Wednesday, April 27, 2011

අහෝ.... උන්ට දුකකි, අපිට සතුටකි, - ආතල් ඛේදවාචයක්...

න්න අද මම කියන්න යන්නේ පොඩි කථාවක්.. කථාවක් කිවුවට ආතල් සීන් එකක්.. මේ දැන් සුට්ට වෙලාවකට කලිං තමා සීන් එක වුනේ..

අද (27/04/2011) මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෙක් බැන්දා.. ඒ කිවුවේ කසාද බැන්දා.. නැත්තං කොමෙන්ට් වලින් අහනව නේ ගහේද බැන්නේ, ලනුවෙන්ද බැන්දේ, මොන ගහේද බැන්දේ... යනාදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න වැලක්... :D

අද (27/04/2011) වෙඩිමට යන්න ඕන නිසා නිවාඩුවක් එහෙම දාලා ඊයේ (26/04/2011) රෑ ගොඩබැස්සා ගම් පලාතට.. ගොඩ බහිද්දී නම් රෑ 11.00 විතර වෙලා.. ඒ ඇවිත් ඇඟ පත එහෙම සෝදගෙන, කාලා බීලා, අහවර වෙලා නිදාගෙන අද උදේ නැගිටලා, ම​ගේ වැඩ කටයුතු ටික එහෙම කරලා, බස් එකේ පොඩි රවුමක් එහෙම යන ගමන් කෝල් එකක ආවා තව යාළුවෙක්ගෙන්.. ඌත් මම වගේම මඟුල් ගෙදර යන එකෙක්.. මනමාලයත් පොරගේ නෑදෑයෝ..

"මචං, අපි මඟුල් ගෙදර යනවා 10.45 විතර වෙද්දී.. උඹ වරෙන් අපේ ගෙදරට.." 

ත්‍රීවීලර් එකක් හයර් කරං යන්න ප්ලෑන් කරං හිටියක් පොඩි පිනා චාන්ස් එකක් සෙට් වෙච්ච නිසා මමත් ඉතිං හා කියලා කිවුවා.. මම එහේ ගියාම තව යාළු​වෙකුත් ඇවිත් හිටියා අර වාහනේම යන්න.. මමයි, ඌයි, ගෙදර එකයි, ගෙදර අයයි ගියා ඔන්න හෝටලේට

ගියපු ගමන් මනමාල ජෝඩුවට සුභ පතලා වට පිට එහෙම බලද්දී මෙන්න "සෝරෝ වරෙං උඩට" කියලා යනවා ඇහුනා උඩින්.. ඔන්න ඉතිං මමයි අරූයි හෙමීට හෙමීට නැග්ගා උඩ තට්ටුවට..

හප්පා එතන නේ සැප.. ගම්පලාතේ සියළුම මිත්‍රයෝ ටික එක්‍තනනේ.. උං ටික හැමෝම සෙට්වෙලා.. අපි දෙන්නත් උඩට ගියයින් පස්සේ ටේබල් එකක් ඇරේන්ජ් කරලා දුන්නා අපිට.. ටික වෙලාවකින් තව යාළුවෝ දෙන්නෙක් සෙට් වුනා.. දැං අපි හතරදෙනයි.. ටිකකින් ඔන්න "බල්ලොන්ට ගහන එකකුයි, පරණ වෙච්චි එකකුයි, ** නැත්තං කෑම එපා කියන ජාතියේ එකකුයි ලැබුනා.." හැබැයි ඉතිං සාටර් ම සීන් එක කියන්නේ අපි හතරදෙනා ගෙන් දෙන්නයි බොනපාට්ලා හිටියේ.. මාත් එක්ක ගිය එකයි, පස්සේ සෙට් වෙච්ච දෙන්නගෙන් එකෙකුයි..

ඔන්න ඉතිං බල්ලොන්ට ගහන එක එපා කියලා කලින්ම ආපහු යැවුවා ඒක.. දැං ඉතුරු පරණ වෙච්චි එක විතරයි.. මාත් එක්ක ගිය එකා සුළුවෙන් පාවිච්චි කරන එකෙක්.. ඒක නිසා ඉතුරු වෙච්චි අනිත් එකාට අපේ ටේබල් එක හරිගියේ නෑ.. ඌ ගියා වෙන එකකට.. දැං අපි නොබොනපාට්ලා දෙන්නයි, බොනපාට්ලා එක්කෙනයි, අර පරණ වෙච්චි එකයි, ** නැත්තං කෑම එපා එකයි.. බොහොම අමාරුවෙන් අරූ, පරණ වෙච්චි එකෙන් කාලක් විතර ඉවර කලා.. අපි නොබොනපාට්ලා දෙන්නත් ඇරියේ නෑ.. ** නැත්තං කෑම එපා එකයි, කාබයිටුයි ඉවර කර කර හිටියා.. ඒ අතරේ අනිත් ටේබල් වලටත් ගිහින් පරන යාළුහිතමිත්‍රාදීන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ චැට්පාරවල් දදා ඉන්නකොට අරූ කිවුවා බත් කමු කියලා..

ඒ පාර අපි හතරදෙනා (පස්සේ තව එකෙක් සෙට්වුනා) පහලට ගිහින් බත් කාලාඉවර වෙද්දී මෙන්න ඉතිං කට්ටිය විසිර යන්නයි හදන්නේ.. ඔන්න එක එක්කෙනා තම තමන්ගේ වාහන වල නැගලා පාරට ගිහින් පේලියට නවත්තං හිටියා මනමාල ජෝඩුව යන කාර් එක එනකන්..

ඔන්න දැං ජෝඩුව ගන්න ආවා කාර් එක.. එතකොට තමා අති බිහිසුනු භයංකර දේ වුනේ.. අපේ යාළුවෙක් කාර් එකේ ඩ්‍රයිවර් අයියා ළඟට ගිහින් "අයියා කාර් එක අරං ගිහින් ඉස්සරහින් නවත්තං ඉන්න අපි ජෝඩුව එක්කං එන්නම්.." පොර එහෙම කිවුවම අපි වටපිට බැලුවා.. එතකොට තමා දැක්කේ පොඩි කැන්ටරයක් හෙමීට හෙමීට එනවා.. දැං දැං අපි කාට කාටත් මීටර් වේගන එනවා වෙන්න යන මහා ඛේදවාචකය ගැන..

අහෝ.... උන්ට දුකකි.., අපිට සතුටකි... කියලා එතන හිටි එකෙක් කෑ ගහනවා ඇහුනා.. :D කැන්ටරේ ආපු ගමන් ජෝඩුව ඒ​​කේ පිටිපස්සට නග්ගෙවලා, කේක් එකත් ගෙන්නවගෙන තියාගත්තා කැන්ටරේ උඩින්.. ඊටපස්සේ ​ඔන්න ​කොල්ලො සැට් එකමත් නැග්ගා කැන්ටරේට.. ඒ අස්සෙන් මාත් නැග්ගා අනිත් එකත් එක්ම.. දැං කැන්ටරේ යනවා හෝන් එක ගහ ගහ.. වෙඩිං කාර් එකත් ඉස්සරහින් හනවා.. ඒකත් හෝන් ගහ ගහ.. ඒ මදිවට කැන්ටරේ ඉන්න උන් හූ තියන්න ගත්තා මුළු පාරම දෙවනත් වෙන්න.

මේ ​ආතල් ඛේවාචකය බලන්න මග දෙපස මහ ජනයා පොරනවා පේනවා දැං.. ඔන්න ඒ අස්සේ එකෙක් අර කේක් එකට අත දාලා ​කේක් කුට්ටියක් අරන් ගෑවානේද ජෝඩුවගේ ඔළුවේ.. අප්පොස්සියේ උන් දෙන්නගෙම ඔළු රතු පාටයි.. ආසාවේ බලන්න බෑ.. :D තව එකෙක් කර වැඩේ සෝඩා බෝතලයක් අරන් හොල්ලලා හොල්ලලා ඇරියානේද පියන.. මළ හුට්ටස්පරයයි.. නෑවිලා ගියා ඔක්​කොම ටික.. :D
                                                                                                              
දැං ඔන්න මේ ආතල් ඛේදවාචය රැගත් රිය පෙරහැර සේන්දු වුනා ටවුන් එකට.. ඔරලෝසු කණුව වටේට රවුමක් එහෙම ගහලා ආයෙමත් සුපුරුදු පාරට ​එන්ටර් වුනා.. මුළු ටවුන් එකේම කට්ටිය කටවල් ඇරං බල් ඉන්නවා මේ අස්ස කුලප්පුව හැදිච්චි උන් දිහෑ.. ජෝඩුවට හතර විළි ලැජ්ජයි.. 

එක පාරටම ඔන්න සෙට් වුනා ට්‍රැෆික් එකක්.. එකෙක් කර වැටේ දඩි බිඩි ගාලා බැහැලා කඩේකට රිංගලා අරන් ආවා රැවුල කපනකොට ගාන ක්‍රීම් දෙකක්.. අර shaving cream කියලා කියන්නේ සිංලෙන්.. අරං ඇවිත් ගැහුවා නේ ජෝඩුවට.. ෂා.... බලලන්න එපයි දෙන්නගේ ලස්සන..
                                                                                                                   


හෙමි හෙමීට ඔන්න රිය පෙරහැර සේන්දු වුනා ගෙදර කිට්ටුවට.. ඊට පස්සේ බැස්සෙවුවා ජෝඩුව බිමට.. දැං ඔන්න දෙන්නා අත් අල්ලං යනවා පාර දිගේ.. මුං දෙන්නගේ අවාසනාව කියන්නේ අනිත් උන්ගේ වාසනාවලු.. ඔන්න තියෙනවා ටිකක් පරණ බයිසිකලයක් පාර අයිනේ නවත්තලා.. අයිතිකාරයගෙන් ඒක ඉල්ලගෙන, නැග්ගුවා දෙන්නා ඒකට.. ඔන්න දැං මනමාල කුරුල්ලා, කිරිල්ලී බයිසිකලේ තියං පැදගෙන පැදගෙන යනවා.. ගිහින් නැවැත්තුවා ගෙදර ඉස්සරහින්.. දෙන්නා බස්සවලා, බයිසිලේ බාරදුන්නා අයිතිරුට..

ඔන්න දෙන්නා ගේට්ටුව ළඟ ඉඳන් ගේ පැත්තට යන්න හදනකොටම එකෙක් වතුර බාල්දියක් උස්සන් ඇවිත් හැලුවනේ මුං දෙන්නගේ ඔලු වලට.. එකෙක් මොකක් හරි කරාම තවත් දෙතුනන් දෙනෙක් ඒකම රන එක අපේ අයගේ පුරුද්දක් නේ.. :D ඒ නිසා තව දෙතුන්දෙනෙක් හැලුවා වතුර මුන් දෙන්නට.. දැං දෙන්නා තෙමිච්ච කකුලෙකුයි කිකිලියෙකුයි වගේ ගැහි ගැහි ගියා ගේ ඇතුලට..

ඒ අතරේ එකෙක් කියනවා ඇහුනා "අඩෝ *** ඊළඟට උඹේ එක තමා තියෙන්නේ ලෑස්ති වෙලා ඉඳපං.."

එතකොට මූ කියාපි "මම උඹලට කියන්නැතුව වෙඩින් එක ගන්නේ.. අරගෙන පස්සේ පාර්ටියක් දෙනවා" කියලා.. (ඒකත් මරු ක්‍රමේ නේද බේරෙන්න)
 
ඔය අතරේ තවත් එකෙක් කියනවා "මගේ මඟුල නම් ****ට කියන්නෑ කාට කිවුවත්" කියලා.. (පොර තමා ප්‍රධාන සංවිධායක මේ වැඩේ)

ඔහොම එක එක කථා යන අතරේ මමයි අර මාත් එක්ක ගිය අනිත් එකයි ​ශේප් එකේ ආවා නිවෙස් බලා.. ඕං ඔහොම තමා අද දවසේ පට්ට ආතල් එකක් ගත්තේ..



Photos - http://www.bbc.co.uk
              http://www.army.forces.gc.ca
              http://www.crestock.com/

27 comments:

  1. පට්ටම පට්ට කුජීතයි....

    ReplyDelete
  2. මේ වගේ ආතල් එච්චර හොද නෑ නේද? වෙඩින් එකක් කියන්නේ විනෝද වෙලා සුබ පතල යන්න මිසක් රැග් දෙන්න නෙමේනේ

    ReplyDelete
  3. ඊරිසියාව ඉරිසියාව... පැහැදිලි ඉරිසියාව... මම හුනා කිව්වා වගෙ කියන්නම්.. මෙක මුල් තැන අරන් කරෙ තව අවුරුදු 10 යකට වත් බඳින්න බැරි කෙන්දර අවුල් වලින් පිරිච්ච එකෙක්... හොද වෙලාවට මගෙ යහලුවෙක් නොවුනෙ... මම දැක්කනම් අරුව මරණවා... :D
    විහිලු කරනවා කියලා ඔහොමත් කරනවද :D:D:D

    ReplyDelete
  4. අනෙ අප්පේ....... ඉතාම කුජීතයි...... අනුමත කළ නොහැකියි.........

    ReplyDelete
  5. අනේ මෙහෙම වද දෙන එකනම් අනුමත කරන්න බෑනේද?ඒ දෙන්නගෙ හොදම දවසේ කොච්චර අපහසුතාවයට පත්වෙනවද ඔහොම කරාම.අනතුරක් එහෙම වුනොත් කාට කියන්නද?මම් අහල තියනව ඔයවගේ දේවල් නිසා අනතුරුත් වෙලා තියනව කියල.

    ReplyDelete
  6. පව් අප්පා කපල් එක. වෙඩින් එක එපා වෙන්න ඇති...

    ReplyDelete
  7. අපෝ කසාද බදින්න තියන බය තවත් වැඩි උනා මේක දැකලා . ඇත්තටම ඒක ඒ තරම් ෆන් එකක් ගෙන දෙන වැඩක් නෙවේ නේද ?

    ReplyDelete
  8. මම බස් එකේත් කිව්වනේ සෝරෝ, මම නම් හදපානේ තමයි :D

    ReplyDelete
  9. මම නම් හෙන විරුද්ධ වැඩක් ඕක නම්

    කවුරු හරි කිව්වා දැන් හෝටල් වල වෙනම ඩිපොසිට් එක ගන්නවා කියලා ජෝඩුවට රැග් කරද්දි දාන ඒවා සුද්ද කරන්න

    මංගල ඇඳුම් වලට කොච්චර වියදම් කරනවද කියලා දන්නේ බඳින දෙන්නා තමා, සමහර අය ඕවා කුලියටත් ගන්නවා එහෙම් අයට දෙවි පිහිටයි. ඕහොම අරන් ටවුන් එකේ යද්දි ජෝඩුව ගැන නෙමෙයි මිනිස්සු හිතන්නේ අනික් කාලකන්නි රොත්ත ගැන

    ඔය අනික් උන්ට රැග් කරන්න දායක වෙන උන්ටත් ජීවිතේට කසාද බඳින්න ලැබෙන්න එපා කියලා මන් නම් කියන්නේ

    ReplyDelete
  10. වැඩේ නම් තුච්චය් අති කුජීතය්...........
    අඩේ කෙනෙක් ගේ ජීවිතේ එන හොඳම අවස්ථාවක ඔයවගේ වැඩ කරනවද බොලවු

    ReplyDelete
  11. අන්තිමයි බං.
    මං හිතුවේ දැන් ඔය වගේ දේවල් ටික ටික අඩුවෙලා යනවා ඇති කියලා, බලාගෙන ගියාම තරුණ කොල්ලොත් තවම ආසයි ගෝත්‍රික ආතල් ගන්න. විවාහය මංගල්ලය කියන්නේ අනිත් එවුන්ට බීලා ආතල් ගන්න තැනක් උනත් කපල් එකට මුලු ජීවිතේටම එක පාරක් විතරක් එන ලස්සන අවස්ථාවක්. ඒ අයගේ සතුට කාලකණ්නි විදියට විනාස කරලා දාන එක මහ අපරාධයක්.

    වාසනාවකට වගේ මට නම් ඔහොම වෙඩින් එකේදි රැග් කරලා කාලකණ්නි ආතල් ගන්න ජාතියේ යාලුවෝ නෑ.

    ReplyDelete
  12. මං නං හිතාගත්ත කසාද නොබැඳ ඉන්න.

    ReplyDelete
  13. වැඩේ නම් අන්තිමය.. මෙවැන් තරමට යුවල අපහසුතාවයට පත් කිරීම නින්දිතය. වෙඩින් වලටත් රැග් එක උස්සන් ආපූ එකා මොකාද දන්නේ නෑ?

    ReplyDelete
  14. අපෝ වැඩේ නම් අන්තිම නරකයි. ඔය වෙඩින් රැග් හින්දා එක වෙඩින් එකක මනමාලයාගෙ ජීවිතෙනුත් වන්දි ගෙව්වා නේද?

    ReplyDelete
  15. මාර වැඩ තමා මුනුත් කරන්නේ වැඩ ටික නම් කුජීතයි !!!!

    ReplyDelete
  16. මමත් agreed .. දෙන්නෙක්ගේ විවාහය කියන්නෙ කාලයක් තිස්සෙ පෙරුම් පුරලා කරන වැදගත් වැඩක්.. මේ දවසෙදි ඔය කිව්වා වගේ වධ දෙන එකනම් අනුමත කරන්නම බෑ..
    තරහා වෙන්න එපා.. මේකට කියන්නෙ කුහකකම කියලා..

    ReplyDelete
  17. ශා...අලුත් බැදපු ජෝඩුවට මරු මගුල් තැග්ග නොවැ....

    ReplyDelete
  18. මං හිතන්නෙ කසාද බැඳපු ජෝඩුව ජිකක් බයිට් කලාට කමක් නෑ කියල, ඒත් ඒ බයිට් කිරීමේ සීමාවක් තියෙන්න ඕනෙ . . . . ජෝඩුව ටිපර් එකක බැරිනං කරත්තෙක, ට්‍රැක්ටරේක හරි නග්ගල යැවුවට කමක් නෑ . . . . ඒත් ඒ දෙන්නට මානසිකව සහ ශාරීරිකව හිරිහැර කරන්න නරකයි. අනික ඔය වගේ දේවල් එයාලගෙ පවුල් ජීවිතේටත් ගොඩක් බලපාන්න ඉඩ තියනව. ගොඩක් වෙලාවට ඔය වගේ වැඩ කරන්නෙ මනමාලයගෙ මිතුරො . . . එතකොට මනමාලි ඒ මිතුරො ගැන ඇතිකරගන්න චිත්‍රය මොන වගේ වෙයිද ????

    ReplyDelete
  19. වැඩේ කැතයි ආ..................

    ReplyDelete
  20. හැමෝම මේකට විරුද්දත්ත්වය ප්‍රකාශ කරලා කමෙන්ට් දාලා තියෙන නිසා මම හැමෝටම එක උත්තරයක් දෙන්නම්... :D

    මෙතනදී අපි කිසිම ආකාරයක ශාරීරික හානියක් ඇති වෙන විදියට කටයුතු කලේ නෑ.. අනිත් එක මේ දෙන්නම අපේ යාළුවෝ දෙන්නෙක්.. පංති යන කාලේ පටං ගත්ත ලවු එකක් තමා මෙහෙම වෙඩිමකින් ඉවර වුනේ.. ඒක නිසා යකින් මුං දෙන්නට දෙන්නා හොඳ අවබෝධයකින් ඉන්නේ.. ඒ වගේම තමා මනමාළි හොඳට දන්නවා අපි කොල්ලෝ සැට් එකේ හැටි.. (කුජීතයි කියලා) :D

    වැදගත්ම දේ තමා දෙන්නගෙන් එක්කෙනෙක් හරි පොඩි අකමැත්තක් තිබුන නම් කිසිම දෙයක් කරන්නේ නෑ..

    ඒ වගේම කිසිම මානසික හානියක් වත් දෙන්නට වුනේ නෑ කියලා අපි දන්නවා..

    ප.ලි- මේ වගේ පෝස්ට් එකකට මම කමෙන්ට් කලත් කරන්නේ "මේ වැඩේට කැමති නැ" කියලා... :D

    ReplyDelete
  21. මොනවා උනත් උන් දෙන්නට ඕව ගැන මතක් කරලා ආතල් එකක් ගන්න පුළුවන් ජීවිත කාලෙදිම හැබැයි ඉතින් ඩිවෝස් උනේ නැත්නම් !! මනමාලය ඉතින් ජීවිතේටම රැග් එක කන එකා හින්දා ටිකක් පුරුදු උනාට කමක් නෑ. මට දුක මනමාලී ගැනයි..

    ReplyDelete
  22. පොඩි රැගක් දුන්නට කමක් නැහැ .... ඔය දීලා තියන එක නම් අනුමත කරන්න බැහැ .........

    ReplyDelete
  23. සොරෝ අයියා ඔයාගේ වෙඩිම ඔය සැට් එකට කියන්න එපා.. අපේ බ්ලොග් බස් සෙට් එකට කියන්න ඔයිට වඩා අපූරුවට තියෙයි

    ReplyDelete
  24. සදාචාර සම්පන්න නෑ නේද වැඩේ සෝරෝ අයියා...
    රැග් එක දෙන සීමාවත් තියෙන්න ඕන නේද.....
    ඔහොම ලොවෙත් නැති වැඩනම් කුජීතයි නේද...????

    ReplyDelete
  25. හැමතැනටම වගේ වැදුණු රැග් සංකල්පේ මඟුල් ගෙදරටත් සැරටම වැදිලා වගේ. අයියෝ කසාද බඳිනවාටත් වඩා භයානක මේ රැග් එකනේ

    ReplyDelete
  26. සුන්දර රැගක් නම් දුන්නත් කමක් නැහැ...අපේ එකෙක්ටත් මරැ වැඩක් උනා එක දවසක්... ජෝඩුව පැණි හඳට යන්න පිටත් උනා.. ටිකක් දුර පලාතක හෝටලයකට.. මනමාලයා සෙට් එක ගැන දන්න හින්දා හෝටලේ කිව්වේ නැහැ.. ඌගේ ගජයාගේ වාහනේ තමයි ගියේ.. ජෝඩුවයි.. යාළුවයි.. පැය කීපයක ගමනක්..රෑත් වෙලා දැන්.. මනමාලයට පොඩි අමාරැවක් ඇවිත් පාළු හරියක ටිකක් නතර කරලා.. මූ බැහැලා ගියා විතරයි ගජයා කාර් එක අරගෙන ගිහින්.. මූ හෝටලේට ගිහන් තියෙන්නේ සෙට් එක පිට්පස්සෙන් ආපු වාහනේ..කොහොම හරි කට්ටිය දවස් තුනක්ම හිටියළු මේ හෝටලේම.. ඇයි ඉතින් ජෝඩුවට පාළුයිනේ කියලා... හික්ස්..

    ReplyDelete