Tuesday, October 5, 2010

ඩයස්පෝරා මේ මාසයේදී...






මේ මාසයේදී, ෆේස්බුක් වැනි තවත් සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවියක් දියත් කිරීමට නියමිතය.. එය නමින් ඩයස්පෝරා (Diaspora) ය.. එහි නිර්මාපකයින් වන්නේ පරිගණක විද්‍යා ආචාර්ය උපාධි අපේක්ෂක් ඇමරිකානු සිසුවෝ හතරදෙනෙකි..

ෆේස්බුක් අනුකරණය කරන තවත් වෙබ් සේවා තිබුනාට ඩයස්පෝරා ගැන බොහෝ දෙනා කතා කරන්නේ ඊට සුවිශේෂීම ගතිගුණ තිබෙන නිසාය.. මෙම වෙබ් සේවය සම්පුර්ණයෙන්ම ඕපන්සෝස් ව්‍යාපෘතියකි.. මුලින්ම කරනු ඇත්තේ වෙබ් සේවයේ ගුණාංග මහ්ජනයාට වෙනස් කළ හැකිවනසේ පරිගණක කේත හෙවත් කෝඩ්ස් (Codes) නිදහස් කිරීමයි.. එවිට් ක්‍රමලේක භාෂාවකින් වැඩ කරනවාක් මෙන් තමන්ට රිසි සෙ ඩයස්පෝරාහි ලක්ෂණ වෙන්ස් කර ගන්නට කාටත් පුළුවන් වේ..

මේ කියන්නේ මිලියන 500 ක්ට වැඩි සෙනඟක් නිතිපතා එන ෆේස්බුක් වෙබ් සෙවයේ නැති ගුණාංගයක් ගැනය.. මේ වසරේ මුල පටන් ෆේස්බුක් වෙබ් අඩවියේ යම් යම් අලුත් කිරීම් කෙරින. ඒ මගින් මහජනයාගේ පෞද්ගලිකත්ත්වය උපරිමවශයෙන් ආරක්ෂා නොකෙරෙන් බවට චෝදනා නැඟින.. විශේෂයෙන්ම ෆේස්බුක් එකවුන්ට් වලදී තම මිතුරන්ට පමණක් බලාකියගන්නට ඉඩ දෙන සමහර තොරතුරු "​ලෝක ප්‍රසිද්ධ" වන බවට චෝදන් නැඟින.. නෙක් අතට යම් එකවුන්ට් එකකින් තොරතුරු ඉවත් කලත් ඒවා සැබැවින්ම ෆේස්බුක් ජාලයෙන් ඉවත් නොවන බව කියති..

ඩයස්පෝරා මඟින් දෙන්නට යන සේවාව මීට විකල්පයකි.. එනම් ඕනැම කෙනෙකුට තමන්ගේ එකවුන්ට් එකෙහි අණසක පැතිරවිය හැකි එකකි.. ඒ, එකවුන්ට් එකෙහි වෙනස්කම් කළ හැකි කේත්ය ප්‍රසිද්ධ නිසාය.. එවිට ඩයස්පෝරා වෙත ලුත් ල්ක්ෂණ එකතු කරන්නේ පොදු මහජනතාව විසිනි.. එන්ම් මෙය මහජනයාගේ ඕනෑ එපාකම් වලට මුල්තැන දෙන උප සේවා එක් කරඉන් මහජනයාවිසින්ම ගුණ් වගා කරණ වෙබ් සේවයක් වනු ඇත.. එවිට ෆේස්බුක් ආකෘතියට සිරවී සිටි සැම ඉන් නිදහස ලබනු ඇත..

ඩයස්පෝරා සෝෂල් නෙට්වර්කිං සේවයෙන් ඉදිරිපත් කරන තවත් විශේෂාංගයක් වන්නේ ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම මිතුරු ජාල වෙබ් සේවයක ඇති තම ගිණුමේ ඇති තොරතුරු ඒ පරිදිම ඩයස්පෝරා වෙත ගෙන් ආ හැකි බවයි.. එවිට යමෙක් ෆේස්බුක් වෙතින් ඩයස්පෝරා වෙත මාරු වන්නේ නම් තම පැරණි තොරතුරු ඇති ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන්ම ඩයස්පෝරා වෙත ඔසව ගෙන ආ හැක..

මෙසේ මහජනයාට ඕනෑ හැටියට හැඩගස්ව ගන්නට ඉඩ දෙන ඩයස්පෝරා වෙබ් සේවය දියත් කෙරෙන්නේද මහජන මුදලිනි.. මේ වෙබ් සේවය දියත් කරන්නට මුදල් නැති නිසා එහි නිර්මාපකයෝ, කින්ස්ටාර් වෙබ් අඩවියෙන්මුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීය.. එතැනදී ඔවුන් ඉදිරිපත් කල අලුත් සැලැස්ම් ක්‍රියවට් නැංවිය හැකියැයි සිතූ ලොව නන් දෙස වෙසෙන 6500 ක් දෙනා පසුගිය් සැප්තැම්බර් මාසය වන විට ඩොලර් 200642ක් පරිත්‍යාග් කොට තිබුනි.. ඩයස්පෝරා දියත් කරන්නට එමෞදල සෑහේ යැයි කියූ එහි නිර්මාපකයෝ මේ මාසයේදී වෙබ් සේවය දියත් කරන බව් ප්‍රකාශකොට සිටී..


උපුටා ගැනීම - විජය පරිගණක මසික සඟරාව (ඔක්තෝබර් කලාපය)