Thursday, February 2, 2012

සෝරෝ [03 කොටස - බස් පදින්න පටංගත් හැටි..]

න්තර්ජාලෙට සම්භන්ධ වෙලා මුලදී වෙන නමකින් ඇවිත් පස්සේ Zoro වෙලා  චැට් වල ෆෝරම් වල ඉඳලා අන්තිමට බ්ලොග් උණකුත් හැදුන නේ Cleo අක්ක නිසා.. ඔහොම බ්ලොග් උණ හැදුනට පස්සේ Cleo අක්කගෙන් අහගෙන බ්ලොග් එක හදාගත්තා.. ඕකට නමක් දාන්න ගිහිං තමා ඊළඟ කට්ට කෑවේ.. කල්පනා කරලා කල්පනා කරලා දාගත්තා නමක්..


ඒකේ නම තමා සිරගත කල සිතුවිලි මුල් කාලේ ටිකක් අල්ලලා ගියා මට බ්ලොග් ලියන එක.. ඒත් වැඩි දවසක් ඒක කරන්න වුනේ නෑ.. ඒ දවස් වෙනකොට මම කලිං වැඩ කරපු රැකියා පියස ආයතනයෙන් අයින් වෙලා (2007 අවුරුද්දේ අන්තිමට විතර අයින් වුනා) යාළුවෙකුගේ කොමියුනිකේෂන් එකක තමා කාලේ ගත කලේ.. කොහොම හරි බ්ලොග් එක අමතක වෙලා පුරුදු පරිදි ෆෝරම් එකේම කාලේ ගතකරන්න පුරුදු වුනා.. ඔය කාලේ තමා ශ්‍රී චැට් එකෙන් චැට් කරපු කෙනෙක්ට හිත ගිහිං ඒක ගැන හිතන්න ගත්තේ.. හැබැයි පොඩි ප්‍රශ්නයක් නිසා එයා මට කැමති වුනේ නෑ.. ඒත් ඉතිං තාමත් ඉඳලා හිටලා ඇවිත් කථා කරලා යනවා.. පහුගිය දවසක උපන්දිනෙත් තිබුනා.. 

කොහොම හරි අමතක වුන බ්ලොග් කෙරුවාව ආයේ පටං ගන්න ඕන කියලා හිතුනා මට.. එහෙම හිතලා මගේ කවි දාලා ආයේ පටං ගත්තා වෙන බ්ලොග් එකක්.. මොකද අර කලිං හදපු බ්ලොග් එකේ යූසර්නේම් පාස්වර්ඩ් අමතක වෙලා තිබුන නිසා.. ආයේ අලුත් නමක් කල්පනා කරද්දී තමා සිතුවිල්ලක අරුම නම කල්පනා වුනේ.. පස්සේ කාලෙක කවි වලට අමතරව වෙන වල් පල් ලියන්නත් වෙන බ්ලොග් එකක් පටංගන්න ඕන කියලා හිතිලා තමා මේක පටං ගත්තේ.. මේකට මුලින්ම මම දාපු නම තමා  “ජීවිතය වචනයෙන්“  කියලා.. පස්සේ ඒක හරිගියේ නැති නිසා දාගත්තා “සෝරෝගේ වල් පල්“ කියලා.. ඒත් ඒ නම හරි නෑ කියලා තිස්ස අයියා කිවුවයින් පස්සේ තමා කල්පනා කරලා කරලා මේ නම දාගත්තේ..

2009 අන්තිම හරිය වෙද්දී FN එකට ඇතුළු මුළු සිංහලයා එකටම ආයුබොවන් කියන්න සිද්ධ වුනේ ඒකේ මුල් පුටුවත් එක්ක ඇති වුන මත ගැටුමක් නිසා.. ඔහොම හැබැයි ඉතිං ඒකට ආයුබොවං කිවුවට ඒ හරහා ඇති වුන මිත්‍රකම් අදටත් තියෙනවා.. ඒවා හෙටටත් තියේවි..

FN එකෙන් අයින් වෙච්ච නිසා ඉතුරු වුන කාලය ගත කරන්න ඒ වගේ තව ෆෝරම් එකක් සෙට් වුනා.. ඒ සයිට් එකේ නම අනේමන්දා.කොම්. දැං නම් ඒ සයිට් එක වැඩ නෑ.. ඒකේදී තමා මට නලියා සෙට් වුනේ.. පස්සේ ඒවා මොනවත් නැතුව බ්ලොග් එකටම වෙලා ඉන්නකොට තමා බ්ලොග් මැරතන් එක ගියේ.. ඒ 2010 අවුරුද්දේ.. මට ඉතිං ලියන එක ඒ හැටියට කරන්න බැරි නිසා ඒකට සම්භන්ධ වුනේ නෑ.. හැබැයි ඉතිං වතුර නම් ලෙසටම ගැහුවා.. මට මතතක හැටියට ඒ මැර්තන් එකෙන් දින්නේ බිඟුවා ද කොහේද..

මැර්තන් එකට පස්සේ ආවේ ලාංකීයෙන් කරපු කවි මඬුව.. යාන්තන් එහේ මෙහේ කරලා කවියක් අමුණගන්න පුළුවන් නිසා කවිමඬුවට නම් සහභාගී වුනා.. කවි කියන අතරේ මඩ ගහගන්නවා, මඩ නානවා.. ඒක නම් ආතල් ලෝකයක්.. කවි මඬුව හරහා ෆිට් වුන අයගෙන් එකෙක් තමා වැපා.. ඔය ෆිට් එක නිසා ඌ එක්ක චැට් කර කර ඉන්න අතරේ දවසක් කිවුවා බස් එකක් ගැන.. පස්සේ විස්තර අහලා බලද්දී මේ පාරේ යන බස් නෙවෙයි ගූගල් එකේ සේවාවක්..


අදත් කඩන්න වුනා නේ.. ඉතුරු ටික හෙට දාන්නම්..

44 comments:

  1. හයියෝ....ඉතිරි ටික හෙටවත් දාන්නකෝ.....

    සෝරෝගේ සයිබර් ගමන් මග......

    ReplyDelete
    Replies
    1. එක දිගට ටයිප් කරන්න බෑ ඇඟිළි ටික රිදෙනවා... :D

      Delete
    2. "එක දිගට ටයිප් කරන්න බෑ ඇඟිළි ටික රිදෙනවා."

      ඕං බ්ලොග් කරලා පළපුරුද්ද... හි..හි..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    3. කොහේ පලපුරුද්දක්ද පෝස්ට් 45ක් වත් නැතිකොට.... :D

      Delete
    4. හම් හම්.....එහෙමයි කියමුකෝ නේද....? :P

      Delete
  2. මේකනං හරිම ලස්සන කතාවක්.. ඔහේ ගලාගෙන යනව.. තව හොඳ හොඳ ඒව ඉස්සරහට තියෙයි නේ...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... හොඳ හොඳ සෙල්ලං තියේද මෙලෝ රහක් නැති වේවිද කියලා ඉස්සරහට.. :D

      Delete
  3. නොදකින්.. තොටත් වැපාද බස් ගැන කිව්වේ.. හික් හික්..:-D

    ReplyDelete
    Replies
    1. ඔබු බං... ඇයි උඹටත් ඌ ද... :D

      Delete
    2. වැපා නම් මොකෝ.. පසනා උබ තමයි අයියේ මට බශ් කියලා දීලා මාව නැති කරේ..:p
      බොට හොදක්ම වෙන්න ඕන. :D

      Delete
  4. තෝ මේකෙ ඉතුරු ටික ඉක්මනට දානවද නැත්තන් මගෙන් මැරුං කනවද?

    ReplyDelete
    Replies
    1. දවස් දෙකක් යන්න කලිං ඉක්මනට දානවා.. ඉවසපං... :D

      Delete
  5. සොරොගේ සයිබර් ගමනේ මෙගා ස්ටොරිය..හොඳා හොඳා..

    ReplyDelete
    Replies
    1. මෙච්චර ලියන්න හිතුවේ නෑ... ටැංකූ හොඳේ...!

      Delete
  6. බිඟු අයියා තමයි 1.. අපිත් ඉතින් ලාවට මැරතන් දිව්වනේ..
    ලාන්කීයෙන් කරපු කවි මඩුව නිසා සෙට් වෙච්ච අය තාමත් එලෙසමයි..
    ඔහොම යමු ලියාගෙන.අපේ පටන් ගැන්ම ගැනත් මතක වෙනවා කියවද්දි..

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං අපි ෆිට් වුනෙත් කවි මඬුවෙන් නේ ද...?
      ලියමු ලියමු ඔයාගේ එකත් ලියමු ඉතිං...

      Delete
  7. සෝරෝගේ බ්ලොග් ගමන කියවන්නේ ආසාවෙන්.. ඒක නෙමෙයි මේ පැත්තෙන් ඉන්න සෝරෝ දාපු වැඩේනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. නිකමට හිතුනා බං ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කාලේ දැං හරි කියලා.. ඒක නිසා වෙනස් කලේ..
      ටැංකිවු වේවා මේපැත්තේ එනවට..!!

      Delete
  8. බලමු මුගේ සයිබර ජීවිත කතාව කොතනින් නවතීවිද කියලා . මැරතන් එක කීවේ මොකද්ද බං ඒකාලේ අපි බ්ලොග් ලෝකේ නෑ ඉතින් මතකත් නෑ එහෙවු දෙයක්

    ReplyDelete
    Replies
    1. සිරාවට බං දැං මටත් ෂුවර් නෑ කොහෙන් කෙළවර වෙයිද කියලා.. පටංගද්දී හිතුවෙ නෑ මෙච්චර ලියන්න වෙයි කියලා...

      මැර්තන් එක කිවුවේ මචං අර දැං දාලා තියෙන සිංහල බ්ලොග් තරඟාවලිය වගේ එකක් බං.. මරුම ආතල් සීන් එකක්.. වැඩිය බ්ලොග් පෝස්ට් දාන කෙනා තමා දිනන්නේ.. ඊට අමතරව අපි ගිහිං කමෙන්ට් දානවා.. ඒකට තමා කියන්නේ වතුර ගහනවා කියලා.. පස්ට ෆන් බං ඒ සීන් එක..

      Delete
  9. එළ ගමන් මඟක් නේ.....

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ටැංකුයි..!

      Delete
  10. උබේ අස්පයා ගැනත් පෝස්ට් එකක් ලියහං

    ReplyDelete
    Replies
    1. ඔවු ඌ ගැන වෙනම සීරිස් එකක් දාන්නෝන... :D

      Delete
  11. ගලාගෙන යන ලස්සන කතාවක තුන්වෙනි කොටසින් තමයි ඔන්න මම එකතුවෙන්නෙ....
    ජය වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. එකයි දෙකයි කියෙවුවේ නැද්ද.. මුලි ටික ඒ දෙකේ තියෙන්නේ.. :)

      Delete
  12. ඔය බෂ් වලට අහුඋනොත්නං ඉවරම තමයි.

    ReplyDelete
    Replies
    1. දැං නම් අවුලක් නෑ... බස් කම්බස් නේ... :D

      Delete
  13. බස් කම්බස් උනාට බස් ගැන නම් කියන්න ජාති ගොඩාඩාඩාඩාඩාඩාඩාඩායි නේද සෝලෝ අයියේ........ :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඒක නම් පිස්සු ලෝකයක්... :D

      Delete
  14. අදත් කැඩුවයි කියන්නේ කලිනුත් කඩලා තියේද ?
    එහෙනම් කඩපු එවුවා බලලම එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු... කලිනුත් දෙකක් ම කැඩුවා... මල්ලී ගිහිං බලලා එන්නකෝ... :D

      Delete
  15. බස් එකට කෙළවුනත් හරි දැන් හරි පාලුයි වගේ! ඉතිරි ඔක්කොම ඊළඟ එකේ ම දැම්මනම් තමයි හොඳ! තවත් කඩන්නේ නැතුව!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බස් නැති නිසා දැං වෙලාව ඉතුරුයි ඔෆිස් එකේ වැඩ කරන්න... ඔවු බලමු ඊළඟ එකෙන් වත් ඉවර කරන්න පුළුවන් වෙයි ද කියලා... :D

      Delete
  16. පරණ කතන්දර මතක් කරන එක හොඳයි අපි වගේ අලුත් අයට දැනගන්න

    මම බස් පැදිල්ල ගැන දැනගත්තේ මේ බොහොම මෑතකදී
    තාම බස් පැදලානම් නැහැ
    අහන කරන දේවල් අනුව බස් නොපැදම ඉන්න තමයි මගේ කල්පනාව :)

    ReplyDelete
    Replies
    1. බස් පදින්න කල්පනාවක් ආවත් දැං ඉතිං සොරි ඩොට් කොම් තමා... :D

      Delete
  17. අඩේ කතා තුනක් මිස් වුනා....

    ReplyDelete
    Replies
    1. පස්සට ගිහින් බලන්න.... :D

      Delete
  18. ඔහොම කඩන එපා යකෝ.. අන්තිමට වෙනකවුරු හරි කැඩුව එකක තමයි කරගහන්න වෙන්නෙ..

    ReplyDelete
  19. මොන උලව්වක්ද මේක.. තෝ අර මූනු පොතේ සින්දු කිය කිය ඉන්න එකේ මේක ඉවරයක් කලා නම්..

    මැරතන් එක මතකයි මටත්... මම සහභාගි උනෙත් නෑ වතුර ගැහුවෙත් නෑ... හික් හික්

    ReplyDelete
    Replies
    1. හිටු හිටු අද ලියලා දාන්නම්... :D

      Delete
  20. ඒ දවස් තමයි දවස් නේද මල්ලි?
    මගෙත් මුල්ම ශ්‍රී ලාංකික ඉන්ටනෙට් ආගමනය වුනේ සින්හලයා ගෙන්. ඒ 2003දි. ඒ කාලේ කොටින්ම මම සිංහල දන්නේවත් නෑ. මට අද වගේ මතකයි අනිත් අය සින්ග්ලිශ් වලින් ලියන ඒවා බලාගෙන සුමානයක් විතර ඉඳලා තමයි මම කා එක්ක හරි කතා කලේ. ඒ කාලේ අඬුනගත්ත අදටත් මා එක්ක ඉන්න ක්‍රිශාන්ත මල්ලි, ඉස්සා චාමරයා, පොල්සා, නයිට් ගිනි සෙවන් අප් ප්‍රීති හා එකී නොකී අය අතර සූ තමයි කොටින්ම මගේ ජීවිතය වෙනස් කරන්නේ.
    එක දවසක් මොකක් හරි විහිළුවක් කරලා ප්‍රීති හා සූ අපෝ උඹ ටියුබ් ලයිට් කියලා එදා ඉඳන් මම සිංහල ඉගෙනගත්තා. අද මම සිංහල යමක් දන්නවා නම් ලියනවා නම් පොතක් වුනත් කියවීම් අස්සේ ඉන්නේ සූ. කොටින්ම එයා මට සිංහල උගැන්නුවේ නැත්නම් මම තාමත් ටියුබ් ලයිට් වගේ වෙයි හික්ස්. එහෙම නම් මට කවදාවත් ලංකාවේ සමාජයට එකතු වෙන්න බෑ අද වගේ.
    මතක වස්තු කියලා අපි පොතක්වත් ලියමුද?

    ReplyDelete
    Replies
    1. හප්පා.. සූ අක්කා නිසා තමා මාත් වෙනස් වුනේ.. නැත්තං ලිඳේ ඉන්න මැඩියෙක් වගේ එතන ඇතුලේ දේවල් විතරයි නේ දන්නේ... දැං නම් සුට්ටක් හරි දන්නවා එතනින් එහාට..

      Delete