Friday, January 28, 2011

ගූගල් දෙයියා උරණ වෙලා ද.. [01]

මගේ බස් කෙරුවාවේ තරම ඉතිං පොඩ්ඩ පොඩ්ඩ හරි දන්නවා ඇතිනේ ඔයාලා.. ඔන්න ඉතිං මෙලෝ සිහියක් නැතුව මම බස් පදින අස්සේ හෙළිකොප්ටර් පදින්නත් පටන් අරන් කියලා ඊයේ කිවුවා මතකයි නේ..

ඔන්න ඉතිං සුපුරුදු පරිදි ඊයෙත් බස් කෙරුවාවට අවතීර්ණ වෙලා බස් එකකුත් පාරට දාලා කස්ටිය එක්ක ආතල් එකේ හිටියා.. බස් එකක් කිවුවට ඒක එසේ මෙසේ බස් එකක් නෙවෙයි බ්ලොග් සතියට දාපු බස් එක.. වැපාගෙයි මරේගෙයි වදෙන් බේරෙන්න බැරි කමට දැම්මේ බස් එක.. එහෙම නැතුව කවදා දාපු බස් ද.. යන එකක එල්ලිලා යනවා ඇරෙන්න..

මේ බස් එක දාගත්තා ව​ගේ නෙවෙයි, බෝර්ඩ් ලෑල්ල හැමතිස්සෙම වගේ වෙනස් කරන්න වෙනවා.. ඇයි ඉතිං බ්ලොග් පෝස්ට් අප්ඩේට් කරන අය හැමෝම එක වෙලාවට අප්ඩේට් කරන්නේ නෑ නේ.. එයාලා අප්ඩේට් කරලා ලිංක් එක බස් එකේ දැම්මම තමා ඒක බෝර්ඩ් එකට දාන්න වෙන්නේ.. ඒක නිසා පොඩ්ඩක් අමාරුයි මේක ඩ්‍රැයිවින්ග් කරන් යන්න..

කොහොම හරි මම පළවෙනි බස් එක ශේප් එකේ ඩ්‍රැයිවින්ග් කරගෙන ආවා.. බස් එක කැඩෙන්න ඔන්න මෙන්න තියා තියෙද්දී මම තව බස් එකක් ගැරේජ් එකේ ලෑස්ති කරලා තිවුවා.. සූදානම් සරීරේ කොයිකටත් හොදයිනේ හිතලා.. "බස් කැඩෙනවා කියන්නේ එක බස් එකක කොමෙන්ට් 490 ක් විතරවෙද්දී බස් එකේ කොමෙන්ට් ඩිසේබල් වෙනවා ඔටෝ.." "ගැරේජ් එකේ ලෑසති කරලා තිවුවා කිවුවේ බස් එකක් දාලා ඒකේ කොමෙන්ට් ඩිසේබල් කරලා තියන එක.." මේවා ඉතිංමම දැන ගත්තේ අපේ බස් පියාගෙන්.. ඔන්න දැන් බලාවි බස් පියා කවුද කියලා.. ආ.. ඒක හොයන්න ඕනි නෑ.. දන්න අය දන්නවා ඒක.. :D

හරි පළවෙනි බස් එක ඔන්න කැඩුනා එක පාරටම.. ආතල් එකේ කථාබස් එකේ ගිය උන් නන්නතතාර වෙන්න කලින් ගැරේජ් එකේ තිබුන බස් එක දැම්මා පාරට.. ඒ කියනනේ "කොමෙන්ට් ඉනේබල්" කලා.. කස්ටිය ආයෙත් සෙට්වෙලා ටික දුරක් ගියා ගූගල් දෙවියන්ගේ පිහිටෙන්..

ඔන්න දැන් තමා භයානකම දේ සිද්ධ වුනේ.. එක පාරටම මහා සද්දයකුත් එක්ක හුටා නෑ නෑ සද්යක් ආවේ නෑ.. එක පාරටම මේල් එකවුන්ට් එක ස්ට්‍රක් වුනා.. මමත් ඉතිං ආයෙත් ලොග් වෙලා ආවා බස් එකේයන්.. එතකොට තමා දැක්කේ වෙලා තියෙන මහා භයානක දේ..


මෙච්චර වෙලා ගියපු බස් එක නෑ.. ඒ මදිවට මම කලින් දාපු බස් එකක් වත් නෑ.. මළ කෙළියයි කියනනේ මගේ ෆලෝවර්ස්ලත් නැතිවෙලා.. මේ මොකක්ද වුනේ කියලා මම කල්පනා කර කර ඉන්න අතරේ අපේ බස් මගියෝ එකා දෙන්නා චැට් ​එකෙන් අහනවා "මොකක්දයකෝ බස් එකට කලේ කියලා.." මුං මේ මඟුලක් කථා කරනවා මමත් මෙ අඤ්ඤකොරොස්වෙලා ඉන්නේ මොකක්ද වුනේ කියලා.. දැං ඉතිං ඒවුනට සීන් එක කියලා ඉවරයක් නෑ.. එකෙක් ඉවර වෙනකොට තව එකෙක්.. :D

දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා.. ඔන්න එතකොට බස් එකට ළඟට යන්න පුළුවන් වුනා.. ඒත් බස් එකේ යන්න බෑ.. "ඒ කියන්නේ කොමෙන්ට් කරන්න බෑ.." ඔන්න දැන් කස්ටිය මේල් වලින් චැට් වලින් එක් එක් උසේදෙනවා.. මමත් ඉතිං අයි.ටී මෙලෝ දෙයක් දන්නැති නිසා කියන කියන හැමදේම කළා ඒත් හරි ගියේ නෑ..


ඔන්න එක පාරට ඇමතුමක් ආවා අපේ ජේ.ඩී කොල්ලගෙන්.. ඌත් කිවුවා කරන්න මොකක්ද එකක් ඒ කලත් හරි ගියේ නෑ.. ඕන මගුලක් චේචාවේ කියලා හැදුවා තව මේල් එකවුන්ට් එකක්.. ඇයි ඉතිං අතින් පයින් යනනේ නෑනේ.. හදලා ප්‍රොෆයිල් එකත් එඩිට් කරගෙන කාරියේ ගියා බස් එක පැත්තේ..

හපොයි මේක දිග වැඩි වෙනවනේ.. ඉතුරු ටික හෙට දාන්නම්.. නැත්තන් කියවනකොට එපා වෙයි.. සමහර විට මෙකෙන් ගන්න දෙයක් තියේවි.. හෙට බලන්න ඉතුරු ටික..

9 comments:

  1. හොඳ වැඩේ උඹට

    ReplyDelete
  2. උරණ වෙලාද ඇත්තටම????? මං නම් හිතන්නේ බලෙන් බස් දාන්න කිව් අර බස් මාෆියාවේ වැඩක්????

    ReplyDelete
  3. අනේ පවු අස්පයයි කඩුවයි දෙකම නැති උන එකේ බස් පැදිල්ලත් අහවර උනානම් සෝරෝ කෙනෙක් නැති වෙනවා අපිට

    ReplyDelete
  4. ගූ ගල් දෙයියො උරණ වෙලා.. තට යස වැඩේ... :D

    ReplyDelete
  5. ගූ ගල් දෙයියො උරණ වෙලා.. තට යස වැඩේ... :D

    ReplyDelete
  6. ගූගල් දෙයියෝ උරනවෙලා දැන් ඉතින් මාරම වැඩේ වෙන්නේ

    ReplyDelete
  7. හැ....... අයිටී දන්නේ නැ ? යකෝ ප්‍රසිද්ඪියේ බොරු කියන්න එෆා මෙහෙම :ඪ්

    ගූගල් කාරයා උරණ උනේ බොලා පොපයිල් එකෙන් කොලපු ජඩවැඩ හින්දා තමා :) හෙහ් හෙහ්

    ReplyDelete
  8. කෝ ඉතිරි ටික???
    :D

    ReplyDelete
  9. මටත් මේ දැන් ඔක වුනානේ... ඔප්පා.ප්පා..

    ReplyDelete