Monday, January 31, 2011

උඹ වෙනුවෙන් අපි...

මේ ලෝකයේ මෙතෙක් බිහි වූ කිසිම සත්ත්වයෙක් සර්ව සම්පූර්ණව බිහිවී නැතැයි මා සිතන අතර එය එසේ යැයි මම විශ්වාස ද කරමී.. වැඩි විස්තරයක් අවැසි නොවේ.. මන්ද යත් මම ද දෘශ්‍යාභාධිතයෙක් මී.. එනිසා උපැස් යුවලක් පළඳිමි.. මෙය සුලභ තත්ත්වයක් මෙන්ම උපැස් යුවලක් පැළඳූ පමණින් යම්තාක් දුරට සුවයක් ලබාගත හැකි වුවත් අද නිරතුරුවම මග​තොට දී හමු වන පිරිසෙයින් 50% කට ආසන්න ප්‍රමාණයක් මෙවැනි හෝ තත්ත්වයකට මුහුණ දේ..

මට අද මෙවැනි දෙයක් ලියන්න හේතු වුනේ, බස් බ්ලොග් සතිය ඊයෙන් (30-01-2011) ඉවර වුනත් අද විශේෂ බලොග් දවසක් විදියට නම් කරලා තියෙන නිසා..

ඒ අපේ ඉලංදාරියා වෙනුවෙන්.. අප ඔහුගේ නිහඬ බව බිඳින්නට ඔහුට සවියක් වෙමු.. ඔහු අප ළබැඳි සහෘදයෙකි.. ඔහු වෙනුවෙන්අපිට කළ හැකි දේ බොහෝ වේ..

සිහින සයිබර් උළෙලට ​ලැබෙන ආධාර මුදලින් ඉතිරි වන සියළුම මුදල් ඔහු වෙත ලබා දීමට දැනටමත් තීරණය කර ඇති බව සඳහන් වේ..

දුකා අයියා ද මේ වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් සංවිධානය කර ඇති බව දක්නට ලැබේ..

ඉතින් ඉලං මචෝ..... උඹ තනි වී නැති බව දැන් උඹට පෙනෙනු ඇත.. මේ මොහොතේ අප සැවෙම උඹ සමග සිටිනවා සේම මින් ඉදිරියට ද උඹ සමඟම රැඳෙනු ඇත..

එනම් උඹ උඹේ කන්​ දෙකෙන් වැඩ ගන්නා දවස වැඩි ඈතක නොවේ මචෝ..

ජය වේවා..!!

දිළුම්ට සහායවන්න

11 comments:

  1. උඹේ මේ කෙටි සටහන් හරිම හෘදයංගමයි මල්ලියේ...!!

    ReplyDelete
  2. මට දැනෙන විදියට ලිවුවේ තිස්ස අයියේ... අනිත් එක අපේ එකෙක් තනි කරන්න පුළුවන්ද අපිට..

    ReplyDelete
  3. Promote The page that decided to him too : httP://j.mp/dilum

    ReplyDelete
  4. ස්තූතියි බිංකු අයියා.. මම ලිංක් එක දැම්මා පෝස්​ට් එක​ට....

    ReplyDelete
  5. මොනවහරි දෙයක් කරන්න ඕනේ. මොකද ඒ අපේම සහෝදරයෙක් හන්දා.

    ReplyDelete
  6. ඔවු ඔවු.. අනිවාර්යෙන්ම අපි ඌට හයියක් වෙන්න ඕනි...

    ReplyDelete
  7. බැරි නෑ. එකතු වෙමු

    ReplyDelete
  8. කියන්න දෙයක් නෑ සෝරෝ අයියා.....අපි පෙල ගැහිලා නේ ඉන්නේ...කොහොම හරි ගොඩ දානවා.....

    ReplyDelete
  9. අපි අනිවා ඉන්නවා ඉලං එක්ක....ඌ අපේම සහෝදරයෙක්....

    ReplyDelete
  10. මල්ලී ගොඩාක් හිතට දැනෙන්න ලියපු පොස්ට් එකක්.

    ReplyDelete
  11. @රොබින් / රත්ගමයා / ෴ හසියා ෴ - අනිවා මචංලා..

    @ගල්මල්-Coral - ​මට දැනෙන විියට ලිවුවේ අයියේ.. ස්තූතියි ආවට මේ පැත්තේ..

    ReplyDelete