අපේ ජීවිතේදී අපිට අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.. ඒවයින් සමහර දේ වලින් සතුටක් වගේම සමහර දේවල් වලින් දුකක් ඇතිවෙනවා..
බ්රහස්පතින්දා දවල් මට අයියගෙන් කෝල් එකක් ආවා හදිසියේ අසනීප වෙලා හොස්පිට්ල් ඇතුල් කලා කියලා.. මට බ්රහස්පතින්දා යන්න බැරි වුනත් සිකුරාදා දවල් ගිහිං අද උදේ (සඳුදා) තමා ආවේ.. මේ දවස් ටිකේම ඉතිං හිටියේ ඉස්පිරිතාලේ.. (සමහරු දන්නවා ඒක :D )
මේ අසනීපය ගැන මම වෙනම පෝස්ට් එකක් දාන්නම පස්සේ වෙලාවක.. මොකද මෙහෙම දෙයක් අපි කාට වුනත් වෙන්න පුළුවන් නිසා.. අවදානමට පෙර සූදානම හොඳයි නිසා මම ඒක ගැන විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්..
සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා හොස්පිට්ල් එකේ හිටියත් සඳුදා වැඩකරන්න ඕන නිසා මම උදේ පාන්දරම ඔෆිස් එන්න හිතාගෙන නාලා එහෙම කරලා (හප්පා මොන සැප ද තරු පහේ හෝටලයක් වගේ) එන්න හදනකොට අද දවසේ ඉන්න මල්ලි කිවුවා පුළුවන් නම් එයාට උදේ කෑමට මොනවා හරි සුළු දෙයක් අරං එන්න කියලා..
ඔන්න ඉතිං මමත් හා කියලා අයියා හිටිය රූම් එකෙන් එළියට ඇවිත් කොරිඩෝව දිගේ ඇවිදං ගියා ලිෆ්ට් එක තියෙන තැනට.. ටික දුරක් යනකොට ඉස්සරහට හමුවුනා ලස්සන නර්ස් කෙනෙක්.. හැබැයි අක්ක කෙනෙක්ද නංගි කෙනෙක් ද දන්නෑ.. :D
එක පාරට මෙයා මාත් එක්ක හිනා වෙලා මාව පහු කරං ගියා.. මාත් ඉතිං පස්ස බැලුවෙත් නැතුව :D එහෙමම ඉස්සරහට යන ගමන් කල්පනා කලා, "මම මෙච්චර දවසක් ඉඳලත්, අනන්නතවත් ඉස්සරහට හම්බවෙලත් හිනා නොවුන මෙයා අද හිනා වුනේ මොක ද" කියලා, කල්පනා කර කරම මම ලිෆ්ට් එක ළඟට ගියා.. උදේ පාන්දර නිසා ඒ වෙලාවේ ලිෆ්ට් එකේ යන්න හිටියේ මම විතරයි..
ලිෆ්ට් එක ඇතුලට ගිහිල්ලත් මම කල්පනා කලේ මොකද මෙයා හිනා වුනේ කියලා.. සමහර විට අද අයියාගේ ටිකට් කපයි කියලා කියලා තිබුනත් හරියටම කපයි කියලා දන්නේ නැති වුනත් මෙයා හිනාවුනේ ඒක නිසා ද දන්නෑ කියල කල්පනා කර කර ඉන්නකොට නිකමට වගේ මම මගේ දිහා බැලුවා..
මළ කෙළියයි මම කලිසමේ ෂිප් එක ඇරගෙන.... :D
හොඳ වෙලාවට අදින් පස්සේ ඒ පැත්තේ යන්නේ නෑ.. අද ටිකට් කැපුවා කියලා කෝල් එකක් දුන්න නිසා... :D
හුටා.. වෙන මුකුත් දැක්කද දන්නැ.. :D
ReplyDeleteකෙල්ලෝ හිනා වෙනවයි කියලා උඹ බස් එකේ එහෙම ඔව්වා ඇරන් යන්න එපා.......... :D
ReplyDeleteහිනා ගියේ ඇයි... මොකක් හරි අවුලක්ද... :P
ReplyDeleteඔය විදියට ගියොත් මමත් කෙළ්ළො මා එක්කත් හිනා වෙයිද?
ReplyDeleteහරි හරි ඔය විදියට හරි ගිය නිසා කෙල්ලෙක් හිනා උනානෙ...උන්න හැටියට මලා මදෑ....
ReplyDeleteමදැයි එහෙම හරි නර්ස් අක්ක හිනා උනා.
ReplyDeleteහෆෝයි
ReplyDeleteඋඹ යටට ඇඳලද හිටියේ..?
ReplyDeleteවෙලාවට ඒ අක්ක උඹෙං ඇහුවෙ නැත්තෙ . . . "මල්ලි ඔය ඔක්කොමද?" කියල
ReplyDeleteබලාගෙන අනකොට උඹත් එක්ක නෙමෙයි හිනාවෙලා තියෙන්නෙ...!
ReplyDeleteඅස්සය පිටේ නැඟල කඩු කස්තාන දාගෙන ගියාට සෝරෝලත් චාටර් වෙන වෙලාවල් තියෙනවා එහෙනම්.... අස්සය පිටේ යනකොට නම් පුතෝ ඔක්කොම වහගෙන ගියානම් තමා හොඳ... මේ අර හෙලිකොප්ටරේ ගත්තේ ආසාවට.. යවන්න ගොඩක් ඉඩ නම් ඕනේ තමා... දෙසැම්බර් මාසේ පුළුවන් උනොත් පොඩි එකක් ගන්නවා... හොඳ එක මොකක් ද කියල පුළුවන් නම් ලියල දාන්න..
ReplyDeleteඅනේ අප්පේ....වෙච්ච වැඩක්...:)))
ReplyDeleteඑහෙමවත් හිනාවුණු එක මදැයි හික් හික්
ReplyDeleteඔය වැඩේ නම් මටත් සෑහෙන්න වෙලා තියෙනව.
වහ ටිකක් නැද්ද ලග පාතක...
ReplyDeleteජය..
වහ කන්න වෙන සීන් එකක් නේ !!!
ReplyDeleteඅක්කා එබිලා බැලුවේ නෑ ද
සිරාවටම දුමී අයියා කියපු එක තමයි වෙලා තියෙන්නේ..
ReplyDeleteහිකිස් මෙයාටමනේ වෙන්නේ...
ReplyDeleteහික්ස්!නර්ස් අක්කල දැකලා ඇති බං ඔයිට වඩා හොඳ හොඳ ඒවා! අක්කට හිතෙන්න ඇති "මං දැකලා තියන එවත් එක්ක බලද්දි මේක මොකක්ද කියලා"එකයි හිනා වෙන්න ඇත්තෙ!හික්ස්!
ReplyDeleteඋබ හිතලමයි කොල්ලෝ සිප් එක ඇරගෙන ගියේ,,සොරෝ කියන්නේ අපි නොදන්න එකෙක් යෑ
ReplyDeleteහොද වෙලාවට ආයෙම ඒ පැත්තේ යන්නේ නැත්තේ.. වහ කන්න වෙන වැඩක් නේ මේක...
ReplyDeleteඅයියෝ සල්ලි..... සිප් එක ඇරගෙන ගිහින් හරි ලස්සන කෙල්ලෙක්ගෙන් හිනාවක් හම්බුන එකත් මැදැයි.... නොන්ඩි ටෝක් එකක් සෙට් නොවී
ReplyDeleteඒකනෙ ඕන ඕකයි සෝරෝ එක්ක ගෑනු ලමයි මෙච්චර කල් හිනා වෙලා නැත්තෙ.
ReplyDeleteනර්ස් කෙනෙක් හින්දම හොදයි.නැත්තං ඒ කෙල්ලට තොයිල් කරන්නත් වෙයි.
ReplyDeleteආයෙ ඕකෙ ටෙස්ට් කරලා බලන්න ගිහින් ගුටි කාගෙන වරෙන්කො
ReplyDeleteසෝරෝවටත් වෙන වැඩ..ආයෙ ගමේ යනවනං පරිස්සමින් පලයං මගදි හම්බුවෙන්න පුලුවන්..
ReplyDeleteහිකිස්.....
ReplyDeleteසිවිල් පිටද හිටියෙ...?
ReplyDeleteමම හිතන්නෙ වෙන මුකුත් දකින්න විදියක් නෑ හාවො. හික්ස්....
ReplyDeleteමටත් ඔය වගේ වැඩක් වුනා බස් එකේදි
ඕකට එලාම් එකක් හයිකරන්න බැරිද නේද මෙච්චර දියුණු ලෝකෙ?
ReplyDeletehenryblogwalker the Dude
යකෝ සිප් එක ඇරගෙන ගියාම හිනාවක් දුන්නා නම් .....
ReplyDeleteපොඩ්ඩක් ට්රයි කරලා බලහංකෝ .
හප්පේ .....මාර වින්නැහියක්නේ වෙලා තියෙන්නේ......
ReplyDeleteනියම උත්තරේ දිලා තියෙන්නෙ සබිත් :D
ReplyDeleteඅපරාදෙ බං. තව දොහක් අයිය ඉස්පිරිතාලෙ උන්නනං......
ReplyDeleteඒක නෙමේයි නර්ස් අක්ක හිනා උනේ මොකක් හරි අමුත්තක් නිසාද දන්නෙ නෑ බං, පොඩ්ඩක් දන්න කියන කෙනෙක්ට කියල බලගං පහු කොරන්නෙ නැතුව.
ෂිප් එක ඇරගෙන ගිහින් ඔහොම හිනා වුනා නම් ....... :)))
ReplyDeleteහෆොයි මුත්රා චෙක් කොලාද සොරෝ??
ReplyDeleteඇත්තට මොනා දැක්කත දන් නෑ නේද
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)