Thursday, January 27, 2011

බස් මදිවට හෙලිකොප්​ටර්..

දැනට මාසතුන හතරකට කලින් පටන් ගත්ත මගේ බස් කෙරුවාව දැන් නම් නැගලා යනවා එළ කිරි වගේ.. ඒත් සමහර වෙලාවට ඒක කරන්නත් කම්මැළියි.. හැබැයි අපරාදේ කියන්න බෑ කාලේ කන්න නියම බෙහෙත.. එක දවසක් දුකා අයියා බුකියෙදී සැට් වෙලා දුන්නනේ ලැක්චර් එකක් මෙහෙම කාලේ නාස්ති කරන්න එපා කියලා.. ඒත් දෙයියනේ කොහොම මේ බස් කෙරුවාව නවත්තන්න ද.. හික් හික් හික්...


බස් පදින් අස්සේ ඔන්න මම හෙලිකොප්ටර් පදින්නත් පටන් අරන්.. හෙලිකොප්ටර් කිවුවම කස්ටිය බලයිද දන්නෑ නේ මෙකත් ගූගල් දෙයියගේ එකක් ද කියලා.. හපොයි නෑ මේක නම් ගූගල් දෙයියන්ගේ එකක් නෙවේ..

මේක ඇත්තට උඩ යන හෙලිකොප්ටර් එකක් වැඩ කරනනේ RF රිමෝට් එකකින් (ගුවන්විදුලි තරංග දුරස්ථ පාලකයකින්) සෑහෙන්න තරමක උඩ යන්න පුළුවන් ඒකට.. හැබැයි ඉතිං මට නම් පොළවෙන් අඩියක් වත් තාම උස්සගන්න බැරිවුනා.. ඇයි හත්දෙවියනේ ප්‍රැක්ටිස් එක ඕනි ඒක යවන්න.. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් කූරියා ගහන්නමයි බලන්නේ.. අපරාදේ කියන්න බෑ අපේ අයියට නම් ටිකක් පුළුවන්..

බැටරිය ෆුල් චාර්ජ් කලත් උපරිම යවන්න පුළුවන්වෙන්නේ විනාඩි 10 ක් විතර පමණයි.. විනාඩි 10ක් යවන්න පුළුවන් කියන්නේ ඌ සුපිරි පොරක්.. කරුමෙ කියන්නේ අපිට ඒ විනාඩි 10 යන්නේ ප්‍රැක්ටිස් කරන්න.. කවදා මට මේක උඩ යවාගන්න පුළුවන් වේවි ද මන්දා..

අපේ අයියා කාරයා​ට තමා මුලින්ම හෙලිකොප්ටර් පිස්සුව හැදුනේ.. අපේ අයියා කිවුවට මගේම අයියා නෙවෙයි.. නෑදෑයෙකුත් නෙවෙයි යාළුවෙක්.. මට වඩා වැඩිමල් නිසා මම කියන්නේ අයියා කියලා.. කොටින්ම දැන් පොර මට සහොදරයෙක් වගේ..

පොරටමේ පිස්සුව බෝවෙලා තියෙන්නේ එයාගේ ඔෆිස් එකේ යාළුවෙකුගෙන්.. දැන් දැන් ඔෆිස් එකේ අය හරි හරියට හෙලිකොප්ටර් පදින්න පුරුදු වෙනවලු.. ලංකාවේ මේවා ගන්න නැති නිසා හොංකොං වල ඉන්න එයාගේ යාළුවෙකුට කියලා තමා බාන්ඩේ ගෙන්න ගත්තේ..

මෙන්න බඩු මේකේ නම "Honey Bee King 3", දිග 550mm, උස 200mm, තටු දෙකත් එක්ක සම්පූර්ණ දිග 600mm



මේ ෆොටෝ එක බැලුවම සයිස් එක හිතාගන්න පුළුවන්


මෙන්න විඩියෝ එකක්

මේක සම්පූරණයෙන්ම සල්ලි වලින් ගන්න ගියොත් නම් සෑහෙන්න වියදමක් දරන්න වෙනවා සාමාන්‍යයෙන් රු. 22000.00 ක් විතර වෙයි.. හැබැයි අපේ බුවා නම් මේකෙ කෑලි කෑලි වෙන වෙනම ගෙන්නවලා ඈසැම්බල් කොරේ.. ඒක නිසා නම් අපිට යන්න ඇත්තේ රු. 15000.00 - 17000.00 අතර ගානක්.. බුවා ඉලැක්ට්‍රොණික් කාපු පොරක් නිසා පොඩි පොඩි මොඩරේෂනුත් කරනවා මේකට..

මේක පදිනවනම් අනිවාර්යෙන්ම ඇක්ස්ට්‍රා තටු දෙකක් වත් තියාගන්න වෙනවා.. හැබැයි පුරුදු වුනායින් පස්සේනම් ඕන නැතුවැති.. මේ දවස් වල නම් හෙලිකොප්ටරේ තියෙන්නේ පෙට්ටියේ.. තටු දෙකට කෙල වුනා නේ.. අළුතෙන් දෙකක් ඕඩර් කළා තාම ආවේ නෑ..

දැන් අපේ බුවාගේ අදහස තියෙන්නේ මේකෙන් පස්සේ ඊළඟ සීරියස් එකේ හෙලිකොප්ටරේ හදන්න.. ඒක ටිකක් ලොකුයි මේකට වඩා.. නම තමයි "Belt cp"

වැඩි විස්තර එක්ක ඒක හදනකොට සෙට් වෙමු.. දැන් දැන් කෑලි ටික ටික ගෙන්නනවා ඒකෙ..

මෙන්න ඒක.. සයිස් එක හිතාගනන කෝ..

13 comments:

  1. අඩේ මරුනෙ. මමත් මෙයින් එකක් ගන්න තමයි මේ දවස් වල හීන බල බල ඉන්නෙ. ඔහ් 20000ක් වෙනවද? මම මෙහෙ ෂොප් එකක දැක්කා 8500කට එකක් නියෙනවා. තව 5400කටත් එකක් තියනවා. හැබැයි ඔය තරම් ලොකු නැහැ. බලන්න ඕන. මෙහෙට වඩා කොළඹ ගාන අඩු ඇති.

    ReplyDelete
  2. අඩේ එල එල.... එහෙනම් දැන් සොලොව උඩින් යන්නයි ට්‍රයි ආ...??

    ReplyDelete
  3. @චන්දික - මචං උඹ ඔය බලලා තියෙන්නේ Toy සිරියස් එකේ එකක්.. ඒවා ගනන් අඩුයි.. (http://www.bidorbuy.co.za/item/17284465/E_Smart_Special_Edition_Remote_Control_Helicopter.html)


    මේව මචං Hobby සීරියස් එකේ ඒවා.. http://www.heliguy.com/Electric-RC-Helicopters/HoneyBee-King-3/HoneyBee-King-3/)

    ReplyDelete
  4. අඩේයි... බලපං ඕක ඊබේ තියේද කියලා?

    ReplyDelete
  5. @ගුනේ - හෑ බං නරකද ගියොත්............ :D

    @prasanna86k - ඊබේ තිනෙකවා මචං.. ඒත් හොද සෙලර් කෙනෙක් සෙට් වුනොත් හොදයි නැත්තම් චා..
    අපි ඊළග එක හදන්න යන්නේත් නෙට් එකෙන් ගෙන්නවලා තමයි.. කෑලි කෑලි වෙනවෙනම ගෙන්නවලා හදන්නපු ළුවන්නම් වියදම අඩුයි..

    ReplyDelete
  6. ada ela eth petrol ekak try karanna

    http://www.youtube.com/watch?v=5Tc9ECA0T9s

    nice post

    ReplyDelete
  7. සෝරොත් ඉදලා ඉදලා මාර වැඩ වලටනේ අත ගහන්නේ. ඇයේ දැන් අස්වයා පිටින් නෙවෙයිද යන්නේ?

    ReplyDelete
  8. නියමයි මටත් කොහේද නැති ආසාවක් ආවා මේ හෙලිකොප්පරේකට ..

    ඔක උඩ යනකොට ලොකු සද්දයක් එනවද ?
    ඕකට කැමරාවක් හයිකරගත්තා නම් කියලා වැඩක්නෑ .

    ඔයා දැකලා තියනවද අර කුඩා ඒරෝප්ලේන් ඒවත් රිමෝට් එකෙන් තමා පාලනය කරන්නේ ඒත් ඒවා ගොඩාක් උඩයනව නේද ? එයිං එකක් ගන්න බැලුවේ නැද්ද ? ඔය පරන පික්චැර් වලත් තියෙන්නේ ..

    ReplyDelete
  9. @prabathw7 - පෙට්‍රෝල් එවා පට්ට ගනන් බං.. බලමු ඉස්සරහ​ට...

    @ගීත් - මම නෙවෙයි බං අත ගහන්නේ මම මේ පොඩි සයිඩ් සපෝර්ට් එකක් දෙනවා විතරයි.. අයියා තමයි ගේමේ ඉන්නේ.......

    ReplyDelete
  10. @හිස් අහස - සද්​දේ කියන්නේ මචෝ ඇත්ත එකකට සද්දෙට කිට්ටු සද්දයක් එන්නේ..
    පෙට්‍රල් වලින් යන ඒවා තියෙනවා මාර සද්දේ..

    කැමරාවක් හයි කරන්නත් පොඩි අදහසක් තියෙනවා මචෝ.. ඒත් තාම පුරුදු නෑ නේ..

    ප්ලේන් ගැන නම් ආසාවක් නෑ අයියට.. මට කොහෙද ඕවට සල්ලි.. :D

    ReplyDelete
  11. හ්ම්ම්ම් දැන් ඔයාටත් උඩින් යන්න පුලුවන්නේ යාළු

    ReplyDelete
  12. RF රිමෝට් එක ගෙන්නද්දි TRC එකෙන් අවසර ගන්න උනේ නැද්ද

    ReplyDelete
  13. @අයේෂා - හේ හේ.. ඉක්මනටම බිම වැටේද මන්දා.... :D

    @තරංග - ගෙන්නුවේ හොබි පාර්ට් එකක් විදියට.. චෙක් කරලා තිබුනේ නෑ....:D

    ReplyDelete