Wednesday, March 2, 2011

නැවතත් හෙලිකොප්ටර් යැවිල්ලට...

හායි මෙයාලා කොහොම ඉතිං.. සැලකිය යුතු කාලෙකින් නේ මේ පැත්තේ ආවේ.. සමා වෙන්න ඉතිං ඒකට.. කොහේ බ්ලොත් ලියන්නද අප්පා මේ වැඩ එක්ක.. (හික් හික්.. අනේ මූට තියෙන වැඩ නේද.. කොයි වෙලේ බැලුවත් බස් එකේමයි..) හරි හරි ඉතිං ඒක තමා මට තියෙන වෑඩේ කියලා කිවුවේ.. 

ඒත් ඉතිං බස් කෙරුවව මදිවට තව හෙලිකොප්ටර් ​පැදිල්ලකුත් පටං අරං කියලා මතක ඇති නේ.. හෙලිකොප්ටර් යැවිල්ලේ තරම කියනව නම් තාම හරියකට යවාගන්න බෑ නොවෑ.. ඒ මදිවට හෙලිකොප්ටරේ දඩාස් ගාලා බිම පත බෑ වෙනවා අනන්තවත් සැරයක්.. ඔන්න ඉතිං එහෙම වෙච්චි වෙලාවක ​අපේ හෙළිකොප්ටර් රාජයාගේ තටු දෙකට හම්බුනා නොවෑ වැඩේ.. අහෝ දුකකි ඉරකි තිතකි කිවුවලු.. තටු නැතුව හොලිකොප්ටරේ යවාගන්න විදියක් නැති සොවින් තමා පහුගිය දවස් ටිකේ කල් ගත කලේ..

ඒක නිසා කැඩිච්ච ​තටු දෙක වෙනුවට හයි කරන්න අලුතෙන් තටු දෙකක් ඇනවුම් කලා ඉබේ එක හරහා එක කොම්පැණියකින්.. කරුමේ කියන්නේ ඒ යක්කු එවුවේ නෑ නේ අපේ තටු දෙක.. සාමාන්‍යයෙන් සති දෙකක් හෝ දින 17ක් ඇතුලත එහෙම ඇනවුම් කරපු බඩු ලැබෙනවා කියලා අපේ ඇතැම් හිතමිතුරන් දන්නවා ඇතිනේ.. සතියක් බැලුවා, දෙකක් බැලුවා, ම්හුහු.. නෑ.... කෝකටත් කියලා මේල් එකක් දැම්ම බඩු හම්බ වුනේ නෑ කියලා.. ඒකට හැරෙන තැපෑලෙන් ආපු උත්තරේ තිබුනේ අපේ තටු දෙක නැවුගත කලා කියලා..

හැබැයි එක කොස්සක් දැක්කා අපි.. ඒ තමා, අපේ තටු දෙක නැවුගත කලා කියලා ඉබේ එකේ දාපු දිනයයි අර මේල් එකෙන් ආපු දිනයයි අතර දින දෙකක විතර වෙනසක් තිබුනා.. කෝකටත් කමක් නෑ තව ටික දවසක් බලනවා කියලා හිටියා.. ඇයි ඉතිං තටු දෙකක් ලංකාවෙන් ගන්නයෑ.. එහෙම නම් චේචර කට්ටක් කන්නේ නෑනේ.. ඔන්න ඉතිං දැං මාසයක් ගියා..

හරියන්නෑ.. බඩු එනපාටක් නැති නිසා අයියා තව මේලක් දැම්මා අරුන්ට.. හැබැයි ඒ දැම්මේ හොදටම බැනලා.. හුරේ.... ඔන්න වැඩේ පත්තු වුනා.. හැරෙන තැපෑලෙන්ම උත්තරයක් ආවා උන්ගෙන් වැරදීමක් වෙලා වෙන්නැති.. ඒක නිසා සල්ලි ටික ආයෙත් එවන්නම් කියලා.. එළම කිරි... ඔය තියෙන්නේ.. කිවුවත් වගේම ඊළග දවස වෙනකොට සල්ලි වැටිලා තිබුනා බැංකුවට..

දැං ඉතිං සල්ලිත් ලැබුන එකේ අලුතෙන් තටු දෙකක් ඇණවුම් කරන්න කියලා සෙට් වුනා.. සික්... අපිටමයි වෙන්නේ.. ඒ අස්සේ චීන්නුන්ට අවුරුදු ලු.. ඔය අවුරුද්ද අස්සේ බඩු ඇණවුම් කරලා ආයෙත් මුං පිස්සු කෙලීවිද කියලා හිතලා අපි පොඩ්ඩක් පරක්කු කලා තටු දෙක ගෙන්නවන එක..

අවුරුද්ද ඉවර වුනාට පස්සේ ඔන්න අපි ඇනවුම් කලා තටු දෙකක්.. අප්පේ...ආසාවේ බෑ.. පෙරුම් පුරං බලං හිටි තටු දෙක ඔන්න ආවාගිය සතියේ.. සන්තෝෂේ බැරුවා ඒක දැක්කම.. ඔන්න ඉතිං අලුත් තටු දෙක හා හා පුරා හයි කරලා, එලයිමන්ට් (ඉංග්‍රීසියෙන් කොහොමද දන්නෑ මේකට කියන්නේ.. :D) එහෙම ඇජස්ට් කරලා, බැටරි එහෙමත් චාර්ජ් කරලා ඔන්න සැට් වුනා යවන්න කියලා..

ඕං බලන්නකෝ අපි හෙලිකොප්ටර් යවනවා.. තාම අඩියක් දෙකක් විතර වගේ තමා උස්සගන්න පුළුවන්.. ඔන්න එහෙනම් බලන්නකෝ.. අතරමැද දී අපි කියන ඒවා ගනන් ගන්න එපා.. :D



ප.ලි - අපේ අනිත් බාන්ඩේ මග එනවා.. විස්තර දාන්නම් පස්සේ..

27 comments:

  1. ඇයි ඊට වඩා උඩයන්නේ නැත්තේ?

    මේක IR එකක්ද [ ගෙවල් අතුලේ විතරක් ]

    ReplyDelete
  2. ඔබගේ මෙම බ්ලොගය ඔබගේ ඉල්ලීම පරිදි www.syndicatorz.tk වෙත එක් කරන ලදී.

    SyndicatorZ Team

    ReplyDelete
  3. උඩ යන්නේ නෑ නෙවෙයි බං උඩ යවන්න අමාරුයි.. යැවුවත් කන්ට්‍රෝල් නෑ.. ඒක නිසා අත හුරු කරගන්න ඕන පහල යවලා... :D

    IR නෙවෙයි බං මේක වැඩ කරන්නේ RF වලින් ඒක නිසා ටිකක් එහේ මෙහේ යවන්න පුළුවන් බං.. :D

    ReplyDelete
  4. හදිස්සියේවත් උඩදී කන්ට්‍රෝල් නැති උනොත් . අර කෆීර් වැටිලා උනාවගේ මහ විනාසයක් වේවිද මන්දා

    ඇත්තටම සෝරෝ දැන් ඕක උඩදී මොනවාහරි වෙලා කූරියා ගැහුවොත් වැටිලා කුඩු වේවි අපරාදෙනේ බං හෙන ගානක් . දැං උඩදී වැටෙන්න ගියොත් ඒක වලක්වාගන්න මොනවා හරි ක්‍රමයක් ඔය හෙලිකොප්ටරේ නැද්ද නිකම් පැරචුට් එකක් වගේ ?

    ReplyDelete
  5. හප්පේ ඕක ට්‍රය් කොරල, කොරල,එපා වෙලා හෙලිකොට්ටරේ දැන් දුවිලි බැඳි බැඳි තියෙනවා.

    ReplyDelete
  6. සෝලෝ මල්ලී, ඔය හෙලි කොප්පරේ මොඩල් එකයි ගත්ත විස්තරයි ගනන් මිනුමුයි දෙන්න කෝ.. අපේ අක්කගේ පොඩි එකා ගේ නම විකුණල මමත් ඕකක් ගන්න යි ඉන්නෙ

    ReplyDelete
  7. ඔය හෙලිකොප්ටර් එක යවන්න අවසර ගන්න ඕන නෙ ? මොකද රජයේ රේඩාර් වලට අහු වෙන හන්ද. දැන් නම් නීති ලිහිල් කරල ඇති.

    මොකෝ අඩියක් විතර උඩ යන්නෙ ?

    ReplyDelete
  8. @සඳරු- උඩදී කූරියා ගැහුවොත් ඉතිං බඩුම තමා බං.. එහෙම කූරියා ගහලා තමා තටු නැතුව හිටියේ..

    පැරිෂුට් එකක් නෑ බං මේවට.. කැඩෙන කෑලි ආයෙත් දාන්න තමා වෙන්නේ.. :D


    @Observer- හප්පා ඔය ඉන්නේ මේකේ අමාරුව දන්න කෙනෙක්.. අපිත් මේ තාම ට්‍රයි කරනවා.. :D

    ReplyDelete
  9. @පැතුම්- මේකේ වර්ගය තමා අයියේ honny bee king 3 විස්තර තියෙනවා මෙතන http://www.xheli.com/2blhokirtfr.html මේකේ සම්පූර්ණ ගානට වඩා අඩුවෙන් යන්නේ කෑලි කෑලි ගෙන්නවනව නම.. ඒ ගැන පළවෙනි පෝස්ට් එකේ දාලා ඈති අයියේ මම..

    @මධුරංග- රේඩාර් වලට අහු වෙන්න තරම් උඩ යවන්නේ නෑ බං..
    තාම අත හුරු නෑ බං.. ඒකයි පහලින් යවන්නේ.. :D

    ReplyDelete
  10. හික්.. මේකා තඩි බඩෙක්නේ :D හෙලිකොප්පට්ටර් එක නං ෆට්ට :D

    ReplyDelete
  11. "තාම අත හුරු නෑ බං.. ඒකයි පහලින් යවන්නේ.." නූලක් ගැට ගහලද උඩට ගන්නේ..?

    ReplyDelete
  12. @කණියා- අඩේ මම තඩි නෑ බං සුට්ටං කොල්ලෙක් මම.. යා යා හෙලි ය නම් සුපිරී..

    @තිස්ස අයියා- නූලක් හරියන්නෑ මාමේ කඹයක් ගැට ගහන්නේ.... :D

    ReplyDelete
  13. podi camara kaelakka atawagatha nam patta ayya

    ReplyDelete
  14. මේකට ගෙනාපු කැලිවල මුළු ලිස්ට් එක එවන්න පුලුවන්ද?
    webmail1029@yahoo.com

    ReplyDelete
  15. මේකට ගෙනාපු කැලිවල මුළු ලිස්ට් එක එවන්න පුලුවන්ද?

    ReplyDelete
  16. මම දවස් දෙකතුනකට කලින් නුවර කඩේක තියෙනවා දැකලා ඉතින් විස්තර ඇහුවා.. ඉතින් රුපියල් හාරදාස්ගානක් කීවා.. හනේ ගන්නමයි මටත් හිත.. පොඩි එකාට ප්‍රතිපාදන තමා ලැබෙන්නෙ නැත්තේ ඉතින් තාමත්...

    ReplyDelete
  17. අඩේ මරු නේ සෝරො අයියේ...මටත් ආසා හිතුනා..මෙහෙ බලන්න ඔනා... :)

    ReplyDelete
  18. එල,එල මටත් හිතුනා හෙලිකොට්ටරයක් ගන්න.

    ReplyDelete
  19. @මෝල්ඩර් ෆයිල්ස්- මේවට හයි කරන කැමරා තියෙනවා බං.. හරියට උඩ යවන්න පුළුවන් වුනාම හයි කරනවා කැමරාවක්..


    @Admin- http://www.xheli.com/2blhokirtfr.html මේ සයිට් එකේ බලපං බඩු තියෙනවා..

    ReplyDelete
  20. @චතුවා- මචං ඒ රු.4000 කට තියෙන්න ඇත්තේ ටෝයි සීරිස් එකේ ඒවා.. මේක හොබී සීරිස් එකේ.. ඒක නිසා ටිකක් ගනන් වැඩියි මේක රු.10000-15000 විතර වෙයි..


    @නිම්ශා- ආසා හිතෙන්නැත්තන් නේ පුදුමේ.. ෂුවර් එකටම එහේ නම් ඇති බලන්න පොඩ්ඩක් ඔයා..


    @dinesh- එළ එළ මචෝ.. බලපං එහෙත් ඇති ගන්න..

    ReplyDelete
  21. නියම වැඩක්නේ.. නැවක් එහෙම හදාගන්න බැරිවෙයිද ?(අඩුවට)

    ReplyDelete
  22. මේකේ තියෙන Itemes ලංකාවට shipping දෙන්නේ නැ නේ බං.... සමහර අයිටම් ebay එකෙනුත් ගන්න නැ. හරියටම ගන්න ඔනි ලිස්ට් එක දිපන් අයිටම් නම්බර් එකත් එක්ක.

    ReplyDelete
  23. මම නම් ඕවා ගැන වැඩිය දන්නේ නෑ. ඒත් දැක්කමනම් එකක් ගන්ට හිතෙනවා. හැබැයි මම පොඩි ඔවදනක් දෙන්නම්.
    උඹ ඕක යවන විදිහට නම්, ඔය වීඩියෝ එකේ තියන ස්ථානයේ නිතරම යවන්න ගත්තොත් ඕකේ ආයු කාලය අඩු වෙයි. ටිකක් එළිමහන් තැනකට අරන් පලයන් :D

    ReplyDelete
  24. මචං මේවගේ එකක් කැලි ගෙනල්ල හදන්න සම්පුරන එක ගන්නවට වඩා මිලක් යනවනේ. මම කැලි ටිකේ මිල එකතුකරලා බැලුවා. රිමොට් කට්‍රොල් එකටම ඩොලර් 45ක් විතර යනවා.

    ReplyDelete
  25. මචන් තරහා නැතිව උබ ගෙනාවු සම්පුරන ලිස්ටෙක මිළත් එක්ක දන්න පුලුවන්ද. මටත් ආසයි මේයින් එකක් හදන්න

    ReplyDelete
  26. හෙලිකොප්ටරේ ගැන තව විස්තර ටිකක් දාපං මචං ...මම මේ පෝස්ට් එකට ආසයි

    ReplyDelete
  27. මගේ කොප්ටරෙත් ආව. කොන්ට්‍රෝ කරන්න පට්ට අමාරුයි නෙ.
    1 පාරක් උඩට ගත්ත ගමන් 4 අතේ යන්න පටන් ගත්ත එහෙමම අල්ලපු ගෙදර ටකරන් වහලෙට පත බෑවුනා. හිතහන්කො ටකරන් වහලෙක තටු වදිද්දි එන සද්දෙ. දැන් ඉතිං පාර්ක් එකකට වගේ ගිහින් ටිකක් පුරුදු වෙන්න ඕනෙ, නැත්නම් වටේ පිටේ උන්ගෙන් ගුටි කන්න තමා වෙන්නෙ

    ReplyDelete