Saturday, May 14, 2011

බුකි => බ්ලොග් => බස් => රේඩියෝ => ???

සිංහළ දමිළ අළුත් අවුරුද්දත් ගෙවිලා ගිහින් දැං ඔන්න වෙසක් ​පෝයත් එනවා.. අපේ ර​ට වගේ බෞද්ධ රටවල් වලට සෑහෙන්න වැදගත් වෙන පෝයක් තමා වෙසක් පෝය කියන්නේ.. මම ඉතිං ඒක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. මේ බ්ලොග් කියවන හැම දෙනාම වැහි දවසකට හරි ඉස්කෝලෙකට ගිහින් තියෙනව කියල හිතනවා... :D

මේ අවුරුද්දේ වෙසක් පෝය තියෙන්නේ ලබන සති​ෙය් 17 වෙනි බ්‍රහස්පතින්දා නේ.. තව සතියක්ම තිබුනත් මට පෝයට ගෙදර යන්න වෙන්නේ නෑ පොඩි රාජකාරී ගමනක් යන්න වෙලා නිසා.. ඕං ඒක නිසා මගේ ආදරණීය අම්මටයි තාත්තටයි මල්ලිලා දෙන්නටයි සුභ පතලා යවන්න වෙසක් කාඩ් එකක් ගත්තා.. හප්පේ වෙසක් කාඩ් කඩේ නේ කඩේ කියන්නේ.. නානාප්‍රකාර ජාතියේ වෙසක් සුභපැතුම්පත් වැහි වැහැලා ඒක ඇතුලේ.. හැබැයි ඉතිං වැඩිපුර තියෙන්නේ වෙසක් එක නමින් වෙසක් එකට අදාල නැති සුභ පැතුම්පත්.. බොහොම අමාරුවෙන් ගෙදර අයට යවන්න පුළුවන්, ඒ වගේම වෙසඟට අදාල සුභ පැතුම්පතක් ගත්තා..

ඉස්සර නම් මේ වගේ කාලේ වෙනකොට වෙසක් කූඩු හදන ජොබ් එක පටං ගන්නවා.. දැං ඉතිං මම ගෙදර නැති නිසා පොඩි මල්ලිට තමා අලුත් පත්වීම ලැබිලා තියෙන්නේ.. ආරංචියේ හැටියට මිනිහා කැපවීමෙන් අළුත් ජොබ් එක කරනව ලු.. මෙදාපොටේ මට කොත්මලේ වෙසක් බලතෑකි..

හරි ඔන්න ඉතිං දැං තමා මම අද ලියන්න යන දේ ලියන්න පටං ගන්න හදන්නේ.. මෙච්චර වෙලා කලේ ඒකට මුලපුරපු එක.. හරි ඔන්න දැන්වත් බහින්නම් කාරණාවට.. ඔය කාට කාටත් මතකැති නේ මම වෙලාවක් කලාවක් නැතුව බස් පැද්දා කියලා කාලයක්.. ඊට පස්සේ බස් එකේ යෑම පැත්තක තියලා හෙලිකොප්ටර් පදින්නත් පටංගත්ත නේ.. දැං ඔන්න අලුත්ම ඇබ්බැහිය තමා ඔන්ලයින් රේඩියෝ කෙරුවාව..

රේඩියෝ කෙරුවාව මට අළුත් සීන් එකක් නොවුනත් මේ ඔන්ලයින් රේඩියෝ සීන් එකට නම් අලුත්.. ඉස්සර මම අයියත් (හෙළිකොප්ටර් අයියා) එක්ක පොඩි රේඩියෝ චැනල් එකක් කලා කිලෝමිටර් 2ක විතර ප්‍රදේශයකට.. හුටා... මේව කියන්නත් බෑ.. නිතිවිරෝධී වැඩ නොවැ.. දැං නම් අවුලක් නෑ.. ඒක නවත්තපු නිසා.. ඒ ඇරෙන්න දැං ඉස්සර වගේ නීතිය තදත් නෑනේ යුද්දේ නැති නිසා..

කොහොමින් කොහොම හරි ඔන්න දැං අපි කිපදෙනෙක් එකතුවෙලා ඔන්ලයින් රේඩියෝ එකක් කරනවා.. කට්ටිය එකතුවෙලා සහයෝගෙන් වෙලාවල් වෙන්කරගෙන කරගෙන යනවා.. මේ රේඩියෝ සීන් එකට කස්ටිය එන්ටර් වුනේ අපේ ලේං කණියාගේ රේඩියෝ පෝස්ට් එක දැකලා නේ.. ඒකට ගරුකිරීමක් විදියට ඔන්න පොරට නම්බුනාමෙකුත් දීලා බස්රේඩියෝවේ පියා කියලා.. :D

උදේ 7.00 විතර පටං ගන්න මේ රේඩියෝව රෑ 12.00 විතර වෙනකන් විකාෂණය වෙනවනවා.. ඒ අතරතුර කාලයේදී සිංදු තමා වැඩිපුර විකාෂය වෙන්නේ.. හැබැයි ඉතිං සිංදු යන අතරේ පොඩි පොඩි ආතල් මඩ පාරවල් එහෙමත් යනවා ලෙසටම.. මඩ කිවුවට ඉතිං දරුණු මට නෙවෙයි.. මේ මඩ ඇහුවම ඕන කෙනෙකුට හිතෙනවා "අනේ මටත් මඩක් වද්දගන්න ඇත්තං" කියලා.. ඒ තරමට සුවීට් මඩ ටික.. :D

මේ රේඩියෝවේ නම විදියට දාලා තියෙන්නේ බස් රේඩියෝව කියලා.. ඒකට හේතුව තමා මේත පටංගන්න මුල් වුනේ බස් කාරයෝ නිසා.. ඒ වගේම මේක අහන වැඩි දෙනෙක් බස් කාරයෝ නිසා.. බස් කාරයෝ කියන්නේ මේ පාරේ යන අය නෙවෙයි.. ගූගල් දෙයියගේ බස් පදින අය..


මෙන්න බස් රේඩියෝවේ නිල ලෝගෝව.. හැදුවේ ලිෂා


රේඩියෝ එක අහන්න එන්න මේ ලිංක් එකට..

දැනට රේඩියෝ එක කරගෙන යන ජොකියොන්ගේ නම් මෙන්න..
DJ සිලියා
Dj මඩයා
Dj ලසියා
Dj වැප්
Dj හෂී
Dj ප්‍රියන්ත
Dj සෝ
Dj Dila
Dj කණි
Dj හා
Dj රොකියා
Dj මාර
Dj රජි
Dj ඉසාර
Dj නචියා
Dj Hima
Dj නීශාචර
Dj බුල්ට්ස්

කවුරු හරි කැමති නම් මේ රේඩියෝ එකේ බැනර් එකක් කමන්ගේ බ්ලොග් එකේ එල්ලගන්න, මෙන්න ඒ අයට කෝඩ් එක..
<a href='http://radio.lk7.info/' title='buzz radio'><img height="253" width="175" alt="" src="http://radio.lk7.info/buzz_radio_add.jpg"></a>

කාට හරි සිංදුවක් රික්වෙස්ට් කරන්න ඕන නම් මේ ඊමේල් ලිපිනයට ඊමේලක් දාන්න..
buzzradiolk@gmail.com

​බස් රේඩියෝවට බුකියෙත් පේජ් එකක් තියෙනවා.. කවුරු කවුරුත් ලැයික් පාරක් දැම්ම නම් හොඳයි..
http://www.facebook.com/#!/pages/Buzz-Radio/201347469902323

මෙහෙම් යන යෑමට කස්ටිය කොහේ ගිහින් නවතීවිද මන්දා... :D

එහෙමනම් අපි හෙට උදේ 7.00 ට මුණගැහෙමු මෝර්නින්ග් ෂෝ විත් සෝ එක්ක...

22 comments:

  1. වෙසක් තියෙන්නේ 17 වෙනි අඟහරුවාදා උපාසක :-D

    ReplyDelete
  2. පෝඩ්ඩක් ටැපලිලා ...... හික් හික්.

    ReplyDelete
  3. යකෝ මේකා නීති විරෝධී වැඩමනේ වැඩිපුර කොරලා තියෙන්නේ :D

    ReplyDelete
  4. මරේ මරු මේ රේඩියෝ කෙරුවාව. මාත් සිංදුවක් දෙකක් ඉල්ලලා බලන්න ඕනේ

    ReplyDelete
  5. ආ......අපි මේ ගැන දැනගෙන හිටියේ නෑනේ.මේ ගැන අපිට කිව්වට ඔයාට ගොඩක් ස්තුතියි !! :D

    ReplyDelete
  6. වටිනවා අපිත් අහනවා ජය!!

    ReplyDelete
  7. නියමයි.... දිගටම ඔහොම යං.......
    ඔයාල දාන සිංදු වලට මම ගොඩක් ආසයි..
    විශේසෙන් පරණ ඒවට... :)

    ReplyDelete
  8. මේ... මේකට අපේ සින්දු දාන්න බැරිද?? :-)

    ReplyDelete
  9. තව අදහසක් තියන්වා....
    කොලිටි 2 කින් දෙන්න බැරිද?
    තව ටිකක් කොලිටි තිබ්බනම් මරු..

    ReplyDelete
  10. @මරණය - වැරදීමක් වෙලා.. ස්තූතියි යාළුවා පෙන්නලා දුන්නට...!!

    @ChAnDiKa - මරේ මරු...!!

    @පොඩි - හරි ඉතිං ඕකට ඔච්චර උඩපනින්න ඕන නෑනේ යාළුවා...!!

    @පූසා - හෙමින් කතාකරපිය යකෝ...!!

    @මධුරංග - මරු වැඩිකමට අමාරුයි... ඉල්ලපං එකක් නෙවෙයි දහයක් වුනත්...!!

    @රජිත් - දැං දැනගත්තනේ යාළුවා...!!

    @LishWish - අහමු අහමු බස් රේඩියෝව...!!

    @Super Mario - පුළුවන් මචං.. ඔය මේල් ඇඩ්‍රස් එකට මේල් එකක් දාලා ඉල්ලපං උඹ කැමති සිංදු...!!

    කොලිටි වැඩි වුනාම මචං ෆේඩ් වෙනවා.. ඒක නිසා ලෝ කොලිටි එකෙන් දෙන්නේ...

    @හිම කුමාරි - යාර්ස් යාර්ස්.. ඕල්ඩ් ඉස් ගුඩ් නේ...!!

    ReplyDelete
  11. අඩේ උඹත් ඉන්නවද ?

    ReplyDelete
  12. වෙලාවට මමත් එක දවසක් කොලා :D, ආයේ සින්දු ටිකක් හොයාගෙන කරන්නම්කෝ :)

    ReplyDelete
  13. හිටහන් හරි චැනල් එකක් දාන්න.. මට සින්දු සෙට් එක හම්බුන්නෑ..

    බස් රේඩියෝවට ජය වේවා!!!!

    ReplyDelete
  14. අඩා මාත් අහන්න ඕන මුං කරන ඔන්ලයින් රේඩියෝව .. බලමු අපේ කොල්ලෝ කොහොද කියලා මම අදයි මෙහෙවු දෙයක් ගැන දන්නේ

    අප්පා ඒත් මට මේක අහන්න බෑ මගේ ජාල වේගේ මදි දැනුයි මතක් උනේ චිකේ අපිවගේ කාල කන්නි

    ReplyDelete
  15. ඔන්න මමත් අහන්න සෙට් වුනා...
    අඩේ මෙහාට 17 අඟහරුවාදනෙ බන්. ඔහෙට කොහොමෙයි බ්‍රහස්පතින්දා වුනේ??

    ReplyDelete
  16. එක තමා මාත් අහන්න හැදුවේ...අපිට පෝය අගහරුවදා...ඔයාට අලුත් කැලැන්ඩරයක්ද සෝරෝ අයියේ ....?

    ReplyDelete
  17. ඇහුව ඇහුව... දිගටම අහනවා... :)

    ජය හෝ..!! බස් රේඩියෝ...

    රේඩියෝ > ?? ඇත්තට ඊළගට මොකක්ද... :D

    ReplyDelete
  18. ජය වේවා සහෝ. අලුත් අලුත් දැ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වා වගේ අලුත් අලුත් වැඩ වෙන්න ඕනේ.............

    ReplyDelete
  19. එල එල :D

    @හිම කුමාරි ඊලඟට බස් ටීවී බලා පොරොත්තු වන්න :D

    ReplyDelete
  20. එල කොල්ලෝ එළකිරි !! අයි මට වෙලාවක් තිබුනේ එබෙන්න !

    ReplyDelete
  21. තාම නම් අහන්න බැරි වුනා අහන්න ඕන .......

    ReplyDelete