Tuesday, October 11, 2011

අම්මේ ඔබ...

විශ්ව විද්‍යාලයට යන්න බැරි වුන නිසාත් උසස් පෙලින් පස්සේ පාසල් අධ්‍යාපනය හමාර කලත් ජීවි‍තේ සාර්ථක ලෙස ගෙවාදමන්න පාසල් අධ්‍යාපනය ප්‍රමාණවත් නැති නිසාත් වෘත්තිය අධ්‍යාපනයක් ලබාගන්න ඕන කියලා අදහසක් උසස්පෙළ හමාකර කරපු කාලේ ඉඳලා තිබුනත් ඒ මොන වගේ ආයතනයකින් ආරම්භ කරනවද කියල හිතාගන්න බැරුව ඉන්න කාලේ ඒ කියන්නේ 2007 දී
අහම්බෙන් පත්ත‍රේ, ශ්‍රී ලංකා උසස් අධ්‍යාපය ආයතනයෙන් (SLIATE) දාපු දැනවීමක් දැකලා ඒකේ තියෙන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDA) අයදුම් කලේ උසස්පෙලත් වාණිජ්‍ය අංශයෙන් හදාරපු නිසා.. අමාරුවෙන් අවුරුදු හතරක්ම කට්ට කාලා ඒක ඉවර කරලා (තව එක රිපීට් එකක් තියෙනවා හැබැයි) රස්සාවක් හොය හොය ඉන්නකොට සෙට්වුනා බ්ලොග් අවකාශේ සහෘදයෙක්ගෙන්ම පොඩි ජොබ් එකක්..

අමුතුවෙන් කියන්න ඕන නෑ නේ ඒ කවුද කියලා.. ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත අයියා තමා මගේ බොස්.. රස්සාව කරන්න කොළඹ එන්න වුන නිසා අවුරුදු 25ක් ජීවත් වුන මගේ ගෙදරට තාවකාලිකව සමු දීලා කොළඹ ගෙන්දගම් පොළවට පයගැහුවේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේදී.. අවුරුදු 25ක් ‍පුරාවටම අම්මා උයලා දෙන දේවල් කාලා ඇතිවෙලා හිටියත් ඒ අත් දෙකෙන් උයලා දෙන බත් සුට්ට කොච්චර අගේද කියල තේරෙන්නේ අද මං කන්නේ කඩෙන් නිසා.. එළවළු වලට තුනහ මිරිස් ඒවා මේවාට අමතරව ආදරෙත් මදි නොකියන්න දාලා උයලා දෙන්න ඉන්නේ කවුද ඉතිං අම්මා ඇ‍රෙන්න..

අම්මා ගැන කියනකොට ඉතිං කොහෙන් පටං අරං කොහෙන් ඉවර කරන්න ද කියලා හිතාගන්න බෑ මට නම්.. මවු ගුණ ඒ තරමටම අනන්තයි නේ.. මම වගේම මේක කියවන ඔයාලටත් එහෙම වෙන්න ඕන.. ඒ වගේම තමා අම්මලාගේ ගුණ වර්ණනා කරලා කොච්චර සිංදු කියලා තිබුනත් ඒ සිංදු වල පවා මොනව හරි අඩුවක් තියෙනවා කියලා මට හිතෙනවා.. හැබැයි ඒ සිංදු අතරින් සංගීත විජේසූරිය කියන මේ සිංදුවට මම ගොඩක් ආසයි..

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා

යස ඉසුරට ලොබ බැද ලංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
ලෙඩ දුක් කරදර මා වටක‍රගෙන
ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා

මහළු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නම්
ඔබගෙ ලඟම ඉන්නම්
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භ‍වයේ අම්මේ ඔබේම පුතු ‍වෙන්නයි

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
මේ සස‍රෙදිත් ඔබයි මගෙ අම්මා
මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා



කියාගන්න බැරි අමුතුම ලස්සනක් තියෙනවා මේ සිදුවේ.. කැමති කෙනෙක් ඉන්නව නම් බාගෙන අහන්න.. ලස්සන සිංදුවක්..

විශේෂ දෙයක් කියන්න තියෙනවා මගේ අම්මා ගැන කියද්දී මගේ අම්මා අද 56 වෙනි උපන්දිනේ සමරනවා.. අම්මා, මගේ අම්මා වෙලා අද‍ට අවුරුදු 26යි දවස් 1ක් වෙනවා.. ඒ කාලය ඇතුලත මම දැනුවත්ව හෝ නොදැනුවත්ව අම්මගේ හිත රිද්දවලා ඇති ගොඩක් වාරයන්.. ඒ හැම ‍දේකටම සමාව දෙන්න කියන ගමන් 

මගේ අම්මට සුභ උපන්දිනයක් වේවා...!!

කියලා ප්‍රාර්ථනා කරනවා...

36 comments:

  1. හ්ම්ම්ම්... ඇස් දෙකට කඳුලු ආවා ඉතින් කියවන් යනකොට...
    දෙමව්පියන්ගේ සිත් රිදුනු දේ වලට සමාව සිතින් හෝ ඉල්ලීම හොඳ දෙයක් නේද... ආයේ ආයේ වීම අඩු කරාවි...
    මෙහෙම දරුවෙකුට ඉතින් ජීවිතේ වරදින්න හැටියක් නෑ...
    ජයවේවා...!!

    ReplyDelete
  2. සුභම සුභ උපන් දිනයක් අම්මේ..
    අපෙත් ආයුෂ අරගෙන ලස්සනට සතුටින් ජීවත් වෙන්න අම්මේ..
    ලස්සන බ්ලොග් එකක්.. ලස්සන ලිපි ගොඩක්.. නියමයි සෝරෝ..

    ReplyDelete
  3. ඔබතුමාගෙ මැණියන්ට සුභ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනව , අපේ අම්මගෙත් වයස 56 යි

    ReplyDelete
  4. අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා!

    ඕක මාත් කැමතිම සිංදුවක්. ලිපිය අපූරුවට ලියලා තියනවා.

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් වේවා අම්මේ!

    අපේ අම්මගෙ උපන්දිනේ තිබ්බෙත් මේ මාසෙ 8 වෙනිදා.දැන් අපේ අම්මට නම් 62ක් වෙනව.

    ReplyDelete
  6. අම්මාට සුභ උපන්දිනයක් වේවා...!!

    ReplyDelete
  7. අම්මට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයකට සුබ පැතුවා කියන්න..

    ReplyDelete
  8. අම්මට මගෙත් සුභ පැතුම් එක් කලා කියන්න !

    ReplyDelete
  9. අම්මා අපේ ජිවිතේ හැමදෙයක්ම... අය්යේ අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා සුභ පැතුවා කියන්න... ඒ වගේම ඔයාගේ උපන්දිනෙත් ඊයෙනම් දවසක් පරක්කු උනාට අය්යාටත් සුභම සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  10. මට මතක් උනේ උඹ ඉස්සර බස් පැද පැද ඉන්න වෙලාවට කියන "බත් සුට්ටක් කාලා එන්නං" කියන වචන ටික...

    අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා..!

    ReplyDelete
  11. අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
  12. ගුණේ තියෙන පුතෙක් හදපු අම්ම වාසනාවන්තයි

    ReplyDelete
  13. සෝරෝ ගැන හොදටම දන්නේ මමනේ.. මෙහෙව් පුතෙක් සෑදීම ගැන අම්මට පිං දෙන්න ඕන...

    සුභ උපන් දිනයක් අම්මා....

    ReplyDelete
  14. අයියගේ අම්මාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා... හරිම සංවේදී විදියට ලියලා.. ලස්සනයි..

    ReplyDelete
  15. මාත් ආසම සිංදුවක්. නමුත් මම් ඕකේ මුල් ටිකට ආස නෑ. අම්මේ මතු බුදු වෙන්න එපා කියන එක එච්චරම හොද නෑ. අම්මට දුක් විඳ විඳ මේ ලෝකේ ඉන්න දෙන්නේ කොහොමද.

    අයියගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා !!!!

    ReplyDelete
  16. මම හරි ආසයි මිනිස්සුන්ගෙ අවංක හැගිම් කියවන්න. එවගෙ ඇතුලෙ විස්තර කරන කතා දැනගන්න. අපිට තාක්ශනික දෙවල් ඔනා තරම් තියනවා නෙට් එකෙ හොයාගන්න , එත් අපෙ කාලෙ අපෙ වයසෙ මනුස්සයෙක් එලියට එද්දි එයා මුහුන දෙන දෙවල් ගැන ලියවිලා තියන දෙවල් අඩුයි.. මෙ පොස්ට් එකට මමත් ආසයි අම්මව බලාගනින්.. :D:D

    ReplyDelete
  17. සෝරෝගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . ඒ විතරක් නෙවේ තිස්තුන්කෝටියක් දේවදේවතාවුන්ගේ පිහිටත් ආරක්‍ෂාවත් ලැබේවා !!

    ඒවගේමයි සෝරෝටත් හැපී බර්ත්ඩේ !!

    ReplyDelete
  18. අම්මට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...

    එතකොට අයියගේ උපන්දිනේ ඊයෙද?? ඔන්න එහෙනම් අයියටත් සුභ පැතුම්....

    ReplyDelete
  19. කවියට මගේ හිත ගියා දන්නෙම නැතුව
    කෙටියෙන්ම කිව්වොත් සුභම සුභ උපන්දිනයක් සහෝ

    ReplyDelete
  20. සෝරෝ මලේ . . . අම්මාට සුභ උපන්දිනයක් පැතුවායි කියපං . . . . . .

    ReplyDelete
  21. සොරෝගේ අම්මට සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
  22. ආදරණිය අම්මාට....නිදුක් නීරෝගී සුව හා දිර්ඝායුෂ පතමි.

    ReplyDelete
  23. අම්මගෙ කෑම බීම ගැන නම් කුමන කතාද.... මතක් වෙද්දිත්... උබට නම් මාසෙකට පාරක් වත් දුවල එන්න බැරිය... ඒකට මට..

    මගෙනුත් සුබ පැතුම් අම්මගෙ උපන්දිනයට....

    ReplyDelete
  24. අම්මාට සුභ උපන්දිනයකට සුභ පැතුවා කියන්න.....ලිපිය ගැන මම කතා කරන්නේ නෑ...ඒකට කියන්න මගේ ළඟ වචන නෑ....

    ReplyDelete
  25. අම්මටයි පුතාටයි දෙන්නටම හැපී බර්ත් ඩේ.............!!

    ReplyDelete
  26. එකින් එක ‍ස්තූති නොකරට තරහා වෙන්න එපා...

    ස්තූතියි සියළුම දෙනාට...

    ReplyDelete
  27. ආදරණිය අම්මාට....නිදුක් නීරෝගී සුව හා දිර්ඝායුෂ

    ReplyDelete
  28. මේ සියළුම මෑණිවරු අපෙත් මෑණිවරු...ඇයට නිරෝගී සුවය හා දීර්ඝායු පතනවා ...

    ReplyDelete
  29. අම්මාට සුභම සුභ උපන් දිනයක් වගේම දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා !!!!

    ReplyDelete
  30. අම්මාට සුභ උපන්දිනයක් වගේම දීර්ඝායුශ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා.....!!!

    ඒ ව‍ගේම අයියාටත් සුභ උපන්දිනයක්!!!!!

    ReplyDelete
  31. late wishes to mum n boy.
    btw nice theme. love it

    ReplyDelete
  32. ඔන්න සෝරෝ අම්මගෙ උපන් දිනයට සිංහයගෙනුත් සුභ පැතුම් .......!!!!!

    ReplyDelete
  33. අපේ නොදැනුවත්කම් වලින් අපි අම්මලගෙ හිත් කොයි තරම් රිදවනව ඇද්ද? ඒත් එයාලට ඒව ගාණක් නෑ.. අපිව හදන්න එයාල ඊට වඩා දුක් විඳල හිත් වේදනා විඳල තියෙනවා...

    කවදාවත් අපට බෑ ඒවට ගෙවන්න. සෝරෝගෙ අම්මටත් සුභ පැතුම්. දීර්ඝායු!

    ReplyDelete
  34. මචන් කියන්න වදන් නැ...

    ReplyDelete
  35. අම්මාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා !

    කෑම හරි නෑ කිව්ව නේද, ඕං බලාපං අභීතයියා උඹට අදිං පස්සෙ රංජුලා අක්කා උයාපු බත් මුලක් ගෙනැවිත් දෙන්නෙ නැද්ද කියල. ;)

    ReplyDelete
  36. සංගීත් ගේ නේද? මමත් ආස සිංදුව. මට මුලදී අහද්දි හිතුනා ටිකක් ආත්මාරථකමී ගිතයක් නේද කියලා. බුදු වෙන්න එපා කියන නිසා.

    පරක්කුවෙලානේ සෑමා‍ මේ පැත්තට ආවේ. සෝරෝගේ අම්මාට මෙන්ම හැම අම්‍මා කෙනෙක්ටම නීරෝගි ජීවිතයකට ආසිරි.

    ReplyDelete