Thursday, May 19, 2011

උඹ නැති පාළුව දැනේවි සදා...

ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්.. වෙලාවකට සතුටක් දැනෙන කොටම ඒක ඉවර වෙන්නේ දුකකින්.. සතුටක් දැනෙන කොට ඒක උපරිමෙන්ම නොවිඳ ඉන්නත් දුකක් දැනෙන කොට අඬන්නේ නැතුව ඉන්නත් මට හැකියාවක් නැත්තේ මම තාමත් පෘතග්ජන මිනිහෙක් නිසා වෙන්න ඇති..


වෙසක් පෝයට ගෙදර යන්න බැරි වුනත් නැන්දා කෝල් කරලා එන්න කිවුව නිසා එහේ ගියේ පොඩිඋන් දෙන්නත් එක්ක එකතු වෙලා වෙසක් කූඩු වලට ලයිට් දාලා, බකට් එහෙම පත්තු කරලා උන් දෙන්න එක්ක සතුටින් ඉන්න පුළුවන් නිසා.. හිතපු විදියටම ඊයේ (18/05) රෑ සතුටින් ඉඳලා නිදාගන්න ගියේ උදෙන්ම ඔෆිස් එකට එන්න ඕන නිසා..

උදේ පාන්දර ලේස්ති වෙලා එන්න පාරට බහින්න හදනකොටම අභීත අයියගෙන් කෝල් එකක් ආවා මූසල ආරංචියකුත් එක්ක.. කවුරුත් දන්න නිසා ඒ මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ.. නොදන්න කෙනෙක්ට දැනගන්න ඕන නම් මෙන්න මෙතනට ගිහින් බලන්න..

මම ළඟින් ආශ්‍රය කරපු යාළුවන්ගෙන් කිසිම කෙනෙකුට මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා නැති නිසා මට මේ සිද්ධිය දරාගන්න බැරිවුනා එක පාරටම.. කවදාවත් නැතුව ඔහේ කල්පනා කරන්න ගත්තා..

මට දිළුම්ව මුලින්ම හමු වුනේ එයාගේ කනේ ටෙස්ට් එකකට කොළඹ නවලෝක හොස්පිට්ල් එකට ඇවිත් ඉඳිද්දී මමයි, අභීත අයියයි, වැපයි, එයාව බලන්න ගිය දවසේ.. බ්ලොග් එකෙන්, චැට් ​එකෙන් අඳුරගෙන හිටිය දිළුම් එක්ක හැබැහින් කථා කලේ එදා තමා මුලින්ම.. එදා ඒ හමුවීම අපේ මිතුදම තවත් ශක්තිමමත් වුනා.. ඒ වගේම සයිබර් සිහින සැනකෙළිය දවසෙත් අපිත් එක්ක සතුටු වෙන්න ඇවිත් ඉන්න දිළුම් දැක්කම හිතේ තිබුන මිත්‍රකම සහෝදර කමක් බවට පත් වුනා වගේ මට දැනුනා.. ඉතිං හීනෙන් වත් හිතුනේ නෑ මගේ සහෝදරයට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා..

උඹේ කන් දෙකේ ප්‍රශ්නේ දැනගත්ත දවසේ ඉඳන් අපේ සයිබර් සහෘද​යෝ උඹ වෙනුවෙන්, උඹේ කන් දෙක වෙනුවෙන් කොච්චර දේවල් නම් කලාද.. මමත් පුළු පුළුවන් විදියට ඒ දේවල් වලට සහයෝගය දුන්නේ උඹ දැං මගේ සහෝදරයෙක් නිසා.. අපි ඒ හැම දෙයක්ම කලේ උඹ ​අපි වගේම තත්ත්වෙට ගෙන්න ගන්න ඕන නිසා.. ඒත් අද අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ අපි කිසිම කෙනෙක් හීනෙන්වත් හිතපු නැති දෙයක්.. අපි කාටවත් නොකියාම උඹ යන්න ගිහින්..

අදින් පස්සේ.....
මම කොහොමද ඉලංදාරියෝ උඹේ කවි කථා කියවන්නේ...
මම කොහොමද ඉලංදාරියෝ උඹ එක්ක චැට් කරන්නේ...
කවුද දැන් ඉලංදාරියා කියලා අපේ බ්ලොග් වල ​කමෙන්ට් කරන්නේ...

උඹ නැති පාළුව, උඹ එක්ක චැට් එකක් දාන්න වෙන්නැති එක, උඹේ කවි කථා තවත් කියවන් බැරි කම (විශේෂයෙන්ම උඹේ කවි) අපිට තදින්ම දැනේවි සහෝ..


උඹට අමා මහ නිවන්සුව ලැබේවා දිළුම් සහෝදරයා....!!

5 comments:

  1. මම දිලුම්ව දැකලා නෑ. ඒත් හිතට මහ පුදුම දුකක් දැනෙනවා.
    දයාබර මිතුර ඔබට නිවන්සුව!

    ReplyDelete
  2. සොරෝ මල්ලී ජීවිතය පුදුමාකාරයි.

    මීට වසරකටත් පෙර ඉඳන්ම දිලුම් ඉලංදාරියා බ්ලොග් අඩවිය හරහා අනේක පණිවුඩ දුන්නා. සැත්කමට කලින් එවූ මෙසේජ් එකක දිලුම් කිව්වේ ඉක්මනට "හොඳ වෙලා එන්නම්..." කියා, ඔහු උනන්දු කලේ අපිව, ජීවත් කෙරෙව්වේ බලාපොරොත්තුව. ඒත් ලෝක සත්‍යය ජයගත්තා.

    දිලුම් කවදත් ඉලංදාරියාසේම අපේ සිත් තුල ජීවත් වේවි.

    ReplyDelete
  3. කියන්න තියෙන දැනෙන හැමදේම ලියාගන්න බැරි නිසා මුකුත් නොලියා ඉන්නම්,

    අමා මහා නිවන් සුව ලැබේවා දිලුම් සහෝදරයා

    ReplyDelete
  4. දිලුම් සොයුර ඔබට නිවන් සුව පතන්නෙමු. ජාති ජාතිවත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවායි පතන්නෙමු !!!!!!

    ReplyDelete
  5. අපි යාළුවව දැකල නැති වුනත් උපරිමයෙන් ලියල තියෙනවා..

    එල සෝරෝ.. යාළුවට නිවන් සුව !

    ReplyDelete