Saturday, January 12, 2013

කුට්ටම සහ මම...

"කුට්ටම" කිවුවම ඒකේ අපි කවුරුත් දන්න තේරුම වන්නේ "යුගල" යන්නයි. නමුත්, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය 1982 ප්‍රකාශයට පත් කල "ප්‍රායෝගික සිංහල ශබ්දකෝශය - පළමු වැනි කාණ්ඩයේ, 555 පිටුව" දක්වන පරිධි මේ පදයට තවත් තේරුම් කිහිපයක් දක්වා ඇත. ඒවා නම්


  • ඒකකයකට හෝ එක වර්ගයකට අයත් කිහිපය
  • කට්ටලය
  • සමිතිය
  • නිකාය

ඉහත තේරුම් වලින් මුල් තේරුම් දෙක, යුගල යන පදයට යම් සමානතාවයක් දක්නට ලැබුනත් අවසන් තේරුම දෙක ටිකක් වෙනස් නිසාම පාඨකයාටත් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම පිණිස පල කිරීමට අදහස් කල අතර අද මා පල කිරීමට බලාපොරොත්තු වන්නේ, කුට්ටමක් හා මා අතර ඇති සම්බන්ධතාව පිළිබඳව කෙටි සටහනක් තැබීමටයි.

1992 වර්ෂයේදී, පාසලේ දෙවැනි ශ්‍රේණියේ ඉගැනුම ලබද්දී, එ වසර මැද බාගයේදී මා ඇස් වල, ඇති යම් අබාධ තත්ත්වයක් මා දෙමාපියන්, අවබෝධ කරගනු ලැබුවේ ඒ වන විට මා රූපවාහිනිය නැරඹීමේදී ඒ අසලටම ගොස් දෑස් කුඩා කර බැලීම හේතුවෙනි. ඒ වන විට වයස අවුරුදු හතක කුඩා කොළුගැටයෙක් ව සිටි මා, රූපවාහිනිය නරඹද්දී ඒ අසලටම යාම නිසා තාත්තා මගේ ඇස් පරීක්ෂා කිරීමට මා කැටුව ගාලු  ගියේ ඒ විටත් මගේ ඒ පුරුද්දට මා ඇබ්බැහි වී සිටි නිසා ය.

ගාලු ගොස් ඇස් පරීක්ෂා කළ දොස්තර මහතා කියා සිටියේ මා හට "අවිදුර දෘෂ්ඨිකත්ත්වය" ඇති බවත්, ඒ හෙයින් මා උපැස් යුවළක් පැළඳිය යුතු බවත් ය. නමුත් එවන් කුඩා වයසටම උපැස් යුවළක් මා හට පැළැන්දවීමට මා පියා එකවර අකමැති වූ අතර ඔහු අසා සිටියේ, උපැස් යුවළක් පාවිච්චි නොකර වෙන යම් බෙහෙතක් ඇසට දැමීම මඟින් හෝ මා හට ඇති ආබාධය සුව කර ගැනීමට හැකි ද යන්නයි. එ නමුත් ඒ විමසීමට එකවරම ප්‍රතිචාර දුන් දොස්තර මහතා ප්‍රකාශ කලේ අනිවාර්‍යන්ම උපැස් යුවළක් පැළඳිය යුත් බවත්, කල් යාමේදී ආබාධය දුරු වීමට අවකාශ ඇති බවත් ය.

http://www.framesdirectblog.com/helpful-tips-for-boys-eyeglasses/

තාත්තා අකමැති වුනත්, ඒ වන විට මා හට අලුත් දෙයක් වූ නිසා උපැස් යුවළ පැළඳීමට මා කැමැත්තක් දැක්වී ය. කෙසේ වෙතත් වෙනත් පිළියමක් නොමැති නිසා මා හට උපැස් යුවළක් පැළැන්දවීමට තාත්තාට සිදු වූ අතර, අප දුර සිට පැමිණි නිසාත් තවත් දවසක පැමිණීම අපහසු නිසාත් එදිනම උපැස් යුවළ ලබා දෙන ලෙස දන්වා හවස වන තුරු අප එහි රැඳුනේ එදිනට කිරීමට වෙනත් කාර්‍යක් අප හට නොමැති වූ නිසා ය.

එදින සවස වෙද්දී මා හට උපැස් යුවළ ලැබුනු අතර එදා පටන් ඇස් සතරකින් ලෝකය දෙස බැලීම‍ට මා හට සිදු විය. මුල් කාලයේදී මෙහි අපූර්වත්ත්වය විඳිමින් මා උපැස් යුවළට ආසා කළ අතර කල් යාමේදී එය මා හට කරදරයක් ලෙස දැනෙන්නට පටං ගත් නිසා අවුරුද්දක් පමණ කාලයක් උපැස් භාවිතයෙන් බැහැරව සිටි නමුත් ටික ටික මා වයසෙන් වැඩෙද්දී නැවතත් උපැස් යුවළට ආසා කිරීමට පටන් ලැබුවේ ඒ වන විට උපැස් පැළඳීම විලාසිතාවක් වී තිබූ නිසා ය. එ නිසාම පියාගෙන් කොතෙකුත් බැනුම් ඇසුවත්, එක එක මෝස්තර වල රාමු සහිත උපැස් යුවළයන් පැළඳූ අතර දැනුදු ඒ ආසාව නැතුවාම නොවේ. 

එලෙසින් මා අවුරුදු 20ක කාලයක සිට උපැස් යුවළයන් පළඳින අතර එදා දොස්තර මහතා කල ප්‍රකාශය තවමත් සිදු වී නොමැත.

ප.ලි. - ඔන්න ඔහොමයි කුට්ටමත් එක්ක මගේ තියෙන සම්බන්ධතාවය.


15 comments:

  1. මං හිතුවා මෙයගේ ඇස් 4 ගැන තමයි කියන්න යන්නේ කියලා... ඕක දාන්නේ නැතුව හිටියනං වැඩි වෙන්න පුළුවන් කිව්වේ නැද්ද... අපේ මලයත් ඔය ජාතියේ නේ.. ඌත් අවුරුදු 7 ඉඳලා කණ්ණාඩි දානවා.. හැබැයි එයා බෝතල් අඩියෙක්.. දැං නං අඩුයි වගේ.. හි හි...

    ඇයි තාත්තා අකමැති උනේ කණ්ණාඩි දාන්න.....? පොඩි නිසාද අනිත් ළමයි විහිළු කරයි කියලද..

    ReplyDelete
    Replies
    1. කිවුවා... කිවුවා... දාන්නේ නැති වුනොත් වැඩි වෙනවා කිවුවා..

      නෑ නෑ එහෙම සීන්නෙකකට නෙවෙයි... ඒත් ඇයි ද මන්දා....

      Delete
  2. එක එක මෝස්තර දැම්මට කමක් නෑ ඇස් වලට හරියන එක දැම්මෙ නැත්තං තියෙන ටිකත් පේ‍න්නෙ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. ෆ්‍රේම් එක විතරයි එක එක මෝස්තර වලින් දාන්නේ...

      Delete
  3. කුට්ටම පරිස්සන් කර ගන්න ඔනි බොහොම පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. ඔවු...., ඒක නැති වුනොත් ඔක්කොම ඉවරයි.....

      Delete
  4. මාතෘකාව අහනකොට මට හිතුනේ වෙනම මෙව්වා එකක්.., ඒක මගේ වල් හිත වෙන්න ඇති.., ඊට අමතරව කුට්ටම් ගැන කොච්චර උදාහරණ ම දෙන්න පුලුවන්ද නේහ්? ඒ තියා අඩුම ගානේ ගාලු මුවදොර හෝටලේ දොරටුපාලයාත් කුට්ටන් වෙච්චි එකේ මට ඌව වත් මතක් උනේ නෑ නේව..!
    සමාව සමාව..,
    අපේ අම්මට මුලින්ම කණ්නාඩි කුට්ටමක් ගන්න යනකොට මට වයස අවුරුදු 10 ඒ කියන්නේ පහ වසරේ. අම්මා අර මොකද්ද මෙව්ව එකෙන් ඇස් වලට හරියන ලෙන්ස් එක තෝරගන්නකොට මමත් ඉල්ලලාම හිටියා මටත් ඕන කුට්ටමක් කියලා.., අන්තිමට මටත් අරන්දුන්නා රවුම් ලෙන්ස් තියෙන අර වින්ටේජ් ටයිප් කණ්නාඩි දෙකක්..! පස්සේ ඉතින් අවුලක් නෑ..! දවස් කීපයයි දැම්මේ අමාරුව හොඳවෙලාම ගියා..,
    මට මේ පෝස්ට් එක කියවනකොට මුලින් "අරක" මතක් උනත් අස්සේ ඔලුවට ආපු කණ්නාඩි මතකය අන්න එහෙමයි..!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමා.. මුලදී මාර ආසාවෙන් දැම්මේ.. ඒත් ටික කලයක් එපා වෙලා නොදමා හිටියා..

      Delete
  5. එතකොට මෙයාට කුට්ටං කුට්ටමයි...

    ReplyDelete
    Replies
    1. අදත් දවසේ කතාව නලින් අයියගෙන්..

      Delete
    2. නෑ... ඊට වැඩියි.... :D

      Delete
  6. අපේ වලි හිත........... ඒ හින්ද නොලිය ඉන්නම්..

    ReplyDelete
  7. මේ අහපං සෝරෝ. උඹට හැමදාම කන්නාඩි දාන්න ඕනෙ නෑ. අවුරුදු 21 පැන්නට පස්සෙ ඕකට ලේසර් සර්ජරි එක කලෑකි. එක පාර එක ඇහැ ගානෙ කරගන්න පුලුවන්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔවු, මම දන්නවා ඒ සීන්නෙක.. ඒත් මට පොඩි බයක් දැනෙනවා ඒක කරන්න.. බලමු පස්සේ...

      Delete
  8. සමහරු නම් සෙල්ලම් කරන්න ගිහින් කුට්ටම තලා ගන්නවා.
    ඒ නිසා පරිස්සම් වෙන්න ඕන.

    ReplyDelete