Sunday, October 14, 2012

මොහොතක් සිතන්න....

ස්වභාවධර්මයේම කොටසක් වෙන අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි කියල තේරෙන්නේ අද දවසින් දචස අපිට අහන්න දකින්න ලැබෙන් දේවල් නිසා. අපි කොච්චර අපි ගැන පරිස්සම් වෙනව වගේම අනිත් අය ගැනත් හිතනව වුනාට හැමෝම එහෙම නෑ කියලා දැනගන්න පුළුවන් රූපවාහිනියේ හරි පත්තරේක හරි පලවෙන ප්‍රවෘත්ති දැක්කම.



ඊයෙ හවසත් වගේම, මම අයියලගේ ගෙදර ගියේ මේ දවස් වල අපේ සති අන්ත ක්‍රීඩාව වන සරුංගල් යවන්න ඕන නිසා. (සරුංගල් කතන්දරේ පස්සේ කියන්නම්.) කිසි කරදරයක් නැතුව වෙනද වගේම සරුංගල් ඇරලා ආයෙත් සරුංගලේ අරගෙන අයියලගේ ගෙදර ආවේ ඒක එහේ තියලා මමත් ගෙදර යන්න හිතාගෙන. ගෙදරට එනකොටම වගේ අයියට කෝල් එකක් ආවා.

අයියලාගේ බාප්පා කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා, එයා තංගල්ල ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා කියලා තමා කෝල් එක ඇවිත් තියෙන්නේ. එතකොට අයියලගේ ගෙදර අය ටිකක් කලබල වුනා. කෝකටත් කියලා මමත් ගියා අයියා එක්ක ඉස්පිරිතාලෙට. 


අපි ඉස්පිරිතාලෙට ඇතුල් වුනාම දැක්කා කවුද ගෑණු කෙනෙක් ට්රොලියක තියාගෙන වෝඩ් එක පැත්තට අරගෙන යනවා. අපි එතනට කිට්ටු වුනාම අයියා කිවුවා ඉන්නේ එයාගේ පුංචි අම්මා කියලා. ඇන්ටිගේ අතේ ඇටේට හානි වෙලා වගේ මට පෙනුන විදියට. මැණික් කටුව ළඟ ඉඳලා වැළමිට ළඟට එනකන් අත දෙපැත්තෙන් පටි දෙකක් තියලා බැඳලා තිබුනේ. එයා ගෑණු වාට්ටුවට අරං ගිය නිසා අපි දෙන්නා ඊළඟට ගියා පිරිමි වාට්ටුවට. බාප්පයි පොඩි බබායි හිටියේ පිරිමි වාට්ටුවේ. අංකල්ට නම් තිබුනේ පොඩි පොඩි තුවාල දෙක තුනක් විතරයි. ඒත් ඉතිං අර පොඩි එකාට නම් ටිකක් තුවාලයි. වයස අවුරුදු  4 - 5 වයසේ පොඩි එකෙක්. ළමයා කෑගහනවා රිදෙනවා කියලා. කොහොමත් බයික් එකක ඉස්සරහින් යන කෙනාට වඩා ඩැඩියෙන් තුවාල වෙන්නේ බයික් එකේ පස්සෙන් යන අයට නේ.

කොහොම හරි අංකල්ට එච්චර අමාරුවක් නැති හින්දා අපි ඇහුවා මොකද්ද වුනේ කියලා.  එතකොටත් කට්ටිය වටවෙලා හිටියා පොඩි බබාගේ ඇඬිල්ල නිසා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ මේ අංකල් බබායි, ඇන්ටියි තියාගෙන බයික් එක පැදගෙන යද්දී ඉස්සරහින් වාහනයක් ඇවිත් තියෙනවා. රෑ වෙච්ච නිසා ඒ වාහනේ හෙඩ් ලයිට් (ප්‍රධෘන විදුලි පහන්) දාගෙන. මේ අංකල්ගේ ඇස් දෙකට අමාරු නිසා හෙඩ් ලයිට් ඩිම් කරන්න කියලා එයා සිග්නල්  (සංඥා) කරලා තියෙනවා. ඒත් ඉස්සරහින් එන එකා ලයිට් ඩිම් කරන්නෙම නැතුව ඇවිත්. රෑ වෙච්ච වෙලාවක පාරේ යද්දී ඉස්සරහින් එන වාහනේක ලයිට් පාර ඇස් දෙකට වැදුනම මොන වගේද කියලා ඉති අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වාහනයක නොගියත් පයින් ගියත් ඇස් නිලංකාර වෙලා යනවා. කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා ඉස්සරහි තියෙන. ඉතිං ඒක නිසා මේ අංකලුත් බයික් එක අයින් කලා ලු. කළුවරේ මෙයා අයිං කරලා තියෙන්නේ පස් ගොඩකට නිසා බයික් එක පෙරළිලා. ඔන්න ඕක තමා වෙලා තියෙන්නේ.

අපි පාරේ යද්දී කොච්චර පරිස්සමෙන් ගියත් වැඩක් නෑ අනිත් අය මෙලෝ සිහියකින් නෙවෙයි නම් යන්නේ. ඉතිං මම මේ පෝස්ට් එක දැම්මේ මේක බලන අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න. ඒ මොකක් ද කියලා දැනටමත් දන්නවා ඇති. 

ඒ තමයි අපි වාහනයකින් පාරේ රෑට යනව නම් තමංගේ වාහනේ හෙඩ් ලයිට් ගැන අනිවාර්යෙන්ම සැලකිල්ලක් දක්වන්න කියලා. ඉස්සරහින් එන ලොකු වාහන වලට විතරක් නෙවෙයි  බයිසිකල් වගේ පොඩි වාහන වලටත් අමාරුයි ලයිට් එක...

7 comments:

  1. කාලෙකින් මෙයාට බ්ලොග් එක මතක් වෙලා කියලා බනින්න ආවේ...

    ඒත් මේ කියලා තියෙන දේට නම් ලකුනු 10ක් දෙන්න වෙනවා....
    ///අපි පාරේ යද්දී කොච්චර පරිස්සමෙන් ගියත් වැඩක් නෑ අනිත් අය මෙලෝ සිහියකින් නෙවෙයි නම් යන්නේ./////

    හෙඩ් ලයිට්ස් ඩ්ම් කරන්න සමහරැ නම් දන්නේ වත් නෑ... විශේෂයෙන් ලේලන්ඩ් බස් ඩ්‍රයිවර්ලා.... බයික්වල සහ පොඩි කාර් වල යන අය පුදුම අමාරුවක වැටෙනවා ඔය වෙලාවට... කෙලින්ම එළිය වැදෙන්නෙ ඇස් වලටමනේ.... බක් කාරයගේ හත්මුතු පරම්පරාවම ඉවරයි ඉතිං.....

    ReplyDelete
  2. හෙඩ්ලයිට් ගැන කතා කරලා වැඩක් නැහැ. මම සතියට දවස් 3ක් විතර මීගමුව පාරේ යනවා උදේ 5ට විතර. 80%ක්ම වාහන එන්නේ හෙඩ්ලයිට් ෆුල් ගහගෙන. ඩිම් කරන්න කියලා සංඥා කලත් ඩිම් කරන්නේ නැහැ. මීගමුව පාර වගේ වීථි ආලෝක වලින් ආලෝකමත් වෙලා තියෙන පාරකට මොකටද ෆුල් හෙඩ්? ඒකෙන් අපේ ඇහැට අමාරු විතරක් නෙමෙයි කහ ඉරකින් කවුරුහරි පාර පැන්නත් පේන්නේ නැහැ.

    ReplyDelete
  3. හෙඩ්ලයිට් ගැන නම් කතා කරලා වැඩක් නැහැ කොච්චර ඩිම් කරන්න සිග්නල් කරත් ඩිම් කරන්නෙ නැති උන් ඉන්නවා. ඒ වෙලාවට ඉතින් ටිකක් ස්ලෝ කරලා ලඟ බලාගෙන තමා යන්න වෙන්නේ.

    ReplyDelete
  4. මාර්ග අනතුරුවලට ලොකුම හේතුවක් ඔය... විශේෂයෙන් නවීන සුඛෝපභෝගී රථවල උදවියත්.. ලොරි සහ බස් කාරයොත් කිසිම හේතුවක් නිසාවත් ඩිම් කරන්නේ නැහැ... දුර ගමන් යන සහ නිතර බයික් බදින හින්දා මට ඕක ‍ලොකුම අවුලක්... දැන්නං මං මගේ බයික් එකෙත් හෙඩ් ලයිට් එක එජස් කොරලා තියෙන්නේ ටිකක් උඩට සහ දකුණු පැත්තට බරව... මොකෙක් හරි එනවනං ඩිම් නොකරම මාත් ගහගෙනම යනවා හෙඩ් එක... ඒක අනිවාර්යෙන්ම වදින්නේ ඉස්සරහින් එන වාහන කාරයටම තමා... අපූරුවට පටස් ගාලා ඩිම් වෙනවා..උන්ටත් තේරෙන්න ඕන අමාරුව..නැත්තං හිතං ඉන්නේ පාර උන්ගේ අම්මගේ අප්පගේ කියලා...

    ReplyDelete
  5. කාලෙකින් ලියන්න මතක් වෙලා තියෙන්නේ! දැන් එලවෙන ගොඩක් අයට චාරයක් නෑ! අඩුගානේ ඩිම් කරන්න ඕනද කියලවත් දන්නෙ නැතුව ඇති! ආචාර ධර්ම කියනදේ බිංදුවයි!

    ReplyDelete
  6. හෙද ලයිට් දීම කරන්නේ විනීත රියදුරෝ. මට අපේ තාත්ත මුලින්ම ඩ්‍රයිවින් කියල දෙනකොටමුලින්ම කියල දුන්න නීති වලින් එකක් ඔය. අනිත් එක ඔය අලුත් ත්‍රී වීල් වැල ඉන්දියන් වාහන වල ඩිම් එකත් ඇහැට හරිම අමාරුයි.

    ReplyDelete