Sunday, March 25, 2012

යාන්තං ටිකක් නග්ග ගත්තා..

යෙත් උදෙත් නාලා, කාලා එහෙම වෙනදා වගේම අයියලාගේ ගෙදර යන්න කියලා සෙට් වෙන්න හදනකොටම අයියගෙන් ඇමතුමක් ආවා.. මොකක් ද සීන්නෙක කියලා බලන්න ආන්සර් කලාම අයියා කිවුවේ පට්ට හැපී නිවුස් එකක්..

ඒ කිවුවේ, "අද හවස අපි හෙළිකොප්ටරේ යවන්න බලමු" කියලා.. මෙච්චර කාලයක් බලං හිටි මොහොත අද පත්තුවෙන්න හදන්නේ කියලා හිතනකොටත් මාර කික් එකක් දැනුනේ ඊයේ උදේ.. හප්පා.. කියලා වැඩක් නෑ.. ඕක ඇහුවම ඉතිං මම කොහොම ද ඉන්නද හවස් වෙනකං.. එම සැනෙන් මගේ පාපැදියේ නැගලා පියාඹලා ගියා අයියලගේ ගෙදර..

මම යන‍කොට අයියා කොම්පියුටර් එක දාගෙන මොකක් ද කියවනවා.. ගුම්මෝනිං පාරක් දාගෙනම මමත් හෙමීට කිට්ටු කරා බැලුවා මොකක් ද කියවන්නේ කියලා.. එතකොට තමා අයියා කියලා දුන්නේ තටු ඇලවෙන්න ඕන ප්‍රමාණයේ අන්තර්ජාතික ප්‍රමාණයන් මොනවද කියලා එක එක සයිට් වලින් බල බල ඉන්නේ කියලා.. මට ඉතිං ඕවා එච්චර තේරෙන්නේ නැති වුනත් මාත් ලාවට වගේ ඇහැ දාලා බැලුවා කියලා තියෙන අංශක ප්‍රමාණයන් කොයි වගේ ද කියයලා.. එතකොට තමා දැක්කේ ගොඩක් සයිට් වල කියල තියෙන ප්‍රමාණය එකට එකක් ආසන්නයි කියලා.. ඒක නිසා අපිත් ඒ ගානට තටු වල හැඩේ හදන්න පටංගත්තා..

මේ තියෙන්නේ ඒ විදියට තටු වල හැඩේ හදන උපකරනේ.. මේකට සිංහලෙන් නම් කියන්නේ pitch gauge කියලා.. ඉංගිරියෙන් කියන නම නම් දන්නේ නෑ.. :D

http://www.wifly.co.za/products/7936-hobbyking-helicopter-pitch-gauge-kit.aspx#.T26xJGH9Mjw

මේකේ මේ කහපාටින් තියෙන්නේ රබර් බෑන්ඩ් එකක්.. උඩ කොටසේ දෙපැත්තෙන් ඇදලා අර තියෙන කවුලුව ලොකු කරන්න පුළුවන්.. ඊට පස්සේ ඒ කවුලුව අස්සෙන් තටුව රිංගවලා ඕක අතාරිනවා.. ඊට පස්සේ රිමෝට් එකෙන් තමා අදාල අගයන්වලට එහෙට මෙහෙට කරකවන්නේ.. වැඩි දුර අධ්‍යාපනයක් ඕන අය මෙතනට ගිහිං බලන්න කොහොමද කරන්නේ කියලා.. :D එක එක උපකරණ වලිං කරන හැටි තියෙනවා..

කොහොම හරි හරියට අදාල අගයන්ට හදලා ඉවර වෙලා බලද්දී හවස 2.00 විතර වෙලා වෙලාව.. එහෙමම අයියා කෝල් එකක් දැම්මා අපේ රථාචාර්‍ය වරයට එයාගේ ලැජ්ජටැස්සිය අරං පළමු මෙහෙයුමට යන්න, එන්න කියලා 3.30ට විතර.. එහෙම කියලා අපි දෙන්නත් දවල්ට කෑම කාලා එහෙම බඩු ටික සෙට් කරගෙන හිටියා රථේ එනකං..

ඔන්න කොහොම හරි 3.45ට විතර ආවා අපේ ටුක් ටුක් එක.. දැං අපි දෙන්නා මේකේ නැගලා යන්න සෙට් වුනා හොඳට ඉඩකඩ තියෙන  තැනකට.. අපේ රථාචාර්‍ය වරයා තමා ඒ යටිතල පහසුකම සපයන්න පොරොන්දුවෙලා හිටියේ.. මොකද පොඩි ඒවා ගේ ඇතුලේ තියං යැවුවට මේක යවන්න බෑ.. අනිත් එක තාම හරියකට යවාගන්නත් බෑනේ.. අනිත් එක තාම මේක එක දවසක් වත් යවලා නෑ නේ.. ඒක නිසා හොඳට ඉඩ කඩ තියෙන තැනකට ඒ වගේම කස්ටිය අඩු තැනක් බලා අපිත් දාගෙන අපේ රථේ එක හැල්මේ ගිහිං නැවතුනා පොඩි ඉස්කෝලයක් ලඟ..

ඉස්කෝලේ පිට්ටනියට ගිහිං අපි වැඩේ පටං ගන්න හදනකොට ඔන්න ඈත එනවා දැක්කා පොඩි කොල්ලෝ කුරුට්ටො දෙන්නෙක්.. මුන් දෙන්නත් ඇවිත් හිටගත්තනේ ළඟින්ම.. ඒක නිසා ඉස්සර වෙලා මේ දෙන්නා යැවුවා අපේ මාතලී ඉන්න තැනට.. පොරට කලිං කියලා තිබුන නිසා පොර ඈතට වෙලා හිටියා.. ඇයි ඉතිං මේක කැරකිලා ආවොත් එහෙම.. හරි ඔන්න දැං ඔක්කොම සැට් කරලා ස්ටා(ර්)ට් කලා අපේ හෙළිය...

අම්මෝ..... ආසාවේ බෑ ඒ සද්ටෙ..  ඔය සද්දේ අහන්න කොච්චර කාලයක් නම් මඟ බලං හිටිය ද.. ස්ටා(ර්)ට් කලාට පස්සේ ස්ටා(ර්)ට මෝටරේ අරං ගිහිං පැත්තකින් තියලා පටං ගත්තා මම වුන පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න.. ඒ තමා මේක යවන වීඩියෝ එකක් අපේ කස්ටියට බලන්න දානවා කියලා මම පොරොන්දු වුන එක.. හැබැයි මේක බැලුවම තේරෙයි වැඩිය උඩ යවලා නෑ කියලා.. උඩ යවන්න කලිං හෙළිය බැලන්ස් එකේ තියාගන්න අත හුරුවෙන්න ඕන රිමෝට් එකට.. ඒක නිසා වැඩිය උඩ යැවුවේ නෑ.. උඩ යවන එක නම් ලේසියි.. ඒත් හරියට පාලනය කරගන්න බැරි වුනොත් විනාසයි.. ඒක නිසා මුලින් කරන්නේ රිමෝට් එකට හුරු වෙන එක..

ඔන්න එහෙනම් බලන්නකෝ වීඩියෝව...



මේ ඉන්නේ පළමු මෙහෙයුමට ගිය අ‍පි තුන්දෙනා.. ඔය ඉස්සරහින් කහ පාට ඩ්‍රිල් එකක් වගේ තියෙන එක තමා ස්ටා(ර්)ට මෝටරේ.. [මැද ඉන්නේ අයියා]

73 comments:

  1. මොකක්ද බං "නග්ගත්තා" කියන්නේ ;-)

    Pitch Gauge = තාරතා මානය ?

    ReplyDelete
    Replies
    1. පොඩි ටැයිපං මිෂ්ටේක් එකක්... :D

      තාරතා මානයද කියලා වෙන්නැති ඉංගිරිස් වලිං කියන්නේ...

      Delete
  2. පොල් කෝම්බ කරත්ත දක්කලා සරුංගල් යැව්වා... ඊට පස්සේ පැරශුට් යැව්වා... දැන් මුන් හෙලිකොප්ටර් යවනවා.. අපේ පොඩි උන් මොනවා යවයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඇයි අබීතයියා බැලුං යවලා නැද්ද උඩ.... :D

      Delete
    2. 'බැලුං යවලා' නම් නැතුවැති :)

      Delete
    3. හහ් හහ් හා :D

      Delete
  3. සෝ...... මේක මොකෝ බන් ලංගම බස් එකක් වගේ දුන් දාන්නෙ? ඉස්සර අපේ මස්සිනාටත් ඔහොම ලෙඩක් තිබ්බා. මිනිහා ඉස්සර ඕක අරගෙන යන්නෙ බත්තරමුල්ලෙ තැනකට එතන ඔය වගේ සික් කාරයො ගොඩක් තම තමන්ගෙ හෙලිකොප්ටර් අරගෙන එනව උඩ යවන්න. තාම එනවද මන්ද.... පාර්ලිමේන්තුව පිටිපස්සෙ තැනක්.... කලින්ම පොලිසියෙන් කෙනෙක් දාලත් හිතියෙ හෙලිකොප්ටර් දියවන්නාව උඩින් පාර්ලිමේන්තුව පැත්තට යවනවද බලන්නත්

    ReplyDelete
    Replies
    1. දුම වැඩිවෙන්න හේතුව තමා අපේ හෙළිය අලුත් එකක් නිසා ඒ කියන්නේ ඇංජිම අලුත් නිසා මේකට දාන ඉන්ධන වලට කවලං කරන ඔයිල් ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ.. ඒකට හේතුව තමා එහෙම නැතිවුනොත් ඇංජිමට හොඳ නැති නිසා..

      පාර්ලිමට් එක ගාව ග්‍රවුන්ඩ් එකේ සීන් එක ගැන කියනව නම් එතන බොරුවක් ලු වුනේ...

      Delete
  4. මරු මරු....
    මාත් අසයි....
    ඒත් අපිට කොයින්ද පූසෝ මාළු...:DDD

    ReplyDelete
    Replies
    1. අපේ වල් පූසට කියලා බලපං පියන්තයියේ ඉතුරු කරපු මාලු කට්ටක්වත් ඉල්ලගන්න... :D

      Delete
  5. සා නියමයි.තව ටිකක් උඩට නැග්ග ගන්න තිබ්බා නම් හරි.

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලං පහු පහු වෙනකොට.... :D

      Delete
  6. කොහොම හරි නැග්ගුවා නේද බන් සොරෝ,,,කොච්චර කාලයක් ගියාද මේකට...අස්පයා නැති උනාට මොකෝ දැන් හෙලිකොට්ටර්

    ReplyDelete
    Replies
    1. මාස 4-5 විතර ගියා බං ඩිලෝ කෑලි ටික එකලාස් කරගන්න...

      Delete
  7. අඩේ එච්චර අමාරු උනාද නග්ග ගන්න ? කොහොමහරි නග්ග ගත්තා නේ !!! එල එල !
    නග්ග ගත්තා වගේ බස්ස ගන්නත් අමාරු වෙයිද මන්දා හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ බස්සන්න හරි ලේසියි... :D

      Delete
  8. අඩේ මරු වැඩේ අෆ්ෆා....ආසාවෙ බෑ

    ReplyDelete
    Replies
    1. ආසාව වෑහෙනවා... :D

      Delete
  9. සෝයිනෙ.......
    ඔය නග්ගගෙන තියෙන්නෙ...............

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. පොඩ්ඩක් නග්ගත්තා... :D

      Delete
  10. එලකිරි ඈ . . උත්සාහවන්තයා ජය ගනී කියන්නේ මේකට තමා . . .

    ReplyDelete
    Replies
    1. යෑර්ස් යෑර්ස්... උස්සාවන්තයා පය ගනී... :D

      Delete
  11. හෆ්ෆේ දුම.... නියමයි ආ.... :)

    ReplyDelete
    Replies
    1. යකෝ දුම කොහොමද නියම වෙන්නේ... :D

      Delete
  12. මරු මරු.. අන්තිමේ උඩ යැවුවා එහෙනම්...

    ReplyDelete
  13. කෝ බං දුම දානව විතරනෙ උද යන්නෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. යකෝ මේ තාම පළවෙන දවස.. මම කියලා තියෙනවා උඩ නොයවන්න හේතුව.. උඹේ කං පොට්ට ද... :D

      Delete
  14. හෙලිකොප්ටරෙන් දුං යන්නේ මොකෝ? වැඩේ නම් නියමයි හැබැයි.

    ReplyDelete
    Replies
    1. දුං යන්න හේතුව මම උඩදි කිවුවා සංජුගේ කොමෙන්ටුව ට නික්කියෝ ඒක බලන්න හො‍ඳේ...

      තැංකෝ වේවා...!!

      Delete
  15. සෝරෝ හෙලිකොප්ටරෙන් ගේමට යන්න වගේ ලෑස්තිය.

    ReplyDelete
    Replies
    1. අනේ මං හරි අසරණයි නොවෑ... :D

      Delete
  16. මේ පොඩි එවුනුත් නග්ග ගන්න බැරුව දඟලන දැඟලිල්ල අම්මප...අපි නං නාකි තමා, ඒ වුනත් බැරිම නං පණිවිඩයක් එවහන්... :-)

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා හොඳට නග්ගනවා වගේ නේ... :D

      Delete
  17. නියම සෙල්ලම...

    සික් කලින් දන්නවනම් පොල් රුප්පාවේ හැංගිලා ඉඳලා ලෑන්ඩ් කරන කරන සැරේට හූ කියලා එල ආතල් එකක් ගන්න තිබුණා... :P

    අන්න පණිවිඩයක් යවන්න.. ඔබා අයියා හැම බේතම ටෙස්ට් කරලා ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. ටැංකෝ...

      යකෝ ඒ පොල්රුප්පාවක් නෙවෙයි ඉස්කෝලයක්... :D

      Delete
  18. මටත් මාතෘකාව දැකපු ගමන් හිතුනෙ ඔබා මාමට හිතුන දේම තමා :)

    එල වැඩක්...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹටත් හොඳට නග්ගන්න පුළුවන් ද... :D

      Delete
  19. අපෝ ඕකට නැගලා කියනවනං මේකට මොකක්ද කියන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ආයෙමත් මාතෘකාව කියවපං හොඳට... :D

      Delete
  20. හෙක් හෙක් මට මතක් වෙන්නේ ඉස්සෙල්ලාම වතාවට GTA වලද කොහෙද හෙලියක් මව්ස් එකෙන් ගෙනියන්න හදපු දවස :P

    අඩේ මේකද අර ගිය අවුරුද්දේ ඉදලා ගෙනාවෙ ? O.o

    ReplyDelete
    Replies
    1. ඔවු + මලේ මේ ඒක තමා... :D

      Delete
  21. ඔය මදෑ පළවෙනි පාරට නග්ගගත්ත තරම..

    ඇයි වදේ මෙකේ කමෙන්ට් කරන්න පුළුවන් ගූගල් අකවුන්ට් එකෙන් විතරද?

    සිතුවම්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. තාම අලුත්නේ...

      ඇයි ඉතිං ගූගල් එක තිබුනම මදෑ...

      Delete
  22. පට්ට බාන්ඩේ කැමරාවක් සැටි කලාම සැහෙන්න ඵල ප්‍රෙයෝජන ගන්ට පුළුවනිනේ

    ReplyDelete
    Replies
    1. හික් හික්... :D

      Delete
    2. අහල පහල ගෑනු නාල ඉවරයි වගේ

      Delete
  23. දැන් කොයි හරියෙද...

    ReplyDelete
    Replies
    1. දැං නං පුටුව උඩ... :D

      Delete
  24. නග්ගගන්නබැහැලා වැඩ ආ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නැතුව බැහැනේ ඉතිං.... :D

      Delete
  25. අපිට නැගලා යන්න පුළුවන් එකක් හදපන්කෝ.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ඉදිරියේදී... :D

      Delete
  26. උත්සාහවන්තයා නග්ගගනී

    ReplyDelete
    Replies
    1. ටයි කරලා කරලා යාංතං සුට්ටක් නග්ගත්තා.. :D

      Delete
  27. එළ එළ මුලින් හිතුවේ තනකොල කපන මැසිමක් කියලා...

    ReplyDelete
    Replies
    1. සද්දෙත් ඒ වගේ නේ... :D

      Delete
  28. මාත් ගන්න ඉන්නෙ ඔයින් එකක් ! :)

    ReplyDelete
  29. මේකේ ගෙන යා හැකි ඉන්දන වලින් කොච්චර විතර පියාසර කාලයක් තියනවද ....?

    ReplyDelete
    Replies
    1. විනාඩි 15ක් විතර...

      Delete
  30. සෝරෝ මලයා, මේක නම් සිරා, හැබැයි හෙන ගේමක් දෙන්න ඕනෙ නේද හදා ගන්නයි යවන්නයි ? මම මේ ළඟදි තව පොඩි එකක් ගෙන්න ගත්තා.. හැබැයි ඒක වැඩ නෑ.. මම පෝස්ට් එකක් දාලම ප්‍රශ්නේ කියන්නම් කෝ.. .මේකේ වීඩියෝස් තව දාන්න..

    ReplyDelete
    Replies
    1. හෙන කියන්නේ හෙනම ගේමක් දෙන්න ඕන.. උඩ යවනන් කලිං වැඩ කෝටියක් තියෙනවා කරන්න..

      රයිටෝ දාමු බලන්න...

      Delete
  31. අපි නම් හැමදාම වගේ නග්ගනවා.. :)

    ReplyDelete
  32. අමුතු ගැජමැටික් එකක්....එළ එළ

    ReplyDelete
    Replies
    1. උඹ හෙළිකොප්ටර් දැකලා නැද්ද... :D

      Delete
  33. එලටම තියෙන්නේ..හෙලියෙ රිමෝට් එක හොදට හුරු උනාම මේ පැත්තට එවන්න .. හික්zz.. එතකොට ගල් මාට්ටුවක් දාලා හෙලිය පහලට ගන්න පුලුවන් මට :පී

    වීඩියෝ වේ දුම දාගෙන් සද්දේ දාගෙන වැඩෙ පටන් ගන්නකොට දැන් උඩ යයි දැන් උඩ යයි කියල මම බලන් හිටියා වගෙ ද ඕක උඩ යනකල් අයියයි මලයයි බලන් හිටපු ඉදිල්ල :D :D :D

    ReplyDelete
    Replies
    1. හා මම එවන්නම්... උඩ බලං ඉන්න...‍‍‍


      ඇයි බං ඔය උඩ ගිහිං තියෙන්නේ..... :D

      Delete
  34. බොහොම ස්තූතියි මචෝ අන්තිමේදී මගේ ඉල්ලීම ඉටු කරලා ඕක උඩ ගැහුවට .. හැබැයි ඉතින් වැඩේ ඔතනින් අහවර කරන්ඩෙපා . ඕක ෆුල් උඩ යවලා කරමනක් හෙම ගස්සලා වීඩියෝ කොරලා අපිට බලාගන්ඩ දාපං කොයි

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... තාම පටං ගත්තා විතරයිනේ... හොඳ හොඳ සෙල්ලං පහු පහු වෙනකොට නේ..... :D

      Delete
  35. මම මේ කියන්න ආවේ නැග්ග ගන්න අමාරුනම් පුරාන සිංහල පොත් පත් වල තියෙන විදියට නග්ගවන්න පුළුවන්. දඬු මොනරෙත් නග්ගවල තියෙන්නේ ඒ ක්‍රමයට ලු.

    ReplyDelete
  36. මොකෝ බන් උඹ පෙන්න නැත්තේ? නග්ගගත්ත එක බස්සගන්න බැරුවද????

    ReplyDelete