Wednesday, February 16, 2011

මම හාවෙක්, මම හාවෙක්

අද ලියන්න හදන්නේ මම අහපු කථාවක්.. වැඩි වල්පල් නැතුව මම කෙලින්ම කථාවට බහින්නම්කෝ...

ගුවන් හමුදාව, නාවික හමුදාව, පාබල හමුදාව යන ඒවට අමතරව ඕනම රටක පොලීසියත් ඉන්නවනේ.. මේ කථාවෙන් කියවෙන්නේ පොලීසියේ සුපිරි වැඩක් ගැන.. මේක බලන අපේ සමහර අය නම් දන්නවත් ඇති මේ කථාව..
ඔන්න ඉතිං ආරක්ෂක අංශයේ ප්‍රධානියා (ඒ කියන්නේ ජනාධිපති තුමා හරි, අණ දෙන නිලධාරියා හරි කවුරු හරි වෙන්නැති .. ඒක නම් දන්නෑ ඔන්න මම.. ඔය දෙන්නගෙන් කවුරු හරි කියලා හිතාගන්න හොද ද..) හැම ආරක්ෂක අංශයකින්ම දෙන්න දෙන්න කැ​ඳෙවුව ලු..

දැන් හැම අංශෙකින්ම දෙන්න දෙන්න ඇවිත් රවුමක් වගේ හිටගත්තලු.. පොලීසියේ දෙන්නෙකුත් ඇවිත් ඔතන හිටගත්තලු.. සාමාන්‍යයෙන් පොලිසිය කිවුවම අපිටඑන්නේ ජුගුප්සාජනක හැගීමක් නේ.. මම හිතන්නේ ඒ පොලිසියේ තියෙන කාර්යක්ෂම බව නිසා වෙන්නැති..

කට්ටිය සෙට් වුනාට පස්සේ ඔන්න ආව ලු අර ප්‍රධානියා.. එනකොට පොරට මැදට යන්න එහෙම කට්ටිය ඉඩ දුන්නම මෙයා දැන් මැදට ඇවිත් තියන්න පටං ගත්තලු මේ කස්ටියම කැඳවපු කාරනාව..

"මම මේ දැං ඔය කට්ටියම කැඳවන්න හේතුව දන්නවද කවුරු හරී.."
"නෑ..., සර්..."
"හරි එහෙනම් අහගන්න.. මම මේ කට්ටියම කැඳවුවේ මේ අංශයන් හැම එකකින්ම සාර්ථක, කාර්යකෂම, ඒ වගේම සංවිධානාත්මක අංශය තෝරන්න..
තේරුනාද.."
"යස් සර්...."

"මෙන්න මේකයි කරන්න තියෙන්නේ..
මම ගේනවා හාවෙක්.. ගෙනැල්ලා ඌව අතාරිනවා මේ කැලෑවට.. ඊට පස්සේ ඔය හැම අංශයකම දෙන්න දෙන්නට දෙනවා වෙන වෙනම අවස්ථාවල් මේ හාවා හොයන් එන්න..
කාලය දවසයි.. ඒ දවස ඇතුලත හොයන් එන්න උත්සාහ කරන්න ඕනි..
අද ගුවන් හමුදාව, හෙට පාබල හමුදාව, ඔය වගේ එක කණ්ඩායමකට වෙන වෙනම දවස ගානේ ලැබෙනවා..
තේරුනාද.."
"යස් සර්...."

"හරි එහෙමනම් පටං ගන්න.."

ඔන්න ඉතිං කිවුවත් වගේ ගුවන්හමුදාව ට තමා පළවෙනි වාරය ලැබුනේ.. දැන් ඉතිං මේ දෙන්නා පන දාගෙන හාවා හොයනවා හොයනවා..ම්ම්ම්හුහුහු... වැඩේ හරිගියේ නෑ.. දැන් හවස් වෙන්නත් ඇවිත්.. බැරිමතැන ඔන්න මේදෙන්න වැඩේ අතෑරලා ගියා..

මේ දෙන්නා හිස් අතින් එනවා දැකපු ලොක්කා අහනවා..

"කෝ අයිසේ.. හාවා.........?"
"හොයාගන්න බැරිවුනා සර්..."

"චැහ්.... හාවෙක් වත් හොයාගන්න බැරි හාදයෝ..
කවුරු මේ යක්කු හමුදාවට ගත්ත ද මංදා..
හා හා යනවා යනවා..."

ඊළඟ චාන්ස් එක ආවේ නාවික හමුදාවේ දෙන්නට.. කොහොමහරි මේ හාවා හොයාගෙන එනවා කියලා හිතාගෙන මේ දෙන්නත් බැස්සලු ගේමට..

මොන හාවෙක්වත් නෑ.. දවසත් ගෙවිලා ඉවරයි..

මේ දෙන්නත් ලොක්කගෙන් බැණුම් අහලා ඊළඟ දවසේ අනිත් අයගේ වාරේ ලැබුන ලු.. ඒ අයටත් වුනේ අනිත් හැමෝටම වුන දේම ලු.. හාවෙක් තියා හාවෙකුගේ වලිගයක්වත් හොයාගන්න බැරිවුනා ලු..

හරි ඔන්න දැං අන්තිම චාන්ස් එක ඉතුරු වෙලා තියෙන්නේ පොලිසියේ දෙන්නට ලූ.. මේ දෙන්නත් ලොක්කෝ වගේ ගියා ලු අනිත් අයවගේම හාවා හොයන්න.. වෙලාවත් යනව ලු මේ දෙන්න නෑ ලු හැබැයි තාමත්..

ලොක්ක හිතුව ලු මේ දෙන්නටත් බැරි වෙයි කියලා හාවා හොයාගන්න... ඔන්න ඔහෙම ඉන්නකොට ඈතින් එනවා පේනව ලු දෙන්නෙක්, මොකෙක්ද සතෙකුගෙත් බෙල්ලෙන් අල්ලගෙන.. දැං ඉතිං ලොක්කගෙත් හිතට සතුටුයි ලූ.. ඇයි ඉතිං වෙන කිසිම කණ්ඩායමකට බැරි වුන වැඩක් නේ මේ දෙන්නා කළේ..

අර දෙන්න ටික ටික ළං වෙනකොට ලොක්කට අමුත්තක් දැණුන ලු මේ අල්ලං එන සතා ගැන.. හරිනේ.. ළඟට ආවම නේ වැඩේ මාට්ටු වුනේ.. කැහැටු ගැහිච්ච වයසක නරියෙක් තමා මේ දෙන්නා මේ අල්ලගෙන ඇවිත් තියෙන්නේ.. මේක දැක්ක ගමන් ලොක්කට යකා වැහුන ලු..

"අයිසේ මම යැවුවේ හාවෙක්..."
ඔව් සර්.., මේ හාවෙක් තමා..."
"තමුසෙලා දෙන්නට පිස්සුද ඕයි, මේ නරියෙක් නේ..."
"නෑ සර්.., මේ හාවෙක්...."

දැන් ඔන්න ඉතිං ලොක්කගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න ලු

අයිසේ, තමුසෙලා දෙන්නගේ මොලේ හොඳ නැද්ද.. මේ නරියෙක් නේ.."
"සර්ට ෂුවර් නැත්තං මුගෙන් අහලා බලන්නකෝ.."

"මේකා සතෙක්නේ, කොහොමද අයිසේ මූ කථා කරන්නේ...?"
"ඔන්න සර් අහගන්න"

කියලා කියපු මේ දෙන්නා නරියගේ පැත්ත හැරිලා ඌගෙන් ඇහුව ලු "නරියෙක් ද හාවෙක් ද" කියලා.. එතකොටම නරියා කියන්න ගත්තලු "මම හාවෙක්, මම හාවෙක්" කියලා..

දැං ඉතිං කරන්න දෙයක් නෑ නේ.. ඌම කියාගන්නව නම් ඌ හාවේ කියලා පිලිගන්න වෙනවා නේ.. ඒක නිසා පොලීසියේ දෙන්නට සම්මානෙකුත් ලැබුන ලු..
_____________________________________________

ඔන්න දැං මේ දෙන්න​ට පොලීසියේදිත්රජ සැලකිලි ලු.. ඒත් ඉතිං කාටත් ප්‍රශ්නයක් ලු මේ නරියෙ​ක් කොහොම ද හාවෙක් වුනේ කියලා.. ඒක නිසා කට්ටිය මේ දෙන්නව වට කරගෙන අහනවලු වුනේ මොකක්ද කියලා..

මේ දෙන්නත් දැං ලොක්කෝ වගේ කථාව කියාගෙන යනවලු වුන ​දේ ගැන..

"මේකයි මචංලා වුනේ.. අපි දෙන්නා දැං පන දාගෙන හොයනවා හාවා.. මොන හාවෙක්ද මචංලා.. හාවෙක් තියා මෙලෝසතෙක් හිටියෙ නෑ.. ඔන්න ඔය අතරේ අපිට ඇහුනා මොකෙක් ද සතෙක් කෙඳිරි ගාන සද්යක්.. අපි දෙන්නා ඒ පැත්තට කිට්ටු කලාම මෙන්න ඉන්නවා උගුලකට අහු වෙච්චි නාකි නරියෙක්.. මේක දැක්කා විතරයි මගේ මොලේට ආවා මරු අයිඩියා එකක්.. ඉතිං මචංලා, අපි දෙන්නා මූව නිදහස් කරගෙන මග දිගට මූට ගහ ගහ පාඩම් ​කෙරෙවුවා මම හාවෙක්, මම හාවෙක් කියලා කියන්න..
ඔන්න ඕකයි මචංලා වුනේ..

ඔන්න ඕක තමා කථාව.. ඔය නරියට වුන දේ සත්‍ය ලෝකයේ දී මිනිස්සුන්ට වෙනව නේ ද.... :D

16 comments:

  1. හාවෙක් හාවෙක්....... අපියෙක් උනත් හාවෙක් කරන්න බැරියැ..... :D

    (සුට්ටි වැරදීමක් වෙලා පළවෙනි සැරෙයි දෙවෙනි සැරෙයි දෙපාරම හැවැ හොයන්න සෝරෝ අයියා යවලා තියෙන්නේ ගුවන් හමුදාවේ දෙන්නව...... :D)

    ReplyDelete
  2. ස්තූතිය හාවියේ.. :D

    ReplyDelete
  3. හා පටික්කිට දුක හිතුනත් නරියටය් හාවටය් වෙච්ච වැඩේ ගැන, පැටික්කි දැකල තියෙනවා කතන්දරේ කොනක් අල්ලගන්න තැනක්. කලින් අහල තිබුනත්, කලින් අහපු එකේ තිබුනෙ නැහැ, පොලිස් අය්යල වැඩේ කොරාපු හැටි ගැන කය්ය ගහන කෑල්ල. මේ සයිට් එකට ආවෙ අදමය්, පරණ කතා ටිකත් කියෝල බලන්න ඉන්නෙ.

    ReplyDelete
  4. හේ හේ ඒහෙනම් හාවිට වුනේ ඒක ද Observer :D

    එළ එළ තැංකිවු වේවා ආව​ට මේ පැත්තතේ... :)

    ReplyDelete
  5. සහතික ඇත්ත කතාව... එයාලා හරි දක්ෂයි කපුටෙක් උනත් සුදුයි කියල ඔප්පු කරන්න...
    අද කාලෙට ගැලපෙන නියම කතාවක්..

    ReplyDelete
  6. අර බලෙන් කියොවන එක නම් සෝරො අයියේ තියෙනම එකක් නේ ඉතින් ..ඒ ගැන කවර කතාද...හෙහ්..

    ReplyDelete
  7. පොලෝසියේ මහත්තුරු ගැන මම වචනයක්වත් නොකියමි ..අන්තිමේදී මාවත් එයාල හාවෙක් කරයි ..

    පට්ට කතාව නියමයි මචං

    ReplyDelete
  8. බලාගෙන ​සෝරෝ ඕව කියන්න ගිහින් උබේ අස්සයත් හාවෙක් කරයි.. ඊට පස්සෙ ඉතින් උබට හාව පිටේ තමා යන්න වෙන්නෙ :D

    ReplyDelete
  9. @පසන් - :D

    @෴ මල් සුවඳක් ෴ - මොනවා කියනවද බං ඒක ඇත්ත..

    @නිම්ශා - පොලීසිය ප්‍රසිද්ධ ඉතිං ඕවට නේ නංගී..

    @සඳරු - ඒක නම් ඇත්ත බං.. අපිත් හාවෝ තරයිද දන්නෑ.. :D

    @යොහාන් - අප්පට සිරි ඒකත් ඇත්ත නෙ... උඹ කියනකන් මට මීටර් වුනේ නෑ නේ ඒක.. :D

    ReplyDelete
  10. "මමත් හාවෙක්, මමත් හාවෙක්"

    :D
    ශුවර් එකටම හාවාට ශොට් එක දෙන්න ඇත්තෙ අර නරියා වෙන්ටෝන :D

    ReplyDelete
  11. මරු කතාව. පට්ට!!! නරිත් හාවෝ කරන්න පුලුවන් නේ පොලිසියේ අයට

    ReplyDelete
  12. අන්න පොලෝසියේ වැඩ.

    ReplyDelete
  13. එල සිතුවිල්ලටත් හිනා...
    හික් හික් හික් හික් හික් ...

    ReplyDelete
  14. ඔහොම නරියෝ කරලා ගත්ත හාවෝ ගොඩක් හිරගෙවල් වල ඉන්නවා..අර ඊ නිව්ස් එක පැත්තේ ඉඳලත් නරියෙක් අල්ලගත්තළු

    ReplyDelete
  15. මේ කතාවෙ තව වර්ෂන් එකක් තියෙනවා... ඔය පොලිසියෙ දෙන්න අල්ලගත්ත සතාට ගහල (අර අපේ කුඩු කාරයන්ට , හොරුන්ට වගේ) ඌට ගුටි කාලම ඇති වෙලා මම හාවා කියල කිව්ව කියල.....ලොල්........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete