Tuesday, November 20, 2012

දැං මං නිදහස්...


මීට මාස 04කට කලින් මූණ දීපු මගේ ජීවිතේ වැදගත්ම කඩයිමේ ප්‍රථිපල  ඔන්න අද දැනගනන ලැබුනේ අද. ඒ කියන්නේ විභාගේ ප්‍රථිපල ඇවිත්. හරියකට මාස පහකට පස්සේ. මෙච්චර කාලයක් බලං හිටිය දවස අද උදා වුනේ කිසිම සද්දයක් බද්දයක් නැතුව. අද හෙටම මේ සුභ ආරංචිය ලැබේවි කියලා හිතාගෙන හිටියට අදම ඒක ලැබේවි කියලා ‍නිකමට වත් හිතුනේ නෑ. 


පේපර් එක ලියපු දවසෙම මම ගොඩ යනවා කියලා දැනගෙන හිටියත් ප්‍රථීපල එනකන් හිතේ පොඩි චතිකයකුත් තිබුනෙ නැතුවම නෙවෙයි. ඒක නිසා ප්‍රථීපල එනකන් බලං හිටියට බයකුත් තිබුනා. ඇයි ඉතිං අපි හිතන පතන දේවල් ඒ විදියටම වෙන්නේ නැති නිසා. කලිං ලියපු විභාග වල ප්‍රථිපල පිට වෙන්න මෙච්චර කාලයක් ඒ කියන්නේ මාස පහක විතර කාලයක් ගතවුනේ නැති නිසා බය දෙගුන වෙලා තිබුනේ. ඒත් ඉතිං විශ්වාසයක් තිබුනා ගොඩ යයි කියලා.

දැං ඉතිං ‍ගෙදරට වෙලා කකා බිබී හිටපු කාලේ ඉවර කරන්න වෙලාව ඇවිත්. වයසත් සෑහෙන ගානක් නිසා දැං නම් හොඳටම ඇති ගෙදර හිටියා. ඒක නිසා මම මගේ ජීවිතේ ඉතුරු කාලේ කොහොමද ගෙවන්නේ කියලා ගහගෙන ඉන්න ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න වෙලාව හරි.  ඒත් ඉතිං සේරටම කලිං ප්‍රථිපල ලේඛණ ටිකයි සහතිකෙයි ගන්න ඕන. ඒ ටික අත‍ට ආවම මගේ ප්ලෑන් එකේ කොටසක් සම්පූර්ණයි.

අද මම මේ පෝස්ට් එක ලිවුවේ මගේ හිතේ තියෙන සතුට නිසා. බලන අයට නම් ඉතිං බලන්නත් දෙයක් නැතුව ඇති. ඒ වුනාට මගේ හිතේ තියෙන සතුට නිසා දැං මට පියාඹන්න තරං වුනත් සැහැල්ලුවක් දැනෙන්නේ. හෙන සූටි පෝස්ට් එකක් දැම්මට සොරි හො‍ඳේ.... :D

62 comments:

  1. ජයවේවzz මතන්............. :D

    ReplyDelete
  2. ජයවේවා...... එහෙනම් සරුංගල් හෙලිකොප්ටර් යවපු කාලෙත් ඉවරයි ආහ්.... :D

    ReplyDelete
    Replies
    1. එවුවා යවන්නේ වීකෙන්ඩ් එකේ නේ... :D

      Delete
  3. උඹ ගොඩ..
    තවම මම මඟ...
    පලයන් මම පස්සෙන් එන්නම්.. :D:D

    ReplyDelete
    Replies
    1. ඔන්න සෝරෝ මල්ලි.. අයියා පස්සෙන් එනවළු..බලාගෙන ඈ...

      Delete
    2. ඒකනම් තේරුණා... :P :P

      Delete
    3. @රවා - එළ එළ.. එමු එමු මං බලං ඉන්නං.. :-D


      @මාරයියා / සීනා - ඔවු ඔවු මටත් පේනවා අයියලා පස්සෙං එනවා.. හැබැයි ඒ වලේ මේ මහ දවල් නම් වැටෙන්නෙ නෑ බොස්... :-D

      Delete

  4. සුබ පැතුම් !

    ReplyDelete
  5. සුභ පැතුම් සෝරෝ... දැන් ඔය කල විභාගෙන් පස්සේ උඹට අස්සයාව තාප්ප උඩින් පැන්නියෑකිද..?

    ReplyDelete
    Replies
    1. ටැංකුයි මාරයියා..
      දැං අස්සයා එක්ක පියාඹින්නත් පුලුවං... :-D

      Delete
  6. සුබ පැතුම් සෝරෝ භයියා !!!!

    ReplyDelete
    Replies
    1. ටැංකුයී සීන මලෝ..

      Delete

  7. හරිම සතුටුයි පොඩි එකෝ...
    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී බුරු අක්කා..

      Delete
  8. celebration hike එකක් යමු එහෙනම්.. :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... යමු යමු යමු... :-D

      Delete
  9. විභාගය පාස් වුණාට සුභ පැතුම්..

    ප්‍රථිපල එනකල් බලං හිටි එකනම් අපරාදේ - ඒත් මක්කරන්නද වෙච්චි දේවල් වුණානෙව
    දෙගුණයක් වේගෙන් වැඩකරන්න කාලෙ හරි එහෙමනම්

    [මේ ටෙම්ප්ලේට් එකනම් පස්ට - ආයේ මාරු කරන්න එපෝ]

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තෝතී තිස්සයියා...
      මම ප්‍රතිපල එනකං බලං හිටියෙ සුට්ටං ප්ලෑනක් තියෙන නිසා අයියේ.. බලමු බලමු..


      [හයියෝ අයියා ටැම්ප්ලේට් මාරු නොකර ඉන්න පුලුවං ජීවියෙක් ද මං. :-D]

      Delete
  10. මගෙනුත් සභ පැතුම් ඔන්න... දැං එහෙනං ඉතුරු වැඩ ටික පටං ගත්තොත් හොඳයි... හි හි

    තිස්ස අයියා කිවවා වගේ මේ ටෙම්ප්ලේට් එක නම් මාරු කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. ටැංකෝ ටැංකෝ මැස්සියෝ... :-D

      ආයෙ ටැම්ප්ලේට් එක මාරු නොකලොත් මට බඩේ අමාරුව හැදේවි.. :-D

      Delete
  11. සුභ පැතුම් මචන් ...

    ReplyDelete
  12. බොක්කෙන්ම සුභ පතනවා සහෝ

    ReplyDelete
    Replies
    1. එල කිරී මචං.. ටැංකුයී..

      Delete
  13. ජය වේවා මචෝ

    ReplyDelete
  14. උඩු ගුවනම ජය ගන්නට සෝරෝ සහෝ ට යොධ ශක්තිය ලැබේවා කියා පතනවා...
    සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී සහෝ...

      Delete
  15. suba fathum .. ane kollo akuru thadi karapan
    podi size track wenne naha..

    ReplyDelete
    Replies
    1. ටැංකුයි...

      තව ලොකු කරාම පොල් සයිස් වැඩියි නේ..

      Delete
  16. මගෙනුත් සභ පැතුම්

    ReplyDelete
  17. සෝරෝ අයියට පිසාච අඩවියෙනුත් උණු උණු සුභපැතුම් ඔන්න................

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී පිසාච මලෝ...

      Delete
  18. මගේ සුබ පැතුමි පිළිගන්න ....

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා පිලිගන්නවා.. බෝම ස්තූතී...

      Delete
  19. සුබ පැතුම් උඹට..........!

    ReplyDelete
  20. සුභ පැතුම්!! එහෙනං ගොඩ.. ගොඩ..

    ReplyDelete
    Replies
    1. ටැංකෝ... ඔවු ගොඩ ගොඩ..

      Delete
  21. ශුභ පැථුම් ශෝරෝ !!!

    ReplyDelete
    Replies
    1. බෝම සතූතී මධුරංග..

      Delete
  22. Congrats Bro . . .By the way which stream u studied ? HND in Civil Engineering?

    ReplyDelete
    Replies
    1. Tkz aiyaz..
      Itz not a civil itz an accounts side.. (HNDA)

      Delete
  23. සෝරෝ ඔන්න අස්සයා ආපු එකේ විර ක්‍රියාවක්ම කරන්න. ජිවිතේ කියන්නේ විරයන්ට වේදිකාවක්. සුබ අනාගතයක් සහොදරයා... ජයෙන් ජය එනම් විජයග්‍රහණයක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. වීර ක්‍රියාවක් නෙවෙයි මම දැං මේ අස්සයා එක්ක පියාඹින්න හදන්නේ.. හපොයි සුභ අනාගතේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. කෝම වුනත් ටැංකූ වේවා...

      Delete
  24. සුබ පැතුම් සෝ.... අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.....

    ReplyDelete
  25. අස්පයට ලාඩං ගහලා ගනින් එහෙනම් ආයෙත් ගමන පටන් ගන්න,,සුභ පැතුම් බන් උබේ ජීවිතේ සාර්තක වෙන්න කියලා සුභ පතනවා!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු දැං ආයෙත් ගේමට එන්ටැර් වෙන්න ඕන.. ටැංකුයි ඩිලා..

      Delete
  26. මම ආවේ අදමද මන්දා
    බ්ලොග් එක ලස්සනයි
    ලියන එව්වත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී අටංපහුරෝ..
      අද හරි ආව නේ.. ඒ මදෑ.. :-D

      Delete
  27. එළ සුබ පැතුම්

    ReplyDelete
  28. සුභ පැතුම් සෝලෝ අයියා...

    ReplyDelete
    Replies
    1. ටැංකුයි පාරතනා නංගී..

      Delete