Sunday, April 24, 2011

මෙතෙක් ආ මග..

හප්පා...... අවුරුදු දවසත් ගෙවිලා ගියා නේ.. කවුරු කවුරුත් අවුරුද්ද කියලා උඩ පැන පැන බලං හිටපු ඒ දවස ගෙවිලා ගියා කිසිම ගතියක් නැතුව.. හරි දැං ඉතිං අවුරුද්ද ඉවරයි නේ.. ඊලඟට බලං ඉන්නේ වෙසක් දවස එනකන්.. වෙසක් කූඩු හදන්න, තොරං ගහන්න වගේ සීන් වලට.. ඉස්සර නම් අපේ ගෙදර වෙසක් කූඩු හදන වැඩේ කලේ මම.. දැං ඉතිං මම ඒකෙන් විශ්‍රාම අරං තියෙන්නේ.. අපේ මල්ලි තමා දැං වැඩේ කරගෙන යන්නේ..

අවුරුද්දට ගමේ ඇවිත් ඉඳලා 18 වෙනිදා තමා ආයෙත් කොළඹ ගියේ.. ඒ වුනත් මගේ අධ්‍යාපන වැඩ කටයුත්තක් නිසා මේ සතියෙත් එන්න වුනා ගමේ.. ඒ ආවට පස්සේ අදාල වැඩ කටයුතු ටික කරගෙන හවස් වරුවේ ගියා අයියලාගේ ගෙදර.. (ඔවු ඔවු හෙළිකොප්ටැර් අයියා තමා... :D) ගියාට පස්සේ තමා දැක්කේ ඇඬෙන සීන් එකක්.. (නෑ නෑ හෙළියේ ඉතුරු කෑලි ටික ඇවිත් නෙවේ.. :D)

මෙන්න බොලේ 450 හෙළියක් තියෙනවා.. එතකොට තමා මට මතක් වුනේ "අයියගේ යාළුවෙකුට හෙළියක් ගෙන්නවලා දෙන්න කියලා" අයියට කියලා තිබුන බව.. ඔන්න යාළුවගේ එක තමා ඒ..

මේ තියෙන්නේ ඒකේ ෆොටෝ..




සා සා... ඒකත් මාර භාන්​ඩේ.. ඒත් ඉතිං ඒකෙනුත් තාම ගෙන්නවලා තියෙන්නේ කෑලි ටිකයි.. හැබැයි දැනට අපි ලඟ තියෙන හෙළිකොප්ටර් ටික පේලියට තිවුවම බලන්න එපෑ ලස්සන... හරියට නිකන් හෙළිකොප්ටැර් කඩයක විකුණන්න තියලා තියෙන වගේ..

හිහ් හිහ්... මේ කියෙන්නේ හෙළිකොප්ටැර් පේළිය අපේ..


 

ඔය තියෙන පොඩිම එකෙන් තමයි හෙළිකොප්ටැර් පිස්සුව හැදුනේ.. බාන්ඩේ ගත්තේ ASB එකේ තිබිලා.. රු 4500.00 ක්ද කොහේද වුනා මට මතක හැටියට ඒකේ ගාන.. කවුරු හරි මේ ජාතියෙන් එකක් ගන්න හිතං ඉන්නවා නම් මම කියන්නෙ ඒ අදහස වහාම අයින් කැරගන්න කියලා.. මොකද දන්නවද ඕක යවන එක පට්ට අමාරුයි.. පොඩි හුලං පාරක් ආවත් බිමට පතබෑවෙනවා..

ඒකෙන් හෙළිකොප්ටැර් උණ හැදුනයින් පස්සේ Hobby King එක පීර පීර හෙළිකොප්ටැර් ගැන හොයන්න ගත්තා.. ඒකේ ප්‍රථිලයක් විදියට තමා ඔය ​රතුපාටින් තියෙන එක සෙන්ටිමෙන්ටල් වුනේ.. "Honey Bee King 3" තමා ඒකේ නම ඒක ගැන විස්තර ඇති මෙන්න මෙතන.. 

හෙළිකොප්ටැර් යැවීමේ ආසාව එතනින් නවත්තන්න කිසිම අදහසක් තිබුනේ නැති නිසා තමා "Belt cp 450" එකක් හදන්න පටං ගත්තේ.. ඒ කියන්නේ අර හෙළිකොප්ටර් පේලියේ දකුණු පැත්තතේ ඉඳලා තුන් වෙනි එක.. ඒවුනාට පෙර පිනකට වගේ අපිට ඊට වඩා ලොකු එකක් ගන්න චාන්ස් එකක් ආව කියලා මතක ඇති නේ.. ලොකු එක කිවුවේ දකුණු පැත්තේ ඉඳලා හතරවෙනි එකට.. තාමත් ඉතිං ඒක නම් ගුවන්ගත කරන්න ලැබුනේ නෑ.. තාමත් ඉතුරු කෑලි ටික ඕඩර් කලේ නෑනේ.. ඇයි ඉතිං සල්ලිත් ඕනනේ.. :D

 රායිට්................. ඔන්න ඔහොම තමා මෙතෙක් අපේ හෙළිකොප්ටැර් පැදිල්ල..



ප.ලි - තාමත් සිහිනේ සැබෑ වුනේ නෑ නොවෑ.. :D

19 comments:

  1. මේවයි කෑලි ගෙන්නලා හදන එකද ලාබ?

    ReplyDelete
  2. හනේ මගේ හීනය තාම හීනයක්, මේක දැක්කම නම් දුකේ බෑ බන්

    ReplyDelete
  3. උඹ එපා කිවුවත් මං අර හිච්චි එකාව හරි ගන්නව බං.. :( මහ එකාව ගන්න කාසි පනම් නැතුවා අයියා.. :/

    ReplyDelete
  4. අනේ හැබෑට ......

    ReplyDelete
  5. @Kanishka | කණියා - ඔවු මචං කෑලි ගෙන්නවන එක ලාබයි සම්පුර්ණ එකක ගෙන්නවනවට වඩා..

    @DarKneT | ඉෂාර - ඹේ හීනේ සැබැ කරගන්නත් දුක නැති කරගන්නත් මට අමතපං..... :D


    @..ChAnDiKa.. - හෙලිකොප්ටර් පැත්තකට දාලා උඹ ගනින් තෝච්චියක්... :D


    @සුදු හංසි - හැබැයි හැබැයි... :D

    ReplyDelete
  6. ඉක්මනට හීනේ හැබෑ කරගන්න. එතකොට හෙලිකොප්ටර් වීඩියෝ එකක් බලන්න පුලුවන් නේ

    ReplyDelete
  7. මේවගේ එකක් ගන්න මටත් ආසාවක් ආවා, ebay පැත්තේ බලන්න ඕනා. (((((samadeyakma.blogspot.com******සැමදෙයක්ම බොලොග් අඩවිය))))))))))))))

    ReplyDelete
  8. ඔය තටු දෙකක් විත‍රක් ගෙන්නන්න කීයක් යාවිද බන්. අනිත් කෑලි වැඩක් නෑනෙ. තටු දෙක පිටේ බැදන් උඩක ඉදන් පනිනවා :D

    ReplyDelete
  9. අනේ මාත් හලි ආසයි ඔය කෑලි සැට් කොලල එක එක මෙව්ව හදන වැඩ වලට :D

    ReplyDelete
  10. ආපෝ.... ඔය හැලි වලන් කොට්ටෝරුව පදින එක අති අමාරු අති බිහිසුණු වැඩක්... කිසිම කොන්ට්‍රෝල් එකක් නැහැ........

    ReplyDelete
  11. සෝරොට දැන් අස්පයා එපා වෙලා වගේ.

    ReplyDelete
  12. මටත් ඔය කොප්ටරයක් ගෙන්නගන්න බැරිවෙයිද දන්නේ නෑ

    ReplyDelete
  13. පුදුම ආසාවකින් සෝරෝගේ හෙලිකොප්ටර් ගැන කියවනවා . අපේ පලාතට මෙයිං එකක් ගෙන්නුවානම් හෙන ගානක් හම්බ කරගන්න තිබුනා කට්ටියට පදවන්න දීලා විනාඩි පහක් පදවන්න රු 50ක් ගත්ම නියමයි ! අපේ පලාතේ කොල්ල කෙල්ලෝ රොත්ත පිටින් ඒවි ..

    එකක් ගන්න දැන්ම ඉඳන් සල්ලි එකතු කරන්න ඕන ..

    ReplyDelete
  14. @මධුරංග - තව මාසයක් දෙකක් ඉන්න වෙයි බං ඒකට.

    @Ranul Hashika Gomas - කුට්ටිය පිටිං ගෙන්නවන්න එපා..කෑලි කෑලි ගෙන්නවන්න මල්ලී.

    @අනුරාධ - ඒකට නම් ඉතිං පොල් පිති දෙකක් බැඳගත්තත් ඇති.. :D

    කුක්කු පැටියා - අනේ ඇත්තද අනේ.. :D

    ReplyDelete
  15. @අළුත් කොල්ලා - කන්ට්‍රෝල් එක ඇති කරගන්න ඕන හින්දා තමා බං පොඩි එකේ ඉඳලා පිලිවෙලට ගෙන්නුවේ... :D

    @පිණිබිඳු... - පිස්සුද මෙයා.. එහෙම ඌ එපා වෙනව මට.. :D

    @සිතුවිලි නිහඬයි - හපොයි ඕන කෙනෙකුට පුළුවන් එක කරන්න..

    @හිස් අහස - ස්තූතියි ස්තූතියි ආසාවෙන් කියවන එකට.. ​මොකෝ කියන්නේ එහෙනම් දෙන්නත් එක්ක සයිඩ් බිස්නස් පාරක් පටං ගමුද.. :D
    එළ එළ එකක් ගමු..

    ReplyDelete
  16. මට ඔය ඔක්කොගෙම parts වල dimensions එවපං. අපි ලොකු එකක් හදලා ඒක පදිමු.

    පස්සේ අතක් පයක් කඩා ගත්තාම ආසාව ඇරිලා යන්නේ නැතෑ...

    ReplyDelete
  17. සෝරෝ අය්යට අස්පයා එපාවෙලාද හෙලියක් ගන හිතුනේ
    මගේ බ්ලොගේ පන්නනවට ස්තූති අය්යෙ.....

    ReplyDelete
  18. @prasanna86k - එකපාරට බෑ බං පොඩ්ඩක් ඉවසපං... :D

    @බීටා - මගේ අතීසාර මිත්‍රයා එපා වෙන්නේ නෑ බං එහෙම... :D

    ReplyDelete
  19. මේක නිකම් air force එකේ යාඩ් එකක් වගේනේ :))

    ReplyDelete