Sunday, August 14, 2011

තටු ඇවිත්..

පුංචි කුරුළු පැටියෙක් පොඩි කාලේ ඉඳන් හදා වඩා ගන්න කුරුළු අම්මලා මොන තරම් වෙහෙසක් මහන්සියක් ගන්නවද.. ඒ වගේම තමා තාත්තලත්.. ඉතිං එහෙම ආදරෙන් බලාගත්ත පුංචි කුරුළු පැටිය‍ට තටු දෙකක් ඇවිත් නම්.. ඒ කුරුළු අම්මටයි තාත්තටයි ඒ තරම් සතුටක් නැතුවැති නේ.. 

අන්න ඒ වගේ සතුටු හිතෙන දෙයක් මේ සතියේ ගෙදර ගියාම මටත් දැනුනා.. ඒ තමයි අපේ කුරුළු පැටියගෙ තටු දෙකත් ඇවිත් නිසා.. පැටියෙක් කිවුවට මේකා පත සයිස් එකෙක්.. හරි හරි ඔන්න දැං වටේ ගියා ඇති.. සමහර අය නම් දන්නවත් ඇති මම මේ කියන්න දඟලන්නේ මොකක් ගැන ද කියලා.. ඔව් ඔව් මේ අපේ මහා හෙළිකොප්ටර් රාජයා ගැන තමා..

දැං ඉතිං කස්ටියම දන්න රහසක්‍නේ මම හෙළිකොප්ටර් පදින එක.. ඒ අතරිනුත් ‍HK 600 GT කියන සද්දන්තයා හදන්න අත ගහලා පොඩි පොඩි ආර්ථික ප්‍රශ්න නිසා ඒක තාවකාලිකව නවත්තලා නේ තියෙන්නේ..

ඒ නවත්තලා තිබුනත්, ඔන්න මේ ඊයේ ගෙදර ආවම දැනගත්තා හෙළියේ තටු දෙක ඇවිත් කියලා.. ඉතිං මම මගේ ෆූටාර් එක අරං රූං ගාලා ගියා අයියලාගේ ගෙදර.. ගියාම තමා දැක්කේ අපේ හෙළිකොප්ටර් රාජයාට තටු දෙක හයි කලාම තියෙන හැඩ.. හප්පා........ බලන්න එපයි ලස්සන..

තටු දෙක හයි කරාම අඩි 5 1/2 විතර දිගයි මේක.. හැබැයි තාම සද්දේමොන වගේද කියලා අහන්න විදියක් නෑ.. මොකද තාම බැටරිය ගෙන්නුවේ නැති නිසා.. බැටරියටත් සැලකිය යුතු මදලක් වැය වෙන නිසා ටිකක් පස්සට දාලා තියෙන්නේ.. මොකද ඉතිං එක පාරට ලොකු ගානක් මේක වෙනුවෙන් වියදම් කරන්න බැරි නිසා.. ඒක නිසා මාසිකව පොඩි පොඩි ගනං ඉතුරු කරලා තමා බැටරියක් ගන්න තමා අයියා හිතාගෙන ඉන්නේ..

ඔන්න හෙළිය සිරස් අත‍ට හැරවුවම මගේ උසේ ගානටම ඉන්නවා..

මෙන්න මෙහෙමයි තිරස් අතට ගත්තම සයිස් එක..

පොඩ්ඩක් ඇල කරලා ගත්තම මෙන්න මෙහෙමයි පේන්නේ..

ඔන්න ‍ඔහොම තමා මගේ හෙළිකොප්ටර් යැවිල්ලේ මේ දවස් වල තත්ත්වය.. ලොක්කගේ බැටරිය එනකන් තාම යවන්නේ පොඩ්ඩා.. ඉතිං එහෙනම් ආයෙත් දවසක හෙළිකොප්ටර් එක්ක හමුවෙනකන් ආයුබෝවන්..!!

22 comments:

  1. හුග දවසකින් යාලු ඇවිත් තියෙන්නේ අලුත් කරුණු කාරණාත් අරන්නේ..ඕන් බැටරිය ආවම වීඩියෝ කෑල්ලකුත් අපිට බලන්න දාන්න ඕනා හොදේ...මගෙන් සුබ පැතුම්..!!!

    ReplyDelete
  2. එළස්... මාර වැඩනේ මෙයාල කරන්නෙ.. නිර්මාණකරු අයියද මල්ලිද..

    ඉක්මනටම බැටරියක් දාගෙන යමුකෝ රවුමක් කාරිය..
    එතකොට උඩයන ෆොටෝත් දාන්ට..:D

    ReplyDelete
  3. අනිවාරයෙන්ම ඉක්මනටම ඔය බැටරිය ගන්න අවස්ථාව ලැබෙන්න කියලා සුබ පතනවා.. කිව්වත් වගේ එදාට වීඩියෝ කෑල්ලකුත් ඕනේමයි..:)

    ReplyDelete
  4. අහ් සෝරෝවගේ e-අස්සයා තව ටික කාලෙකින් ඒකපිටේ නැගලා සෝරෝවටත් යන්න බැරියෑ

    ReplyDelete
  5. බැට්ටිය අරගෙන ඇට්ටි හැලෙන්න හෙලි කොට්ටරේ පැදහන් මචං ..

    අනිවා වීඩියෝවක් ඕනමයි ..නැත්තං ඉතින් කවදා බලන්නද මේ වගේ නඩ හෙලියක් .. දැන් ඕකට සේරම ගාන කීයද බං ?

    ReplyDelete
  6. හෙලියනම් පංක්‌කදු පහයි....හැබෙයි කොල්ලෝ ලෙඩක්‌ වැටෙයිද දන්නනැ...ජා.ආ.අ? ත්‍රස්‌ත් වාදියෙක්‌ කියල කිඅයි ඕන්. පරිස්‌සමින් මොකද අද කාලේ ස්‌වයන් නිශ්පාදන වලට වඩා අපේ රටේ උන කැමති අනුංගෙ රටවල් වල දේවල් එල්ල ගන්නනේ(ගූ බෙට්‌ටක්‌ උනත් ඖලක්‌ නැ made in USA නම්

    ReplyDelete
  7. එහෙනම් ඉක්මනටම බැට්ටිය ගන්න පුලුවන් වෙන්න කියලා පතනවා !!!!!
    එතකොට අපට පේන්න පොඩි වීඩියෝ කෑල්ලක් එහෙම දාන්න අයියා

    ReplyDelete
  8. අඩේ පට්ට නේ..අපේ එකෙකුත් ළගදී e-bay එකෙන් ඔයවගේ එකක් ගෙන්න ගත්තා ,හැබැයි ඉතින් දෙයියනේ කියලා යවපු මුල් දවසෙම බිම වට්ටගත්තා...

    අනිවා විඩ්යෝ කටුවක් නම් ඕනේ.. :)

    ReplyDelete
  9. අප්පා ඒකෙ හැඩ. ලස්සනයි සෝරෝ. අස්පයට වැඩිය හෙලිකොප්ටරේ තමා හරි යන්නෙ.

    ReplyDelete
  10. චැහ් ! මල් හතයි නෙව මලේ.... මාත් කාලෙකට ඉස්සෙල්ල යාළුවෙකුගෙ එකක් පැදල තියනව. නියම හොබී එකක් !

    ReplyDelete
  11. නීර්මාණයට සුබ පැතුම්..යාලුවා.
    අනිවා...විඩියෝ කරලා බලන්න....දාන්න

    ReplyDelete
  12. ආව් අප්පා.. සෝලෝ අයියාගේ හෙලිකොප්පටර් අස්සයා හරි අපූරුයි නොවෑ.. ඉක්මනට බැටරියක් ගන්න ලැබේවා කියලා මාත් පතනවා ඔන්න

    ReplyDelete
  13. තටු ඇවිත් නේන්නම්.... හික් හික් සෝරෝ විත් කොප්ටර් ;)

    ReplyDelete
  14. හෑ..... බොලේ මේක නියමයිනෙ....

    දැන් ඕකෙ යන්නෙ උඩින් ද...නැත්තම්..... හික්ස්

    මොනවා උනත් අපූරු නිර්මාණ හැකියාවක්...ඕකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න යාළුවා

    ReplyDelete
  15. පට්ටයි මචෝ! මං ඉන්න රටේ සුපර් මාකට් එකක තියනවා එක එක වර්ගයේ ඒවා..ඔය තරම් ලොකු නොවුනත් සාමන්්‍යය සයිස් එකේ එකක් ගන්න පුලුවන් ලංකාවේ සල්ලි වලින් රු.7000කට විතර..හදන එක ලාබද??

    ReplyDelete
  16. සා සා... සෝලෝ මල්ලි හපනා :)

    ReplyDelete
  17. මග හැරුනු බ්ලොග් පෝස්ට් කියවගෙන යනගමන්.මේකට කොමෙන්ට් නොකර යන්නම හිතුනේ නැ.
    හලේ නියමයි වැඩේ නම් .හෙලියට බැටරි දාගන්න ලැබේවා ඉක්මනින්ම.හෙලියේ නැගලා මේ පැත්තෙත් රවුමක් එන්න.ජයවේවා!!

    ReplyDelete
  18. තැංකිවු වේවා ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම..

    අනිවා වීඩියෝවක් දාන්නම් යවපුවාම..

    @Sabith - ගානෙන් කියන්න බෑ බං හොඳද නැද්ද කියලා.. ඒකේ Features කොහොමද කියල බලන්න ඕන

    ReplyDelete
  19. හ්ම්ම්ම් මරු මරු සෝරෝ

    ReplyDelete
  20. මටත් මැවිල පේනව...සෝරො අයිය කඩුවත් වන වන...හෙලිකොප්ටරේ නැගල අහසින් ඇවිල්ලා ග්‍රීස් යක්කු අල්ලන හැටි......

    ReplyDelete
  21. මේක අදනේ දැක්කේ.
    මරුය. කීයත් ගියාද මල්ලි මේකට.
    මටත් හිතයි හෙලියක් ගන්න....:D

    ReplyDelete
  22. සිරා බොල කීයක් වුණාද?

    ReplyDelete