ඔන්න ඉතිං මම හා හා පුරා කියලා සිරීපාදෙත් කරුණා කළා.. ගොඩාක් සතුටුයි ඒක ගැන නම්..
අපේ කස්ටිය කරුණා කරන්න හිතාගෙන හිටියේ රත්නපුරේ පාරෙන් ඒ කියන්නේ පලාබද්දල හරහා.. රැ 12.00 විතර වෙනකොට අපි ගියා සිරිපාගමට.. ගිහින් බැහැලා බලනකොට බස් දෙක තුනක් තිබුනා හැබැයි පේන තෙක් මානයක මිනිස් පුලුටක් වත් නැ.. මහ රැ 12.00 කවුද ඉතිං අවදියෙන් ඉන්නේ... නේද හික්ස්.. අපේ නඩයට හිටියෙ 5 දෙනයි.. ඔහොම අපි හැරි හැරි ඉන්නකොට ඇතින් එනව දැක්කා කවුද.. අපි ඉන්නව දැකල තමයි මෙයා ඇවිත් තියෙන්නේ.. අපිහ් ඉතිං පොරට කිට්ටු කරල ඇහුව මෙතනින්ද කරුණාකරන්න පටන් ගන්නේ කියලා.. ඊට පස්සෙ මෙයා අපිට පාර පෙන්නුවා..
ඔන්න ඉතිං අපි සිරිපා කරුණාව පටන් අරගෙන අපි ගියපු වැන් එකේ ඩ්රයිවර් අයියට කිවුවා හැටන් වලට එන්න කියලා.. මොකද පි බහින්න ප්ලැන් කරන් හිටියේ හැටන් හරහා නිසා..
මුළින්ම ගියා පටන් ගන්න තැනම තියෙන පන්සලට.. ගිහිං පඬුරක් එහෙම දාල වඳිනකොටම මෙන්න මල් වරුසාවක් පටං ගත්තා..