Monday, January 16, 2012

අලුත් බඩුව..

ති තුනකින් ගෙදර යන්න වුනේ නැති නිසා ගිය සිකුරාදා ගෙදර ගියා.. බස් එකේ මග ඉන්නකොට අම්මා කෝල් කරලා කිවුවේ බස් එකෙන් බහිනකොට බලාගෙන බහින්න කාණු කපලා තියෙන්නේ කියලා.. රෑ 10.00 විතර බස් එක නවත්තද්දී කට්ට කළුවරයි පැත්ත පලාතම වෙනදා පත්තුවෙන කණුවේ ලයිට් එක එදා පත්තු වුනේ නැති නිසා බස් එකෙන් බැස්සේ කාණුවට අඩිය තියයි ද නැද්ද කියලා හිතේ දෙගෙඩියාවෙන්.. හොඳ වෙලාවට බස් එකෙ නැවැත්තුවේ පාර මැදට කරලා.. කොහොම හරි අවුලක් නැතුව ගෙදරට ගිහිං ඇඳට වැටුන ගමන් නින්ද ගියේ බස් එකේ ආව මහන්සිය නිසා වෙන්නැති..


උදේ නැගිටපු ගමන් පාර පැත්තට ඇවිත් බැලුවම තමා දැක්කේ වෙලා තියෙන සීන් එක.. දැං අලුත්ම ත්‍රෙන්ඩ් එක වෙන්නැති කාණු යටටම හාරන්නේ නැතුව බාගයක් හාරලා පොළව මට්ටමට උඩිං කාණු දාලා මැද ටික පුරවලා පාර උස්සලා හදන එක.. මේක නිසා පාරට හොඳ වුනත් ඉතිං පාර අයිනේ ජීවත් වෙන අයගේ ගෙවල් වලට බඩුම තමා වැස්සක් ආපු ගමන්.. ඇයි ඉතිං පාර තියෙන්නේ උඩ නිසා නිකංම වතු වල වතුර පිරෙනවා.. අනිත් එක අපේ රටේ හැමදේම කරන්නේ ආරම්භයේ විතරයි.. ඒ කියන්නේ කාණු දාලා කාපට් දාලා ඒවා මේවා කරලා ලස්සනට පාරවල් හදනවා.. හැබැයි ටික දවසක් ගියාට පස්සේ කාපට් කොහේද නෑ.. කාණු හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවා.. ඇයි ඉතිං නඩත්තුව හොඳට තියෙනව නේ.. මම ප්‍රාර්ථනා කරනවා අධිවේගී මාර්ගයට නම් එහෙම දෙයක් සිද්ධ වෙන්න එපා කියලා..

කොහොම හරි උදේ පාන්දරම ඩෝසරයක් ඇවිත් අපේ තාප්පෙත් බිමට සමතලා කරලා.. වතුර ලයින් එකටත් වැඩේ දුන්නා.. හැබැයි ටික ඉක්මනටම ගොඩ දාලා දුන්නා වතුර සීන් එක නම්.. ඇයි ඉතිං අච්චර ඔතන වතුර බටේ තියෙනවා කියලත් ඉතිං ඒකට ගේම දුන්න නේ.. පස්සේ ඉතිං රෙදි ටික සෝදලා, නාලා, කාලා, ෆිල්ම් එකක් බලලා එහෙම ගියා අළුතෙන් හදන කුරුල්ලා බලන්න..

මම යනකොට අයියා වැඩ.. ඒක එන්ජිමකින් යන එකක් නිසා ඒ එන්ජිම ටෙස්ට් කරලා තමා හයිකරන්න ඕන.. එතකොට ඉතිං වඩා හොඳයි නේ.. අනික ඉතිං මේකට ඉන්ධන ලබා දෙන්නත් ඕන නිසා ඒවත් චෙක්කරලා අනුපාතය හදාගෙන තියාගත්තම ලේසියි.. අනුපාතය කිවුවේ අර ත්‍රීවීලර් වලට ඉන්ධන වලට අමතරව ටූටී දානවා වගේ මේකෙත් ඉන්ධන එක්ක ඒ වගේ ඔයිල් එකක් දාන්න ඕන කවලං කරලා.. මොකද මේ එව්ජිමට ඔයිල් දාන්න වෙනම තැනක් නැති නිසා.. සාමාන්‍යයෙන් දාන්නේ නිට්‍රෝ කියන ඉන්ධන වර්ගය ඒත් ඉතිං ඒවා මිල අධික නිසා අයියා නම් මේකට ගත්තේ වෙන මොනවද ජාතියක්.. ඔයිල් එකේ නමත් මට මතක නෑ.. මම ඕවා ඒ හැටි දන්නේ නැති නිසා මතක හිටින්නේ නෑ.. මම ඉතිං උසප්පෙලට කලෙත් වාණිජ්‍ය නේ.. මට ඔය රසායනික ද්‍රව්‍ය වල නම් මකත හිටින්නේ නෑ ඒ නිසා.. කොහොම හරි අයියා ඇන්ජිම ටෙස්ට් කරනවා පොඩි වීඩියෝවක් ගත්තා මම..

මේ තියෙන්නේ ඒ වීඩියෝව


මේ හෙළිය Tz v2 50 කියන වර්ගයේ එකක්.. ඒ කියන්නේ අපි අර කලිං හදපු (HK 600 GT) එකේ ඉන්ධන දාන මොඩ්ල් එක.. වැඩි විස්තර ඕන නම් මේ සයිට් එකට ගිහිං බලන්න පුළුවන් Tz v2 50 Nitro Helicopter.. සසිස් එක ඉතිං ඒ ගානම තමා.. වෙනසකට තියෙන්නේ බැටරිය වෙනුවට ඉන්ධන වලින් යන එක.. හැබැයි හෙළිය ස්ටාර්ට් කරන්න නම් පොඩි කරන්ට් එකක් දෙන්න වෙනවා බැටරියක් හරහා.. ඒකට නම් පොඩි රීචාජබල් බැටරි දෙකක් තිබුනම ඇති.. බිමදී ස්ටාර්ට් කරලා ඒ බැටරි දෙක අයින් කරනවා..

මේකේ නම් කෑලි ටික ඔක්කොම තියෙන නිසා හයි කරන්න විතරයි තියෙන්නේ.. ඒත් ඉතිං අයියා අසනීප වුන නිසා හෙමීට හෙමීට තමා වැඩේ කරන්න වෙන්නේ.. එකදිගට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න හොඳනැති නිසා අයියට..

මෙන්න පොඩි ෆොටෝ කෑලි දෙක තුනක්.. ෆොටෝ ටික ගත්තේ රෑ වෙලා නිසා ටිකක් පැහැදිලි මදි ඇති.. කරන්න දෙයක් නෑ ඔය ගානිං බලන්න.. :D


මේ තියෙන්නේ චැසිය..



ඔය සුදු පාටට තියෙන එක තමා ඉන්ධන ටැංකිය..




මේ තියෙන්නේ කකුල් දෙක..



මේ තටු දෙක..



මේ තමයි ටේල් එක.. ඒ කියන්නේ නැට්ට..



මේ සයිස් තමා වලිගේ හයි කලාම..


තව පොඩ්ඩෙන් අනිත් එක අමතක වෙනවා.. ඒ තමා රිමෝට් එක.. හප්පා ඒක නම් පට්ටම රිමෝට් එකක්..  චැනල් 8 එකක්.. විස්තර ඕන නම් මෙතනින් බලන්න.. 2.4GHz 9ch FS-TH9X Remote control rc transmitter receiver..


මේ තියෙන්නේ රිමෝට් එක



මේක තමා ඇන්ටනාව.. රිමෝට් එකේ යට පැත්තෙන් තමා හයි කරන්න තියෙන්නේ..



ආ එහෙනම් මේක උඩ යවනකොට වීඩියෝවක් දාන්නම්..

ප.ලි - අර කලිං එක අයියා යාළුවෙකුට දීලා  (HK 600 GT) .. ඒකට බැටරියක් දානවට වඩා මේක හදන එක ලාබයි කියලා තමා මේක හදන්න අරං තියෙන්නේ..

56 comments:

  1. සෝරෝට නම් ඕකෙ නැගලා යන්න පුළුවන් වෙයි සයිස් එකේ හැටියට !

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... බැරි වෙන එකක් නෑ තමා ටයි එකක් දැම්මොත්... :D

      Delete
    2. ටයි එකක් දානවා නම් ඉතිං අනිවා කෝට් එකකුත් දාන්ට වෙවි :P

      Delete
    3. කෝට් එකට ද ටයි එක දාන්න ඕන..? :D

      Delete
    4. දානවනං ඉතිං පවුමෙ ටයි තමා හොඳ

      Delete
    5. උඹ දාන ජාතිය මට හරියන්නෑ බං.. :D

      Delete
    6. බෝ එකක් හරියන එකක් නැද්ද බං

      Delete
    7. අවුලක් නෑ තියෙනව නම්... :D

      Delete
  2. ෆට්ටයි ඈ..
    කවද්ද බොල සොරෝ බස් එකේ ගියෙ.. කෝ අස්පයා?

    ReplyDelete
    Replies
    1. අස්සයා ගියා බං.. ඉතිං මම ඉස්තාලේ වැහුවා... :D

      Delete
  3. නිරවානේට ගියේ යද්දිද එද්දිද ???

    ReplyDelete
    Replies
    1. යද්දී යද්දී... එද්දී මොන නිර්වාණයක් ද බං... :D

      Delete
  4. මේ ලගදි රනිල් මාමත් කිව්ව බං උබ ගැන.. එයා "Z-ස්කෝර්" දන්නෙ නැහැලු දන්නේ සෝරෝ ගැන විතරලු :)

    ReplyDelete
    Replies
    1. ඇහ්... මම එච්චර ප්‍රසිද්ධයි ද... :D

      Delete
  5. එල හදලා, උඩ යවන වීඩියෝවක් දාපන් මචන්..!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දාන්නම් මේක කොහොම හරි..

      Delete
  6. අළුත් බඩුව ලස්සනයි නෙව....
    මාත් මේ තකහනියේ දුවගෙන ආවේ අළුත් බඩුව බලන්න. හික්ස් :)
    ඉක්මනටම ඕක උඩ ඇරලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න.

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ් හොහ්.. කොහොම ද බඩුව මරු නේ ද... :D

      Delete
    2. මරුද කියලාත් අහනවා. ටොප් ටොපේ ටොප් !!! :D

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්.... :D

      Delete
  7. මේවා කෑලි වෙන වෙනම අරගෙන ඇසෙම්බල් කරනවද.

    ReplyDelete
    Replies
    1. එහෙමයි.. ගෙඩිය පිටිං ගේන්න ගියෙත් සෑහෙන්න ගානක් යනවා...

      Delete
  8. සොරෝ Air taxi service එකේ වැඩ ළඟදිම පටන් ගනිවී වගේ :))

    ReplyDelete
    Replies
    1. හහ් හහ්... නරක නෑ ඒ අදහසත්... :D

      Delete
  9. ඔවාට කැමරා හයි කරලා එක් එක්කෙනාගේ ගෙවල් පැත්තේ යවනව නෙවෙයි ඕං!

    ReplyDelete
    Replies
    1. තුං හිතක වත් නෑ එහෙම අදහසක්... :D

      Delete
  10. ආයි ගෙදර ගිය වෙලාවක ඔක හදල ඉවරනම් අරන්වරෙන්....හපොයි ඔය පාරවල් හදනව කියන එක කජු කනව වගේ උනාට මෙන්ටෙන් කොරන එක එහේම නෙවෙයිලු..මොකැ..කාපුව වමාරන්ට වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩි හින්දා

    ReplyDelete
    Replies
    1. පික්ෂුද බං මේක ලේසියෙං අරං එන්න බෑ හයි කරාම.. දඩාර සයිස්නේ... :D

      Delete
  11. මෙව්ව දැන් ලංකාවෙ ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. දැං පුළුවන්.. ඔය ගෙන්නුවේ බං... :D

      Delete
  12. පට්ටයි ඈ.... දැන් ඉතින් සෝරෝ ගේ අස්පයාට වැඩ නැතීයි ඕක හදා ගත්තට පස්සේ...... ඉකමං කොරලා ඕක පියාඹන වීඩියෝ එකකකුත් දාන්ට....

    ReplyDelete
    Replies
    1. කොහොමත් අස්සයෙක නෑ බං ඌ ගියා.. හලි හලි දාන්නම් ඉස්මං කොරලා... :D

      Delete
  13. මේව ලංකාවෙ පදින්න දෙනවද බං?

    ReplyDelete
    Replies
    1. ගෙන්නවන්න දෙනව නම් යවන්නත් දෙන්න ඕන නේ බං..?

      Delete
  14. නියමයි නේ.. ඕක හදලා උඩ යවන දවසට මටත් කියන්න.. උඩ බලාගෙන ඉන්න

    ReplyDelete
    Replies
    1. හා හා ඉතිං දැන්මම උඩ බලන්නෝන නෑ නේ... :D

      Delete
  15. උඹ ඔවුවා හදනවා විතරනේ උඩ යවන්න උවමනාවක් නෑ නේ . මම කොයි කාලේ ඉඳන්ද පෙරුම් පුරාගෙන මග බලාන ඉන්නේ ඔයි හෙලිය උඩ යනවා බලන්න . අනේ බං ඉක්මනට ඔයික ඉගිල්ලවහංකෝ

    . අඩේ තෙල් වලින් දුවනවා නම් සුපිරියිනේ . උඩදී තෙල් ඉවර වුනොත් මොනාද බං වෙන්නේ . ඕක තල්ලු කරලා ස්ටාර්ට් කරන්න බැරිද ?

    ඕක කන්ටෝල් කරන්න ලේසිද ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං එකක් යවන වීඩියෝවක් තියෙන්නේ.. අනිත් ඒවා බාගෙට නේ බං හැදුවේ.. මගේ නෙවෙයි අයියගේ.. අනිවා දාන්නම් මේක නම් යවන එකක්..

      තෙල් ඉවර වෙද්දී දැනගන්න පුළුවන්.. එතකොට බානවා..

      තාම දන්නෑ බං ලේසි ද කියලා.. බලමු ඉස්සරහට..

      Delete
  16. සොරෝ දැං අස්සයා අත ඇරලා හෙලිකොප්ටරේ යන්න වගේ කල්පනාව..

    ReplyDelete
    Replies
    1. කාලෙ වෙනස් තාලෙ අලුත් නේ... :D

      Delete
  17. අප්පටසිරි සොරො ගිය දුර... හොදා හොදා...!

    ReplyDelete
  18. දැං ඉතිං අහල පහල ගෑනු නාල ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඇයි බං ගෑණු අය බයයි ද හෙළිකොප්ටර් සද්දෙට... :D

      Delete
  19. ඕකේ ඔය රිමෝට් එකේ තියන ඩිස්ප්ලේ එකේ මොනවද බං පෙන්නන්නේ

    ReplyDelete
    Replies
    1. ඉන්ධන තත්ත්වේ.
      බිම ඉඳලා තියෙන දුර.
      වගේ ඒවා තමා බං....

      Delete
  20. මොනා වෙන්න එනවද මංදා..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔයා හිතන මොනවත් වෙන්නේ නෑ...

      Delete
  21. සෝරෝ උඹට වටයක් යන්න බැරිද ඕකේ...

    දැන් වැඩේ හරියන්නේ හීනය එක්ස්ප්‍රස් කරන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේකේ වටයක් කෙසේ වෙතත් මේක වටේ නම් යන්න පුළුවන්... :D

      Delete
  22. සිරා බඩුව බං.. උඩ යනකොට උඹ යටින් ඉඳල වීඩියෝ කරහං හොඳ එකා වගේ හරිය..

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං මමත් උඩ ඉඳන් ගන්නේ කොහොමද බං නවම්මයියේ.... :D

      Delete
  23. එළ විනෝදාංශයක් තමයි උඹේ අයියත් කරන්නේ...
    අලුත් බඩුව උඩ යන වීඩියෝ එක බලන්න අපිත් එන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු... අයියගේ ඔෆිස් එකේ යාලුවෙක්ගෙන් තමා අයියට බෝවෙලා තියෙන්නේ...

      එළ කිරි උඹලට ළඟදිම බලන්න පුළුවන් වෙයි...

      Delete
  24. අඩේ පක්ස්ට තමා අෆ්ප මේක නම් කීයක් විතර වෙනවි ඔඉන් එකක් මගේ වෙන්ඩ දරුවට අරන් දෙනවනම්? :D

    ReplyDelete