Tuesday, May 29, 2012

පරිස්සමෙන්....!!

සෑහෙන්න කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනාට හැබැයි මේ දවස් වල මං ඉන්නේ ගෙදර. ලබන මාසේ පොඩි විභාගෙකුත් තියෙන නිසා මේ දවස් වල පොඩ්ඩක් ඒකට ඔට්ටු වෙනවා. පහුගිය ටිකේ බ්ලොග් කියවන්නත් වුනේ නෑ. ‍ඒකට නම් හේතුව හැබැයි කම්මැළිකම. දැං ආයේ ටික ටික පටංගන්නෝන බ්ලොග් කියවන්න. මගේ මේ බ්ලොග් එක උපන්දා සිට එකම විදියේ තීම් තිබුන නිසා මට ඕන වුනා වෙනස් ආකාරයක තීම් එකක් දාගන්න. එහෙම හොය හොය ඉන්නකොට තමා මේක හම්බුනේ. මේක ඕන විදියට වෙනස් කරගන්න හැලුප් කරපු මරේ ට බොහොම ස්තූතියි...!!

http://www.redicecreations.com/specialreports/2006/01jan/devil.html

පොඩි කාලේ අපි, අපි‍ට හමුවෙන ඕනම කෙනෙක් එක්ක කතා කරන්න බැරි වුනත් කට පුරා හිනා වෙන්නෙ අපේ හිතේ තියෙන අව්‍යාජ කම හින්ද වෙන්නැති. ඒ නැතත් ලංකාවේ අපි ඉස්සර කාලේ ඉඳන්ම ආගන්තුක සත්කාර වලට ප්‍රසිද්ධයි කියලා මං අහලා තියෙනවා. ඒක නිසා වෙන්නැති නොමිලේම කරන්න පුලුවන් සංග්‍රහයක් වන සිනහව නිතරම වගේ අපේ මුවේ රැඳිලා තියෙන්නේ. ඒත් ඉතිං දැං දැං ඒ හිනාව වුනත් තෝරලා බේරලා කීප දෙනෙකුට දෙන්න වෙන තරමට මිනිස්සුන්ගේ හිත් දූෂ්‍ය වෙලා. අපි මිත්‍රයින් කියලා ආශ්‍රය කලාට සමහර අය ඒ මිතුරු කම හරහා වෙනත් ප්‍රයෝජන ගන්න පෙළඹි‍ලා. තමාත් තවත් කෙනෙකුත් අතර තියෙන මිත්‍රත්ත්වය කියන දෙය මැදට මුදල් කියන දේත් ආවොත්...? අන්න එතනදී වෙන්නේ අන්තිමේදී අර දෙකම නැති වෙන එක. ඇතැම් අයට ඒවා සාමාන්‍ය දේවල් වුනත් බොහෝ දෙනාට නම් වගේ දෙයක් වුනාම යම් පාඩමක් ඉගෙනගෙන එහෙම අය ඈත් කරන්න උත්සාහ ගන්නවා මම ඕන තරම් දැකලා තියෙනවා. මමත් හිතන්නේ ඒක එහෙමම තමා වෙන්න ඕන. අපිට මිනිස්සු හදන්න බැරි නම් අපි එහෙම අයගෙන් ඈත් වෙන්න ඕන කියලයි මමත් විශ්වාස කරන්නේ.

මම මේ කියන දේට ඕන තරම් උදාහරණ අද වන විට තියෙනවා. මම හිතන්නේ මේක කියවන අයගෙනුත් බොහෝ අය ඒ ආකාරයේ යම් යම් සිද්ධි වලට මූණ දීලා ඇති. ඒත් අද මම මේ මොහොත වන විටත් ඔය කියන වගේ ජාතියේ කෙනෙකුට අහු වෙලා. හැබැයි මෙච්චර කාලයක් මම ඉවසගෙන හිටියා අදාල පුද්ගලයා ඒ තත්ත්වයෙන් ගොඩ එන්න උත්සාහා දරාවි කියලා. අද මේ මොහොත වෙනතුරා නම් මම දන්න විදියට ඒ කෙනාට යහපත් තත්ත්වයට එන්න කිසි ඕනෑකමක් නැති නිසයි මම මෙහෙම ලියන්න හිතුවේ. අනිත් එක එයා හැදෙන තුරු මට මගේ ජීවිතේ, මගේ කාලය බිල්ලට තියන්න මට කොහොමටවත් බෑ. මේ තරමටහරි මම ඉවසුවේ මම හොඳ නිසා. සමහර විට ඒක මගේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්. අන්න ඒ දුර්වලතාවයෙන් එහෙම නැත්තං මගේ හොඳකමින් ප්‍රයෝජන ගත්තා මිසක් හැදෙන්න කිසි උවමනාවක් අරං නෑ.

මම දන්නවා මේ කියන කෙනාට තවත් බොහොමයක් අය අහු වුනා සහ දැනටමත් අහුවෙලා කියලා. මම මෙයාව ළඟින්ම ආශ්‍රය කල නිසා ඒ සමහර අයගේ ප්‍රශ්න කෙලින්ම මට ‍යොමු කල අවස්ථාත් තියෙනවා. ඒ ඇරෙන්න මෙයාට එහෙම අය නිසා වෙච්ච කරදරත් මම දැකලා තියෙනවා. ඒත් පුදුමේ කියන්නේ මේ පුද්ගලා ඒ දේවල් වලින් ඈත් වෙන්නේ නැති එක. සමහර විට මේක දැං එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලත් ඇති. ඒත් එහෙම වෙන කෙනෙකුට වංචාවක් බොරුවක් කරන්න තරම් කෙනෙකුගේ හිත දැඩි වෙන්නේ කොහොමෙද කියන එක නම් මට ලොකු ගැටලුවක්. 

මම මේ මච්චර වෙලාවක් දාලා තියෙන මේ පෝස්ට් එක බලන ඔයාට හිතෙනවා ඇති "මොන අ‍ඳෝනාවක්ද මේ" කියලා. ඒත් මම මෙහෙම මේ ගැන කිවුවේ අද මට වුන දේ හෙට ඔයාට වෙන්න පුළුවන් නිසයි මම මේ ගැන දැනුවත් කලේ. මොකද අපිට මිනිස්සු කාලා බලලා අඳුරගන්න බෑ. ටික දවසක් ආශ්‍රය කරන්න වෙනවාමයි. හැබැයි කාලයක් යද්දී, සමාජය එක්ක ගැටෙද්දී අපිට පුළුවන් වෙනවා "ගොනා හැරෙනකොටම කියන්න මූ මේ එන්නේ පොල් පැලේ කන්න තමා" කියලා. වාසනාවකට වගේ මටත් දැං කෙනෙක් දිහා බලලා පොඩි තක්සේරුවක් කරගන්න පුළුවන්. හැබැයි ඒක හැම වෙලාවෙම සාර්ථක නොවෙන්න පුළුවන්.

අන්න ඒක නිසා මම ආයෙමත් කියන්නේ ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි ඒක නිසා පරිස්සමෙන් ආශ්‍රය කරන්න. වැඩි විස්තර පසුව කියන්නම්.

ප.ලි - මේ පුද්ගලයාට මම වගේම කියවන ඔබත් අහු වෙන්න පුළුවන්. මොකද මිතුරු වෙසින් ඔබ අසලත් ඔහු සිටින නිසා..

63 comments:

  1. අකුරු පොඩියි..

    ReplyDelete
  2. කාලයක් තිස්සේ මාත් ගොඩක් දේවල් ගැන බලාගෙන හිටියා සෘජුව මට අවුලක් වෙලා නැති නිසා මට මොකුත් කියනන් බැහැ. වැඩේ තියෙන්නේ එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේ වගේ උදවිය බ්ලොග් අවකාශෙන් එලවලා දාන්න ඕනේ. තව කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින්. ලැජ්ජ නැති උන්ට කොහොමත් ලැජ්ජ නැහැ ඒත් වැඩේ තියෙන්නේ අහුවෙන උදවිය වැදගත් හොඳ අය නිසා ඒ ගැන කිසිම සද්දයක් කරන්නේ නැහැ. මට නම් විලි ලැජ්ජයි ඔය වගේ අය ආස්‍රේ කරනවා කියලා කටක් ඇරලා කියන්නත්

    ReplyDelete
  3. හ්ම්.... කවුරු ගැනද අප්පේ මේ කියලා තියෙන්නෙ....:/

    ReplyDelete
  4. මීට මාස 8 කට විතර කලින් ඕනයියා ලියපු ‍මේ පෝස්ට් එක මතක් උනා. වෙන මුකුත් නොකිය ඉන්නම්...

    ReplyDelete
  5. ඔය සිහින කියපු පෝස්ට් එකේ දුකා කමෙන්ට් එකක් දාලා තියෙනවා. අන්න ඒ දේ කරන්නෙ නැතිව මේ වගේ නිර්නාමික පෝස්ට් දාන එක වැරදියි.
    ඔනායත් ඒ වැරැද්ද කලා දැන් උඹත් ඒකම කරනවා. කවදහරි තව එකෙකුත් අහුවෙනකම් ඔහොමම වෙයි

    ReplyDelete
  6. මම නම් යාළුවො එක්ක මුදල් ගණුදෙනු කරන්නෙ නෑ. මුදල් ගණුදෙනු කරන අය යාළුවො කර ගන්නෙත් නෑ..ඔය වගේ අත්දැකීම් තියෙන නිසාම..රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නෙ නම් නෑ..

    ReplyDelete
  7. කියල වැඩක් නෑ. අලුතිං යාලුවො හදාගන්න එකනං හොඳට හොයල කරන්න ඕන දෙයක් තමයි.

    ReplyDelete
  8. මටනං කියන්න තියෙන්නෙ කෙල්ලෙක් ආස්සරය කරන්න කොල්ලෙක් ආවම අපි ඉස්සර කෙල්ලට කියනවා...යාලු පිට් එකට මචං...
    බුරියෙං පල්ලෙහා සෙල්ලං නං එපා කියලා...
    ඒ වගේ මෙතනදි කියන්න තියෙන්නෙ කොයි තරං පිට් එකක් උනත් සල්ලි ගනුදෙනු නං එපා කියලා තමයි...

    ReplyDelete
  9. මටත් කියන්න තියෙන්නේ මගේ මරණය කියපු කතාවම තමයි.
    කාලයක් මාත් දේවල් බලාගෙන හිටියා.

    මට මල්ලි ගැන දුකයි. මම ඒක ඔයාගෙන් කලින්ම අහලාත් ඇති. අපි අපිට දේවල් වෙනකම්ම ඉන්නවනේ අනිත් මිනිස්සු කියන එක පිළිගන්න. අනික බොහෝ වෙලාවට තව කෙනෙක් අනෙකා ගැන ඔය වගේ රෙෆරෙන්ස් දෙන්නේ මඩ වලට විතරක්ම නිසා කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්නත් බෑ.

    අපි ගොඩාක්ම ප්‍රවේසම් වෙන්න ඕන ඔය බ්ලොග් අස්සේ හෙන පොර ටෝක් දෙන අයගෙන්. අර ම කලින් පෝස්ට් එකක ලීව වගේ ගොඩාක් අය කෙනෙක් ගැන හිතන්නේ එයාගේ අවුටර් ලූක් එකෙන් විතරයි.

    ReplyDelete
  10. අනේ මංදා බං....
    කරුණු කාරණා සියල්ල "ඇත්ත ඇති සැටියෙන්" දැන අවබෝධ කරගන්නකම් වචනයක් කියන්න බෑ...

    හැබැයි,
    පව් කාරයාට ගල් ගහන්න කළින් දෙපාරක් හිතන්න....

    ජය වේවා!!!

    ReplyDelete
  11. @ වෙනී අයියා,

    රූපියල් පන්ෂීයන් විතර නැද්ද ඉල්ලා ගන්ඩ.....!

    ReplyDelete
  12. සොරෝ,

    වෙනී අයියා කියපු දේ තමා මමත් කියන්නෙ. මමත් ඒකාලේ යාලුෆිට් එකට කියලා සෑහෙන මුදලක් දුන්නා යාලුවෙක්ට කවරෙක දාලාම. අද වෙනතුරු නෑ. අඩුම ගානේ කෝල් එකක් වත් නෑ.

    මිනිහා මට කිව්වෙ ඇප වෙලා පොලියට හරි අරන් දෙන්න. අනිවා ගෙවනවා කියලා. මම එදා පොරට පොලියට අරගෙන දුන්නනම් මම ඉවරයි. දැන් මට නැත්තෙ මම දුන්නු සල්ලි ටික විතරයි. කාගෙන් හරි පොලියට ඇප වෙලා අරගෙන දුන්නානම් මට මොනා වෙවිද?

    වැදගත් ම දේ ඒක නෙමේ. මම කෝකටත් කියලා මම සල්ලි දුන්නු යාලුවට කිව්වෙ මේ මම පොලියට අරගෙන දෙන්නෙ කියලා. දැන් මිනිහා සද්දයක් නැතුව ඉන්නෙ කොහොමද මන්දා? මිනිහට මේ සිදිධිය මතක් වත් වෙනවද මන්දා? හිතාගන්නත් අමාරුයි.

    ReplyDelete
  13. මොනවා කියන්නද මන්දා... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. අකුරු පොඩියි..

    යන්තන් වගේ හිතෙනවා මන් හිතන කෙනාමද කියල ඔය කියවන්නේ එත් හරියට නොදැන මුකුත් කියන්න බෑ

    අදාළ පුද්ගලයා මේක දැකලාත් හැදුනොත්

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්...........

    ReplyDelete
  16. සිද්ධිය නම් තේරුනේ නෑ... කවුරු ගැන කියනවද දන්නෙත් නෑ...

    හැබැයි මිනිස්සු ආස්සරේ ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක් කියල නම් දන්නව :)

    ReplyDelete
  17. සිද්ධිය මොකක්ද කියල දැනගන්න ඕනෙ. කෝම වුනත් යාලුවො කියල හිතපු කට්ටියකගේ වැඩක් හන්දා මමත් මේ එපා වෙලා ඉන්නේ. :/

    ReplyDelete
  18. ඉස්සර මගේ අම්මා කියනවා “පැය අටේ යාළුකම තියාගන්න කියලා“ ඊට වඩා යාළුකම දුරගියාම සිද්ධ වෙන්නෙ අපි හිතන්නෙවත් නැති දේවල්.. අනේ මන්දා..

    ReplyDelete
  19. අර කිව්වත් වගේ පෝස්ට්ටුව ගැන ස්තුතියි. ඒත් මෙහෙම නං ගං නැතුව දැම්මහම අහක ඉන්න මුව හං වලට තැලෙන්න ඉඩ තියෙනවා. මුල පටන් ඉන්න අය කාව හරි හිතාගනියි ලේසියෙන්ම. ඒත් අද ඊයේ ආපු අය මේවා කියැව්වහම මොනවා හිතයිද දන්නේ නැහැ. එක අතකට මොකුත් හිතා නොගෙන හැමෝගෙන්ම පරිස්සමින් ඉන්නත් මේ වගේ පෝස්ට් හොඳයි තමයි.
    මං නං මුදල් ගනුදෙනු තියා ගන්නේම නැති තරං. ඒක සරීර සෞඛ්‍යයටත් හොඳයි. හිතටත් හොඳයි.

    ReplyDelete
  20. අනේ මන්ඩ අප්ප...මතනම් මොකුට් හිටාගන්ඩ බා......:/

    ReplyDelete
  21. අවුරුදු දෙකකට විතර කලින් චැට් එකෙන් ප්‍රස්න දෙකක් ඇහුව මම මල්ලිගෙන්!

    මතක ඇතැයි සිතමි!

    ReplyDelete
  22. මන් ළඟ සල්ලි නැති හින්ද ප්‍රශ්නෙකුත් නැහැ . ලංකාවේ උන්න නම් අහුවෙයි ඉතින් .කොහොමත් සයිබරයේ යාළුකම් පුද්ගලික මට්ටමට ගේද්දී හරිම අමාරුවෙන් තමයි තෝරා ගන්න වෙන්නේ . මුණ නොදැක්ක තරමට කියවන දේ රසවත්

    ReplyDelete
  23. බින්දුමතී අක්කා,

    මෙහෙම හිතනවා කියලා දන්නව නම් මම කවම කවදාවත් මගේ මුණත්තහඩුව පෙන්නන්නෙ නෑ. අපරාදේ.....:P

    ReplyDelete
  24. ඒකනේ බුද්ධි මාර කථාවක්නේ ඒක!!!

    ReplyDelete
  25. තිස්ස භයියා,
    අපිටත් ළෂ්ෂණ මූණත්තහඩුවක් තිබුනනං බින්දුමතී අක්කලාගේ හිත දිනාගත්තු බ්ලොග් කාරයෙක් වෙන්ඩ තිබුනා.... නේද?

    ReplyDelete
  26. උඹ නාඩ ඉඳින් මල්ලියේ - මටනම් අවුලක් නෑ ;-)

    ReplyDelete
  27. තිස්ස භයියා,
    ඕං එහෙනං මාත් අල්ලා දැම්මා!

    ReplyDelete
  28. ඒත් මම කිව්වේ මූණත්තහඩු ගැන හිතල ;-D

    ReplyDelete
  29. @අමිල - දැං හරි නේද..?

    @ම - ඔවු මරේ ඔයා කියන එක හරි. අපි කෙනෙක්‍ ගැන විශ්වාසය තිවුවම ඒ කෙනා ඒක අයුතු විදියට පාවිච්චි කරනවා නම් එහෙම අය එක්ක ගනුදෙනුව පරිස්සමෙන්. අනිවා මෙහෙම අය අයින් කරන්න ඕන. මේ ලස්සන තැන ජරාවක් වෙනවා මෙහෙම අය නිසා. මමත් බලං හිටියේ අද හැදෙයි හෙට හැදෙයි කියලා. ඒත් වැඩක් නෑ..

    @නිසුපා - මෙතනින් එහාට වැඩි විස්තර ඕන ද..?

    @සිහින - මොකුත් නොකිවුවට කමක් නෑ පරිස්සම් වෙලා ඉඳපං

    @නිශ් - මම මේ පෝස්ට් එක ලිවුවේ යම් රාමුවක් අතුලේ ඉඳං. මම තව චාන්ස් එකක් දුන්නා ඒ කෙනාට යහමඟට එන්න. හැබැයි විස්තර ඕන අය ඉන්නවා නම් මම ඊළඟ පියවරත් ගන්නම්..

    ReplyDelete
  30. @Weni අයියා- වෙනි අයියා කොටින්ම කියනවා නම් මේක ගණුදෙනුවක් නෙවෙයි..

    @Praසන්ன - මම හිතන්නේ මෙයා දැනටමත් ඔයාගේ යාළුවෙක්. පරිස්සං වෙලා ඉන්න..

    @අමිල - ඒක ඇත්ත. අන්තිමේදී දෙකම නැතිවෙනවා..

    @බුරු අක්කා - හරියට හරි අක්කා. පොර ටෝක් දෙන අයගෙන් තමා පරිස්සං වෙන්නෝන. මෙයා නැත්තං මේ බ්ලොග් අවකාශෙත් නෑ වගේ කතාව..

    @රනා - උඹ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත්ත ද..? පවු කාරයෙකුට නෙවෙයි ගල ගැහුවේ බොරු/පොලු කාරයෙකුට..

    ReplyDelete
  31. @බුද්ධි - ගොඩක්අය තමංගේවැඩේ කරගන්නකං විතරයි බං. කරුමේ කියන්නේ අපි ඉස්තාලේ වහද්දී අශ්වයා ගිහිං..

    @අඩවි රජ - එළ එළ පරිස්සං වෙලා ඉන්න..

    @Dar[k] - උඹ හිතන කෙනා වෙන්න පුළුවන් නලියෝ. හැදෙන්න අවස්ථාවක් දීලා තමා මම මේක ලිවුවේ. බලමු හැදේවි ද කියලා..

    @Pasan - පරිස්සං වෙලා හිටු..

    @සාතන් - මිනිස්සු ආශ්‍රය කලාට කමක් නෑ සල්ලි ගාව ගන්නේ නැතුව.. මේ කියන කෙනා උඹ දන්නවා. හැබැයි මෙහෙම කෙනෙක් කියලා දන්නැතුව ඇති. මීට වඩා දැනුවත් වීමක් ඕන නම් දෙන්නම්..

    ReplyDelete
  32. @තනෝජා අක්කා - ඒක නම් සිරාම කතාව..

    @RanDil අක්කා - බලමු අක්කා මෙතනින් එහාට වැඩි විස්තරයක් ඕන වුනොත් දෙන්නම්..

    @අග්නි ධාරා - කොහොම වුනත් පරිස්සං වෙලා ඉන්නකෝ..

    @තිස්ස අයියා - අයියට වගේම මටත් හොඳට මතකයි අයියා..

    @බින්දි - ලංකාවේ ඉන්න ඕනම නෑ. ලංකාවේ නැති අයත් අහු වෙලා තියෙනවා. ඒක නිසා පරිස්සං වෙලා ඉන්න. මූන නොදැක්ක තරමට කියවන දේත් රසවත් කියන එකට මාත් එකඟ නෑ..

    @බුද්ධි - මේ අර ආංකල් වික්ටර්ගේ පේමාදර බින්දුමතී ද.. :D

    ReplyDelete
  33. මේකට දාන්න කමෙන්ට් එකක් හිතෙන්නේ නැහැ බන් ....

    ReplyDelete
  34. @වැප් - උඹට ඉතිං අමුතුවෙන් දැණමුතුකම් දෙන්න ඕන නෑ නේ..

    ReplyDelete
  35. අතේ දුරින් කොකත් හොදයි..මේ ලගදි මගේ පොස්ට් එකකට අයියා අහපු ප්‍රශ්නේකදි හේතු උනෙත් ඔය වගේ හේතු..අපි කාව කොහොම ආශ්‍රය කලත් එ සමහර අයව අපිට වෙනස් කරන්න බැ ඊට වඩා හොදයි අපි ඇත් වෙන එක.කාගෙවත් හිත නොරිද්දාම .

    ReplyDelete
  36. උඹේ වෙලාව හොඳයි... මං මේක දැක්ක වෙලේ ඉඳන් මොනවත්ම නොකියා ඉන්නවා කියලා හිත හිත ඉඳලා අන්තිමට උඹට බැනලා ලිව්වා දැන් කමෙන්ට් එකක්..ඒත් ඒක පබ්ලිශ් කරන්න ගියාම මොනවා නමුත් අවුලක් වෙලා ආයෙම මේකට ලොග් වෙන්න උනා... ඒකෙන් අරක මැකිලා ගියා...

    ReplyDelete
  37. හැබෑට කෙලින්ම කිව්වා නම් හොදා නේද මේකේ තේරුම?

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. සිද්දිය මටත් තේරුණේ නම් නෑ හරියටම.. මිනිස්සු විවිධාකාරයි කියනවනේ..

    ReplyDelete
  40. අපි ඕවට නෑ නෑ...

    ReplyDelete
  41. ඕක තමා කියන්නේ ඉස්තාලේ වහපන් කියලා.. දැන් ඉතින් අස්සයා නැති උනාම මොකෝ කරන්නේ... හොයපල්ලාකෝ මේකාට අස්පයෙක් හික් හික් ;)

    කියන්නට දෙයක් නැත. එල පොස්ටුවකි... සෝරෝට ජය වේවා!!!

    ReplyDelete
  42. සෝරෝ උඹට මතක ඇති, අපි හැමෝම ගොඩක් ආදරේ කරපු, ලස්සනට තිබ්බ සයිබර් පවුලක් කැඩෙන්න ගියා එක පාරක් ඔය කියන ආකාරයේ දෙයක් නිසා. හැබැයි කැඩුනෙ නෑ. හැබැයි අර තිබ්බ ලස්සන නැති වුනා. එවෙලේ මම සහ අපි හිතා ගත්තා තව තව උදාහරණ ඉදිරයට එයි කියලා. මේත් ඒකේ තවත් එක දිගුවක් කියා මට හැඟේ...

    වෙන කියන්න දෙයක් නෑ මචං! උඹ ඔයිං බේරිච්ච එක ගැන මට සතුටුයි මචං! ඕක හරියන්නැති වැඩක් නම් උඹ ඒක අත ඇරලා දාලා උඹ උඹේ ඉස්සරහා ටාගට් වලට පලයං. උඹ සාර්තක වෙයං.

    අර කතාවක් තියෙනවනේ “උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ“ කියලා.

    උඹට ජය!!!

    ReplyDelete
  43. මමත් දන්න කෙනෙක් කිව්වට කිසිම අයිඩියා එකක් නෑ... බලමුකො, දන්න කෙනෙක් නම් කවදහරි මටත් මුණගැහෙයිද කියල :)

    ReplyDelete
  44. අපිත් පරිස්සම් වෙනවා හොදයි. උබත් එහෙම වෙයන්

    ජය !

    ReplyDelete
  45. බුද්ධි ,
    මන් නෙමේ ඕක කිව්වේ දෙසැම්බර් වල හම්බ වෙච්ච එක්කෙනෙක් .සමහර කෙසෙල් කන් හොරාට කලින් වැටත් පැනල DDDDD

    හමුවෙලා පුද්ගලිකත්වය හෙලිවුනහම ලියන දේ අපි කියවන්නේ අර රාමුවේ ඉඳල . මන් ඉතින් ඔය ගැන කල්පනා කලහම මටත් හිතුන ඕකේ ඇත්තක් ඇති වග . හැබැයි ඉතින් සමහර මුනත් තහඩු දැක්කත් blog එක හොඳ හින්ද කියවනවා . මුණු පොතෙන් දැන ගැනීම ගැන නෙමේ මන් කියන්නේ . හැබහින් හමු වීම . මන් නම් හිතන් ඉන්නේ ඔය ලොකු රැස්වීම් වලට යන්නේ නැතුව ඉන්න . හැබැයි එහෙම හමු වීම ගැන පසුතැවිල්ලක් නැති අවස්ථාත් තියෙනවා . අපේ ඔබා මාමව හමු වීම වගේ

    ReplyDelete
  46. කවුද සැඟවුනු අමුත්තා ???

    ReplyDelete
  47. @සෝරෝ මන් හිතන කෙනා ගැනම වෙන්න ඕනේ.

    මම නම් කියන්නේ තව එකම එක පාරක් දීලා බලමු කියලා
    (මෙතන පුද්ගලික සම්බන්ධතා නිසා ඒ පුද්ගලයා පැත්තට කතා කරන්න යනවා කියලා වැරදියට හිතන්න එපා )

    ReplyDelete
  48. Comment ekak nodhaa thawa duratath balaagena sitimi. Awasaanaye comment karannata sithaagena sitimi.

    ReplyDelete
  49. පෝස්ට් එක කියෙව්වා... මමත් අහපු දැකපු දේවල් කාලෙක ඉදන් බලාගෙන ඉන්නෙ... ඕනයා ලියපු පෝස්ට් එක මතක් උනේ...

    මම නම් යාළු කම් එක්ක මුදල් ගනු දෙනු පටල ගන් නෑ.. හොඳම යාලුවො කීප දෙනෙක්ට උදව් නම් කරල තියෙනව මුදලින්... එයින් පස්සෙ ඒ ගැන මතකයක් වත් නෑ උන්ට... හික් හික්... ආයෙ ඉල්ලන්නෙත් නෑනේ... ශේප්.

    ReplyDelete
  50. කට්ටියගේ කතා දැකලා මට මෙහෙම හිතුනා.
    හොඳ යාළුවෙක් කියන්නේ හදිස්සි අතමාරුවකට වගේ හා ඕනෙම දේකට එකට ඉන්න කෙනෙකුට. ඉතින් අනේ අපි නම් මුදල් ගාවගන්නේ නෑ කියන එක අස්සේ මට නම් හිතා ගන්න බෑ.
    මම නම් ඕනේ තරම් යාලුවන්ට මුදල් දෙනවා. හදිස්සියක් වුනාම යාළුවෙන්ගෙන් මුදල් ගන්නවා. ඒත් එක වෙනසක් තියෙනවා. මට ඒක ආපහු දෙන්නත් මතක් වෙනවා. මගේ යාළුවෝ වුනත් එහෙමයි. එහෙම නොදී ඉන්න අය ගැනත් මතකයි. ඉතින් ආයේ කවදාවත් ඒ අය පාරේ හිඟාකෑවත් සල්ලි දෙන්නේ නෑ.
    අනිත් එක බොරු කියලා මිනිසුන්ව රවටලා සල්ලි ගන්නේ නෑ. එක දවසක් මට මතකයි මෙතන ඉන්න කෙනෙක් මගෙන් ඇහුවා ඔයාට සල්ලි ප්‍රශ්න නේද කියලා මම කීව ඔව්. ලක්ශ වලින් 15ක් විතර සතියේ අග වෙද්දි ගෙවන්න ඕනේ කියලා. එයා එවෙලේ දුක් වෙලා මගේ අම්මෝ කීව හැටි මට අදටත් මතකයි.
    එවේලේ මම එයාටත් කීවේ මට ඒ සල්ලි හොයන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. මම ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නෙ නෑ කියලයි. තමන් ජීවත් වෙන විදිහ අනුව තමන් මිනිස්සු එක්ක ඉන්න විදිහ අනුව අපි අපි ගැන තියෙන විශ්වාසය අනුව ඕනෙම දෙයක් කරන්න පුළුවන්.
    කාව හරි රවටලා/ වංචා කරලා මුදල් උපයන මිනිස්සු ලැජ්ජා නොවී ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්නත් බෑ. අර උඩම කිවුවත් වගේ මුන්ට කොහෙද ලැජ්ජාවක්... ?

    ReplyDelete
  51. හිතාගන්න බෑ මේ කියන්නේ කා ගැනද කියලා .. තුවාලේ තරම දන්නේ තුවාලේ තියන මිනිහා නිසා මම නම් උඹට උපදෙස් දෙන්න එන්නේ නෑ ...! උඹට හරියි කියලා හිතෙන දේ කරහං

    ReplyDelete
  52. @නිම්ශා - ඒක ඇත්ත. අපිට අනිත් අය හදන්න බැරි නිසා අපි එයාලගෙන් ඈත් වෙන රක තමා කරන්න තියෙන්නේ..

    @මාරයා - ඇයි බොල මට බැන්නේ.. :D

    @නිශෘන් - උඹටත් හිතාගන්න බැරි ද කවුද කියලා..?

    @දිනේෂ් - තේරුංගන්න පුළුවන් වෙයි ඉස්සරහට. කෝකටත් පරිස්සං වෙලා ඉන්න..

    @හසී - දැං නං ඉස්තාසේ වහලා තියෙන්නේ. පිටිං එන්නත් බෑ පිටට යන්නත් බෑ.. :D

    @වන්නි - උඹට මතක ඇති මම එතනදී කිසිම දෙයක් කිවුවේ නෑ මම ඒ සම්භන්ධව. මම එහෙම කලේ ඒ සීන් එකෙන් වත් හැදේවිද කියලා. ඒත් හැදුන්නෑ බං. හැදෙනකං අපිට බලං ඉන්නත් බෑ.

    මම මෙයින් බේරුන එක මට සතුටුයි. ඒ වගේම තව කෙනෙක් අවුවෙන එක නවත්තන එකත් මගේ වගකීමක්..

    ReplyDelete
  53. @සාතන් - උඹ දන්න කෙනෙක්ම තමා. ඉවසපං ඉවසපං දැනගන්න ලැබේවි..

    @මධුරංග - සැඟවුන අමුත්තා ඉදිරියේදී එළියට එයි. පරිස්සමෙන් බලං ඉන්න..

    @Dar[k] - උඹටයි මටයි එකම දේ හිතෙන දෙන්නෙක් මේ බ්ලොග් අවකාෂේ නෑ මම දන්න තරමින්. පුද්ගලික සම්භන්ධතා තිබුනා හේ නැතා හෝ ඒක උඹේ අදහස නේ. බලමු..

    @අබීත - මොකක අවසානයක් එනකන් ද ඔයා බලං ඉන්නේ..?

    @පිස්සා - බලං හිටියට කමක් නෑ පරිස්සමෙන් හිටපං උඹවත් අහුවෙන්න ගියා නේ ද..?

    @බුරු අක්කා - ඒක හරි බුරු අක්කා. ඒ වුනාට මූන බලලා අපිට තීරණය කරන්න බෑ නේ මෙයාගේ යටි අරමුණ මොකක් ද කියලා..?

    @සඳරු - හිතාගන්න බැරි වුනාට උඹ දන්නවා මේ කවුද කියලා. කෝකටත් පරීක්ෂාවෙන් ඉඳපං..

    ReplyDelete
  54. මොකක් නමුත් බරපතල දෙයක් කියල නම් තේරෙනවා.කාටහරි අහු උනා නම් ඒ කෙනා ගේ පෙරවෙරදිත් තියනව නම් ප්‍රසිද්දියේ නම කියන්නේ හරි වුන දේ කියන්නේ හරි නැති නම් ඒ කෙනා කිට්ටුවෙන් ඇසුරු කරන අයට පවුද්ගලිකව මේ ගැන දැනුවත් කරනව නම් හොදයි කියල මට හිතෙනවා.

    ReplyDelete
  55. බ්ලොග් අවකාශේ මෙහෙම දේවලුත් සිදුවෙන බව ඇසුවේ අදය...

    වැරදි කරපු කෙනෙකුට කවදාහෝ දඩුවම් ලැබෙන බව ස්තිරය..

    ඔබට ජයෙන් ජය !!!

    ReplyDelete
  56. අනේ බන් මං දන්නේ කොහොමද කවුද කියලා? ඒ මමද?(මම නම් එහෙම නැහැ හැබැයි) එහෙම හරි කමක් නැහැ කෙලින්ම කියපන්කො

    ReplyDelete
  57. මටනම් අගක් මුලක් සිතාගත නොහැක..
    කෝකටත් පරෙස්සම් වෙන්නම්කො..

    ReplyDelete
  58. කලින් වතාවක මටත් කීප දෙනෙක්ගෙන් වෝර්නින් කෝල්ස් ආවා...!

    ReplyDelete
  59. @පබලු - කිට්ටුවෙන්ඇසුරු කරන අය නම් ඉතිං පෞද්ගලිකව දැනුවත් කරන්න ඕන නෑ. එයාලා දන්නවා හැටි.. :D

    @දුකා - :D

    @Sammani - පහු වෙලා හරි දැනගත්ත එක වටිනවා ඉස්සරහට. ඔබටත් ජය වේවා..!!

    @නිශාන් - උඹ දන්නේ නැද්ද. කොයිකටත් පරිස්සම් වෙලා හිටු..

    @හිම කුමාරි - අන්න ඒක හොඳා..

    @ගෝල්ඩ් ලීෆ් - උඹේ වාසනාවට උඹ බේරුනා..

    ReplyDelete
  60. පුද්ගලයා දනිමි. මාවද ඒ පිළිඹඳ දැනුවත් කල වෝර්න් කල කීපදෙනාට තුති.

    ReplyDelete
  61. අම්බෝ මාස ගානකට පස්සේ මෙහෙට ආවහම මෙහෙ වෙලා තියෙන දේවල්......
    අනේ මන්දා මෙලෝ සසරක් නොතේරෙමි ......

    ReplyDelete