Friday, August 29, 2014

ගහේ කටු

ස්සර කාලේ බොහෝ අය රැකියාව විදියට කලේ තම පියාගෙන් උරුම වෙච්ච දේ. ඒ හේතුව නිසාම තමයි ඒ කාලේ කුල ගෝත්‍ර බිහි වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් අපිට උරුම වුන මේ ක්‍රමය අඩු වැඩි වශයෙන් අදත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ ක්ෂේත්‍ර වල දකින්න අහන්න ලැබෙනවා.

රාජ්‍යත්ත්වයට පත්වීමේ ඉඳලා කසල ශෝධක කෙනෙක් දක්වා ඔවුන් බිහි වෙන්නේ තමන්ගේ වැඩැහිටි පරම්පරාව එම ක්ෂේත්‍රයේ නියැළිලා සිටිය නිසා. වර්තමානය වන විට ලංකාවේ රජ කෙනෙකු මූලික වුන පාලන ක්‍රමයක් නොතිබුනත් බොහෝ විට දේශපාලනය කියන විශයට එකතු වන නවකයන් වුනත් ඔවුන් පිවිසෙන්නේ තම පියා හෝ මව හෝ එම කාර්යයෙහි නියැලිලා සිටින නිසා. එහෙම නැතුව අලුතෙන්ම පිවිසෙන අය ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.

යම කෙනෙකු ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකයෙක් වශයෙන් රාජකාරී කරන ලද අවස්ථාවක ඔහුගේ ඉවත්වීමෙන් පසුව තම පුතා හට එම රැකියාව උරුම වීමේ නෛතික තත්ත්වයක් ඉස්සර තිබුන වගේ මට මතකයි. සමහර විට වර්තමානය වන විට ඒවා වෙනස් වෙලා තියෙන්න පුළුවන්.

බටහිර වෛද්‍ය වෘත්තිය සලකා බැලීමේදී ඔවුන් බිහි වන්නේ මේ ක්‍රමයට නොවුනත් පැරණි සිංහල වෛද්‍ය වරු ගැන සලකලා බැලුවම අපිට දැකගන්න පුළුවන් එම වෘත්තියේ නියැලිලා ති‍යෙන්නේ එක්තරා පරම්පරා කිහිපයක අය පමණක් බව.

වර්තමානය වන විට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල මේ පිය පුතු සම්භන්ධතාවය බොහෝ ලෙස දක්නට ලැබෙන්නවා. එහි ප්‍රථිපලයක් විදියට ඇතැම් පැරණි ගීත යම් යම් නවතාවයන් සමඟ නැවත නැවත අහන්න ලැබෙන අවස්ථා බොහෝ ඇති අතර එම ගීත වලට අඩු වැඩි වශයෙන් අප බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනු දක්නට ලැබෙනවා.

මිල්ටන් පෙරේරා - ප්‍රියංකර / චලක, මිල්ටන් මල්ලවාරච්චි - රනිල් / තාරක, මායා දමයන්ති - කුෂාණි, ටී.එම් ජයරත්න - ඉසුරු, මර්වින් පෙරේරා - අමල් වගේ එකී මෙකී නොකී බොහෝ අය ඉන්නවා අද වනවිට මේ ක්ෂේත්‍රයට පිවිසුන. මෑත කාලයේ ඉඳලා වගේ වික්ටර් රත්නායකයන්ගේ පුතා වෙන ජයන්ත රත්නායකත් තම පියාගේ ගීත ගායනය කරන අවස්ථා දකින්න ලැබෙනවා.

මේ විදියට සංගීත ක්ෂේත්‍රයට පිවිසලා තියෙන මේ අය බොහෝ විට පිරිමි කෙනෙක් නම් තම පියා ද ගැහැණු කෙනෙක් නම තම මව ද සංගීත ක්ෂේත්‍රෙය් නියැළී සිටි අය. නමුත් මම මේ ළඟදි දවසක දුටු දේ තමා මේ ක්‍රමයේ පොඩි වෙනසක් වෙලා අපේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පියෙක්ගේ ගීත ඔහුගේ දියණිය විසින් ගායනා කරන ලබන අවස්ථාවක්. ඒ තමා සුනිල් එදිරිසිංහ මහතා සහ ඔහුගේ දියණිය සංඛනී එදිරිසිංහ.

මේ පහලින් තියෙන්නේ ඒ විඩියෝ එක. අහලම බලන්නකෝ. ඇහුවම තේරේවි ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මොකද කියලා...


6 comments:

  1. මම කැමතියි ලෙලුම් රත්නායකගේ සිංදු වලට. මිනිහා තාත්තාගේ පාරේ නොයා මිනිහගේම පාරක යනවා. ඒකට මම කැමතියි.

    ReplyDelete
  2. සුනිල් එදිරිසිංහගෙ, ටී එම්ගෙ සිංදු මම ආසම ඒව. ඒව වෙන කෙනෙක් ගායනා කළාට මටනං හරියන්නෙ නෑ.

    ReplyDelete
  3. කටහඩ න ලස්සනයි...
    ඒත් තමන්නෙ දෙයක් කරන් ඉස්සරහට යනේක වටිනව

    ReplyDelete
  4. දියණිය හොදා.. මං හිතන්නේ මේ ළගදි මාතර පැත්තේ කියපු ප්‍රසංගයක සිංදුවක්..

    ReplyDelete
  5. කෙල්ල ටිකක් කැතට හිටියනං කටු උල් මදි කියලත් බොට හිතෙන්න තිබුනා.. :D හැබැයි ඉතිං එහෙම උනානං මේ පෝස්ට් එකත් නැහැ.. :D :D :D

    ReplyDelete
  6. සංගීත ක්ෂේත්‍රයේ නම් දෙමාපියන්ගෙ ගීත ළමයි කියන්න ඔය බුද්ධිමය දේපළ ප්‍රශ්නෙත් බලපානවා මං හිතන්නෙ.

    ReplyDelete