සති තුනකින් ගෙදර යන්න වුනේ නැති නිසා ගිය සිකුරාදා ගෙදර ගියා.. බස් එකේ මග ඉන්නකොට අම්මා කෝල් කරලා කිවුවේ බස් එකෙන් බහිනකොට බලාගෙන බහින්න කාණු කපලා තියෙන්නේ කියලා.. රෑ 10.00 විතර බස් එක නවත්තද්දී කට්ට කළුවරයි පැත්ත පලාතම වෙනදා පත්තුවෙන කණුවේ ලයිට් එක එදා පත්තු වුනේ නැති නිසා බස් එකෙන් බැස්සේ කාණුවට අඩිය තියයි ද නැද්ද කියලා හිතේ දෙගෙඩියාවෙන්.. හොඳ වෙලාවට බස් එකෙ නැවැත්තුවේ පාර මැදට කරලා.. කොහොම හරි අවුලක් නැතුව ගෙදරට ගිහිං ඇඳට වැටුන ගමන් නින්ද ගියේ බස් එකේ ආව මහන්සිය නිසා වෙන්නැති..
උදේ නැගිටපු ගමන් පාර පැත්තට ඇවිත් බැලුවම තමා දැක්කේ වෙලා තියෙන සීන් එක.. දැං අලුත්ම ත්‍රෙන්ඩ් එක වෙන්නැති කාණු යටටම හාරන්නේ නැතුව බාගයක් හාරලා පොළව මට්ටමට උඩිං කාණු දාලා මැද ටික පුරවලා පාර උස්සලා හදන එක.. මේක නිසා පාරට හොඳ වුනත් ඉතිං පාර අයිනේ ජීවත් වෙන අයගේ ගෙවල් වලට බඩුම තමා වැස්සක් ආපු ගමන්.. ඇයි ඉතිං පාර තියෙන්නේ උඩ නිසා නිකංම වතු වල වතුර පිරෙනවා.. අනිත් එක අපේ රටේ හැමදේම කරන්නේ ආරම්භයේ විතරයි.. ඒ කියන්නේ කාණු දාලා කාපට් දාලා ඒවා මේවා කරලා ලස්සනට පාරවල් හදනවා.. හැබැයි ටික දවසක් ගියාට පස්සේ කාපට් කොහේද නෑ.. කාණු හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවා.. ඇයි ඉතිං නඩත්තුව හොඳට තියෙනව නේ.. මම ප්‍රාර්ථනා කරනවා අධිවේගී මාර්ගයට නම් එහෙම දෙයක් සිද්ධ වෙන්න එපා කියලා..
කොහොම හරි උදේ පාන්දරම ඩෝසරයක් ඇවිත් අපේ තාප්පෙත් බිමට සමතලා කරලා.. වතුර ලයින් එකටත් වැඩේ දුන්නා.. හැබැයි ටික ඉක්මනටම ගොඩ දාලා දුන්නා වතුර සීන් එක නම්.. ඇයි ඉතිං අච්චර ඔතන වතුර බටේ තියෙනවා කියලත් ඉතිං ඒකට ගේම දුන්න නේ.. පස්සේ ඉතිං රෙදි ටික සෝදලා, නාලා, කාලා, ෆිල්ම් එකක් බලලා එහෙම ගියා අළුතෙන් හදන කුරුල්ලා බලන්න..
මම යනකොට අයියා වැඩ.. ඒක එන්ජිමකින් යන එකක් නිසා ඒ එන්ජිම ටෙස්ට් කරලා තමා හයිකරන්න ඕන.. එතකොට ඉතිං වඩා හොඳයි නේ.. අනික ඉතිං මේකට ඉන්ධන ලබා දෙන්නත් ඕන නිසා ඒවත් චෙක්කරලා අනුපාතය හදාගෙන තියාගත්තම ලේසියි.. අනුපාතය කිවුවේ අර ත්‍රීවීලර් වලට ඉන්ධන වලට අමතරව ටූටී දානවා වගේ මේකෙත් ඉන්ධන එක්ක ඒ වගේ ඔයිල් එකක් දාන්න ඕන කවලං කරලා.. මොකද මේ එව්ජිමට ඔයිල් දාන්න වෙනම තැනක් නැති නිසා.. සාමාන්‍යයෙන් දාන්නේ නිට්‍රෝ කියන ඉන්ධන වර්ගය ඒත් ඉතිං ඒවා මිල අධික නිසා අයියා නම් මේකට ගත්තේ වෙන මොනවද ජාතියක්.. ඔයිල් එකේ නමත් මට මතක නෑ.. මම ඕවා ඒ හැටි දන්නේ නැති නිසා මතක හිටින්නේ නෑ.. මම ඉතිං උසප්පෙලට කලෙත් වාණිජ්‍ය නේ.. මට ඔය රසායනික ද්‍රව්‍ය වල නම් මකත හිටින්නේ නෑ ඒ නිසා.. කොහොම හරි අයියා ඇන්ජිම ටෙස්ට් කරනවා පොඩි වීඩියෝවක් ගත්තා මම..
මේ තියෙන්නේ ඒ වීඩියෝව
මේ හෙළිය Tz v2 50 කියන වර්ගයේ එකක්.. ඒ කියන්නේ අපි අර කලිං හදපු (HK 600 GT) එකේ ඉන්ධන දාන මොඩ්ල් එක.. වැඩි විස්තර ඕන නම් මේ සයිට් එකට ගිහිං බලන්න පුළුවන් Tz v2 50 Nitro Helicopter.. සසිස් එක ඉතිං ඒ ගානම තමා.. වෙනසකට තියෙන්නේ බැටරිය වෙනුවට ඉන්ධන වලින් යන එක.. හැබැයි හෙළිය ස්ටාර්ට් කරන්න නම් පොඩි කරන්ට් එකක් දෙන්න වෙනවා බැටරියක් හරහා.. ඒකට නම් පොඩි රීචාජබල් බැටරි දෙකක් තිබුනම ඇති.. බිමදී ස්ටාර්ට් කරලා ඒ බැටරි දෙක අයින් කරනවා..
මේකේ නම් කෑලි ටික ඔක්කොම තියෙන නිසා හයි කරන්න විතරයි තියෙන්නේ.. ඒත් ඉතිං අයියා අසනීප වුන නිසා හෙමීට හෙමීට තමා වැඩේ කරන්න වෙන්නේ.. එකදිගට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න හොඳනැති නිසා අයියට..
මෙන්න පොඩි ෆොටෝ කෑලි දෙක තුනක්.. ෆොටෝ ටික ගත්තේ රෑ වෙලා නිසා ටිකක් පැහැදිලි මදි ඇති.. කරන්න දෙයක් නෑ ඔය ගානිං බලන්න.. :D
මේ තියෙන්නේ චැසිය..
ඔය සුදු පාටට තියෙන එක තමා ඉන්ධන ටැංකිය..
මේ තියෙන්නේ කකුල් දෙක..
මේ තටු දෙක..
මේ තමයි ටේල් එක.. ඒ කියන්නේ නැට්ට..
මේ සයිස් තමා වලිගේ හයි කලාම..
තව පොඩ්ඩෙන් අනිත් එක අමතක වෙනවා.. ඒ තමා රිමෝට් එක.. හප්පා ඒක නම් පට්ටම රිමෝට් එකක්.. චැනල් 8 එකක්.. විස්තර ඕන නම් මෙතනින් බලන්න.. 2.4GHz 9ch FS-TH9X Remote control rc transmitter receiver..
මේ තියෙන්නේ රිමෝට් එක
මේක තමා ඇන්ටනාව.. රිමෝට් එකේ යට පැත්තෙන් තමා හයි කරන්න තියෙන්නේ..
ආ එහෙනම් මේක උඩ යවනකොට වීඩියෝවක් දාන්නම්..
ප.ලි - අර කලිං එක අයියා යාළුවෙකුට දීලා
(HK 600 GT) .. ඒකට බැටරියක් දානවට වඩා මේක හදන එක ලාබයි කියලා තමා මේක හදන්න අරං තියෙන්නේ..
සෝරෝට නම් ඕකෙ නැගලා යන්න පුළුවන් වෙයි සයිස් එකේ හැටියට !
ReplyDeleteහහ් හහ් හා... බැරි වෙන එකක් නෑ තමා ටයි එකක් දැම්මොත්... :D
Deleteටයි එකක් දානවා නම් ඉතිං අනිවා කෝට් එකකුත් දාන්ට වෙවි :P
Deleteකෝට් එකට ද ටයි එක දාන්න ඕන..? :D
Deleteදානවනං ඉතිං පවුමෙ ටයි තමා හොඳ
Deleteඋඹ දාන ජාතිය මට හරියන්නෑ බං.. :D
Deleteබෝ එකක් හරියන එකක් නැද්ද බං
Deleteඅවුලක් නෑ තියෙනව නම්... :D
Deleteෆට්ටයි ඈ..
ReplyDeleteකවද්ද බොල සොරෝ බස් එකේ ගියෙ.. කෝ අස්පයා?
අස්සයා ගියා බං.. ඉතිං මම ඉස්තාලේ වැහුවා... :D
Deleteනිරවානේට ගියේ යද්දිද එද්දිද ???
ReplyDeleteයද්දී යද්දී... එද්දී මොන නිර්වාණයක් ද බං... :D
Deleteමේ ලගදි රනිල් මාමත් කිව්ව බං උබ ගැන.. එයා "Z-ස්කෝර්" දන්නෙ නැහැලු දන්නේ සෝරෝ ගැන විතරලු :)
ReplyDeleteඇහ්... මම එච්චර ප්‍රසිද්ධයි ද... :D
Deleteහිකිස් !
Deleteඑල හදලා, උඩ යවන වීඩියෝවක් දාපන් මචන්..!
ReplyDeleteඅනිවා අනිවා දාන්නම් මේක කොහොම හරි..
Deleteඅළුත් බඩුව ලස්සනයි නෙව....
ReplyDeleteමාත් මේ තකහනියේ දුවගෙන ආවේ අළුත් බඩුව බලන්න. හික්ස් :)
ඉක්මනටම ඕක උඩ ඇරලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න.
හොහ් හොහ් හොහ්.. කොහොම ද බඩුව මරු නේ ද... :D
Deleteමරුද කියලාත් අහනවා. ටොප් ටොපේ ටොප් !!! :D
Deleteහෙහ් හෙහ් හෙහ්.... :D
Deleteමේවා කෑලි වෙන වෙනම අරගෙන ඇසෙම්බල් කරනවද.
ReplyDeleteඑහෙමයි.. ගෙඩිය පිටිං ගේන්න ගියෙත් සෑහෙන්න ගානක් යනවා...
Deleteසොරෝ Air taxi service එකේ වැඩ ළඟදිම පටන් ගනිවී වගේ :))
ReplyDeleteහහ් හහ්... නරක නෑ ඒ අදහසත්... :D
Deleteඔවාට කැමරා හයි කරලා එක් එක්කෙනාගේ ගෙවල් පැත්තේ යවනව නෙවෙයි ඕං!
ReplyDeleteතුං හිතක වත් නෑ එහෙම අදහසක්... :D
Deleteආයි ගෙදර ගිය වෙලාවක ඔක හදල ඉවරනම් අරන්වරෙන්....හපොයි ඔය පාරවල් හදනව කියන එක කජු කනව වගේ උනාට මෙන්ටෙන් කොරන එක එහේම නෙවෙයිලු..මොකැ..කාපුව වමාරන්ට වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩි හින්දා
ReplyDeleteපික්ෂුද බං මේක ලේසියෙං අරං එන්න බෑ හයි කරාම.. දඩාර සයිස්නේ... :D
Deleteමෙව්ව දැන් ලංකාවෙ ගන්න පුලුවන්ද?
ReplyDeleteදැං පුළුවන්.. ඔය ගෙන්නුවේ බං... :D
Deleteපට්ටයි ඈ.... දැන් ඉතින් සෝරෝ ගේ අස්පයාට වැඩ නැතීයි ඕක හදා ගත්තට පස්සේ...... ඉකමං කොරලා ඕක පියාඹන වීඩියෝ එකකකුත් දාන්ට....
ReplyDeleteකොහොමත් අස්සයෙක නෑ බං ඌ ගියා.. හලි හලි දාන්නම් ඉස්මං කොරලා... :D
Deleteමේව ලංකාවෙ පදින්න දෙනවද බං?
ReplyDeleteගෙන්නවන්න දෙනව නම් යවන්නත් දෙන්න ඕන නේ බං..?
Deleteනියමයි නේ.. ඕක හදලා උඩ යවන දවසට මටත් කියන්න.. උඩ බලාගෙන ඉන්න
ReplyDeleteහා හා ඉතිං දැන්මම උඩ බලන්නෝන නෑ නේ... :D
Deleteඋඹ ඔවුවා හදනවා විතරනේ උඩ යවන්න උවමනාවක් නෑ නේ . මම කොයි කාලේ ඉඳන්ද පෙරුම් පුරාගෙන මග බලාන ඉන්නේ ඔයි හෙලිය උඩ යනවා බලන්න . අනේ බං ඉක්මනට ඔයික ඉගිල්ලවහංකෝ
ReplyDelete. අඩේ තෙල් වලින් දුවනවා නම් සුපිරියිනේ . උඩදී තෙල් ඉවර වුනොත් මොනාද බං වෙන්නේ . ඕක තල්ලු කරලා ස්ටාර්ට් කරන්න බැරිද ?
ඕක කන්ටෝල් කරන්න ලේසිද ?
ඇයි බං එකක් යවන වීඩියෝවක් තියෙන්නේ.. අනිත් ඒවා බාගෙට නේ බං හැදුවේ.. මගේ නෙවෙයි අයියගේ.. අනිවා දාන්නම් මේක නම් යවන එකක්..
Deleteතෙල් ඉවර වෙද්දී දැනගන්න පුළුවන්.. එතකොට බානවා..
තාම දන්නෑ බං ලේසි ද කියලා.. බලමු ඉස්සරහට..
සොරෝ දැං අස්සයා අත ඇරලා හෙලිකොප්ටරේ යන්න වගේ කල්පනාව..
ReplyDeleteකාලෙ වෙනස් තාලෙ අලුත් නේ... :D
Deleteඅප්පටසිරි සොරො ගිය දුර... හොදා හොදා...!
ReplyDeleteතාම ගියේ නෑ... :D
Deleteදැං ඉතිං අහල පහල ගෑනු නාල ඉවරයි
ReplyDeleteඇයි බං ගෑණු අය බයයි ද හෙළිකොප්ටර් සද්දෙට... :D
Deleteඕකේ ඔය රිමෝට් එකේ තියන ඩිස්ප්ලේ එකේ මොනවද බං පෙන්නන්නේ
ReplyDeleteඉන්ධන තත්ත්වේ.
Deleteබිම ඉඳලා තියෙන දුර.
වගේ ඒවා තමා බං....
මොනා වෙන්න එනවද මංදා..
ReplyDeleteනෑ නෑ ඔයා හිතන මොනවත් වෙන්නේ නෑ...
Deleteසෝරෝ උඹට වටයක් යන්න බැරිද ඕකේ...
ReplyDeleteදැන් වැඩේ හරියන්නේ හීනය එක්ස්ප්‍රස් කරන්න වෙනවා...
මේකේ වටයක් කෙසේ වෙතත් මේක වටේ නම් යන්න පුළුවන්... :D
Deleteසිරා බඩුව බං.. උඩ යනකොට උඹ යටින් ඉඳල වීඩියෝ කරහං හොඳ එකා වගේ හරිය..
ReplyDeleteනැතුව ඉතිං මමත් උඩ ඉඳන් ගන්නේ කොහොමද බං නවම්මයියේ.... :D
Deleteඑළ විනෝදාංශයක් තමයි උඹේ අයියත් කරන්නේ...
ReplyDeleteඅලුත් බඩුව උඩ යන වීඩියෝ එක බලන්න අපිත් එන්නම්කෝ :)
ඔවු ඔවු... අයියගේ ඔෆිස් එකේ යාලුවෙක්ගෙන් තමා අයියට බෝවෙලා තියෙන්නේ...
Deleteඑළ කිරි උඹලට ළඟදිම බලන්න පුළුවන් වෙයි...
අඩේ පක්ස්ට තමා අෆ්ප මේක නම් කීයක් විතර වෙනවි ඔඉන් එකක් මගේ වෙන්ඩ දරුවට අරන් දෙනවනම්? :D
ReplyDelete