Wednesday, April 13, 2011

තවත් කෑලි ටිකක් ඇවිත්..

ම්මෝ සෑහෙන්න කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වුනා.. එහෙම කිවුවට මොකෝ මතක් වෙනවා හැමදාම.. ඒත් ඉතිං කම්මැළිකම හැම එකටම වඩා ​ලොකුයි නේ.. ඒක නිසා අර මොකාද එකා වගේ බ්ලොග් කියව කියව විතරක් හිටියා.. මේ ඉතිං අවුරුදු මාසේ නේ.. කට්ටිය ඉතිං ජයට අවුරුදු සමරන්න හිතං ඇති නේ.. එළ එළ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කියලා මුලින්ම ප්‍රාර්ථනා කලා ඔන්න එහෙනම්.. 


මටත් මේ අවුරුද්ද ටිකක් ජයයි.. ටිකයි හරිද.. හේතුව තමා මට පොඩි ජොබ් එකක් සැට් වුනානේ.. ඔය හැමදෙනාම වගේ දන්න කෙනෙක් තමා මගේ බොසා.. (ආ.... ඔවු ඔවු එයා තමා..) (හරි හරි දන්නව නම් ඕක කමෙන්ට් එකේ දාන්න ඕන නෑ.. නොදන්නව නම් හොයන්න යන්නත් ඕන නෑ බං..) රස්සාව හින්දා දැං මමත් කොළඹ රටේ තමා ජීවත් වෙන්නේ.. ගමේ හිටි අපිට සුට්ටක් අමාරුයි තමා ගෙන්දගම් පොළවට පුරුදු වෙන්න.. අමාරු වුනත් ඒක කරන්න වෙනවනේ.. අද කාලේ ජීවත් වෙන්නත් හරි අමාරුයි නොවෑ.. ගෙදර අයට පොඩි පොඩි තෑගි ටිකකුත් අරං ගිය සඳුදා තමා කොළඹ ඉඳන් ආවේ.. 

කොළඹ ජීවිතේ නිසා  මේ ළඟකදි ඉඳන් මගේ විනෝදාංශේ වෙලා තිබුන හෙළිකොප්ටර් යැවිල්ලත් අතපහු වුනා නේ.. ගෙදර ආපු ගමන් මගේ ඔළුවේ වැඩ කරේ අළුත් හෙළිකොප්ටරේ ඉතුරු කෑලි ටික ඇවිත්ද දන්නෑ කියලා.. අළුත් එක කිවුවේ අර අපි හදනවා කියලා කියපු HK 600 GT හෙළිකොප්ටර් රාජයා..

සඳුදා ගෙදර එනකොට රෑ වෙලා තිබුන හින්දා ඊයේ (අඟහරුවාදා) තමා යන්න වුනේ හෙළිය බලන්න.. හප්පා සන්තෝෂේ බැරුවා.. අපිට අඩු වෙලා තිබුන කෑලි වලින් 3/4 විතර බඩු ගෙන්නවාගෙන අයියා.. 

දැං බලමු අලුතෙන් නේනවාපු කෑලි ටික..

 මෙන්න ප්‍රධාන මෝටරේ




 
ආර්.එෆ්. රිසීවරය


 


පවර් කොන්ට්‍රෝලර් එක

 

 සර්වේ මෝටර්


තවත් පොඩි පොඩි මෙවලම් ටිකක්


දැනට මේ තියෙන කෑලි ටිකට අමතරව අපිට තව අඩු බැටරියයි, ප්‍රධාන තටු දෙකයි, තව පොඩි සර්වේ මෝටරයකුයි විතරයි.. ඒ ටික ගෙන්නවපු ගමන් ආයෙත් හමුවෙමු.. ජය වේවා..!!

ප.ලි - හුරේ... තව ටික දවසකින් මගේ හීනේ (මේකේ සද්දේ මොනවගේද කියලා අහන එක) හැබෑ වෙන්නයි යන්නේ.. 

26 comments:

  1. සෝරෝගේ හීනෙට මගෙනුත් සුභ පැතුම්. සුභ අළුත් අවුරුද්දක් වේවා මචං........

    ReplyDelete
  2. "හරි හරි ඔක්කොම හරි" වෙන්න කියලා ලබන අලුත් අවුරුද්දේ සොරෝ මලයාට හා පවුලේ සැමට සුභ පැතුම්...!

    ReplyDelete
  3. අලේ... ස්වීට් අප්පා... :) ජය ! ඔය සද්දේ කොයි වගෙද කියා ඉක්මනට අහන්න ලෑබේවා !

    ReplyDelete
  4. ඉක්මනින්ම උඩ යන්න වාසනාව ලැබේවා. සද්දේ අහන්නත් වාසනාව ලැබේවා..!!!

    ReplyDelete
  5. මෙහෙම ගිහින් සෝරෝ අස්පයා අතහැරලා උඩින් යයිද දන්නෑ :D

    ReplyDelete
  6. උබ එයාර්ෆොස් එකේ හෙලොකොප්ටර් හෝදන ජොබ් එකක් වත් හොයා ගනින්.. එතකොට ඇත්තම සද්ද අහා අහා ඉතැහැකි :P හික් හික් හික්.. :D

    සුභ අළුත් අවුරුද්දක් වේවා මචං..

    ReplyDelete
  7. ස'ර්වෝ (servo) not සර්වේ

    ReplyDelete
  8. හලේ.. අපෝ සොලොවට මේ අලුත් අවුරුද්දෙ සද්දෙ අහන්න වාසනාව ලැබේවා!!!

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සොරෝ...........

    ReplyDelete
  9. ලොල්ය.. මර බඩුවක් නෙ බන්.. :D හික් ය. කොවුව උනත් බොටත් සුබ මෙවුව එකක් වේවා.. :D

    ReplyDelete
  10. එල ! දැන් සොරෝ ගේ ගෙදර ගිය දවසකට අපිටත් පුලුවන් කෙලිකොප්ටර් යවන්න !

    ReplyDelete
  11. අනේ ඔකේ එල්ලිලා හරි මෙ පැත්තෙනුත් යන ගමන් අපිටත් අත වනාගෙන පලයං...

    ආ තව එකක්...
    බොසා නිසා ගෝලයාට හෝ..ගෝලයා නිසා බොසාට හෝ...
    එක්කෝ ඒ ටිකත් ඕන නැහැ...අපිත් දන්න කියන එකෙක්නේ...

    ReplyDelete
  12. @ශාමින්ද, @තිස්ස අයියා, @ජීවිතේමල්, @priyantha අයියා, @Pasan, @සුළඟිල්ල | pinkie, - ස්තූති වේවා සුභපැතුම් වල​ට..

    ගීත් (සහෘදයා) - පිස්සුද මෙයා මම කරනව ද එහෙම..

    Bunny - ඔවු බං මේ එකට ට්‍රේනිංග් වෙනවා..

    Chandana Bandara Kulatunge - හෙහ් හෙහ් හේ..

    රොකියා | Udara - ආයෙත් අහලා.. වරෙං වරෙං...

    ReplyDelete
  13. මාරයියා - වනන්නම් වනන්නම් හැබැයි එළියට වෙලා හිටපං.. :D

    ReplyDelete
  14. අඩේ නියමයි උඹගේ හීනේ සැබෑ වෙන්න යන්නේ . මටත් දැන් හරිම ආසයි හෙලි කොප්ටරේකට . ඔන්න ඔය රු 1000 /500 තියන පොඩි එකක්වත් ගන්න ඕන . අනේ මචං ඕක හදලා උඩයවන වීඩියෝ එකකුත් දාපං ඈ . අනේ ලොකු උදවුවක් .

    කැමරාවකුත් හයිකරනවද ඕකේ .දුරස්තපාලකය දැක්කම මම කොර වෙලා ගියා .අඩේ නියමෙටම ඇති .

    සු.අ.අ.වේ මචං

    ReplyDelete
  15. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....

    මටත් ඔය ලෙඩේමයි තියෙන්නෙ... බ්ලොග් කියෙව්වට පෝස්ට් එකක් දාන්න තරම් මාතෘකාවක් ඔලුවට එන්නෙ නෑ... :-(

    ReplyDelete
  16. @හිස් අහස - එළ එළ අනිවා දාන්නම් මේක යවනකොට වීඩියෝ එකක්.. දැනට නම් කැමරාවක් හයි කරන්න අදහසක් නෑ බං.. කැමරාවක් දානවා නම් මීට වඩා වැඩි වැඩ කෑලි තියෙන රිමෝට් එකක් ගෙන්නවන්න වෙනවා..

    @තාරා - හෙහ් හෙහ් අපි දෙන්නට ම එකම ලෙඩේ වගේ නේද..

    ReplyDelete
  17. සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ !

    ReplyDelete
  18. අඩේ පිස්සු කොර මචෝ!!!
    එහෙනම් ඔන්න උබේ හීනේ ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පතන්නම්!!!!

    ReplyDelete
  19. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  20. එහෙනම් සෝරෝගේ හීනෙත් හැබෑ වෙන්න කියලා මේ සිංහල අවුරුද්දේ පතනවා. ඉක්මනට ඉතුරු කෑලි ටිකත් ගන්න ලබේවා !!!!

    ReplyDelete
  21. @කුක්කු පැටියා - ඒසේම වේවා මචෝ...!!

    @..ChAnDiKa.., @මධුරංග - තැංකිවු වේවා ම​චෝලා.. උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    @ක.කා - අවුරුද්දට සුභ පතන්නට
    ඇවිදින් ගිය ක.කා නි ඔබට
    නිදුක් නිරෝගී සුව ලැබී ඉදිරියට
    යහපතක්ම වේවා ඔබගේ දිවියට...!!

    ReplyDelete
  22. උඹට සුභ හෙලිකොප්ටර් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  23. දැන්නම් මේක කියන්ට කාලෙ නෙවේ..හැබැයි,හැමෝටම කිරියෙන් පැනියෙන් අයිස්ක්‍රිම් වලින් ඉතිරෙන අවුරුද්දක් වේවා!

    ReplyDelete
  24. අපිත් එනවා ඕක උඩ යවනවා බලන්න!!!!
    ඒක හන්දා ඉක්මනට හදන්න අයියේ!!!!!!!

    ReplyDelete
  25. එසේම වේවා!

    ReplyDelete
  26. අඩේ! TX/RX රිමෝට් කොන්ට්‍රොලර් එක කොහෙන්ද බන් හොයා ගත්තේ?

    ReplyDelete