"ඔන්න වට්ටිය යට, බත් බෙදලා ඇති කන්න.."
"කෝ අම්මේ තාත්තා නිදිද..?"
වටටිය යට බෙදා තිබූ බත් පිඟාන ගෙන පුටුවක් ඈදගෙන ඉඳගන්නා ගමන් අම්මාගෙන් මා ඇසුවේ මොනවා හරි ඇසිය යුතු නිසාවෙනි..
"ඔවු.. මෙච්චර වෙලා උඹ එනකන් බලන් ඉඳලා දැන් නිදාගන්න ගියේ.. තාම නින්ද ගියේ නැතුවැති මගෙ හිතේ.."
"කෝ පොඩ්ඩිත් නිදි නේද.. අද පාඩම් කරන්නේ නෑ වගේ.."
"හිසේ ඇම්මයි කිය කිය ඉඳලා අද රෑටත් කන්නේ නැතුව ඔන්න නිදි.."
"උඹ මොකෝ අද කවදාවත් නැතුව ඒකි ගැන අහන්නේ.."
පුදුමයට පත් වූ දෑසින් අම්මා මා දෙස බලාගෙන ඇසුවත් මා එය නෑසුනා සේ බත් ගුලි ගිලින්ට විය.. ටික මොහොතකින් මා මනස වටා කැරකෙන සිතුවිලි දාමයක් සමඟ මා කල්පනාවට වැටිණ..
නංගීත්, මමත් පමණක් වූ අප පවුලේ විය හියදම් ගැට ගසා ගත්තේ විශ්‍රාමිකයෙකු වූ අප පියාට ලැබෙනා සොච්චම් විශ්‍රාම වැටුපෙනි.. ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිමට ඉන්නා ඇය, මට වඩා ඉගෙනීමට දක්ෂ වූවාය.. සාමාන්‍ය පෙළ විභාගය ළඟ ළඟ එන නිසා වෙනදාටත් වඩා වැඩියෙන් පාඩම් වලට නැඹුරු වූ ඇය ඇතැම් දිනයන්හී දී අළුයම වනතුරු එම කාර්යයෙහි නිරත වූවාය..
"උඹ මොකෝ බත් එක අත ගගා ඉන්නේ.. පොල් ඩිංගක් වත් ගාලා දෙන්නද පුතේ.."
"ඕනි නෑ අම්මේ.. මට ඇති.."
කියමින් මා, අම්මා වෙත දිගු කල අඩක් කා අවසන් වූ බත් පිඟාන රැගෙන කුස්සයිට ගිය ඇය පසුපස ගොස් අත සෝදා වතුර උගුරු දෙකක් බී නැවතත් මගේ කාමරයට ගොස් අඳට වැටුණි.. කුස්සියේ සිට එන ගමන් සාලයේ ඈති ඔරලෝසුව දෙස බැලු මට රෑ10.30 එහි සටහන්වී තිබූ බව මතක් විය.. මා ඈඳට ඇවිත් දැන් විනාඩි 15 ක් පමණ ඉක්ම ගොස් ඇතත් තවමත් අම්මාගේ සද්දය කුස්සිය දෙසින් ඇසිණ..
හිටිහැටියේ ඇහැරුණු මට දැණුනේ පැයක් පමණ මා හට නින්ද ගොස් ඇති බවයි.. අම්මා ද නින්දට ගොස් ඇති බව වැටහුනේ කුස්සිය දෙසින් කිසිදු සද්යක් නො ආ නිසාවෙනි.. ඇඳෙන් නැගිට ජනේලය ළඟට ගිය මා දුටුවේ සඳේ එළිය ජනේල් වීදුරුව හරාහා ඇවිත් මේසය ආලෝකමත් කර ඇති බවයි..
_____________________________________________________________________________________
දැන් වේලාව උදෑසන 8.15 වී ඇති බව ටවුම මැද වූ ඔරලෝසු කණුවේ සටහන්වී තිබෙනු දුටු ම සිත ඇදී ගියේ කාමරයේ මේසය මත වූ කුඩා කොල කැබැල්ල වෙතටය..
"අම්මේ, මං ගැන හොයන්න එපා නංගිට හොඳට උගන්වන්න.."
පෙරදින රාත්‍රියේ මා එහි ලියූ බව සිහි විය..
ප.ලි - බ්ලොග් සතිය වෙනුවෙන්ලියන ලදී... (මා අත්දැකීම් ලත් ලේකකයෙකු නොවේ.. මේ මගේ මුල්ම කථාවයි..)
පට්ට මචන්...ගති.... හැබැයි මුට තිබ්බනේ රස්සාවක් හොයාගන්න. හොයාගෙන පවුලේ බර ක‍්රට ගන්න. ඇයි මූ පැනලා යන්නෙ....
ReplyDeleteසමහර විට පොර ගියේ රස්සාවක් හොයාගෙන වෙන්නැති.. ගෙදර ඉන්නවා කියන්නේ වියදම තවත් එක්කේනෙක් අතර බෙදෙනවා කියලා ඌ හිතන්නැති..
ReplyDeleteතීරණය පාඪතයා අතේ... :)
ඔයා හොඳම අය්යා කෙනෙක්..ඔයත් ඉගෙනගත්තා නම් නේද වඩා හොඳ?
ReplyDeleteඇත්තටම මමත් හිතනවා ඒ කොල්ලා ජීවිතයෙන් පැනලා ගියා නෙවේ කියලා ..ජය අරගෙන ආයෙම ඒවි කියලා ..
ReplyDeleteබලමු හෙටත් ...
@නෙතාරා - නංගි තරම් දක්ෂනෑ...
ReplyDelete@හිස් අහස - උඹ හරි වෙන්න පුළුවන්.. (කථාව නිමි හැබැයි)