ටික ටික වැහි කාලේ ලඟට ආව නිසා මේ දවස් වල හවස් වෙනකොට හුළං බින්දුවක්වත් නැතියෙන්න පටං ගන්න හින්දා මේ දවස් වල සරුංගල් කෙරුවාව කරන්න වෙන්නේ නෑ. ඒත් ඉතිං වෙනද පුරුද්දට හවස 4.00 වෙද්දී ගෙදර ඉන්න බැරිකමෙන් නලියන නිසා ඔන්න ආයෙත් අපිට හිතුනා හෙළිකොප්ටර් කෝස් එක ආයෙම පටං ගත්තොත් හොඳයි කියලා. එහෙම හිතලා අපේ හෙළියේ අලුත්වැඩියා කටයුතු ටිකත් කරගෙන ඔන්න ලැහැස්ති වුනා භාන්ඩේ අරගෙන මිෂන් එකට යන්න. කලින් ගිය තැන ටිකක් දුර නිසා මේ සැරේ අපි හිතුවා අපේ ඉස්කෝලෙට ගිහිං යවනවා කියලා.
හැබැයි ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට අල්ලපු වැටේ තියෙන්නේ තංගල්ල කොට්ඨාෂය භාර පොලිස් අධිකාරී කාර්‍යාලය නිසා අපි දෙන්නගේ හිතට පොඩි ගැස්මකුත් ආවා. වැඩේ පත්තු වුනොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැති නිසා. කොයිකටත් අපි, ඉස්කෝලේ මුරට ඉන්න එඩ්ඩා මාමට කෝල් එකක් දීලා අපි එන බව දැන්නුවා. පොරට, කලින් සීන් එක කියලා තිබුන නිසා මිනිහත් එක පයින්ම කැමති වුනා.
මූලික වැඩ රාජකාරී ටික හරි නිසා හවස 5.00 විතර වෙද්දී අපි දෙන්නා, සද්දන්තයත් වෑන් එකේ දාගෙන ගියා ඉස්කෝලෙ පැත්තට. අපි යනකොට එඩ්ඩා මාමා බලං ඉන්නවා අපි එනකං. ඔන්න ඉතිං අපි තුන්දෙනා ග්‍රවුන්ඩ් එකට ගියා කුරුල්ලා උඩ යවන්න හිතාගෙන.
ගිහිං පළවෙනි සැරේ ස්ටා(ර්)ට් කරලා දුවලා එද්දීම මොකක් හරි ජිල්මාට් සීන් එකක් වෙලා රිමෝට් එක පැටලුනා හෙළියේ. දැං අපි දෙන්න තුන්දෙනාම රත් වුනා. කෝකටත් කියලා අපි දෙන්නා ටිකක් පස්සට ඇවිත් බලද්දී එඩ්ඩා මාමා පණ එපා කියලා දුවලා. :D පොරට කලින්ම දැනුවත් කරල තිබුනේ මොකක් හරි පොඩි අවුලක් වුන ගමන් දුවන්න කියලා. ඒක නිසා පොර දුවලා සෑහෙන්න දුරකට.
සීන් එක එච්චරටම බරපතල වුනේ නැති නිසා අපි දෙන්නා ළඟට කිට්ටු කලා. දැං රිමෝට් එකයි හෙළියයි දෙකම එක ළඟ. රිමෝට් එක ගන්න ළඟට යන්න විදියක් නෑ තටු දෙක කැරකෙන නිසා. තටුවක් අඩි දෙකක් විතර දිග නිසා තටු දෙක කැරකෙද්දී අඩි දෙකක් දෙකහමාරක් විතර සයිස් එකක් වෙනවා. කොහොම හරි කෝටුවක් දාලා රිමෝට් එක ළඟට අරගෙන, හෙළිය නවත්තලා බැලුවා මොකක් හරි ආබාධයක් වෙලාද කියලා. පැත්ත වැටෙන්න ගිහිං ආයෙම බැලන්ස් වුන නිසා හොඳ වෙලාවට කිසිදු අතුරු අන්තරාවක් වෙලා තිබුනේ නෑ.
ඊට පස්සේ ආයෙම ස්ටා(ර්)ට් කරලා දෙවෙනි මෙහෙයුම අති සාර්ථකව නෙවෙයි වුනත් සාර්ථකව හමාර කලා. හැබැයි කලින් සැරේ පැටලිච්ච පාරට රිමෝට් එකේ සුවිච් එකක පොඩි අවුලක් වෙලා ස්විච් එර(ර්) ආවා එක පාරට. ඒක නිසා ආයෙම සැරයක් ටෙස්ට් කරන්න විදියක් නැතුව හිටියේ අපි. මේ අතරේ එඩ්ඩා මාමා ඉක්මනට එන්නම් කියලා පහලට ගියා. (ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ටිකක් කන්ද උඩ) ඔන්න ඊට පස්සේ තමයි මාර සීන් එක වුනේ.
ගිහිං ටික වෙලාවකිං මෙන්න පොර එනවා ඉස්සරහින්. පොලිසියේ අයත් එකා දෙන්නා මතු වෙනවා ඒ එක්කම වගේ පොරගෙ පස්සෙන්. ලොකු වැටලීමකට එනවා වගේ පොලීස් නිළධාරීන් හත්දෙනෙක් විතර ආවා ළඟට
හුටා.. දැං නම් බඩු බනිස් වෙලා තමයි කියලා අපි දෙන්නටම හිතුනා. ඒක නිසා අපි දෙන්නා ඒ වෙලාවෙ කර කර හිටපු කතාව එහෙමම කරගෙන හිටියා. ටිකක් රත් වෙලා හිටියත් ඒ බව පෙන්නනේ නැතුව හිටිය ඉතිං. :D බය වෙලා කියලා දැනගත්තොත් එයාලා අහන දේටත් උත්තර දෙන්න බැරි වෙන නිසා.
කොහොම හරි අපි එක්ක කතා කරපු පොලිස් නිළධාරියා නම් හොඳ කෙනෙක්. ආපු ගමන් අපිට කිවුවේ එයාලට, 119 එකට කෝල් එකක් ඇවිත් ලු ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ මොකද්ද එකක් යවනවා කියලා. එයාලත් මොකද්ද දන්නේ නැති නිසා කෝකටත් කියලා සූදානම් වෙලා ඇවිත්. මොකද්ද මේ භාන්ඩේ කියලා එයාලත් දැක්කයින් පස්සේ කිවුවේ අනිත් දවසේ මේක යවන කොට තංගල්ල කොට්ඨාෂය භාර පොලිස් අධිකාරී කාර්‍යාලයට දැනුම් දෙන්න කියලා.
යකා අපි හිතන තරං කලු වුනේ නැති නිසා අපිටත් මේක හොඳ චාන්ස් එකක් වුනා අවසර ගන්න. මොකද අපිටත් අවසර ගන්න පොටක් පාදගන්න විදියක් නැතුව හිටියේ. එක පාරට ගිහිං කිවුව නම් අපි හෙළිකොප්ටරයක් යවන්න තියෙනවා අපිට ඒකට අවසර දෙන්න කියලා, අඩුම තරමේ දවස් 14 වත් ඇතුලේ ඉඳලා එන්න තමා වෙන්නේ. :D
පස්සේ අයියා තංගල්ල කොට්ඨාෂය භාර පොලිස් අධිකාරී කාර්‍යාලයට ගිහිං SSP මහත්තයා හම්බවෙලා හෙළිය යවන්න ඕන සියළුම නීත්‍යානුකූල වැඩ රාජකාරී ටික කරගෙන ආවා.
ඔන්න ඔහොම තමයි අපේ හෙළිකොප්ටරේ යවන්න පොලීසියෙන් අවසරේ ගත්තේ...
119ට කෝල් කරපු පොරට නම් සෑහෙන්න පිං...... :D
අපරාදේ මම හිතුවේ මෙයා පොලිස් කුඩුවේ කියලා හික් හික් :)
ReplyDeleteදැන් ස්විච් එක හදාගත්තාද ආයේ නග්ගන්න....
හනී හරි සෝක් පෝලිස් මාමලා නොවැ ඉන්නෙ....
ReplyDeleteඈ බොලේ... ඔය 119 එකට කතා කළාම ආන්සර් කරනවද..... හයියෝ පහුගිය අවුරදු වල කොච්චර ගන්න හැදුවත් ඔය මඟුල බිසී.... හි හි....
ReplyDeleteඅපරාදේ... දවසක් වත් ඇතුලට දාන්න තිබ්බේ දෙන්නව.. එතකොට නිවී සැනසිල්ලේ ගැටළු ටික කල්පනා කරන්න වෙලාව තියෙනවනේ...
මොකද ඊළග මෙහෙයුම එනකොට අපිට මේ හෙළියේ කතාව අමතකම වෙලා තියෙයි නැත්තම්... හි හි...
ආයෙත් හෙලි වැඩේ,,මේකත් දැන් සෑහෙන කාලෙක ඉදන් ඇදගෙන යනවා නේ
ReplyDeleteම්ම්ම්..දැන්වත් ඉතින් නිත්‍යානූකූලව නග්ග ගන්න බලපංකෝ එහෙනන්
ReplyDeleteසෑහෙන කාලෙකින් නේ මේ ගැන ලිපියක් දාලා තියෙන්නේ..
ReplyDeleteඅඩේ මේක ස්ටීම් හෙලිකොප්පරයක්ද? :D
ReplyDeleteබලන්න මේ සිරි ලංකාවේ ජනතාව මොන තරම් නම් අවදානෙන්ද ඉන්නේ කියලා :D
ReplyDeleteරිමෝට් කොන්ට්‍රෝල් හෙලිකොප්ටර් එකක් යවන්න පොලිසියෙන් අවසර ගන්නත් ඕනද?
ReplyDeleteසුපිරි වැඩක්නේ අපේ සුබ පැතුම් ඔයාලගේ නිර්මාණයට.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
කාලෙකින් ඇහුව ලංකාවේ පොලිසිය ගැන හොඳක්
ReplyDelete119 එක ඔය තරං ඉක්මනට ප්‍රතිචාර දක්වනවද?
ReplyDeleteහැක් හැක්... බාණ්ඩෙනම් මරු!..
ReplyDeleteඔව්ව මොනාද අයියේ! අර ඒ දවස් වල වින්කලේක ඩයල් එකක් ප්ලේන් එකක් හදලා මිනිහා තාම හිරේ කියලා පත්තරේක තිබ්බ! මිනිහා එලියට ආපුවාම කඩදාසි රොකට්ටුවක්වත් හදයි කියහන්කො ඉතිං... ඔව්ව ඔහොම තමයි ඉතිං.. ජය
කාලෙකින් මෙ පැත්තෙ ආවේ ඔන්...
අම්මට සිරි වෙනවා!
ReplyDeleteමේ වෙනකොට ඉක්මනටම නග්ග ගන්න ක්‍රමයකුත් හොයාගෙන ඇති මහිතේ.. :)
ReplyDelete@හසී - අපිව පොලිස් කූඩුවේ දාන්න ලේසි නෑ.. :D ඔවු ස්විච් එක හදාගත්තා..
ReplyDelete@amila - ඒකනේ කියන්නේ..
@හිරු - අපේ වෙලාව හොඳ නිසා තමා ආන්සර් කරලා තියෙන්නේ.. :D
@Dilan - ඔවු ඔවු.. මේක අතාරින්න බැහැනේ ඉතිං..
@Pasan - ඔවු දැං අපිට ලැයිසොං තියෙනවා.. :D
@Dinesh - දැං වැඩිය බ්ලොග් ලියන්න වෙන්නේ නෑ බං..
@GNS - ඔවු ඔවු.. කොහොමද දුම් පාර.. :D
@Hasitha - ඔවු බං අපිටත් හිතාගන්න බෑ කවුද දැකල තියෙන්නේ කියලා..
@නිශාන් - ඔවු.. ඊට අමතරව රිමෝට් එකට අවසර ගන්න ඕන TRC එකෙන්..
@Naleen - බෝම ස්තූතියි..
@කෝරලේ - ලංකාවේ පොලීසිය දැං හොඳයි..
@Praසන්ன - අපිටත් පුදුමේ ඒක බං..
@Pinkie - හික් හික් හික්.. කාලෙකින් ආවට අවුලක් නෑ බං.. මම ලිවුවෙත් කාලෙකින් තමා.. :D
@ටිම් - හික්.. :D
මධුරංග - නෑ නෑ තාම පුහුණු වෙනවා..
ඈ අපිනම් හැමදාම plane යවනවා කිසි අව්ලක් නැ.අනික කිලෝ 5 ට අඩු plane,heli යවන්න නීතියෙන් තහනම් නැ.ඕන කෙනෙකුට යවන්න පුළුවන්.
ReplyDelete