වසර 2012 ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන්න තව තියෙන්නේ දවස් දෙක තුනකි. 21 වෙනි සියවසේ දිවි ගෙවන අප සතු විද්‍යාව බොහෝ දියුණු වී තිබෙන තරම කෙසේ වේද යත් එතුලින් කල නොහැකි දේ ඇත්තේ අතලොස්සක් පමණක් බව වැටහෙන්නේ දිනෙන් දින දෙසවන් වැකෙන පුවත් නිසාවෙනි. එසේ වුවත් නවීන තාක්ෂණ ලෝකයේම සිට ඇතැම් අය තවමත් කරන්නේ ගෝත්‍රික යුග වල සිටි කාලයන්හි දී සිදු කළා වූ දේයට වඩා අන්ත දේ බව මා මෙන්නම ඔබ ද හොඳකාරවම දන්නා කරුණක් වේ.