Sunday, January 30, 2011

ගූගල් දෙයියා උරණ වෙලා ද.. [02]

අහ් ඔන්න දැන් කස්ටියට මතකයි නේ මට වුන වැඩේ.. සීන් එක දන්නේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න.. හරි එහෙනම් එතන ඉදන් සීන් එක පටන් ගමු.. කථාව කියන්න පරක්කු වුනාට තරහා වෙන්න එපා.. :D

ඉතිං එදා කිවුවා වගේ ප්‍රොෆයිල් එක එඩිට් කරගෙන එහෙම ආවා බස් එක පැත්තේ.. ඇවිත් ඔන්න බස් එකට නගින්න හැදුවා විතරයි කෙළියා ආයෙමත් තාප්පෙටම.. ආයෙමත් වුනා නේ ඉස්සර වෙලා වුන සීන් එකම.. හුටා දැන් නම් මමත් පොඩ්ඩක් බය වුනා.. ඇයි ඉතිං අර ගූගල්ගේ බස් කඩපු සීන් එකට මාත් සයිඩ් සපෝර්ට් එකක් දුන්නා නේ.. හැබැයි ඉතිං මම පූර්ණකාලීනව ඒකේ යන්න වුනේ නෑ ඉඳලා හිටලා තමා සෙට් වුනේමොකක් හරි වැඩක් සෙට් වෙලා මම ඒක කලා..

ඔන්න ඉතිං අපේ අනිත් අයටත් දැං බය හිතිලා.. ඇයි ඉතිං මේකට හේතුව මොකක්ද දන්නේ නෑනේ.. වැඩියෙන් බය හිතිලා තියෙන්නේ අර බස් කඩපු අයට.. ඔය අතරේ මම බැලුවා මට මේල් යවන්න පුළුවන්ද කියලා.. අවුලක් නෑ මේල් යවන්න පුළුවන්.. චැට් කරන්නත් පුළුවන්.. බස් එක ළඟට යන්නත් පුළුවන් හැබැයි බස් එකේ යන්න බෑ..

ඔහොම කල්පනා කර කර ඉන්නකොට රවුටර් එක රී-ස්ටාර්ට් කරලා එකවුන්ට් එකක හදන්න කියලා මරේ කිවුවා.. හරි ඒකත් කරමු බලන්න කියලා හැදුවා තව එකවුන්ට් එකක්.. හදලා අර ඉස්සරවෙලා හදපු එක වගේම ප්‍රොෆයිල් එකත් එඩිට් කරගෙන ආයෙමත් ගියා බස් එක පැත්තේ.. ආහ්.. එක දෙයක් විශේෂෙන්ම කියන්න ඕනි.. මම ප්‍රොෆයිල් එක එඩිට් කරලා මගේ පරණ නම ම තමා දා ගත්තේ..

ඔන්න අළුත් එකවුන්ට් එකෙන් බස් එක පැත්තේ විතරක් නෙවේ බස් එකෙත් ගියා.. පුහ්.. දැන් මගේ මූඩ් එක ටිකක් ශේප්.. ඒත් තාම හිතේ තියෙන්නේම මොකක්ද මේ වුනේ කියලමයි.. ඔහොම ටිකක් දුර බස් එකේ එල්ලිලා යනකොට මට තේරුනා ආයෙමත් අස්පට් වේගෙන එනවා වගේ කියලා..

හරිනේ වැඩේ.. ඒ එකවුන්ට් එක​ටත් බඩු හම්බ වෙලා.. ඒකෙනුත් බස් එක බ්ලොක් කරලා.. ඔන්න දැන් මට පොඩි තරහකුත් ආවා ලාවට වගේ ඒක නිසා ගූගල් දෙයියන්ට විතරක් නෙවෙයි එයාගේ හත්මුතු පරම්පරාවටමත් පිං අනුමෝදන් කලා මදි නොකියන්න..

ඔය වෙලාවේ අංශුවා ඔන්ලයින් හිටි නිසා කිවුවා සීන් එක.. එයාටත් අප්සට් සීන් එක ආයෙත් වුන එකට.. "තව එකක් හදලා බලපං" කියලා කිවුවට ඒකටත් මෙහෙම ​වුනොත් ඒ හදන එකෙනුත් වැඩක් නෑ කියලමම පරණ එකෙන් ලොග් වුනා ආයෙත්.. බැරි වෙලාවත් ඒක හරි ගිහින් තිබුනොත් කියලා.. මොන හරි යෑමක් ද ඒත් එහෙම ම තමා..

ඔය අතරේ ආවා ඇමතුමක් මගේ ජංගමේ ට.. කවුද කියලා බලද්දී අපේ මරේ ලොක්කා..
මරේ - මොකක් ද සීන් එක..
මම - පරණ සීන් එකම ආයෙත් වුනා බං
මරේ - නෑහ්.... මාර සීන් එක නේ
මම - ඔවු බං මට මේ එෆා වෙලා ඉන්නේ
මරේ - කොමාන්ඩ් ප්‍රොමට් වින්ඩෝ එකට ගිහින් ........ ගහලා බලපං ලොකු ලිස්ට් එකක් එනව ද කියලා (හිස් තැනට ආ යුතු වචනය මට මතක නෑ...)
මම - ලිස්ට් එකේ 20 ඇවිත් තියෙනවා
මරේ - හ්ම්........ එහෙනම් ඒකෙ අවුලක් නෙවෙයි වගේ..
මම - මම දන්නෑ බං මට ඕවා තේරෙන්නේ නෑ..
මරේ - හරි උඹ තව එකක් හදපං හැබැයි සෝරෝ කෑල්ල ​දාන්නේ නැතුව වෙන නමකින් හදපං බලන්න
මම - එළ කිරි ඒකත් කරලා බලමු අන්තිමට

මරේගෙන් ලැබුන ඒ උ​පදෙස් වලට අනුව මම හැදුවා මගේ නම අහලකින් වත් යන්නේ නැති ​එකවුන්ට් එකක්.. හදලා බස් එකක් හොයාගෙන රවුමක් දාන්න සෙට් වුනා.. අවුලක් නැතිව එකේ නම් ගියා සෑහෙන්න දුරක්.. හැබැයි දැන් දැන් අපේ අයට පොඩි චකිතයක් ඇවිත් ඇයි මෙහෙම වුනේ කියලා..

ඔහොම එක එක වල්පල් කථා කර ර ඉන්න අතරේ තිස්ස අයියා කියාපි "බංස්ලා මම නම් ඔයා තාක්ෂණේ ගැන එච්චර දන්නේ නෑ.. ඒන් කවුරු කවුරුත් දැන් තම තම්ගේ බ්ලොග් වලට ලොග් වෙන්න තවත් මේලක් තියාගන්න එක හොදයි වගේ" කියලා.. ඔන්න එතකොට කස්ටිය තව භීරාන්ත වෙලා ගියා.. ඇයි හත් දෙවියනේ අපිට තියෙන එකම වස්තුව නේ බ්ලොග් එක කියන්නේ.. ඕක නැති වුනොත් මොකාට කියන්න ද.. ගූගල් දෙවියා උරණ වුනා කියන්නේ අනිත් දෙවි වරු ගැන ​කවර කථා ද නේ..

ඔය සීන් ​එකෙන් පස්සේ ආයෙත් ටිකක් වල් පල් කථා කර කර ඉන්න අතරේ එක පාරටම ​රංග ලොක්කා කියාපි (ඔවු මගේ ලෝකයේ රංග තමා) "බ්ලොග් එක ගැන බය වෙන්න එපා.. බ්ලොග් එකේ බැකප් එකක් දාගනිල්ලා.. එතකොට හරිනේ.."

රංග බොස් ගෙන් බැකප් දාන හැටිත් අහගෙන කවුරු කවුරුත් තම තමන්ගේ බ්​ලොග් බැකප් කරගත්තා මම හිතන්නේ ඒ වෙලාවේ.. මමත් මගේ බ්ලොග් දෙකේම බැකප් එකක් දා ගත්තා..

මෙන්න මෙහෙමයි බැකප් එක දාගන්නේ.. සමහර අය නම් දන්නවත් ඇති.. ඒත් නොදන්න අයත් ඇති නේ..

බ්ලොගර් වලට ලොග් වෙල

Settings ---> Basic ---> Blog Tools ---> Export blog

බැකප් එකත් දා ගත්ත නිසා දැන් නම් බය පොඩ්ඩක් අඩු වෙලා කසටියට.. කොහොම හරි මට නිදිමතක ලයින් වුන නිසා ඒ වෙලාවේ මම ගියා නිදා ගන්න..

නිදාගන්න ගිහිනුත් මම කල්පනා කළේ මොකද මේකට හේතුව කියලා.. "සෝරෝ" කියන නම එකක් අවුලක්ද මන්දා.. පස්සේ හදාගෙන ආපු එකවුන්ට් එකෙන්ගොඩක් දුර ගියා අව්ලක් නැතුව.. ඔහෙම කල්පනා කර කර ඉන්න අතරේ නින්ද ගිහින් මට..

පහු​වදා මම මුලින්ම කළේ මගේ පරණ එකවුන්ට් එකට ලොග් වුනා බලන්න.. මේ මගුල අද වත් හරි ගිහින් ද බලන්න..

හුරේ....... මෙන්න බස් එක වැඩ.. මැකිලා තිබුනු මගේ පරණ බස් ටිකත් දැන් පේනවා ආයෙත්.. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා බස් එකේ යන්න පුළුවන් වුන එක දැක්කම..

ඉතිං ඔන්න ඔහොමයි වුනේ මගේ බස් කෙරුවාව ට.. මම බස් එකේ එල්ලෙන එක නවත්තන්න හැදුවත් ඒක හරි ගියේ නැති තැන මම ගැන දුක හිතිලා ගූගල් දෙයියෝ ආයෙමත් මගේ බස් එක මට දීලා.. හික් හික් හික්...

අන්තිමට මම කොයි කාටත් කියන්නේ තම තමන්ගේ බ්ලොග් වලට ලොග් වෙන්න තව ඊ-මේල් එකක් තියාගන්න.. ඒ වගේම බ්ලොග් එකෙත් බැකප් එකකුක් දාගෙන තියාගන්න.. අවදානමට පෙර සූදානම හොඳයි ලු නේ..

එහෙනම් කාට කාටත් ජය වේවා...!!

7 comments:

  1. ගුගලයා මහ කැත වැඩක් කරලා තියෙන්නේ, ඇයි උබේ නැතිවූන එක ආයි දිලා තියෙන්නේ? :D

    ReplyDelete
  2. ගූගල්ට පගාවක්වත් දීලා ආයිත් එකවුන්ට් එක ගන්න ඇති.. ෂුවර්!

    ReplyDelete
  3. මේ මම අහන්නමයි හිටියේ නිදිමත කෝමද බං ලයින් එකක් වුනේ :D

    ReplyDelete
  4. ගූගල් දෙයියෝ හීනෙන් මුකුත්ම කීවේ නැද්ද සෝරෝ අයියා??????

    ReplyDelete
  5. මදෑ සොරෝ ඔයින් ගියා...........

    ReplyDelete
  6. කෝකටත් උඹේ උපදෙස් ටික පිලිපදින එක ඇඟට ගුනයි වාගෙ.ඔය බස් කෙරුවාව ආතල්ද බං.කොහෙද වෙලාවක් නෑනෙ ඉතිං උඹලට වාගෙ.

    ReplyDelete