Wednesday, December 26, 2012

ධනය ද, ප්‍රසිද්ධිය ද....?

තීතයේ දී ලංකාවේ වගේම වෙනත් රටවල් වලත් තිබුනේ රජතුමෙක් කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියක් නේ. ඒ කියන්නේ රටේ ව්‍යවස්ථාදායකයයි, විධායකයයි අරකයි මේකයි ඔක්කොම රජාගේ යටතේ තමා තියෙන්නේ. එතකොට ඉතිං රජතුමා කියන ඕනම දේකට එහෙයි කියන්න තමයි වෙන්නේ. එහෙම නැත්තං ඉතිං වෙන්නේ සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න. බැරි වෙලා හරි රජතුමා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න වෙන්නේ හොඳට හිතලා බලලා. 

සාමාණ්‍ය ජනතාවට වඩා රජතුමා ගැන හොඳට විස්තර දන්නේ රජතුමාගේ අමාත්‍ය මණ්ඩලය නිසා ඒ අය රජතුමා එක්ක කටයුතු කලේ බොහොම පරිස්සමෙන් වෙන්න ඕන.

දවසක් රජ කෙනෙකුයි එතුමගේ පුරෝහිතයි උයනේ ඇවිදින කොට රජතුමාගේ හිතේ කැකෑරී කැකෑරි තිබුන ප්‍රශ්නයක් ඇහුවලු පුරෝහිතගෙන්. ප්‍රශ්නේ තමයි

"කවද හරි දවසක ධනය හරි ප්‍රසිද්ධිය හරි දෙකෙන් එකක් තෝරගන්න වෙච්ච දවසට පුරෝහිත මොකද්ද තෝරගන්නේ" කියලා.

මේ අහපු ප්‍රශ්නෙන් කරකැවිලා ගිය පුරෝහිත තුමා එක පාරට උත්තරයක් දෙන්නේ නැතුව ටික වෙලාවක් කල්පනා කරලා කිවුවා "රජතුමනි මම තෝරගන්නේ ධනය" කියලා. මේක අහපු රජතුමාට ටිකක් කේන්ති ගියා, එතුමගේ පුරෝහිත ධනයට කෑදර කෙනෙක් නේද කියලා. මෙ‍හෙම හිතලා රජතුමා කිවුවලු "මම නම් හිතුවෙ නෑ පුරෝහිත ඔච්චර ධනයට කෑදරයි කියලා."

මේක අහපු පුරෝහිත, රජතුමාට දුන්න ලු හොඳ ලස්සන උත්තරයක්. ඒ තමයි

"රජතුමනි, යම් කෙනෙක් තමන්ට ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ තමන්ට නැති දෙයක් මිසක් තමන්ට තියෙන දෙයක් නෙවෙයි" කියලා.

පස්සේ ඉතිං පුරෝහිතට මොනවද වුනේ කියලා නම් මම දන්නේ නෑ. හැබැයි මේ කතාව සම්පූර්ණ ඇත්ත කියලා පොඩ්ඩක් කල්පනා කලාම තේරෙනව නේ ද.......

22 comments:

  1. එතකොට සෝටෝ අයියා මොනවෙයි ඉල්ලන්නේ ? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කාගෙන් ද ඇහුවේ... :D

      Delete
  2. දැං ගැටලුව පුරෝහිතයෝ වැඩි එක නොවැ.

    ReplyDelete
  3. දැනුත් ඔයවගේ පුරෝහිතලා ඕන තරම් ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සේරටම මුල..

      Delete
  4. 3/2 balaya kiyanne okata thamai..dennam ithin 3/3 ma..okkomallama illanne thamanta nethi ekane..

    ReplyDelete
  5. පුරෝහිත ගේ තර්කය වැරදියි වුනත් තේරීම හරි.
    ධනය තියේ නං ප්‍රසිද්ධ වෙන්න පුළුවනි. නමුත් ප්‍රසිද්ධ වුන පමණින් ධනය ලැබෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳිං හරි නරකිං හරි ප්‍රසිද්ධ වෙන්න පුළුවන් තමා.. :D

      Delete
  6. එකාලේ හිටියේ එකයි දැන් පුරො‍හිතල වැහි වැහැල.....

    ReplyDelete
    Replies
    1. උඹත් එකෙක් ද බං දිමෝ... :D

      Delete
  7. අන්තීමට කියපු දේ බොක්කටම වදිනවා....

    ReplyDelete
    Replies
    1. පුරෝහිත ට වුනේ මොකද්ද කියලා දන්නේ නෑ කියපු එක ද... :D

      Delete
  8. ඔය නැහැයි කියපු දේ කොච්චර තිබ්බත් කියන්නේ "නැහැයි ..නැහැයි " කියලම තමා හැබැයි..ආආආන්න එහෙම දේකුත් තියෙනවා

    ReplyDelete
  9. සිරා තමයි කතාව

    ReplyDelete
  10. වැදගත් කතාවක්.. මේ දවස් වල ටිකක් ඕව ගැන
    උනන්දුයි මෙයා...

    ReplyDelete
    Replies
    1. අර මොකෝ.... :D

      Delete
    2. අලුත් ජීවිතයක් පටන් ගන්න සැලසුමක් හිතේ තියෙනවා මචන්..
      ඒකයි හේතුව .බලමුකෝ අපි .බැරි උනොත් පරණ පුරුදු ජීවිතේම
      ගෙනියනවා .ඒකත් නරක නැහැ ...

      Delete