Friday, April 14, 2017

වාරමක් | Waaramak

ර්තමානය වෙනකොට ගීතය කියන්නෙ වැළපීමක් වෙලා. බැරි වෙලාවත් රේඩියෝව හරි ටීවී එක හරි දැම්මොත් යන්නෙ මළ අඳෝනාවක්. සමහර ගීත අහං ඉන්න බැරි තරම්. දැං දැං ඒ තත්වය එන්න එන්නම වැඩි වෙලා. බස් එකක හරි ත්‍රීවීලර් එකක හරි නැග්ගොත් තත්වය සෑහෙන්න බරපතලයි. 


එක අතකින් බැලුවම හැබැයි ඉතිං ඒ ගීත බිහි වෙන එකේ වැරැද්දක් කියන්නත් බෑ මොකද ඒවටත් කැමති අයත් ඉන්නව කියල පේනවා ෆේස්බුක් එකේ එහෙම ශෙයාර් වෙන ගීත දිහා බැලුවම. බස් වල, ත්‍රීවීලර් වල වුනත් ඒ මිනිස්සු ඒවා දාන්නේ කැමති නිසානෙ. එක එක්කෙනාගේ රසවින්දනයේ තියෙන විවිධත්වය නිසා තමන් කැමති ආකාරයේ ගීත විතරක් බිහිවෙන්න ඕන කියල හිතන එකත් වැරදියි. හැබැයි බස් වල ත්‍රීවීලර් වල අය නම් ගීත ප්‍රචාරය කරද්දී මීට වඩා ටිකක් සැලකිලිමත් වෙනව නම් හොඳයි.

මෙහෙම කඳුළු පෙරාගෙන හඬාවැටෙන ගීත එළියට එන අතරේ සමහර නව පරපුරේ ශිල්පීන් ඉන්නවා අලුත් දෙයක් කරන්න උත්සාහා කරන අය. හැබැයි ඉතින් ඒ නිර්මණ ත් මට සාපේක්ෂයි. කලින් කිවුවා වගේ මට හොඳ වුනාට අනිත් අයට හොඳ ද කියල දන්නෙ නෑ නේ.

අන්න එහෙම මම කැමති නව පරපුරේ සංගීත කණ්ඩායමක් තමයි "අපි මචන්" කියන්නේ. හැබැයි මෙයාලාගේම ගීත තියෙන්නේ දෙකක් විතර වගේ. අනිත් ඒවා කවර් වර්ශන්. කවර් වර්ශන් වුනාට නිර්මාණාත්මක විදියට කරලා තියෙනවා කියලා තමයි මට නම් දැනෙන්නේ. හැබැයි එහෙමයි කියලා හැම එකම 100% හොඳයි කියලා කියනවා නෙවෙය්යි. මීට කලින් මෙයාලගේ ගීත අහලා නැති අය ඉන්නවා නම් මේ කණ්ඩායමේ යූටියුබ් පිටුවට ගියා නම් සෙට් එකම අහන්න පුලුවන්. හැබැයි අහලා නැති අය ඉන්නවා කියලා නම් හිතන්න අමාරුයි මොකද 15000 කට ආසන්න ප්‍රමාණයක් සබ්ස්ක්‍රයිබ් කරලාතියෙනවා. 

මම මෙ හදිස්සියේ පෝස්ට් එක ලියන්න ගත්තෙ සිංහල දමිළ අලුත් අවුරුද්ද එනුවෙන් "අපි මචන්" කණ්ඩායම කරපු අලුත් ගීතය අහම්බෙන් දැකපු නිසා. නම තමයි "වාරමක්" මෙන්න එහෙනම් අහලම බලන්න.

 
ප.ලි - තව පොඩ්ඩෙන් සුබ පතන්නත් අමතක වුනා. ලැබුවා වූ මේ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා...!!
 
 

1 comment:

  1. සුභ අලුත් අවුරුද්දක් මචං....

    ReplyDelete