දැකීමේ ආසාවට. වැරදියි තමා ඒත් පට්ට වාහනයක ඩ්‍රයිවිං සීට් එකේ ඉද්දි පලමු වතාවට ඔය වගේ පාරක් සෙට් උනාම හිතට එන ආසාවයි, ඇඟට එන ගැම්මයි, ඔලුවට එන අංදෙකයි එක්ක ඒ ආසාව පාලනය කරන්න බෑ.

    පාර හදල තියෙන්නෙ උපරිම වේගය සීයට යන්න උනත්
    -වාහනයේ පාලනය
    -රියදුරාගේ පලපුරුද්ද (මේ කියන්නෙ ලයිසම කොච්චර පරනද කියන එක නෙමේ . . වේගයෙන් රිය පැදවීමේ හැකියාව)
    -අනිත් වාහනත් එක්ක පවත්වගන්න පරතරය
    -රියදුරාගේ සෞඛ්ය මට්ටම
    වගේ කාරනා හරියටම මේන්ටේන් වෙනව නං . . 170, 180 වගේ වේගයක වාහනය පැදෙවුවට කමක් නෑ . . . හැබයි පලවෙනි අත්දැකීම ගත්තට පස්සෙ ඒ ආතල් එක ආයෙ නොගන්නව නං තමයි වඩා හොඳ.
    මම ඒ දෙවල් කියන්නෙ අත්දැකීම් ඇතුව සහ පලපුරුද්දෙන්. හයි ස්පීඩ් එලවලා සහ කුඩු වෙන්නම හප්පගෙන

    ප.ලි.
    සීට් බෙල්ට් නොදාපු එකනං ලොකු වැ‍රැද්දක්.

    ReplyDelete
  29. හෙහ්... භයානක අද්දැකීමක්නෙ බං. ආයෙ ආවට පස්සෙ වාහනේ සීට් එහෙම හෝදන්න උනේ නැතෙයි ?

    තව ඩිංගෙන් අමතක වෙනව. හයිවේ එකේ හනි මූනුත් යන්න ඇහැකෙයි බං, වාහනයක්වත් ආවනං යටකරං යයි නෙව.. ;)

    ReplyDelete
  30. බිලේ පිංතූරෙ අපහැදිලියි. අනිවා යටිකූට්ටු වැඩක් තියෙනවා.

    ReplyDelete
  31. හයිවේ එකේ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තු එකට බොහෝම ස්තුතියි
    අපේ මිනිස්සු මේකේ ආරක්ෂා සහිතව යනවනම් ගොඩක් වටිනවා තමයි

    හයිවේ හදන්න අවුරුදු ගානකට කලින් තිබුණු සාමාන්‍ය පාරවල් වලත් 170, 180 ලොකු ප්‍රශ්නයක් නෙමෙයි සහෝ හොඳ මෝටර් බයික් එකකට(CBR,R1...වගේ)
    මමත් ඉස්සර එක පාරක් A9 එකේ කිසිම වාහනයක් නැති හරි කෙලින් හරියක මට යන්න පුළුවන් උපරිම වේගේ කීයද කියලා බලල තියෙනවා, ඔය කියන සීමාවට(170) කිට්ටු කරලා තියෙනවා බයික් එකේ.

    ඒවා මෝඩ සහ පිස්සු වැඩ, ඒත් කරන්න හිතෙනවා
    වයසේ වැරැද්ද වෙන්න ඇති
    මම දැන් බයික් පදින්නේ නැහැ, ඒවා කාලයත් එක්ක මග ඇරිලා ගියා

    ReplyDelete
  32. හ්ම් හ්ම්....ටොකු ඇන ඇන දීපු නොමැකෙන මතක එකතු කරපු දවසක් වගේ...නැවේ සිදුවිමුත් කියමුකෝ එහෙනන්..අපිට බලන්ට...

    පලිත්තමින් අනේ.....අභිතයියට හොද අනාගතයක් තියෙනවා...කවුරුත් අත දීලා නෑ..........නරකද හැකියාවට රැකියාවක් දුන්නොත් හික්ස්......රටටනේ ආඩම්බර..

    ReplyDelete
  33. හනිමුන් කපල් කපල් එකට මාරම හදිස්සියක් තියෙන්න ඇති නේ. ඒකනේ හයිවේ එකෙන් යන්න හිතලා තියෙන්නේ. හික්ස් :)

    අඩේ මාත් ආසයි හයිවේ එකේ ඔය වේගය අත්හදා බලන්න.

    ReplyDelete
  34. අඩේ පට්ට ගමනක්නේ....හිටපල්ලකෝ අපිත් ගිහින් පින්තූර දානකම් හි හි හි

    ReplyDelete
  35. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියවලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.කොහෙද ඉතින් හයිවේ වල ගිහින් තියෙන එකක් යෑ.
    කාටද බන් සීට් බෙල්ට් දාන් යන්න මතක් වෙන්නේ.වෙලාවට මෝටර් සයිකල්වලට සීට් බෙල්ට් එන්නෙ නැත්තේ........... :D

    ReplyDelete
  36. සෝරෝනම් සීට් බෙල්ට් දාලා නේදදානික් දෙන්නට තමා බඩු සෙට් වෙන්නෙ මොකක් හරි වුනානම්.

    ReplyDelete
  37. සිංගප්පූරුවේ ගිය වෙලාවේ ඒ රටේ හයි වේ ටිකක් නම් ගියා. ලංකාවේ එකක ගිය යන්නත් එපැයි. නැත්නම් අපේකමට මොකද වෙන්නේ :) කොහොම නමුත් මුල්මේ මරනේ වාර්තාව නොතියා යහතින් පැමිණීම ගැන සතුට ප්‍රකාශ කරමි

    ReplyDelete
  38. 180 යන්න නුසුදුසු පාරක නුසුදුසු වාහනේක ගිය එක කොළුකමට ගත්ත අවධානමක් කියලයි හිතෙන්නෙ. ඔය සිංගල් කැබ් නැත්තං ස්මර්ට් කැබ් වල පිටිපස්ස්සෙ බර පටවල නැත්තං බ්‍රේක් කලාම කැරකිල යනව සහ පාලනය පහසුවෙන්ම ගිලිහෙනව. මින් පස්සෙ ඔහොම වේගයක් අත්හදා බලනවනම් හොඳ කාර් එකක් මිස කැබ් නෙමෙයි.

    ReplyDelete
  39. ශික්.. මට යන්න බැරි වුනානෙ තාම..:( නියමයි අයියේ... ඔව්වා බලාගන්නත් පිං කරලා තියෙන්න ඕනෙ නෙ..:D

    ReplyDelete
  40. @ඕනයියා - ඔවු උඹ කියන එක ඇත්ත මචෝ අපිත් ආසාවට පළවෙනි දවස හයියෙන් ගියේ.. අර පහලින් කියපු ලිස්ට් එකේ දෙක තුනක් අභීතයියටත් තියෙන නිසා වෙන්නැති මම හිතන්නේ කරදරයක් වුනේ නැත්තේ.. අනිත් එක දැං කොහොමත් ස්පීඩ් චෙක් කරනවා.. ෂීට් බෙල්ට් දැම්මේ නැත්තේ පස්සේ ගිය දෙන්න විතරයි.. උන් දෙන්නට දාන්න ෂීට් බෙල්ට් තිබුනේ නෑ ඒකයි...

    @නවම්මයියා - කෙලින්ම සර්විස් ‍ස්ටේෂන් එකට තමා ගියේ.. :D යකෝ හයිවේ එකේ හනිමූන් ගියේ නෑ.. හනිමූන් එකට හයිවේ එකෙන් ගියා.. :D

    @සීතල - යකෝ යන ගමන් ඕක ගත්තේ..

    @ලොකු පුතා - මේකත් අපේ වයසේ වැරැද්ද වෙන්නැති.. අපිත් එහෙනම් උගේ වයසට ආවම මේක නැති වෙයි.. :D

    @අසනි - නැවේ සීන් එක නම් ලියන්න මතක නෑ.. ෆොටෝ නම් තියෙනවා.. අභීතයියට අත දීපු කෙනෙක් ඉන්නවා.. ඔයත් කැමති නම් ඉතිං දෙන්න අත.. එපා කියන එකක් නෑ මම හිතන්නේ.. :D

    @මධුරංග - හනිමූන් යන කාටත් ඔය හදිසිය තියෙනවා බං උඹත් ගිහිං බලපංකෝ.. :D

    @මකුළුවා - දාපං දාපං අපිටත් බලන්න..

    @රජිත් - මමත් ගොඩක් දේවල් ඉගනගත්තා පෝස්ට් එක දාපු එකෙන්.. තව එකෙක් හරි ඉගනනගත්ත නම් ලොකු දෙයක්..

    @නිසුපා - පස්සට සීට් බෙල්ට් තිුනේ නෑ ඒකයි..

    @හසිත - උඹ එහෙනම් අපේ කමට හරියන්නත් එක්ක මුල් මරණේ තියලා වරෙං.. :D

    @ඉන්දික - උඹ කියන දේ අපිට නිකමට වත් හිතුනේ නෑ.. මින් ඉදිරියට මතක් වේවි උඹ මේ කියපු එක..

    @හිතුවක්කාරි - ඔවු ඔවු මම නොසෑහෙන්න පිං කරලා තියෙනවා.. :D

    ReplyDelete
  41. තව කැබ් එකක ඩරට් රෝඩ් එකක ගොඩක් ස්පීඩ් යනවනම් (80, 100+) 4x4 දාගෙන යන්න, වාහනේ සෑහෙන කන්ට්‍රෝල් එතොකොට...
    ඕක හයිවේ වලටනම් අදාල නෑ..

    ReplyDelete
  42. අනේ එයයි ඒ අතයි හිතයි තියාන හිටපු දෙන්...මන් කිව්වේ මේ සැදැහැ සිතින් මග පෙන්වීමක් කරන්න ඕනා කියලා...

    ReplyDelete
  43. ටිකට් ගත්තා විතරක් නෙවෙයි පිටවීමේදී සල්ලිත් දුන්නා


    පුදුමයි....



    උබල ගාල්ලේ ආව වෙලේ මම හිටියෙ නෑනේ සික්... ( වෙලාවට දත් ටික බේරුනා )..

    අවවාද ලැබිල නේ ලෙසට හික් හික්

    ReplyDelete
  44. නියමයි... මටත් ආසයි high way එකේ යන්න.

    ReplyDelete
  45. අපේ ප්‍රාන්තයේ සුන්දරත්වය වින්දා ද? කිව්වා නම් මම වත් එනවා.!!

    ReplyDelete
  46. සෝරෝ ඔන්න කුමාරිහාමිත් ආවා..අනේ මේ රතුපාට බැක්ග්‍රවුන්ඩ් එක ඇහැට අමාරුයිනේ..ඔයා ඉතින් ඕවා ගැන ගොඩක් දන්න නිසාද..මේක බලන්න බැරි කරේ?

    ReplyDelete
  47. ඊ‍යේ පෙරේදා ගාල්ලේ ගියේ නැතෙයි.. ?

    ReplyDelete