ශ්‍රී චැට් එක හරහා අන්තර්ජාලයට සම්භන්ධ වෙලා පස්සේ Zoro කියලා නමකුත් දාගෙන පස්සේ බ්ලොග් එකකුත් අටවගෙන ඊට පස්සේ එතනින් එහාට ඇති වුන යාලුකමේ ප්‍රථිපලයක් විදියට ගූගල් බස් පදින්නත් පටං අරගත්ත නේ..
ගූගල් බස් ගැන කියවන නම් ඉතිං සෑහෙන්න දේවල් කියන්න පුළුවන්.. ඒ තරමටම ගූගල් බස් අපේ ජීවිතේ කොටසක් වුනා.. මම බස් පදින්න ගත් මුල් කාලේ ඒ කියන්නේ 2010 ඔක්තෝඹර් විතර වෙද්දී බ්ලොග් ලියන අය බස් වල දැං වගේ ගොඩ දෙනෙක් හිටියේ නෑ.. හිටිය ඔක්කොම මම හිතන්නේ 25 - 30 ක් විතර වෙන්නැති.. හැබැයි වෙන වෙන සෙට් නම් හිටියා.. ඒ වුනාට අපි එක්ක එයාලා සෙට් වුනේ නෑ.. අපිත් වෙනම වගේ හිටියේ..
ඔය බස් සෙට් එකේ හිටිය වැපාට යි මගේ මරණයාට යි තමා වැඩි බලතල තිබුනේ..ඒ කියන්නේ වැපා තමා සභාපති, මරණේ තමා ලේකම්.. ඒකත් ඉතිං පත් වුනේ ඡන්දයක් තියලා.. ඕකට මූලික වෙලා කටයුතු කලේ සහ අදහස දුනනේ කවුරුත් දන්න අපේ වියත් රවා.. කොහොම කොහොම හරි ඔය බස් සෙට්එක අතරේ ලොකු සහෝදර බැඳීමක ඇති වුනා.. කට්ටිය එකතු වෙලා මඩ ගහන එක, කාලීන වැදගත් දේවල් සාකච්චා කරන එක, උපන්දින තියෙනව නම් සුභපතන එක වගේ එක එක දවසට එක එක දේවල් කර කර හිටියා.. උදේ පාන්දර නැගිටලා ලේකම් තුමා තමා දාන්නේ බස් එක.. එදා දවසට ගැලපෙන විදියට බස් එක දැම්මම ඒ බස් එක කැඩෙනගුරුම යනවා ඒකේ.. කැඩෙනවා කියන්නේ කමෙන්ට් 500න් පස්සේ බස් එක ඩිසේබල් වෙනවා.. ඊට පස්සේ ඉතිං එතන ඉන්න කවුරු දානවා අලුත් බස් එකක්.. ඔන්න ඔහොම තමා ඉතිං අපි බස් කරුමාන්තේ කරගෙන ගියේ..
ඔහොම මාස දෙක තුනක් යද්දී ඒ කියන්නේ දෙසැම්බර් වෙද්දී කස්ටිය එක්ක ට්‍රිප් එකක් යන්න කතා වුනා.. ඒ කාලේ ගෙදර හිටිය නිසා අමාරුවෙන් තමා ගෙදරින් වීසා ඇපෘ කරගත්තේ ට්‍රිප් එක යන්න.. කොහොම හරි දෙසැම්බර් 18 (වගේ තමා මතක) අපි කස්ටිය එකතු වෙලා ගියා පොඩි ට්‍රිපක් කිතුල්ගල.. මේ ඉන්නේ ඒ අපේ සෙටාර් එක..
ඔය ට්‍රිප් එක ගිය දවසට පස්සේ දවස තමා SBU ගෙට්ටුව තිබුනේ.. එදාත් කොළඹ හිටි නිසා ගියා මමත්.. මේ තියෙන්නේ ඒකේ සමූහ ඡායාරූපේ..
ඔය විදියට බස් පැද පැද ඉන්නකොට කස්ටියට ඉබේටම තම තමන්ගේ බ්ලොග් අමතක වෙන තත්ත්වෙට ආවා.. මොකද උදේ පාන්දර බස් එකට නැග ගත්තයින් පස්සේ ආයේ වෙන දේවල් ගැන හිකන්න වෙන්නේ නෑ.. ඒක නිසා මේ සම්භන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් කෙරෙහි අපේ සභාපතිතුමා අවධානය යොමු කලා.. ඒ තමා බස් බ්ලොග් සතිය.. ඒ කියන්නේ සතියක් යනකන් හැමදාම බ්ලොග් පෝස්ට් එකක් දාන්න ඕන හැමෝම.. හැමෝම කිවුවට ඉතිං අනිවාර්‍ය නෑ ඉතිං..
ඔය බස් බ්ලොග් සතියේ දාන හැම බ්ලොග් පෝස්ට් එකක් ම බස් එකේ බෝ(ර්)ඩ් එකේ දානවා.. ඒ වගේම තමා එක එක දවසට බස් එක දාන්න ඕනත් එක එක එක්කෙනා.. එතකොට කවුරු හරි බ්ලොග් පෝස්ට් එකක් දාපු ගමන් බස් එකේ බෝ(ර්)ඩ් එක අප්ඩේට් කරනවා බස් එකේ අයිතිකාරයා..
ඔහොම බස් පැද පැද ඉන්න අතරේ එක දවසක් ලේන් කණියා දාපු බ්ලොග් පෝස්ට් එකක් නිසා අපේ අයට තව උණක් බෝ වුනා.. ඒකේ තිබුනේ ඔන්ලයින් රේඩියෝවක් කරන හැටි.. ඔන්න ඕක බලලා අපේ කස්ටිය එක එක්කෙනාත් හදන්න ගත්තා රේඩියෝ.. මුල්ම කාලේ දැං බස් රේඩියෝව වගේ ලස්සන සයිට් එකක් තිබුනේ නෑ නෑ.. නොමිලේ සේවාව දෙන සයිට් එකේ ඩිරෙක්ට් ලිංක් එකට ගිහිං තමා රේඩියෝව අහන්නේ.. ඒ වගේම දැං වගේ පැය 24ම වැඩත් නෑ.. හවසට තමා වැඩේ පටං ගන්නේ.. එදා උදේ ඉඳන් රික්වෙස්ට් බාරගන්නවා.. හවස තමා දෙන්නේ සිංදු ටික.. මේකට බස් රේඩියෝ කියලා නම වැටෙන්නේ අපි රේඩියෝව බිහිවෙන්න මූලික අඩිතාලම වැටුනේ ගූගල් බස් එක හරහා නිසා..
ඔය විදියට පොඩියට කරගෙන ගිය බස්රේඩියෝව නිල විදියට ආරම්භ කරන්නේ “මළකෙළියයි ජූලි 07 යි“ කියන අමුතුම ප්‍රචාරණයත් සමග.. දැං මේ තියෙන බස් රේඩියෝ සයිට් එක හදන්න මූලික වෙලා රෑ දවල් නොබලා කටයුතු කලේ පහනා.. ඒ වගේම තමා සියළුම ග්‍රැෆික් වැඩ කරන්නේ ලිෂාන්.. බොහොම පොඩියට පටං ගත්ත බස් රේඩියෝව ඔය විදියට හෙමිං හෙමිං ඇවිත් තමා අද මේ ඉන්න තත්ත්වෙට පත්වුනේ..
අද වෙනකොට ගූගල් එකෙන් බස් සේවාව නවත්තලා තිබුනත් එතනින් ඇති වුනු සහෝදර කම නැති වෙලා නෑ.. බස් සේවාව නවත්තනවත් එක්කම වගේ අපේ ලේකම් තුමා ගූගල් ගෘප් එකක් හදපු නිසා ඒ හිටි අය දැං බස් පදින්නේ ගූගල් ගෘප් එකේ.. ඒ නිසා බස් නැති වුන එකේ පාඩුව දැං පිරිමහන්නේ ගෘපියෙන්.. :D
ඔන්න ඔහොම තමා අද වෙනකන් මගේ අන්තර්ජාල ආගමනය..
ගුගල් බස් නැති උන එක නම් පාඩුවක් තමයි නේද සොරෝ අයියේ..
ReplyDeleteපාඩුයි නම් තමා.. හැබැයි එක අතකින් හොඳකුත් තියෙනවා.. පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් දැං... :D
Deleteකොහෙද පස් තියෙනවා. මුන්දැලාට පස් දිරවන්නේ නෑනේ :D (අඩේ අට දෙවෙනි පොටෝ එකේ මාත් ඉන්නවා නොවැ :D)
ReplyDeleteඔවු බං මටත් හරියට ෆිට් නෑ පස් කේස් එක...
Deleteආ ඔවුනේ.. අර ඉන්නේ මාරයා සමග පූසා... :D
ඉවරයි කිව්වට ඉවරම නෑ... තව තියෙනවා... :D
ReplyDeleteඒ වුනාට නිකං ඉවරයි ඉවරයි වගේ... :D
Deleteකොහෙද උබලටනේ මේවා ඉවර කරලා යන්න ඕනා උනේ,පූසයි,මමයි පස් ගොඩ ගන්න විදින දුක තොපිලට තේරෙන්නේ නෑ
ReplyDeleteහා හා එහෙනම් අද අදිමු.. නිසාන්තයත් තියෙනව නේ... :D
Deleteපස් හොඳයි . . . .
ReplyDeleteබස් හොඳායි . . . .
ඒක හැබෑ...
Deleteවැඩ වැඩි වෙන්න වැඩි වෙන්න බස් අහන එක ටික ටික අඩු වුනා මන් දැන් ඉඳන්ම ආයි පටන් ගන්නව..
ReplyDeleteබස් අහන්න නෙවෙයි බං බස් රේඩියෝව අහන්න... :D
Deleteඅපි නොදන්න කතා නොවැ.. සිරා බං !
ReplyDeleteහේ හේ හේ... දැං දැනගත්ත නේ... :D
Deleteසෝරෝව දැන හඳුනා ගන්න ලැබීම මගේ විශාල භාග්‍යයක්.... :)
ReplyDeleteඑසේමෑ එසේමෑ... උඹත් බස් පැද්දා වගේ මතකයි ටික කාලයක්...
Deleteසෑහෙන දිගු ගමනක්.. කොහොම උනත් අවසානයේ හැමෝම එකතු වෙලා හදපු බස් රේඩියෝ එකට මම නම් මාරම කැමතියි.. කම්පියුටර් එක ලග වාඩි උනොත් බස් රේඩියෝව දානවාම තමයි..
ReplyDeleteඑල එල... ටැංකූ වේවා...
Deleteසික් අඩවන්න එපා බන් බස් ගැන කියලා :(, ආයෙ එන්නේ නෑ ඒ කාලේ......... :D
ReplyDeleteඔවුනේ.. ආයේ එන්නැ තමා ඒ කාලේ... :D
Deleteයන්තරේ ඉන්න පැය කිපයෙ මටනං රේඩියො අහන්න වෙලා නෑ බං ඉඳල හිටල අහනව ඇරෙන්න. ඒත් සාමුහිකත්වයෙ ඵලයක් විධියට ඒක නියමම වැඩක්. අනික් ඒක නිසා සැඟවුණ කුසලතා බර ගානක් එලියට ආවනේ... :D
ReplyDeleteමේ සෝරෝ උන්නැහෙගෙ ගැජට් එක නම් මරු!
මම නම් ඉතිං දවසේ පැය 24න් 15ක්ම වගේ ඉන්නේ මේක ඉස්සරහා.. එයින් වැඩි වෙලාවක් ඉතිං බස් රේඩියෝ එක දාගෙන තමා ඉන්නේ.. ඔවු බස් රේඩියෝව අපි හිතපු නැති තැනකට අපිව ගෙනාවා..
Deleteනිකං ඉඩ තියෙන එකේ පොර හිටෙවුවා අයිනෙන්... :D
ඔය සෝරෝවා තමා මටත් බස් පදින්න පුරුදු කලේ.. හයියෝ......
ReplyDeleteනරක් වෙලා ඇති නේද දැං... :D
Deleteනියම කතා ටික අයියෙ අපි නම් අලුතෙන් ආවෙ.....ඒත් මේ වගේ අතීත කතා කියවන්න ලැබුන එක ලොකු දෙයක්.....ඉස්සරහටත් දිගටම ලියන්න වාසනාව ලැබේවා....!!!!
ReplyDeleteටැංකූ ටැංකූ.... :D
Deleteහනේ...බස් මතක් වෙනකොට ඇඬෙනවා අප්පා......ඉවර නැ නේද ගමන් මග....
ReplyDeleteඉවර නැති වුනාට ඔය ඇති ගමන් මඟ... :D
Deleteමෙතනින් නතර කරන්න එපා ඔහොම යං ඔහොම යං දව්සක උඹ මේ ලෝකෙටම ලොක්කා වෙලා තමා නවතින්නේ ..
ReplyDeleteඇත්තටම මරු කතා ටික බං අපි අන්තර්ජාලේ ගැන අහලා විතරක් තිබුනු පොඩි කාලේ උඹ ඒ ජාලේ එල්ලිලා හිටිය එකෙක් නේද ?
ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ.... :D
Deleteඒ දවස් වල අන්තර්ජාලේ කියන එකේ නියම තේරුම දැනං හිටියෙ නෑ බං.. හරියට ළිඳේ හිටි ගෙම්බෙක් වගේ.. එතනින් එහා ලෝකයක් දැක්කේ නෑ..
දැං පොඩ්ඩක් වටාපිටාව දකිනවා.... :D
sl walin pita inna mata samahara dewal terenawa adui mitura kohoma unat atara maga mun gasuna nisa hi kiwa obata well come too fr...surani nangi
ReplyDelete